මෙම වසරේ (2025) ගත වූ මාස පහමාර තුළ මෙරටින් ඩෙංගු මරණ 14ක් සහ ඩෙංගු රෝගීන් 26,775 (විසිහයදහස් හත්සිය හැත්තෑපහක්) දෙනකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. Sri Lanka Latest News
මෙම කාලය තුළ ඩෙංගු සෑදීමෙන්වූ ළමා මරණ 1ක් ද වාර්තා වන බව එම ඒකකයේ ප්‍රජා වෛi විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.
එම රෝගීන්ගෙන් සියයට 45ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව ද ඇය කියා සිටියාය.
බස්නාහිරට අමතරව නැඟෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වලින් ද ඩෙංගු රෝගීන් වාර්තා වන බව ඇය සඳහන් කළාය.
මේ අතර ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සඳහා ලබන 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමග මදුරු ගණත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද එම ඒකකය කියයි.










