ආනන්ද විජේපාල අමාත්‍යවරයා පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ 1,285,167 ක මුදලක් ලබාගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පැවසීය.Sri Lanka Latest News
ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ඒ පෙරේදා (19) පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදයක මතුවූ කරුණකට අදාළව ප්‍රතිචාර දක්වමිනි.
එම විවාදය ඇතිව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ සහ ආනන්ද විජේපාල අමාත්‍යවරයා අතරය.
ඒ සම්බන්ධව කරුණු සිහිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ පවසා සිටියේ, ” ආනන්ද විජේපාල අමාත්‍යවරයා එවකට දූෂණ මර්දන කමිටු ලේකම් කාර්‍යාලයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සමයේ කිසිඳු වැටුප් හෝ දීමනාවක් ලබානොගත් බව” සඳහන් කළ බවයි.
ඒ සම්බන්ධව ඇතිවූ විවාදයේදී නාමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අසත්‍ය පවසන බවට ආනන්ද විජේපාල අමාත්‍යවරයා චෝදනා කළ බවද මන්ත‍්‍රීවරයා සිහිපත් කර සිටියේ ය.
මේ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් ආනන්ද විජේපාල අමාත්‍යවරයා එවකට රුපියල් 1,285,167 ක මුදලක් ලබාගත් බව දැක්වෙන ලේඛනයක් ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විපක්ෂයක් ලෙස ආණ්ඩුව සම්බන්ධව විවේචනයක් ගෙන ඒමේදී වගකීම් විරහිතව කටයුතු නොකරන බවයි.










