• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සන්ෆ්ලවර් එක්ක කැසට් ගහලා කපුගේ එක්ටැම්ගෙයි තනිවුණාද? Sri Lanka Latest News

June 22, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
සන්ෆ්ලවර් එක්ක කැසට් ගහලා කපුගේ එක්ටැම්ගෙයි තනිවුණාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අනේ මං ගැන මුකුත් නොලිව්වට කමක් නෑ. අර අපේ කපුගේට සමහරු පත්තරවලින් බණින එක මට බලාගෙන ඉන්න බෑ. කපුගේ සන්ෆ්ලවර් එක්ක කැසට් එකක් ගැහුවා කියලා සමහර විචාරකයන් කපුගේව මරාගෙන කන්න හදනවා. කුරුසේ තියලා ඇණ ගහන්න හදනවා. කපුගේ සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එකෙන් හම්බවුණු සල්ලි දුන්නේ මගේ බෙහෙත්වලට හා අදාළ උපකරණවලට. මං අසනීප වෙලා ඉන්න බව දැනගෙන මගේ සැපදුක් විමසලා මට අවශ්‍ය කරන වියදම් කපුගේ මට දුන්නා. මං කොච්චර එපා කිව්වත් කපුගේ ඇහුවේ නැහැ. කපුගේටත් සල්ලි නැහැ. ඔය බැණුම් අහගෙන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමග කැසට් එක කළේ මට සල්ලි දෙන්න…’ Sri Lanka Latest News

‘ඔය කතාව කවුරුවත් දන්නේ නෑ. කොච්චර බැණුම් අහගෙන හිටියත් කපුගේත් කියන්නෙත් නැහැ. ඔය ළමයා හරි මං කියන මේ කතාව පත්තරේ දාලා කපුගේට සාධාරණයක් කරන්න….’ යනුවෙන් ප්‍රකාශ කළේ අප රටේ සිටි විශිෂ්ටතම නාට්‍යකරුවකු වූ සුගතපාල ද සිල්වාය.

සුගතපාල ද සිල්වා ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවා, ගත්කතුවරයා වසර 25කට පමණ පෙර මා සමග මේ කතාව කීවේ ඔහු ජීවත් වූ මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදීය.

සුගතපාල ද සිල්වා කලාකරුවා සමග ‘ඉරිදා පෙරමුණ’ පුවත්පත සමග ඔහුගේ නිර්මාණ සම්බන්ධයෙන් කරන ලද සාකච්ඡාවකදී විශාරද ගුණදාස කපුගේ ගැන මේ කතාව මුල් වරට සුගතපාල ද සිල්වා නාට්‍යවේදියා මා සමග කීවේය.

‘මගේ පොඩි පුතා දවසක් මාත් එක්ක කිව්වා කපුගේ මාමා සන්ෆ්ලවර් සමග කැසට් එකක් කරලා හොඳටම බැණුම් අහනවා. තාත්තගේ අසනීපෙට සල්ලි දෙන්න තමයි කපුගේ මාමා කැසට් එක කළේ’ කියලත් මගේ පොඩි පුතා මට කිව්වා. ඔය කතාව පත්තරේ ගියාම කපුගේ මටයි, ඔය ළමයටයි හොඳටම බණීවි. ඒ තමයි කපුගේගේ හැටි…’ යනුවෙන් සුගතපාල ද සිල්වා කලාකරුවා මා සමග කීවේය.

සුගතපාල ද සිල්වා කලාකරුවා එසේ ප්‍රකාශ කළ ආකාරයටම කපුගේ මට ඒ ගැන පසුව දොස් නැගුවේය.

‘උඹ මොකටද මල්ලි ඒ කතාව පත්තරේ දැම්මේ? මං ඒක කළේ මගේ යුතුකමක් හැටියට. සුගත් අයියා (සුගතපාල ද සිල්වා) වෙනුවෙන් ඊට වඩා යමක් කරන්න පුළුවන් නම් මම ඒකත් කරනවා. ඒ තරමටම අපේ රටට වටින මනුස්සයෙක් තමයි සුගත් අයියා කියන්නේ…’ යනුවෙන් ගුණදාස කපුගේ මා සමග කීවේය.

ගුණදාස කපුගේ කලාකරුවාගේ උඩහමුල්ල ඇඹුල්දෙණිය කනත්ත පාරේ පිහිටි නිවෙසට ඔහු සමග පුවත්පත්, සඟරාවලට සාකච්ඡා පැවැත්වීමට කිහිප අවස්ථාවකදීම මා ගොස් ඇති අතර, ඔහුගේ සරල බව ගැන අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

ජනතාවාදී ගායකයා යනුවෙන් මුළු රටම ප්‍රකාශ කළද සමහර දිනවල තේ එකක් බොන්නවත් ඔහුගේ ගෙදර සීනි තිබුණේ නැත. මෙසේ ලීවේ කපුගේට අපහාස කිරීමට නොව කපුගේ මුදල් පසුපස ගියේ නැති ඉතා සීමිත කලාකරුවන් පිරිස අතරින් ඉදිරියෙන්ම සිටි කලාකරුවකු බව ප්‍රකාශ කිරීමටය.

කපුගේ වැනි කලාකරුවන්ගෙන් මෙරට සංගීත ක්ෂේත්‍රයට අතිවිශාල මෙහෙයක් සිදුවූ අතර, සංගීත ක්ෂේත්‍රයට වගේම සමාජීය හා මානුෂීය වශයෙන්ද කපුගේ වැනි කලාකරුවන්ගෙන් සිදුවූ මෙහෙය අතිමහත්ය.

90 දශකයේ මැදභාගයේදී සන්ෆ්ලවර් සංගීත රැල්ලක් පැමිණි අතර එය රැල්ලේ කැසට්පට ඒ කාලයේදී අලෙවි වූයේ උණු කැවුම් මෙනි.
‘සල්ෆ්ලවර් සමග ප්‍රියා’ කැසට්පටයෙන් සන්ෆ්ලවර් කැසට්පට රැල්ල ආරම්භ වූ අතර එම රැල්ලෙහි දෙවැනි කැසට් පටය වූ සල්ෆ්ලවර් සමග හෙන්රි කල්දේරා’ කැසට්පටයද, ප්‍රියා සූරියසේනගේ කැසට්පටය මෙන් ඉතා ජනප්‍රියත්වයට පත්විය.

එම කැසට්පට එසේ ජනප්‍රිය වෙද්දී සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ කැසට්පටයද ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීම විශේෂත්වයකි.

සන්ෆ්ලවර් සමග ගුණදාස කපුගේ කැසට්පටය එක් පැත්තකින් උණු කැවුම් මෙන් අලෙවි වෙද්දී අනෙක් පැත්තෙන් විවිධ චෝදනාවන්ටද කපුගේට මුහුණ පෑමට සිදුවිය.
‘කපුගේ එයාගේ සින්දු ටික විනාශ කරලා. කොච්චර ලස්සන සින්දුද සන්ෆ්ලවර් එක්ක එකතු වෙලා විනාශ කරලා තියෙන්නේ…?’ යනුවෙන් චෝදනා රැසකට මුහුණ පෑමටද කපුගේට සිදුවිය.

නමුත් කපුගේ එම චෝදනාවලට පිළිතුරු ලබාදුන්නේ නැත. කපුගේගෙන් පසුව තවත් බොහෝ ගායක ගායිකාවන් සන්ෆ්ලවර් සංගීතයට තම හඬ මුසුකිරීමට අමතක නොකිරීම විශේෂත්වයකි.

සංගීතයට නව තාක්ෂණය සහ නවීන සංගීත උපකරණ එක්කරමින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම 80 දශකයේ අගභාගයේ සහ 90 දශකය තුළ ඇතිකළ වෙනස යුගයට අවශ්‍යව තිබූ වෙනසක් බව මේ වනවිට පැහැදිලිය.

වර්තමානයේ පවතින්නේ එදා සන්ෆ්ලවර් සංගීතයටත් එහා ගිය නවීනතම තාක්ෂණය මුසුවූ සංගීතයකි. මේ වනවිට කැසට්පටද බොහෝ විට අභාවයට ගොස් ඇති අතර සංගත තැටි (සීඩී) ද භාවිත වන්නේ ඉතා අඩුවෙනි.

ජංගම දුරකතන මේ වනවිට සංගීතය ශ්‍රවණය කිරීමේ ප්‍රධානතම උපකරණයක් බවට පත්ව ඇති අතර යූටියුබ් ඔස්සේ අන්තර්ජාලයේ පවතින ඕනෑම පැරැණි, නව ගීත ශ්‍රවණය කිරීමේ හැකියාව පවතී.

සන්ෆ්ලවර් සමග කැසට්පට රැල්ල සහ ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සමග කළ කැසට්පටය ගැන සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරියගෙන් මා විමසුවේ 1999 වසරේදීය.
‘ගුණදාස කපුගේ මහතා සන්ෆ්ලවර් සමග කැසට්පටය කළේ සංගීත පර්යේෂණයකට. එම පර්යේෂණය ඉතා සාර්ථකයි. අපේ රටේ රසිකයන් අතරේ යම් බෙදීමක් කාලයක් තිස්සේ තිබුණා. උගත් සංගීත රසිකයා සහ නූගත් සංගීත රසිකයා කියලා මේ බෙදීම තිබුණා. මේ බෙදීම නැතිකරන එක විශාල ප්‍රශ්නයක් වෙලා තිබුණේ. ඒක සංගීත කණ්ඩායම් වශයෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් කපුගේ අයියා හිතුවා මේ බෙදීම නැතිකරන්න පුළුවන් කියලා. මේ බෙදීම නැතිකරලා බහුතරයක් එක් පැත්තකට ගන්න පුළුවන් වෙයි කියලා කපුගේ අයියා හිතුවා. මං හිතන්නේ ඒක තමයි කපුගේ අයියා සිදුකළ පර්යේෂණය. ඔහු නොබියව අපි ගැන විශ්වාසය තියලා ඒ අභියෝගය භාරගත්තා. ඒක භාර අරගෙන ඒ පර්යේෂණය සාර්ථකව කළා කියලා ලැබෙන ශ්‍රාවක ප්‍රතිචාර අනුව තේරෙනවා….’

‘මේ දවස්වල කපුගේ අයියා එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවා. එක දිගට ගීත 14ක් 15ක් කියලා තමයි කපුගේ අයියා වේදිකාවෙන් බහින්නේ. සන්ෆ්ලවර් සංගීතයට කපුගේ අයියා කියපු ගීතවලට ඒ තරම්ම ඉල්ලුමක් සමාජයෙන් ලැබිලා තියෙනවා.’

‘උගත් නූගත් කියලා කිසිම බෙදීමක් නැහැ. සන්ෆ්ලවර් සංගීතය සමග කපුගේ අයියා ගායනා කළ සියලු ගීතවලට අද ඉතා හොඳ ජනතා ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මේ සියලු දෙනා එක තැනකට ගෙන එන්න කපුගේ අයියට හැකි වෙලා තියෙනවා. ඒ කියන්නේ කපුගේ අයියාගේ පර්යේෂණය සාර්ථක වෙලා තියෙනවා…’ යනුවෙන් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය ප්‍රකාශ කළේය.

සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ඒ අවස්ථාවේදී කළේ යුග මෙහෙවරකි. පැරැණි ගීතවලට නව සංගීතය ඔවුන් මුසුකළේ පර්යේෂණ රැසක් සිදුකරමින් ඉතා පරිස්සමෙන්ය.
අදත් බොහෝ ගායක ගායිකාවන්ගේ ගීත ඇසෙන්නේ සන්ෆ්ලවර් සංගීතය සමගිනි.

විශාරද දයාරත්න රණතුංගයන් සන්ෆ්ලවර් සමග කළ කැසට්පටයටද ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.
සන්ෆ්ලවර් නායක නීල් වර්ණකුලසූරිය ප්‍රකාශ කරන ආකාරයට කපුගේ සිදුකළ පර්යේෂණ ඉතා සාර්ථක වී ඇත.
ගුණදාස කපුගේ සන්ෆ්ලවර් සමග සිදුකළ කැසට්පටය තුළින් ඔහු සිදුකර තිබෙන්නේ යුග මෙහෙවරකි.

එක් පැත්තකින් එම කැසට්පටය කිරීමෙන් ලබාගත් මුදලින් සැලකිය යුතු කොටසක් අපේ රටේ බිහිවූ විශිෂ්ටතම කලාකරුවකු වූ සුගතපාල ද සිල්වාට ප්‍රතිකාර ගැනීම සඳහා ලබාදී ඇත.

අනෙක් කාරණය සන්ෆ්ලවර් සමග කැසට්පටය කිරීමෙන් ගුණදාස කපුගේ සිදුකළ සාර්ථක පර්යේෂණයයි.
මේ දිනවල ගුණදාස කපුගේගේ පුත් මිත්‍ර කපුගේ විසින් ‘සබඳ අපි’ ඒකපුද්ගල ගී ප්‍රසංගය පවත්වයි. කපුගේ වෙනුවෙන් ඔහුගේ පුත් මිත්‍ර කපුගේට සුබ පතමු…

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ගැහුවොත් ගැහුවා ගම් 52ක්! Sri Lanka Latest News

Next Post

වැස්සේ කවුරුත් නොදැක්ක පැත්ත! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.