• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගමනක අවසානය කොළඹ ජයග්‍රහණයද? Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ගමනක අවසානය කොළඹ ජයග්‍රහණයද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකා දේශපාලනය පිරිසිදු, පාරිශුද්ධ, පරමාදර්ශී එකක් නොවන බව පැහැදිලිය.1931 ලද සර්වජන ඡන්ද අයිතිය ලංකාවේ බලය උදෙසා මහජන නියෝජිතයෝ භාවිත කළා සේම අවභාවිත කළා කියන කාරණය බැහැර කළ හැකි නොවේ. Sri Lanka Latest News

ලංකා ඉතිහාසයයේ බලයේ මහන්‍තත්ත්වය උදෙසා මහජන වරම අවභාවිත කළ අඳුරු දිනයක් ලෙස අද ඉතිහාසයට එකතුවනවාට කිසිදු සැකයක් නැත. ඉකුත් මැයි 06 වැනිදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී තනි පක්ෂයකට 50%ක් ලබාගත නොහැකි වූ පළාත් පාලන ආයතන අතරට කොළඹ මහනගර සභාවද අයත් විය. එහි බලය අල්ලා ගැනීමට මාලිමාව සේම විපක්ෂය අතර වූයේ උණුසුම් තරගයකි. අවසානයේ මාලිමාවේ අපේෂිකාව ජයග්‍රහණය කළාය. අපේ ප්‍රශ්නය ඇගේ ජග්‍රහණය ගෞරවනීය ජයග්‍රහණයක්ද යන්නයි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛයන්හි මාර්ගෝපදේශ නොසලකා රහස් ඡන්ද විමසීමක් පවත්වා කොළඹ බලය මාලිමාව නින්දාසහගත ලෙස පැහැරගත් දිනයක් ලෙස අද 2025 ජුනි 16 වැනිදා ඉතිහාසයට එකතුවනවාට කිසිදු සැකයක් නොමැත.

මහජන නියෝජිතයන් වරප්‍රසාද, වරදානවලට බිලිගත්තා පමණක් නොව, පළාත් පාලන ආයතනයක සභාපති / නගරාධිපති තෝරාගන්නා මාර්ගෝපදේශ මාලාව රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන් ලවා අමු අමුවේ උල්ලංඝනය කරලීමටද මාලිමාව කටයුතු කළේය. ශ්‍රී ලංකා පරිපාලන සේවය දේශපාලන බලපුළුවන්කාරකමින් දේශපාලන ග්‍රහණය ලබාගත් දිනයක් ලෙස 2025 ජුනි 16 වැනිදා ඉතිහාසයට එකතුවන්නේ තද කළු අකුරෙනි.

පිරිසිදු, පාරිශුද්ධ දේශපාලනය පිළිබඳ අදින් පසු මාලිමාවට කතාකිරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. දැන් කොළඹ බලයත් මාලිමාවේ කියමින් ස්වයං වින්දනයේ යෙදීමට මාලිමාවට පුළුවන. නමුත් කොළඹ මහනගර සභාවේ බලය බලපුළුවන්කාරකමින් අත්පත් කරගත්තත් එම බලය මාලිමාවට රැකගැනීමට හැකිද යන සාධාරණ සැකය අපට තිබේ.

කොළඹ පුරපති තෝරාගැනීමේ සිදුවූ අකටයුතුකම් පිළිබඳ මහජන නියෝජිතයෝ දැනටමත් අදහස් දක්වා ඇත. පුරපති පත්කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

මහජන නියෝජිතයන් මුදලට සහ වරප්‍රසාදවලට බිලීබාගත් බවට වන චෝදනාව බැහැර කළ නොහැකිය. කොළඹ බලය අල්ලා ගැනීමට ගොස් ආණ්ඩුව විශාල ඇනගැනීමක් කරගෙන ඇති බව නම් පැහැදිලිය. රතු ලේබල් කන්ටේනර් සිද්ධියෙන් ආණ්ඩුව හතර ගාතේ දමා වැටෙන්නට ඇනගත්තේ යම්සේද කොළඹ මහනගර සභාවේ බලය අයුතු බලය යොදා අල්ලා ගැනීමෙන් මාලිමා ආණ්ඩුව විශල අර්බුදයක් නිර්මාණය කරගෙන ඇතුවාට නම් කිසිදු සැකයක් නොමැත.

මෙහි ඇති ඉතාම නරක පූර්වාදර්ශය පළාත් පාලන කොමසාරිස් වැනි රාජ්‍ය සේවයේ ඉහළ තනතුරක් දේශපාලන ගොදුරක් බවට පත්වීමයි. කොළඹ පුරපති පත්කිරීමට එරෙහිව ගොනුකරන නඩුවක පළාත් පාලන කොමසාරිස් ද වගඋත්තරකාරියක වීම සමස්ත රාජ්‍ය සේවයට /පරිපාලන සේවයට කැළලකි, නින්දාවකි. මේ නිලධාරීන් රාජ්‍ය සේවයට වගකිවයුත්තන් විනා පැලවත්තේ ටිල්වින්ගේ පූර්ණකාලීනයන් නොවන බව අවබෝධ කරගැනීම නිරෝගී රාජ්‍ය සේවයකට ඉතා හොඳය.

අයුතු බලයෙන් අත්පත් කරගන්නා කිසිදු පද්ධතියකට යහපැවැත්මක් නොමැති බවට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂි වන්නේය. 1993 පළාත් සභා ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව පොදුජන එක්සත් පෙරමුණට සහ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට දකුණු පළාත් සභාව පිහිටුවීමට ඉඩනොදී, ප්‍රැන්සිස්කු මන්ත්‍රීවරයා පැහැරගැනීම වැනි පාදඩකම්වල අවසන් ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අවසානය තීරණය වීමය. එලෙසම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ ආණ්ඩුවේ කුප්‍රකට වයඹ ඡන්ද කොල්ලය ඇයගේ ආණ්ඩුවේ මළගමේ පළමු අඬහැරය වූයේය.

කොළඹ බලය රාජ්‍ය බලයෙන් පැහැරගත් මාලිමා ආණ්ඩුවේ ඉරණමද ඉතිහාසයේ බලය අවභාවිත කළ පාලකයන්ට අත්වූ ඉරණමෙන් වෙනස් විය නොහැකිය. අලුත් කිසිවක් මාලිමා ආණ්ඩුව යටතේ සිදුනොවන අතර සිදුවන්නේ එකම දෙයක් පමණි. ඒ ඉතිහාසයේ සිදුවූ පාදඩකම් නැවත නැවත සිදුවීම පමණි. මාලිමාව තමන්ගේ අවසානය ඉක්මන් කරගැනීම නම් පුදුමසහගතය. ඉතිහාසයේ බලයේ සිටි ආණ්ඩු වසර 3ක් 4ක් යනතුරු පාදඩකම් නොකිරීමට වගබලා ගත්තේය. නමුත් මාලිමා ආණ්ඩුව බලය ලද මොහොතේ පටන් කරන්නේ ජනවරම කෙළෙසන කාරණාය. ඒ සියල්ල ගමනක අවසානය කඩිනම් කරන සංරක විනා වෙන මොනවාද?

SendShareShare
Previous Post

ආණ්ඩුව බලශක්ති මාෆියාවේ ගොදුරක් වෙලා! සෝලාර් පවර් යුනිට් එකට ගෙවන ගණන රුපියල් 37 සිට 20 දක්වා 45%කින් අඩු කරලා! රටටත් පාඩුවක්! ජනතාවටත් පාඩුවක්! සෝලාර් කොම්පැනි 1000ක සේවය කරන 40,000කගේ රස්සා අනතුරේ! ඇයි මෙහෙම කරන්නේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මාලිමාව කොළඹදී දින්නාද? පැරැදුණාද? මාලිමා න්‍යායාචාර්ය ආචාර්ය නිර්මාල් දේවසිරිගේ විග්‍රහය! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.