අත්අඩංගුවේ සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් පිරිසක් විනිසුරු නිල මැදිරියේදී ලබා දුන් අතිශය රහසිගත තොරතුරුවලට අදාළ ලේඛන මුද්‍රා තබා අධිකරණ සේප්පුවේ බහා තිබියදී ඒවා මාධ්‍ය මගින් හෙළිදරව් වීම සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝගයක් නිකුත් කොට ඇත.
බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත මෙම නියෝගය නිකුත් කිරීමට ඊයේ (01) දිනයේදී මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබිණ.
මෙම ලේඛන මාධ්‍ය ආයතන 4ක් විසින් රටට අනාවරණය කර ඇති බවද දැනගන්නට ඇත.










