ලෝක බැංකුව විසින් සිය නවතම වර්ගීකරණයන්ට අනුව ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළ මධ්‍යම ආදායම් ලබන රටක් දක්වා පහත හෙළීමට පියවර ගෙන ඇත.
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් කාණ්ඩයට වර්ගීකරණය කිරීමෙන් වසරකට පසුව මෙසේ ලංකාව පහත හෙළි තිබීම විශේෂ සිදුවීමකි.
2020-2021 වර්ෂයන් සඳහා වන රටවල්වල ආදායම් මට්ටම අනුව ලෝක බැංකුව විසින් මෙම වර්ගීකරණය සිදුකොට ඇත.
ශ්‍රී ලංකාව පත්ව ඇති අතර එම කාණ්ඩයට ඇතුළත් වන අනෙක් රටවල් දෙක වන්නේ ඇල්ජීරියාව සහ සුඩානයයි.
පසුගිය වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට හිමිකම් කි ශ්‍රී ලංකාව මේ වර්ෂයේදී ඇ.ඩො. 4020 ක් දක්වා එය පහත වැටීම මීට හේතුව වී තිබේ.