• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉරානයයි ඊශ්‍රායලයයි ගහගනිද්දී ලංකාව ගුටිකයිද? බොර තෙල් මිල දැනටමත් 8%කින් ඉහළ ගිහින්! ඉරානය ඩොලර් මිලියන 65ක තේ අපෙන් ගන්නවා! රටවල් දෙකේම ලාංකිකයෝ රස්සා කරනවා! Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉරානයයි ඊශ්‍රායලයයි ගහගනිද්දී ලංකාව ගුටිකයිද? බොර තෙල් මිල දැනටමත් 8%කින් ඉහළ ගිහින්! ඉරානය ඩොලර් මිලියන 65ක තේ අපෙන් ගන්නවා! රටවල් දෙකේම ලාංකිකයෝ රස්සා කරනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෙම ඊශ්‍රායල-ඉරාන යුද්ධය ආරම්භ කිරීමට මුලින්ම වගකිව යුත්තේ ඉරානයේ වත්මන් උත්තරීතර නායකයා වන අලි කමෙයිනි යැයි මම චෝදනා කරනවා. ඔහු බලයෙන් පහකර දැමීම හෝ වෙනයම් ක්‍රියාවලියක් සිදුවන තෙක්ම අපි ඔහුට විරුද්ධව සටන් කරනවා. එවැන්නක් සිදු නොවන්නේ යැයි මම කිසි විටෙකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉරානයේ වත්මන් පරිපාලනය හිතාමතාම අපේ ඊශ්‍රායලයේ ජනතාව ඉලක්ක කරගෙන සිටිනවා. අල් කමේනි ඉවත් කර දැමීම යැයි කියන්නේ ගැටුම තවදුරටත් උග්‍ර වීමක් නොවන අතර එය ගැටුම අවසන් කිරීමක් ලෙසයි මා කියා සිටින්නේ. මැදපෙරදිග සිටින සියල්ලන්ම භීතියට පත්කරන ඉරානයේ පාලන තන්ත්‍රය විසින් පසුගිය අඩසියවසක පමණ දීර්ඝ කාලයක් පුරා විවිධ යුද ගැටුම් ඇතිකර තිබෙනවා. සෞදි අරාබියේ තෙල් නිධිවලට පවා බෝම්බ හෙළුවා. ඉරානයට අවශ්‍ය වන්නේ සදාකාලික යුද්ධයක් පමණයි…’
කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? කෙසේ හෝ එම තොරතුරු සොයා බලන්නට ප්‍රථම මෙම කතාවේ තවත් වදන් මොනවාදැයි සොයා බලමු. Sri Lanka Latest News

‘සදාකාලික යුද්ධයක් අවශ්‍ය වන ඉරානය විසින් අපව අද න්‍යෂ්ටික යුද්ධයක අද්දරටම රැගෙන විත් තිබෙනවා. අපි පසුගියදා ඔවුන්ගේ ඉහළම න්‍යෂ්ටික විද්‍යාඥයන්ද ඉලක්ක කර ගත්තා. ඉරානය සතු ප්‍රබල න්‍යෂ්ටික වැඩසටහන තුරන් කිරීමට ඊශ්‍රායලය කටයුතු කරන අතර, ඒ සඳහා ඇමෙරිකාව අපට ආධාර කරනවා. ඉරානය හැම විටම ‘ඊශ්‍රායලයට මරණය, ඇමෙරිකාවට මරණය’ කියා ගායනා කරනවා. අපි කරන්නේ මේ නපුරට එරෙහිව යහපත පිළිබඳ කරන සටනක්. ඇමෙරිකාවත් මේ යහපත වෙනුවෙන් පෙනීසිටිනවා. අපි ඒක බෙහෙවින් අගය කරනවා. ජනාධිපති ට්‍රම්ප් කරන්නේ ඒකයි. ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන අවසන් කරන බවට සිදුකළ ප්‍රකාශයන් අසත්‍යයක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ න්‍යෂ්ටික අවි සහ මහා බැලැස්ටික් මිසයිල අවි ගබඩාව ගොඩනගා ගැනීමයි. ඉරානය අද මුළු ලෝකයටම තර්ජනයක් වෙලා. ඒක සමහර රටවලට තේරෙන්නේ නැහැ. අපි සටන් කරන්නේ අපේ සතුරාට එරෙහිව පමණක් නොවේ. අපි ඔබේ සතුරාටත් එරෙහිව සටන් කරනවා. ඒ අතරේ ඔවුන් දෙවියන්ගේ නාමයෙන් ඊශ්‍රායලයට මරණය ඇමෙරිකාවට මරණය කියා කෑගසනවා. ඇමෙරිකාව කිසිදු මට්ටමකදී ඉරානය සමග යුද්ධයකට මැදි නොවිය යුතුයි. අපි ඒ දේ කරන්නම්. නපුරට එරෙහිව ස්ථාවරයක් ගැනීමට අපිට සිදුවෙනවා. ලෝකය පුරා මරණය සහ විනාශය ගෙන ඒමට උත්සාහ කරන පාලනයකට එරෙහිවයි අපි සටන් කරන්නේ…’

මෙයට දින කීපයකට ඉහතදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර තිබුණේ ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසිනි. ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ මෙම දිනවල ලෝකය පුරා අතිශය කතාබහට ලක්ව තිබෙන ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන මහා යුද්ධයක පසුබිමේදීය. පසුගිය කාලයක් පුරා මෙම දෙරට අතර ඇතිවිය හැකි යුද්ධයක් පිළිබඳ වූ නොයෙකුත් මතිමතාන්තර තිබුණු අතර, අද එය යුද්ධයක තත්ත්වයට පරිවර්තනය වී ඇත. මෙම යුද්ධය ආරම්භ වී තවම ගතව ඇත්තේ සතියක පමණ කෙටි කාලයකි. ඊශ්‍රායලයේ අගමැතිවරයා ඉහත ප්‍රකාශය සිදුකරනු ලබන්නේ ලොව ප්‍රකටතම මාධ්‍ය ආයතනයක් වන ඇමෙරිකාවේ සංවිධානය වෙතය. එම මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා වන ජොනතන් කාල් සමග ඊශ්‍රායලයේ හඳුනා නොගත් ස්ථානයක සිට චන්ද්‍රිකා දුරකතන හරහා මෙම රූපවාහිනී සාකච්ඡාව සිදුකර ඇත. සම්පූර්ණ සාකච්ඡාව විනාඩි 28ක් පුරා පැවැති අතර ඉන් පසුව එය අනෙකුත් මාධ්‍ය ආයතන හරහාද විකාශය විය. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු යනු දැනට 75 වැනි වියේ පසුවන 1996 වසරේ සිට මේ දක්වා එරට අගමැති ධුරය දරන පරිණත දේශපාලකයෙකි. එනම් ඔහු දැනට ඉහත කාලය තුළ වසර 17ක්ම අගමැති ධුරය දරා ඇත. ලෝකය පුරා මේ වනවිට මොහු ප්‍රචලිතව ඇත්තේ දරදඬු රාජ්‍ය පාලකයකු ලෙසය. මෙම දිනවල දැනට පවතින ඊශ්‍රායල-පලස්තීන යුද්ධයද දැනට වසර 02කට ආසන්න කාලයක් දක්වා දීර්ඝ වී ඇත.

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයක් වෙත පැමිණ සිටින්නේය. එනම් ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ නවතම පිටු මොහොතින් මොහොත පෙරළෙමින් ඇත. මේ වනවිටද මෙම අර්බුදය හේතුවෙන් ජීවිත හානි 500ක් පමණ සහ දහස් ගණනක ජනතාව තුවාල ලබා ඇති අතර, විශාල දේපළ හානියක්ද සිදුව ඇත. මේ වනවිට රටවල් දෙකම මිසයිල ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් යුද්ධයේ නිරතව සිටියි. එසේම රටවල් දෙකම න්‍යෂ්ටික අවි බලාගාර එල්ල කරමින්ද බියකරු ප්‍රහාරයන් එල්ල කරයි. මේ වනවිටත් එවැනි ප්‍රහාරයකින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයක විකිරණ කාන්දුවක් සිදුව ඇතැයි පැවැසෙයි. මේ අතර අතිශය සුවිශේෂ පුවතක් ලෙසින් වාර්තා වන්නේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකර ඇති ප්‍රකාශයයි. ඔහු පවසා ඇත්තේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයෙන් ජනතාවට ඉවත් වන ලෙසය. මෙම ප්‍රකාශයට පසුව එම අගනුවර වැසියන් ලක්ෂ ගණනින් වෙනත් ප්‍රදේශ කරා යන ආකාරයද දක්නට හැකිය. මේ හෙයින් එම නගරයේ සියලු වීදි වාහන දහස් ගණනක තදබදයකින් පවතින ආකාරයද දක්නට හැකිය. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඊශ්‍රායල අගමැතිවරයා සිදුකර ඇති ප්‍රකාශයකට බලවත් සේ විරෝධය පළකර ඇත. එනම් අගමැතිවරයා පැවැසූ ඉරාන උත්තරීතර නායකයා ඝාතනය කළ යුතු යැයි පැවසෙන ප්‍රකාශය එය විය. ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම අවස්ථාවේදී එවැන්නක් සිදු නොවිය යුතු බවයි. ඉරානයේ උත්තරීතර නායක අල් කමෙයිනි යනු දඩබ්බර, ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකටය. එසේම ඔහු අන්තවාදී ඉස්ලාමික පාලකයකු ලෙසද අතිශයින්ම ප්‍රකටය.

ඉරානයේ වත්මන් උත්තරීතර නායක අලි කමෙයිනි දැනට 86 වැනි වියේ පසුවන අතර, ඔහු මින් පෙර 1981 සිට 1989 දක්වා නොකඩවා වසර 08ක් ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. ඔහු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත්වන්නේ 1989 වසරේදී වන අතර, එනම් මෙම්වනවිට ඔහු වසර 36ක් නොකඩවා එම රාජ්‍ය නායක තනතුරේ කටයුතු කරයි. මොහු තමන්ගේ තරුණ සමයේදී ඉරාන හමුදාවට සේවය කළ අතර, හමුදා නිලධාරියකු ලෙස ඉරාන-ඉරාක යුද්ධය වෙනුවෙන්ද මහත් කැපකිරීමක් සිදුකර ඇත. මොහුගේ ඉස්ලාමික අන්තවාදී පාලනය හේතුවෙන් පසුගිය කාලයේ ඉරානයේ ජනතාව ඔහුට එරෙහිව අරගල සිදුකරන්නටද විය. මෙවැනි වටපිටාවකදී පසුගියදා ඊශ්‍රායලය සහ ඇමෙරිකාව කියා සිටියේ අලි කමෙයිනි වහා යටත් විය යුතු බවයි. එහෙත් නවතම පුවත ලෙස වාර්තා වන්නේ ඔහු කිසි විටෙකවත් කිසිදු රටකට යටත් නොවන බවත්, දිගින් දිගටම තම සතුරාට එරෙහිව වදින බවත්ය. මෙම දිනවල ඔහු බොහෝ රහසිගත අයුරින් ඉරානය තුළ සැඟව සිටින්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. අලි කමෙයිනි පසුගියදා ඇමෙරිකාවට තර්ජනය කරමින් කියා ඇත්තේ හෙට අනිද්දාම ඊශ්‍රායලයේ තිබෙන ඇමෙරිකානු යුද කඳවුරුවලටද ප්‍රහාර එල්ල කරන බවයි. එසේම සාගර කලාපයන්හි රඳවා ඇති ඇමෙරිකානු යුද නැව් සඳහාද ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා ඇත. මේ වනවිට ඉරාන හමුදා සතුව ස්ථිර හමුදා සාමාජිකයන් ලක්ෂ 06ක් සිටින අතර, අතිරේක සාමාජිකයන් ලක්ෂ 03ක් සිටියි. ඊශ්‍රායලයට ඇත්තේ දෙපිරිසම ලක්ෂ 06ක් පමණි.

තත්ත්වය කුමක් වුවද මෙම කුරිරු යුද්ධය හේතුවෙන් ලොවට වන බලපෑම අතිවිශාලය. එනම් ලෝකයේ රටවල් රැසකට මෙම ඊශ්‍රායල-ඉරාන යුද්ධයේ ආදීනව අත්විඳින්නට සිදුව ඇත. මෙම රටවල් අතරට ශ්‍රී ලංකාවද ප්‍රධාන වශයෙන් අයත්ය. එය හේතු වන්නේ ඉරානය යනු ශ්‍රී ලංකාවෙන් ප්‍රධානතම තේ අපනයනය කරන රට වීමය. එනම් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 65කට අධික වටිනාකමකින් යුත් තේ තොග ශ්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කරයි. මේ අතර අනෙක් ප්‍රධානතම ප්‍රශ්නය ලෙස ලෝකයේ රටවල් රාශියකට බලපා ඇත්තේ බොර තෙල් මිල ඉහළ යෑමේ ප්‍රශ්නයයි. මෙම යුද්ධය හේතුවෙන් පසුගියදා ලෝක බොර තෙල් මිල 8%කින් ඉහළ ගියේය. ඉරානය හා ඊශ්‍රායලය යන රටවල් දෙකම බොර තෙල් නිෂ්පාදනය කරන රාජ්‍යයන්ය. මේ හෙයින් බොර තෙල් මිල කෙරෙහි මෙම අර්බුදය බලපානු ලබයි. යටකී යුද්ධය හේතුවෙන් අපගේ ශ්‍රී ලංකාවට බලපානු ලබන තවත් ප්‍රධානතම ප්‍රශ්නයක් වන්නේ රැකියා අර්බුදයයි. එනම් ඉහත රටවල් දෙක තුළම ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් විවිධ රැකියාවල නිරතව සිටිති. යුද්ධය තවත් උත්සන්න වුවහොත් මෙම පිරිස්වලට රැකියා අහිමි වීමේ තත්ත්වය සහ ජීවිත තර්ජනයද උද්ගත වනු ඇතිය. මේ අතර යුද්ධය පවතින රටවල් අතර සාමාන්‍ය ගුවන් සහ මුහුදු ගමනාගමනය පවා මේ වනවිට ඇනහිට ඇත. මෙම තත්ත්වය වෙළෙඳ ආර්ථිකයට මෙන්ම සංචාරක කර්මාන්තයටද බලපානු ඇත. මෙම ඊශ්‍රායල-ඉරාන යුද්ධය තව තවත් උත්සන්න වීම යනු තෙවැනි ලෝක මහා යුද්ධයකට පාර කැපීමකි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කෝටි 48 ලොකුද? Sri Lanka Latest News

Next Post

කෙහෙළිය උඹට මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ! ගිරිරාජ්ගේ දුවට කෙහෙළියත් එක්ක යකා නැගලා! මෙන්න ලියපු ලියුම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.