හිටපු ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් විමර්ශන ඒකකයන්ට කැදවීම එම ක්‍රීඩකයන්ට පමණක් නොව රටටම කරන අගෞරවයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සදහන් කරයි.
ඒ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් ටිවිටර් පණිවුඩයක් තබමින් මේ බව සදහන් කර ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් හෝ පරීක්ෂණයක් ආරම්භ කර නොතිබියදී මේ ආකාරයට ක්‍රිකට් ක්‍රීඩකයන් රහස් පොලිසියට කැදවීම නොකළ යුත්තක් බවද රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවුඩය මගින් පෙන්වා දී තිබේ.
මේ ආකාරයට හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද මෙම ක්‍රියාපිළිවෙත දැඩිව විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.











