• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැකෝ ගිරවත් හොරකං කරලා! බෝධිසත්ව ප්‍රතිමාවේ හිසත් ගලවලා! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මැකෝ ගිරවත් හොරකං කරලා! බෝධිසත්ව ප්‍රතිමාවේ හිසත් ගලවලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔන්න එකෝමත් එක ලස්සන රටක් තිබුණා. ඒ රටේ මිනිස්සු හිතාගෙන හිටියේ ඒක තමයි ලෝකේ තියෙන හොඳම රට කියලා. ඒ රටේ දරුවන්ට පුංචි කාලේ ඉගැන්නුවා මේ තමයි ලෝකෙන් උතුම් රට කියලා. ඉතින් ඒ පොඩි ළමයි තේරෙන කාලේ වෙනකල්ම හිතුවේ මේක ලෝකේ තියෙන උතුම්ම රට කියලා. පාරේ බයිසිකලයක් නවත්තලා යන්න බැරි, ඒකේ පැති කණ්ණාඩියක් ගලවගෙන යන, පාරේ වාහන එළවන්න දන්නේ නැති, ඉතා පුංචි තැන ඉඳලා ලොකු තැන දක්වාම හොරකම් කරන, මැරකම් කරන, ජඩකම් කරන, ආයතනයකට ගියාම, රජයේ කන්තෝරුවකට ගියාම, ඒකේ ඉන්න එකෙකුට කීයක් හරි දෙන්නේ නැතුව වැඩක් කරගන්න බැරි, පෝලිමේ ඉන්න එක ගැන මෙලෝ අදහසක් නැති, පාරේ යනකල් හෝන් ගහන, දේශපාලකයෝ පත්වුණාම හොරකම් කරන, හොරකම් කරන්නේ නෑ කියලා එන එවුන් ඊටත් වඩා හොරකම් කරන, හැම තැනම ජඩකම් බලුකම් තක්කඩිකම් පිරිච්ච රටක් කියලා කිව්වට මේක එහෙම රටක් නෙවෙයි කියලයි ගොඩක් අය කිව්වේ. ඉතින් ඒ නිසා මේ රටේ ඉපදුණු එක ගැන හුඟක් අය හරිම සතුටින් හිටියා. මේ රටේ තියෙන ස්වභාවික සම්පත් ටික එක එකා බෙදාහදාගෙන තම තමන්ට වුවමනා විදියට භාවිත කරනකොට මේ රටේ ගොඩක් අය හිතුවේ මේක තමයි මේ රටට ලැබෙන්න තියෙන හොඳ දේ කියලා. Sri Lanka Latest News

රට වටේම මුහුද තිබ්බට මුහුදෙන් අවශ්‍ය සම්පත් ටික ගන්නවත් ඒ තියෙන සම්පත් ටික අරන් හරියට පාවිච්චි කරන්නවත් මේ රටේ කිසිම කෙනකුට වුවමනාවක් තිබුණේ නෑ. ඉතින් ඔය විදියට කාලය ගතකරලා ටික දවසකින් මිනිස්සුන්ට තේරෙන්න පටන් අරගත්තා මේ විදියට නම් හරියන්නේ නෑ කියලා. ඉතින් මේ රටේ අය ලෝකෙන් උතුම් රට තවත් උතුම් කරන්න හිතාගෙන හොඳ හොඳ තීන්දු ගන්න පටන් අරගත්තා. ඒ සමහර තීන්දු ඉතා සුන්දර විදියට අරගෙන ඉතා සුන්දර විදියට අවසාන වෙන්න කියලා ඒගොල්ලෝ හීන දැක්කා. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන අස්සේ තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් අලුත් දේශපාලන ප්‍රවාහයක් ඇවිල්ලා මේ රට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න පටන් අරගත්තා. රට සුඛිත මුදිත වෙනකොට රටේ හැම දේම සතුටින් සාමදානයෙන් පවතිනකොට රටේ මිනිස්සුන්ගේ හිත්වල සතුට පිරෙන්න ඉතිරෙන්න පටන් අරගත්තා. රටේ හොරකම් මැරකම් නැතිවෙලා, රටේ අපරාධ අඩුවෙලා, රටේ මිනිස්සුන්ට සතුටම රජයන කාලයක් උදාවේවි කියලා හිතුවට ඇත්තටම ඔන්න පුතේ දුවේ කාලය ගතවෙලා යනකොට මේ රටේ අමුතු අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරගත්තා.

දැන් රටේ සාමය ගැන, රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන බණ කියන්න ආපු එක්තරා කෙනකුත් මේ රටේ පහළ වෙලා හිටියා. එයා කිව්වා මිටි බංකුවක් අරන් එන්න ඒගොල්ලන් ටියුෂන් දෙන්නම් කියලා. ඉතින් රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන ටියුෂන් දෙන සර්ලත් මේ රටේ පාලනය කරන්න එකතු වෙලා හිටියේ. කවදාවත් තමන්ගේ නම දාලා ඵලකයක්වත්, බෝඩ් එකක්වත් නොගහපු අය මේ දේශපාලන කණ්ඩායම්වල හිටියා. ඉතින් මේ හැම දේම මේ රටේ ආණ්ඩුවට විතරක් චෝදනා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අපි හැමදාම කියනවා. මේ රටට ආණ්ඩුවක් පත්වෙලා, ජනාධිපතිවරයෙක් පත්වෙලා, අගමැතිවරයෙක් පත්වෙලා කරන්න පුළුවන් හරියක් තියෙනවා. මන්ත්‍රීවරු පත්වෙලා කරන්න පුළුවන් හරියක් තියෙනවා. හැබැයි වැඩිහරිය තියෙන්නේ රටේ මහජනතාවට. රටේ මහජනතාව හොරු වෙනකොට, තක්කඩි වෙනකොට, අපරාධ කරනකොට ඒ මිනිස්සු පෝලිමේ ඉන්න දන්නේ නැති වෙනකොට, ඒ මිනිස්සු පාරේ යනකොට හෝන් ගහනකොට දේශපාලකයන්ට බැණලා වැඩක් නෑ. ජනාධිපතිවරයා ඇවිල්ලා ඒවා නවත්තන්න බෑනේ. කොහොම වුණත් මරු වැඩ ටිකක් මේ දවස්වල සිද්ධ වෙන නිසා මේ රට කොච්චර ෂෝක්ද කියලා ආයෙ ආයෙත් කියන්න හිතුණා.

මේ රටේ තියෙනවා ලස්සන සත්තු වත්තක්. සත්තු වත්ත ඉස්සරහා ඉන්නවා ආරක්ෂකයෝ ටිකක්. ඇතුළට යන්නේ ටිකට් එකක් අරගෙන. සත්තු වත්ත කියන්නේ පාළු තැනක් නෙවෙයි. සත්තු වත්තේ සත්තු විතරක් නෙවෙයි, සත්තු නොවන මිනිස්සුත් ඉන්නවා. සත්තු බලාගන්නත් මිනිස්සු ඉන්නවා. සත්තු බලාගන්න අය බලාගන්නත් මිනිස්සු ඉන්නවා. සත්තු බලාගන්න අය බලාගන්න අයයි ඇතුළේ ඉන්නකොට එළියට වෙලා සත්තු වත්ත බලාගන්න අයත් මේ රටේ ඉන්නවා. ඒගොල්ලන්ට පඩි ගෙවනවා. ඒගොල්ලන්ට තනතුරු තියෙනවා. ඒගොල්ලන්ට රජයේ තනතුරු තියෙනවා සමහර වෙලාවට. ඉතින් මේගොල්ලන්ගේ රාජකාරිය ඉෂ්ට කරමින් ඉන්නකොට මේක බලන්න ආපු එකෙක් ගිරවෙක් කිහිල්ලේ ගහගෙන යනවා. ගිරවා කියන්නේ සෙල්ලම් බඩුවක් නෙවෙයි. සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එකෙක් නෙවෙයි. මේ අරන් යන්නේ මැකෝ ගිරවෙක්. මැකෝ කියපු ගමන් අපිට මතක් වෙන්නේ මැතිවරණ කොමසාරිස්. මැතිවරණ කොමසාරිස් කිව්වම අපිට මතක් වෙන්නේ කලින් හිටපු හිනාවෙන මැතිවරණ කොමසාරිස්. එයා නෙවෙයි මේ කියන්නේ. සත්තු වත්තට ගියාට පස්සේ කොයි වෙලාවෙත් කචබච ගාලා කියවන සත්තු වගයක් ඉන්නේ ගිරව් වගේ. උන් කොයි වෙලාකවත් කට පියාගෙන ඉන්න එවුනුත් නෙවෙයි. ඒකෙක් අරන් යනකල් කවුද කට පියාගෙන හිටියේ? කොහොමද දැක්කේ නෑ වගේ හිටියේ කියලා මේ මිනිස්සු ටික පෝලිමට තියලා අහන්න වෙන තරමටම මේ රට දැන් කොමිටල් විජිතයක් බවට පත්වෙලා.

රටේ ලොකු තනතුරක ඉන්න එක්කෙනෙක්, රටේ නිතර බණ කියන හිනායන කතා කියන හාමුදුරු කෙනෙක් බෝධිසත්ව ප්‍රතිමාවක් විවෘත කරලා හැරෙන තැපෑලෙන් බෝධිසත්ව ප්‍රතිමාව කඩලා ඒක ඇතුළේ තිබුණු මැණික් අනං මනං ටික හොරු අරගෙන ගිහින්. රටේ ලොකුම ලොකු කෙනා ඇවිල්ලා එතැනටවත් ආරක්ෂාව දීගන්න මේ රටේ මිනිස්සුන්ට බෑ කියන එක හරි පුදුමයි. අපි කියන්නේ කාගෙවත් වරදක්වත් අහේතුවක්වත් කියලා නෙවෙයි. මේ රටට වෙලා තියෙන දෙයක්. බෝධිසත්ව ප්‍රතිමාවේ පපුව කඩලා, ඔළුව ගලවලා ඒක ඇතුළේ තියෙන මැණික් ටික හොරකම් කරගෙන යන අමුතු රටක් මේ ලෝකේ තියෙනවද කියලා අහන ගමන් සත්තු වත්තේ තියෙන මැකෝ ගිරවෙක් අරන් යනකල් ඒ රටේ සත්තු වත්තේ බලධාරීන්, ප්‍රධානීන් පොල් ගෑවද කියලත් මේ වෙලාවේ අහන්න තියෙන්නේ ආඩම්බරෙන් සතුටින් නෙවෙයි. ලැජ්ජාවෙන් හිරිකිතෙන්. මොකද මේ රට එකෝමත් එක රටක් කිව්වට, මේ අපේ රට නිසා, අපේ රට විතරක් නිසාම නෙවෙයි කියවන ඕගොල්ලන්ගෙත් රට නිසා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

බන්ධනාගාර කොමසාරිස්තුමාව ගෙදර යැව්වේ මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමයි බිමල් ඇමැතියි මේකේ වගකීම ගන්න ඕනෙ! සීවලී අරුක්ගොඩ අහක යන කුණු ගොඩකට බෙල්ල තිබ්බා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.