• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමයි බිමල් ඇමැතියි මේකේ වගකීම ගන්න ඕනෙ! සීවලී අරුක්ගොඩ අහක යන කුණු ගොඩකට බෙල්ල තිබ්බා! Sri Lanka Latest News

June 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනාධිපතිතුමයි බිමල් ඇමැතියි මේකේ වගකීම ගන්න ඕනෙ! සීවලී අරුක්ගොඩ අහක යන කුණු ගොඩකට බෙල්ල තිබ්බා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රේගු භාරයේ තිබූ බහාලුම් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව මුදාහළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාගානන්ද කොඩිතුවක්කු මහතා සිය සමාජ මාධ්‍ය ජාලය වෙත වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. පහත පළවන්නේ එම වීඩියෝවේ කොඩිතුවක්කු දක්වා තිබූ අදහස්වලින් කොටසකි. Sri Lanka Latest News

‘අද අපි කතාකරන්නේ එකම විෂයක් ගැන. ඊයේ රේගු දෙපාර්තමේන්තුව නිකුත් කරපු නිවේදනය. කන්ටේනර් 323 නිදහස් කිරීම පිළිබඳ රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ. කනගාටුයි කියන්න ඔහු රේගුවේ පිළිගත් නිලධාරියෙක්. අපරාදේ මේ අහක යන කුණු ගොඩකට ඔහු කර තිබ්බා. මම ඔහුට පැහැදිලිවම කිව්වා ඒ කුණු ගොඩ නෝනිස්ගේ කරේම පටවන්න කියලා. නෝනිස් තමයි මේ වැරැද්ද කළේ. නෝනිස්ට නියෝගය දුන්නේ අනුර දිසානායක සහ බිමල් රත්නායක. කොහෙද ඒක තියෙන්නේ? නෝනිස් ජනවාරි මාසේ 29 වැනිදා නිකුත් කරපු මාධ්‍ය නිවේදනයක කියනවා ඔහුට උපදෙස් දුන්නේ බිමල් රත්නායකයි අනුර දිසානායකයි කියලා. මේවා වහාම නිදහස් කරන්න කියලා. ඔබට කියන්න තියෙන වැදගත්ම පණිවුඩය මේකයි. මේ කතාකරන නාගානන්ද කොඩිතුවක්කු කියන්නේ රේගු විශේෂ විමර්ශන අංශයේ ප්‍රධානියා ලෙස 2001 දක්වා කටයුතු කරපු කෙනෙක්. දැන් අනුර දිසානායකටයි බිමල් රත්නායකටයි බෙල්ලටම තොණ්ඩුව වැටිලා තියෙන්නේ. මොකක්ද මේ කන්ටේනර් 323 කියන එක ගැන මම ඔබට කියන්න ඕනේ. මොකක්ද මේ ඒ.අයි. තාක්ෂණය කියන්නේ? මොකක්ද මේ සිලෙක්ටිවිටි ක්‍රයිටීරියා එක කියන්නේ? ඔබට ඒක දන්නේ නැතුව කිසිවක් හිතාගන්න බෑ. මේ කන්ටේනර් 323 කවුද නැවැත්තුවේ? රේගුවේ තාක්ෂණය තියෙනවා මේක හඳුනාගන්න. වරායට එන කන්ටේනටර් එකක් නවත්තනවාද නැද්ද කියන එක තීන්දු කරන්නේ ඒ.අයි. තාක්ෂණයෙන්. ඒකට යොදලා තියෙන දත්ත මත. රේගු සටහන්කරය, රේගුවට ඉදිරිපත් කරන ආනයනයකරු. ඔහුට මීට ප්‍රථම රේගුවෙන් දඬුවම් කරලා තියෙනවා නම්, හිරේ යවලා තියෙනවා නම්, දඩ ගහලා තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙනවා.

දෙවැනි එක රේගු සටහන්කරය රේගුවට ඉදිරිපත් කරන කස්ටම් හවුස් ඒජන්ට් කවුද? නමගිය හොරෙක් නම් මීට පෙර හොර වැඩ කරලා අහුවෙලා තියෙනවා නම්, දඩ කාලා තියෙනවා නම්, හිරේ ගිහින් තියෙනවා නම් ඒක ඒ.අයි. තාක්ෂණයෙන් සලකා බලනවා. ඒකට ඒ දත්ත කවලා තියෙනවා. තුන්වැනි කාරණය මේ භාණ්ඩ මීට කලින් ආපු වරාය පෝර්ට් එකක මොකක්ද? හිතන්න, ඒක රේගු සටහන්කරයේ අංක 10 කියලා. තැනත් සඳහන් කරන්න ඕනේ. මීට ඉස්සෙල්ලා මේ කන්ටේනරය තවත් පෝර්ට් එකකට ගිහින් එතැනින්ද මෙතැනට ආවේ. ඒකට කියනවා ට්‍රාන්ස්ෂිප්මන්ට් පෝර්ට් එක. මෙන්න මේ ටික හොඳට අහන්න. එතකොට ඔබට තේරෙයි මේකේ තියෙන භයානකකම. ඒ පෝර්ට් එකේ මෙහෙම දේවල් වෙනවා. අපි හිතමු ජබල්අලි කියලා තියෙනවා ඩුබායිවල, සිංගප්පූරුවල. ඒවායේ කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් පර්මිට් කරනවා. මොකක්ද මේ කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් කියන්නේ? එතැනට එනවා වෙනත් වරායකින්. ඒ වරායේදී ඒ කන්ටේනරයේ බඩු ටික තවත් කන්ටේනරයකට පටවනවා.

හිතන්න ආවේ සිගරට් කියලා. එතැනදී සිගරට් වොෂින් මැෂින් වෙනවා. එහෙම නැත්නම් ෆ්ලයිවුඩ් වෙනවා. මම අඩි 40 කන්ටේනරයක් ඇල්ලුවා. ලංකාවට ආවේ ටෙක්ස්ටයිල් කියලා. ඒ වගේම මේක ඉතා ප්‍රසිද්ධ දෙයක්. එහෙම දෙයක් තිබුණා නම් මොකක්ද පෝර්ට් එක? ට්‍රාන්ස්ෂිප්මන්ට් පෝර්ට් එක ඩුබායිවල ජබල්අලිද, නැත්නම් සිංගප්පූරුවද කියන එකත් ඒ.අයි. තාක්ෂණයෙන් සලකා බලනවා. මේ 323 ඇතුළේ තියෙන්න පුළුවන් දේවලින් එකක් තමයි Adulterated palm oil’ Palm oil තියෙන්න බැහැ ෆැටි ඇසිඩ් කියන එක 0.5කට වැඩිය තියෙනවා නම් ඒක පිළිකාකාරකයක්. දැනට අල්ලලා තියෙනවා රේගුවෙන් තහනම් කරලා තියෙනවා අවුරුදු 8ක් තිස්සේ කන්ටේනර් 24ක් Adulterated palm oil. දැන් මේකේ තියෙන්න පුළුවන් ඒවා සැලකිය යුතු ප්‍රමාණයක්. එතකොට මිනිස්සුන්ට පිළිකාව හැදෙන එකේ වගකීම ගන්නේ අනුර කුමාර දිසානායකද? නැත්නම් බිමල් රත්නායකද?

ඒ වගේම තියෙන්න පුළුවන් පිටරටවලින් ඉවත දාපු ටින් කෑම, සැමන්, වෙනත් කෑම වර්ග. ඒවා කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ඉවත් කරනවා. කන්ටේනර් තොග ඉවත් කරලා ඒවා මේ වගේ රටවලට එවනවා අර පෝර්ට් එකකට ගෙනිහිල්ලා ඒකෙදී අර ලේබල් එක මාරු කරලා අලුතෙන් ලේබල් එකක් අලවනවා. ඒවා මෙතැන තියෙන්න පුළුවන් ඕනේ තරම්. මොකද ඒවා තහනම්. එතකොට ඒ.අයි. තාක්ෂණයෙන් බලනවා මේ කන්ටේනර් එක මීට කලින් ආපු පෝර්ට් එක මොකක්ද? ඒ පෝර්ට් එකේ අර වගේ කොමර්ෂල් හබ් ඔපරේෂන්න් කරනවද කියලා. ලංකාවත් කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් තියෙන රටක්. 2012 මහින්ද රාජපක්ෂ තමයි ඒ තක්කඩි වැඩේ කළේ. ඕනෙ කුණු ගොඩක් ගේන්න පුළුවන්. කන්ටේනරය මාරු කරන්න පුළුවන්. මාරු කරනකොට අලුතෙන් ලේබල් එකක් දාලා තව රටකට පටවනවා. මේවා ඉතා භයානක වැඩ. මේවා ජාත්‍යන්තර වෙළෙඳාමේ අනුමත නොකළ යුතු දේවල්. ඒ වගේ කන්ටේනර් කීයක් තිබුණාද?

ඔබ වෙඩින් එකකට ගිහින්, බර්ත්ඩේ පාටි එකකට ගිහින් කාට හරි ෆෙරෙරෝ චොක්ලට් බොක්ස් එකක් දුන්නම ඒක ගලවලා බැලුවාම ඇතුළේ පණුවෝ. ඒ කොහොමද? මේ කුණු ක්‍රමයට ආපුවා ඒ රටවල ඉවත් කරපුවා අලුතෙන් ලේබල් ගහලා ලංකාවට ආපුවා. ඒවා කීයක් තිබුණද මේ කන්ටේනර් අතර? ඒකේ වගකීම ගන්නේ බිමල් රත්නායකද? එහෙම නැත්නම් අනුර දිසානායකද? ඒ වගේම වෙනත් කෑම.

පෙන්ලයිට් බැටරියක් ඔබ ගෙදර ගෙනියනවා. ඒක පාවිච්චි කරන්න ගත්තාම පැය කීපයක් යනකොට වැඩකරන්නේ නැතුව යනවා. ඇයි ඒ? ඒවත් යුරෝපයේ රටවල ඉවත දාන බැටරි. ඒවා මේ ජබල්අලි වගේ පෝර්ට්ස්වලදී අලුතෙන් ලේබල් අලවලා ලංකාවට එවපුවා. අපේ මිනිස්සු දන්නේ නෑ ඒක. එතකොට කවුද මේකේ වගකීම ගන්නේ? ඒ වගේ කන්ටේනර් කීයක් තිබුණද? මම මේ කතාකරන්නේ ශ්‍රී ලංකා රේගුවේ විශේෂ විමර්ශන අංශයේ හිටපු ප්‍රධානියෙක් හැටියට, ඒ තියෙන අත්දැකීම් මත. මට මතකයි එක කන්ටේනර් එකක් ඩික්ලෙයාර් කරනවා වොෂින් මැෂින් කියලා. ඇතුළේ තියෙන්නේ සිගරට්. හිතාගන්න පුළුවන්ද? ඔය වගේ කන්ටේනර් කීයක් තිබ්බද? කවුද මේකේ වගකීම ගන්නේ බිමල් රත්නායකද? එහෙම නැත්නම් අනුර දිසානායකද?

අනුර කුමාර දිසානායක ඉන්දියාව සමග අස්සන් කරපු ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය හඬක් නොනැගීම ගැන ඉන්දියාවේ තියෙන ඉන්ඩියන් කවුන්සිල් ෆෝ වර්ල්ඩ් එෆෙයාර් ආයතනය විමතිය පළ කළා. ඒ නිසා මේ රටේ මහජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න කවුරුවත් නෑ. ඒ වගේ කන්ටේනර් කීයක් තිබ්බද? එතනෝල් කොච්චර තිබුණද? එහෙම නැත්නම් සුවඳ විලවුන්. ගම්මන්පිල සහ අර්චුනා කිව්වා මේ කන්ටේනර් ඔක්කොගෙම තිබුණේ අවි ආයුධ කියලා. ඒ කතාව නම් මම ප්‍රතික්ෂේප කරනවා. බෙහෙත් ටියුබ් තියෙනවා, නොයෙකුත් ආකාරයේ බෙහෙත් වර්ග තියෙනවා. ඒවා ඒ රටවල කල් ඉකුත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී අලුතෙන් ලේබල් ගහලා ඔබට දෙනවා. ටැබ්ලට්ස් වෙන්න පුළුවන්, ටියුබ්ස් වෙන්න පුළුවන්. ඕනෙම කුණු ගොඩක් අලුත් ඒවා හැටියට ඔබට දෙනවා. ඒ වගේ ඒවා කීයක් තිබුණද? ඒක තමයි රේගු නිලධාරියා ඔබට දැනෙන්න කිව්වේ මේවායේ මොනවද තිබුණේ කියලා. ප්‍රශ්නේ මේකයි කරුණාකරලා අවදියෙන් තේරුම් ගන්න.

මේ මොහොත වෙනකොට දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරු පොල්පිති වෙලා. ඒක නිසා තමයි නෝනිස් වගකීම ගන්නේ නැතුව සීවලී අරුක්ගොඩට දැම්මා මම අතිශයින් කම්පාවට පත්වෙනවා. මම අද උදේ එයාට මැසේජ් එකක් යැව්වා. මොකක්ද හලෝ මේ කරපු ගොන් වැඩේ කියලා. මෙතැන තියෙනවා ලොකු ප්‍රශ්නයක්. මේක බරපතළ ප්‍රශ්නයක්. මේක කර අරින්න බෑ අනුර දිසානායකටයි, බිමල් රත්නායකටයි. සීවලී අරුක්ගොඩ ලව්වා කියෙව්ව නෑ මේකට කිසිම බලපෑමක් තිබුණේ නෑ පිටින් කියලා. කොහොමද එහෙම කියන්නේ? සීවලී අරුක්ගොඩ හොඳටම දැක්කා ජනවාරි 29 වැනිදා නෝනිස්ගේ ස්ටේට්මන්ට් එකේදී නෝනිස් පිළිගත්තා මේ 323ම නිදහස් කළේ රේගුවේ විශේෂ අංශයක් තියෙනවා ඒ සම්බන්ධව ක්‍රියා කරන්න. ඒකේ ප්‍රධානියා තමයි සීවලී අරුක්ගොඩ. ඔවුන්ට මේ නියෝගය දුන්නේ අනුර කුමාර දිසානායකයි, බිමල් රත්නායකයි කියලා නෝනිස් ජනවාරි 29 වැනිදා නිකුත් කරපු ප්‍රකාශයේ 5 වැනි ඡේදයේදී පිළිගන්නවා. ඒ වගේම සීවලී අරුක්ගොඩත් මේ කතාවම කිව්වා. මේකේ කිසිම ආකාරයකින් ගිනි අවි, රත්‍රං, වෙනත් තහනම් දේවල් කිසිවක් තිබුණේ නැත කියලා. අඩුම ගානේ රේගුවට මේ වගකීම ඉෂ්ට කරන්න තිබුණා. ඒක තමයි අර නිලධාරියා ටිකක් රිදෙන්න කතා කළේ.

ගුවේ තියෙනවා ප්‍රේවෙන්ටිව් ඔෆිස් කියලා එකක්. රේගු නිලධාරීන් ක්‍රියාත්මක කරන නීති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔවුන් තමයි තොටුපළේ රැකවලා. ඒ එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේක නිකන්ම එළියට යැව්වේ. එතකොට ඒ නිලධාරීන්ට දැනුම් දෙන්න තිබුණා ප්‍රිවෙන්ටිව් ඔෆිස් එකට (නිවාරණ අංශයට). ඒ වගේම සී.අයි.බී. එකට. එහෙම නැත්නම් රෙවනිව් ටාස්ක් ෆෝර්ස් එකට. මේ විදියට රේගුවේ තියෙනවා වංචා දූෂණ වැළැක්වීමට අංශ 5ක්. අඩු ගානේ නෝනිස්ට යුතුකමක් තිබුණා මෙන්න මෙහෙම ඉහළින් නියෝගයක් ඇවිත් තියෙනවා නිදහස් කරන්න. මම ඕගගොල්ලන්ට තොරතුරු දෙනවා. ඕයගොල්ලෝ සැකකරන කන්ටේනර් මෙතැන තියෙනවා නම් රේගුවෙන් එළියට ගියාට පස්සේ නවත්තන්න. අඩුම ගානේ නෝනිස් ඒක කළෙත් නෑ. මේ වගේ බරපතළ බදු වංචා වෙන රටක මොකක්ද නෝනිස් කළේ? ඇයි අර අහිංසක මනුස්සයා ලව්වා කියෙව්වේ? මට දුක හිතෙනවා අරුක්ගොඩ ලව්ව කරපු කැත වැඩේ ගැන. එයා ලව්වා කියෙව්වා මේ කන්ටේනර් 323 කිසිම හොර බඩුවක් ආවේ නෑ කියලා. ඒ මනුස්සයා කොහොමද එහෙම දෙයක් කියන්නේ? එයා ඒක බැලුවද? කස්ටම් හවුස් ඒජන්ට්ලා අන්තිම හොරු ඉන්න රටක් මේක.

සමහර අය ඉන්නවා අද ගෙන්නනවා එක ෂිප්මන්ට් එකක්. ඒකේ හොර බඩු අහුවුණොත් එහෙම ආපහු අලුතෙන් ආයතනයක් ලියාපදිංචි කරනවා. ඒකෙන් ගෙන්නනවා ඊළඟ එක. ඊළඟ ෂිප්මන්ට් එකට ආපහු රෙජිස්ටර් කරනවා. එතකොට අලුත් ආයතනයකට කන්ටේනරයක් එනකොට ඒ.අයි. තාක්ෂණයෙන් බලනවා කවුද මෙයා කියලා. ඔය ඔක්කොම සලකා බලලා තමයි ඔය කන්ටේනර් ටික නැවැත්තුවේ. ඔබට තේරෙනවද මෙතැන තියෙන අවදානම? පාරිභෝගිකයන්ට කුණු ජරාව දීම සම්බන්ධයෙන් කවුද වගකියන්නේ? මේ වගකීම ගන්නේ අනුර දිසානායකද, බිමල් රත්නායකද? ඔවුන් දැන්වත් පිළිගන්න ඕනේ අපි අතින් බරපතළ වැරැද්දක් වුණා කියලා. ඒ වගේම තමන් පිළිගන්න ඕනේ අපි තමයි සීවලී අරුක්ගොඩට වගකීම භාරගන්න කිව්වේ කියන එක. නෝනිස් පිළිගන්න ඕනේ මම තමයි කිව්වේ කියලා.

එතකොට කවුද මේ රටේ ජනතාව නියෝජනය කරන්න ඉන්නේ? රජයේ වගකිව යුතු දෙපාර්තමේන්තු මෙහෙම හැසිරෙනවා නම්, තොටුපළේ රැකවලා වන රේගු දෙපාර්තමේන්තුව මෙහෙම හැසිරෙනවා නම්, 225 රටටම බොරු කියනවා නම්, රටේ විධායක ජනාධිපති තනතුරට ජනතාව විශ්වාසය මත පත්කරපු අනුර දිසානායක මේ විදියට බොරු කියනවා නම්, බිමල් රත්නායක මේ විදියට බොරු කියනවා නම් කා ළඟටද ඔබ යන්නේ…?’

naga.kodi ටික්ටොක් ගිණුමෙනි

SendShareShare
Previous Post

මැකෝ ගිරවත් හොරකං කරලා! බෝධිසත්ව ප්‍රතිමාවේ හිසත් ගලවලා! Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය ඇමැති නලින්ද යටතේත් පිළිකාවට දෙන බෙහෙත් ඇතුළු බෙහෙත් වර්ග 180ක් නැතිලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.