මේ වගේ පිස්සු මිනිස්සු දැක්කාම ඇතිවන ප්‍රීතිය කියාගන්න බැරි තරම්. Sri Lanka Latest News
‘අමුතු දොස්තර’ බලද්දී හිතුණු එකම දේ තමයි, රටේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙන ගත්තු අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද අපේ සමාජෙ සුවපත් කරන්න කියලා. ඒත් එක්කම මහා වේදනාවක් හටගත්තා කරන්න ඕනේ දේ මගහැරිල ඇවිත්ද කියලත්.
‘සී’ වර්ගයේ රෝහලක් වෙච්ච බදුල්ලේ දුෂ්කර ප්‍රදේශයක ඇති කැන්දගොල්ල රෝහලේ වැඩකරන මේ අමුතු දොස්තර තමයි සචිත් හර්ෂණ බණ්ඩාර සහෝදරයා. රෝහලටම ඉන්නේ දොස්තරලා දෙන්නයි. සචිත් පැය 24 පුරා සේවයට සැදීපැහැදී ඉන්නේ. කැන්දගොල්ලේ නොගිය ගෙදරක් නෑ. ගෙවල් ගානෙ යමින් මිනිස්සු සුවපත් කරනවා. දැන් අවුරුදු කීපයක් තිස්සේ මේ පිස්සු වැඩේ කරනවා.
සාමාන්‍ය රෝහල් ප්‍රතිකාරවලට අමතරව පුනරුත්ථාපන ඒකකයකුත් පවත්වාගෙන යමින් විවිධ ගණයේ රෝගවලට ප්‍රතිකාර ලබාදෙමින් මිනිස්සුන්ට ජීවත් වෙන්න වාසනාව උදාකරනවා.
මෙලහකටත් මියැදෙන්න හිටපු මිනිස්සු බොහොමයක් අදටත් ජීවත් වෙන්නේ දොස්තර සචිත්ගේ ඒ දුෂ්කර ව්‍යායාමය නිසයි.
පූර්ව වියේදීම පිළිකාව හඳුනා ගැනීම නිසා එය වර්ධනය වෙන්න නොදී ඔහු බේරාගත් ජීවිත ගණන බොහෝයි. ඒ වගේම වෙනත් බෝ නොවන රෝගවලින් මිනිස්සුන්ට ලබාදීපු අතිරේක ජීවන කාලයේ නිමැවුම්කරුවා ඔහුයි.
රස්සාව ඔළුව උඩ තියන් අභිමානෙ කරේ බැඳන් ඉන්නෙ නැතිව පොළොවේ පයගහලා තමන්ගේ යුතුකම ගැන පමණක් සිතා වැඩකරන මේ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු කෙතරම් වාසනාවක්ද?
අර බොරු සංගම්වලට හොඳ කනේ පාරක් මේ වගේ මානුෂීය මිනිස්සු. ඒ අයටත් පුළුවන් මේ හොඳ ආදර්ශ ඔවුන්ගේ ජීවිතවලටත් එකතු කරගන්න.
ආදරණීය සචිත් සහෝදරයා,
ඔබ සැබෑ විප්ලවවාදියෙක්…
ඔබ සැබෑ සමාජවාදියෙක්…
ඔබ සැබෑ මනුස්සයෙක්…
ශ්‍රේෂ්ඨ ලාංකික පුත්‍රයෙක්…
නිදුක් නිරෝගීභාවය සපිරි සදා ජය…
මගේ හිතේ ඉන්න මිනිස් චරිතවලට පණ පොවන්න ආපු උඹට පට්ට ආදරෙයි සහෝදරයා…
(නුවන් මුදලිගේ ෆේස්බුක් පිටුවෙනි)










