විශ්‍රාම ගැනීමෙන් පසු රජයේ කිසිදු තනතුරක් හෝ වගකීමක් බාරනොගන්නා බවත්, එමගින් අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය පළුදු වන බවත් ඉන්දීය අගවිනිසුරු බී.ආර්. ගවායි අවධාරණය කර ඇත.Sri Lanka Latest News
තමන් සහ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන්ගෙන් බහුතරයක් මේ පිළිබඳ ප්‍රසිද්ධියේ ජනතාවට ප්‍රතිඥා දී ඇති බව ද අගවිනිසුරුවරයා සඳහන් කර තිබේ.
මෙසේ විශ්‍රාම යෑමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තනතුරු හෝ වගකීම් ගැනීමෙන් අධිකරණ තීන්දුවලට රජයෙන් බලපෑම් එල්ල වූ බවට හෝ එවැනි පාක්ෂික බවක් පිළිබඳ මතයක් ඇති වීම වැළැක්විය නොහැකි බව ද අගවිනිසුරුවරයා මෙහිදී පවසා ඇත. අධිකරණයේ විශ්වසනීයත්වට සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ කැපවීම අනිවාර්යෙන්ම කළ යුතු බවත්, මහජන විශ්වාසය අන්සියල්ලට ඉහළින් තබාගත යුතු බවත් ඔහු වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර තිබේ.
2018 – 2019 කාලයේදී ඉන්දියාවේ 46 වැනි අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ රන්ජන් ගොගොයි මේ වන විට එරට රාජ්‍ය සභා මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරයි. මෙය දැඩි විවේචනයට ලක්වූ අතර, මෝදිගේ ආරාධනයක් මත ඔහු එම ධුරය බාරගෙන තිබිණි.
ඔහුට පෙර මෝදි ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු කේරළ ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස ද පත්කර තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයෙකි.










