• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නාගදීපයට පූජා කරන රත්නපුරේ මැණික් පුටුව! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නාගදීපයට පූජා කරන රත්නපුරේ මැණික් පුටුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ නාග කියන නාමත් එක්ක මැණික් පුටුවට ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒකට හේතුව නාග සහෝදරවරුන්ගේ මණිඅක්ඛිත නාග රාජයාගේ කතාව. ඊට පස්සේ චූලෝදර මහෝදරගේ කතාව මේ ඉතිහාස කතාව ඇතුළේ ඉතාම ඉහළින් කියැවෙන කතා දෙකක්. චූලෝදරගේ සහ මහෝදරගේ මේ කතා දෙක අතරේ අපිට වැදගත්ම කතාවක් විදියට කියැවෙනවා මැණික් පුටුවක්. මැණික් පුටු ගැන අපි අහලා තිබුණට මැණික් පුටුවක් දැකලා නැහැනේ. ඔන්න දැන් ඔබට අවස්ථාව උදාවෙලා තියෙනවා මැණික් පුටුවක් දැකබලා ගන්න. මේ මැණික් පුටුව දැකබලා ගන්න අවස්ථාව ලැබෙන්නේ නාගදීපයේදී. ඒකයි මම කිව්වේ නාග කියන නමයි මැණික් පුටුව කියන එකයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා කියලා. Sri Lanka Latest News

මෙන්න මේ මැණික් පුටුව පූජා කිරීම මහා පුණ්‍යකර්මයක් විදියට සිද්ධ කරන්නට ඉතා මෑතකදී කටයුතු කරන බව සඳහන් වෙලා තිබුණා. ඉතින් අපි ඒ ගැන ටිකක් හොයන්න සූදානම් වුණා. මේක නම්කරලා තියෙන්නේ මිණිපලඟ පූජාව කියලා. 2025.06.03 වැනි දින සුමන සමන් දේවාල භූමියෙන් ආරම්භ වෙනවා පෙරහැර. පෙරවරු 9.00ට තමයි පෙරහැර ආරම්භ වෙන්නේ. එහෙම ආරම්භ වෙලා 2025.06.07 වැනිදා නාගදීපයට යන්නටයි මේ පෙරහැර සූදානම් කරලා තියෙන්නේ. ‘දකුණෙන් උතුරට පිදෙන සාම ත්‍යාගය විදියටයි මේක නම්කරලා තියෙන්නේ. ලංකා ද්වීපයට සාමය, සතුට, සමගිය මැණික් කර්මාන්තයේ දියුණුව පෙරදැරිව සිදුවේවා’ කියලා ප්‍රාර්ථනා කරලා රත්නපුර ප්‍රදේශයේ ඉන්න ජනතාව විසින් මේ මැණික් පුටුව පූජා කරන බව මේ පිළිබඳ හොයලා බලද්දී අපිට දැනගන්න ලැබුණා.

මැණික් පුටුව හදන්න විශාල වැඩකොටසක් කරලා තියෙනවා. ඇත්තටම මේ පුටුව සම්පූර්ණයෙන්ම මැණික්වලින් හදපු එකක් නෙවෙයි. මේ පුටුව හදලා තියෙන්නේ ලීයෙන්. ඒ ලී පුටුව වටා රිදී පත්‍ර අතුරලා තියෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ. මෙය සම්පූර්ණයෙන් රිදී ආවරණයක් සහිතවයි තියෙන්නේ. මෙන්න මේ රිදී ආවරණය වටා විශාල මැණික් ගල් ප්‍රමාණයක් ඔබ්බවා ඇති බව මේ මැණික් පුටුව ගැන හොයද්දී අපිට දැනගන්න ලැබුණා.

අපි දන්නවා රත්නපුර ආශ්‍රිතව ජීවත් වෙන ජනතාව සමහර පුද පූජා සඳහා මැණික් භාවිත කරනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා මැණික් කුඩු පාවිච්චි කරලා පින්තූර ඔපදමන ආකාරය. පින්තූර සරසන ආකාරය. මේ කටයුතු සිද්ධ වෙන ආකාරයට අපිට දකින්න ලැබුණේ මහනුවර කොළඹ වීදියේදී. හැබැයි එහෙම වෙන තැන් තව ඇති. රත්නපුර සමන් දේවාලයේ සමන් දෙවියන්ගේ රූපයක් මැණික්වලින් හැඩ කරලා සමන් දේවාලයට පූජා කරලා තියෙන ආකාරය අපි දැකලා තියෙනවා. මේක ඉතා මිල අධික වැඩක්. ඇත්තටම මේකට සමාජ මාධ්‍යවල විවිධාකාරයේ චෝදනා පවා එල්ල වෙලා තියෙනවා අපි දැක්කා. මැණික් පුටුවක් ඇයි පූජා කරන්නේ, මැණික්වලින් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න තිබුණා වගේ දේවල්. කොහොම වුණත් උතුර හා දකුණ අතර යුද ගැටුම් තිබුණු රටක සාමයත් එක්ක අපි බොහොම කැමැත්තෙන් ඉන්නවා සතුටින් ජීවත් වෙන්න. නාගදීපයට පූජා කරනවා කියන එක ඇතුළේ අපිට දැනෙන්නේ සහ අපිට පෙනෙන්නේ නාගදීපය කියලා කියන්නේ බෞද්ධ විහාරස්ථානයක්. ඒ නිසා උතුරට යනවා කියන එක මිසක, උතුරේ පූජා ස්ථානයකට මේක පූජා කරනවා නෙවෙයි. කොහොම නමුත් මේක ඉතා මිල අධික වැඩක්. ඉතා ලොකු මහන්සියක ප්‍රතිඵලයක්. මේක කරපු අය කියන්නේ මේක අවුරුදු 4ක් විතර තිස්සේ කරපු කැපකිරීමක අවසන් ප්‍රතිඵලය බව. නිර්මාණශීලීත්වය අතින් ගත්තම ඉතා ඉහළ නිර්මාණශීලී පුටුවකුයි ඔවුන් පූජා කරන්නේ. හරිම සුන්දර වැඩක්.

පන්සල්වල ඉන්න හාමුදුරුවරු පවා රැස්කරන එකතු කරන අතරෙ දේශපාලකයො එක එක පන්නෙ ගේම් ගහන අස්සෙ මේ මිනිස්සු රත්තරන්. ඉස්සර මේ වගේ දන් දුන්නෙ පරණ දේශපාලකයෝ. සමහර අය ඉඩකඩම් දන් දුන්නා. ජේ.ආර්. ජයවර්ධනලා කැලණි පන්සලට දේපල දුන්නා. රනිල් වික්‍රමසිංහ එයාගෙ ගේ රෝයල් එකට දුන්නා. ප්‍රේමදාසගෙ ගෙදර පුස්තකාලයක් හැදුවා. මේ වගේ ඕනෙ තරම් ඇති කියනවා නම්…

ඒ.ජී. චන්ද්‍රජිත් අඹගහවිට කියන ශිල්පියා අතිනුයි මේ මැණිම් පුටුව නිර්මාණය වෙන්නෙ. කුඹුක් දැවයෙන් හදපු පුටුවට කෙමිණි ආධාරයෙන් මැණික් අල්ලලා නිමකිරීම සිදුවෙනවා. රන්, රිදී, මුතු, මැණික්, කොරල් කියන විවිධ ඛනිජ වර්ග මේ මැණික් පුටුවෙ අන්තර්ගත වෙලා තියෙන බවයි කියැවෙන්නෙ.
කපිල චම්පික අතුරලිය මහත්තයගෙ ප්‍රධානත්වයෙන් ‘සපරගමු මිණි දන’ පදනම කියන සංවිධානයයි මේ වැඩේ කරලා තියෙන්නෙ. ප්‍රදේශයේ අයගේ මැණික් පරිත්‍යාගයෙන් සහ ධන පරිත්‍යාගයෙන් මේ අය මේ දේ කළාය කියලා කියන්නෙ කපිල චම්පික අතුරලිය මහත්මයාම තමයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලස්සනද? ජීවිතයද? දරුවනි ඇයි මේ ගැන නොහිතන්නේ! Sri Lanka Latest News

Next Post

තිබුණේ ප්‍රභාකරන්ගේ ආයුධද? රත්තරන්ද? පරීක්ෂා නොකර නිදහස් කරපු කන්ටේනර් 323 ගැන රේගුව අද මාධ්‍ය හමුවක් තියා නිදහස් කරපු බඩු මොනවද කියලා පැහැදිලි කරයි! කොහොමත් 60%ක් විතර අපි පරීක්ෂා නොකර නිදහස් කරනවා! කිසිම නීතිවිරෝධී දෙයක් තිබුණෙ නෑ කියලා අපි විශ්වාස කරනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.