• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝගෙන්ම බැණුම් අහපු මාලනීගේ දුව සමනලී කට අරී! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හැමෝගෙන්ම බැණුම් අහපු මාලනීගේ දුව සමනලී කට අරී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලක් රෝගාතුරව සිට පසුගියදා වියෝවූ මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිනිය සහ තමන් පිළිබඳවත්, ආසන්න දින කිහිපය තුළ ඇතැම් පිරිස් ගෙනගිය ප්‍රචාරයන් පිළිබඳවත් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. හෘදය සංවේදී එම සටහන තුළ තමාත්, තමන්ද ඇතුළත් ෆොන්සේකා පවුල පිළිබඳවත්, තම දේශපාලන භාවිතාවන් පිළිබඳවත් සහ වියෝ වූ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා පිළිබඳවත් සඳහන් එම සම්පූර්ණ සටහන පහත දැක්වේ. Sri Lanka Latest News

‘මිනිස්සු වැරැදියට හිතන එක හරි ගස්සන්න යන එකේ මහා වෙහෙස අතහැරලා මම දැන් ගොඩාක් කල්. විශාල මුදලක් වැයකරලා පඩි ගෙවලා නැන්දගෙ අභාවයෙන් පස්සෙ මගේ කඳුළුවල ඇත්ත නැත්ත හොයන ලිට්මස් පරීක්ෂාවට මාව ලක්කරපු ආණ්ඩු විරෝධී Social media campaign එකේ ගින්නෙන් දැවෙමින් හිටපු සුළු පිරිස, දැන් ටිකක් නිවිලා හින්දයි මම මේක ලියන්න හිතුවේ. එක එක පේජස්වලින් පෝස්ට් හදලා ඒවට fake accounts වලින් comment කරලා ‘ජන මතය’ මේකයි කියලා පෙන්නලා, කුඩා පිරිසකගෙ හරි හිත ආයිත් නම්මගන්න හදන යාචකයන් ගැන ඇති වෙන්නෙ අනුකම්පාවක්. කිසිම රටක විපක්ෂයක් මේ තරම් අසරණ වෙන්න හොඳ නැහැ.

නැන්දා අසනීප වුණු කාලේ ඉඳන් නැන්දව බලාගත්ත චන්දික, නිලුකා, නිල්හාන් ඇතුළු ආදරණීය හැමෝම අතරින් අපේ පවුලෙ අයව මේ වෙලාවෙ මතක් කරන්න ඕනෙ. ඒ අතරින් මංජු අයියා සහ පවිත්‍රා අක්කා සුවිශේෂයි. ඒ දෙන්නා Canada යන්න කලින් සහ අන්තිම දින කිහිපයේ නැන්දාගෙ හැම වැඩකදිම නැන්දා ළඟින් නිතරම හිටියා. නැන්දා එක්ක ඉන්දියාවෙ ගිහින් නැවතුණු පද්මි අක්කාවත්, නැන්දා ළඟ ඇතැම් දවස්වල හිටපු කල්‍යාණි නැන්දවත් මතක් කරන්න ඕනෙ. අවසාන කාලයේ නැන්දා අසනීප වීමත් එක්ක දමයන්ති නැන්දා, සෙනාලි නංගි, මම නැන්දා ළඟ වරින් වර නතර වෙලා හිටියා. අපේ පවුල විශාල පවුලක්. ලොකු පිරිසක් ඉන්නෙ වෙනත් රටවල. ඒත් නැන්දා අසනීප වුණු වෙලාවෙ ඉඳන් නැන්දාව බලන්න හැකියාවක් තිබ්බ අය ලංකාවට ආවා. මූල්‍යමය විදිහට වගේම නැන්දට අවශ්‍ය කරන දේවල් ලංකාවට එවලා ඒ අයගෙ ආදරේ නැන්දා වෙනුවෙන් දුන්නා. නැන්දට අමාරු වුණු සමහර දවස්වලට නවලෝක රෝහලේ MICU එක පිටත පවුලෙ අයගෙන් පිරෙනවා. එයා ආස කෑම හදන් එනවා. අදටත් ඇයව බලාගත්ත හෙදියන් මට කතාකරනවා. පරම්පරා ගණනක් ආදරයම එකිනෙකා කෙරෙහි බෙදමින් ජීවත් වෙන පවුලක් අපි.

මගේ ස්තුති කතාවේදී මම ස්තූති කළේ නැන්දා ළඟ හැමදාම හිටපු අයට වගේම නැන්දට වකුගඩු රෝගය වැලඳුණු දා සිට ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ අනෙක් පාර්ශ්වයන්ටයි. නැත්නම් ඒ ලැයිස්තුව නැන්දට ඉතිහාසයේ සිට උපකාර කළ විශාල පිරිසක් දක්වා විහිදී යනවා. රජය විසින් පූර්ණ අනුග්‍රහය දැක්වූ අවමංගල උත්සවයේ කළ ස්තුති කතාවෙදී රජයට ස්තුති නොකර සිටීමට මට කිසිදු හේතුවක් නැහැ.

ඇත්තටම නැන්දා වෙනුවෙන් රජය කළ මැදිහත්වීම සිදුවෙන්නෙ පවුලෙ ඉල්ලීමක් මත නෙවෙයි. ඒක රජය ගත්ත තීරණයක්. නැන්දට ලැබුණේ ‘පූර්ණ රාජ්‍ය අනුග්‍රහය’ කියන වර්ගීකරණය. එහෙත් ආදාහනයට නිදහස් චතුරස්‍රය ලබාදීම ‘පූර්ණ රාජ්‍ය ගෞරවය සහ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය’ කියන වර්ගීකරණයේ ප්‍රතිපාදනයක්. එහෙම බැලුවොත් වර්ගීකරණය දෙකක සංකලනයක් තමයි රජය ලබාදුන්නේ.

චක්‍රලේඛයේ තියෙන නියෝග තමයි රජය ක්‍රියාත්මක කරන්නෙ. ඒවාට එපිටින් රජයට බලපෑම් කරලා ඒ දේවල් අවභාවිත කරන්න කියලා ඉල්ලන්න පවුලෙ අයට බැහැ. කලින් රජයන්වල එහෙම රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් අවභාවිත කරලා තියෙනවා. අපි රටක් විදිහට ආර්ථිකව ගොඩ එන්න උත්සාහ කරන මොහොතක ‘ජාතික ශෝක දිනයක්’ කියන්නෙ රජයේ ආදායමට බලපෑමක්. මම හිතන්නෙ නැහැ නැන්දා වුණත් මේ වෙලාවෙ එහෙම දේකට එකඟ වෙයි කියලා.

රජය විසින් කරන කිසිදු විමර්ශනයකට බලපෑමක් කරන්න කිසිම පුරවැසියෙක්ට අයිතියක් නැහැ කියන දෙය මාව විවේචනය කරන, අපහාස කරන, අභියෝග කරන සියල්ල මතක තබාගත යුතුයි. ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි අපි ඉතිහාසය පුරාම වැඩ කළේ.

මම නැන්දා වෙනුවෙන් මට කරන්න පුළුවන් හැමදේම කළා, තව පුළුවන් වුණා නම් හොඳයි. මට ලැබුණු හැම අවස්ථාවකදිම මම නැන්දාව ආදරෙන් බලාගත්තා, නවලෝක රෝහලේ නේවාසිකව ඉද්දී නැන්දා ළඟ නතර වෙලා එයාට සත්කාර කළා. නින්ද යන්නැහැ එයාට එකම විදිහට ඉද්දී. ඉතින් රෑට ලස්සන music, සිංදු දානවා මම. උදෙන්ම මූණ සෝදලා, කොණ්ඩෙ පීරලා, ඇහිබැම චුට්ටක් හදලා, පවුඩර් දාන්න ඕනෙ එයාට. perfume දානවට හරිම ආසයි එයා. එකම විදිහට ඉද්දි ඇඟ රිදෙන නිසා නිතරම cream ගාලා කකුල්, අත් මසාජ් කරනවා මම. ‘අනේ ශා නිදාගන්න බබා…’ කියලා කියනවා එයා මට. ලේ ගන්න කටු ගහනවට තමයි එයා බයම. ඒත් හැම දේම ඉවසීමෙන් දරාගෙන හිටියා. වේදනාව මැද්දෙනුත් එයා හිනාවෙලා හිටියා. දවසක් දෙකක් එන්න බැරි වුණොත් ‘කොහෙද බොල ගිහින් හිටියෙ?’ කියලා නැන්දා අහන විදිහ මට දැනුත් මැවිලා පේනවා. ඉතින්, මගේ නැන්දා ගැන මගේ හිතේ තියෙන ආදරය, බැඳීම, මතක සුවිශාලයි. නැන්දා නැතිවුණු වෙලාවෙ එයාව මුලින් දැක්කෙ මම, ජයරත්න එකේදී නැන්දව මුලින් පෙන්නුවෙ මට. ඒක නිසා මගේ කඳුළුවල බර මනින්න කිසිම කෙනෙක්ට සදාචාරාත්මක අයිතියක් නැහැ.

අපි ගොඩක් දේවල් බෙදාගෙන තියෙනවා. Dialysis කරන්න එක්කන් ගිය අන්තිම දවසෙ ‘ආකාස කුසුම්’ ආයිත් බලන්න ආසයි කිව්වා. ප්‍රසන්න මාමා එක්ක කතා කරලා ෆිල්ම් එක බලන්න ෆිල්ම් හෝල් එකට එක්කන් යන්න මම නැන්දට පොරොන්දු වුණා. ඒකෙ රඟපෑම් ගැන අපි එදා hospital එකට යනකම්ම කතා කළා. නැන්දා ගැන documentary එකක් කරන්න දිලීප අබේසේකර ඇහුවා කිව්වාම, ‘දිලීප කරනවනන් කරමු…’ කිව්වා. මේ සියල්ල බොහෝ බරැති මතක විතරයි දැන්. ඉතින් ඉදිරියටත් ඇය හා ගතකරපු මොහොතවල්වලදී ආදරය ගැන, රඟපෑම් ගැන, සම්බන්ධතා ගැන, ජීවිතය ගැන ඇය සමග කතාකළ බොහෝ දේවල් මගේ ජීවිතය පුරා සුරක්ෂිතව තියේවි.

අන්තිමට මට කියන්න තියෙන්නෙ අපි හැමෝටම දේශපාලන මතයක් තියෙනවා. එතනින් එහාට ගිහින් මම ක්‍රියාකාරීව ඒ වැඩවල නියැළෙනවා දැන් අවුරුදු 11ක විතර ඉඳන්. මම හිතනවා මගේ පවුලෙ අය සහ මාව විශ්වාස කරන අය දන්නවා කියලා මම කලාව කරන්නෙත් දේශපාලනය කරන්නෙත් මගේ පෞද්ගලික වාසියට නෙවෙයි කියලා. බලය තියෙන කණ්ඩායමක්, පක්ෂයක් එක්ක නෙමෙයි මම දේශපාලන කතිකාවෙදි එකතු වුණේ. රාජ්‍ය බලය බින්දුවක්වත් තිබ්බෙ නැති ජනතා ව්‍යාපාරයක් එක්කයි මම වැඩ කළේ. දැන් ඒ ජනතා ව්‍යාපාරයට රාජ්‍ය බලය ලැබිලා තියෙනවා. ඒත් එහෙම කියලා අපි ජීවත් වුණු විදියෙ කිසිම වෙනසක් වෙලා නැහැ. මගේ මේ දේශපාලන ආස්ථානය වෙනස් වෙනවා නම් වෙන්නෙ මටවත්, මගේ නැන්දාටවත්, මගේ පවුලටවත් පුද්ගලික වාසි නොලැබුණා කියලා නෙවෙයි. මේ රටේ මිනිස්සුන්ට අපි විශ්වාස කරපු ජීවිතය ලබාදෙන්න බැරි වුණොත් විතරයි. ඉතින් ඒ වෙනුවෙන් මම මගේ කලාව ඇතුළෙත්, සමාජීය ජීවිතය ඇතුළෙත් දිගටම වැඩ කරනවා. මතවාදීව මොන පරස්පරකම් තිබ්බත්, මා සම්බන්ධයෙන් මගේ නැන්දට ඇතැමුන්ගෙන් කුමන ආකාරයේ දේවල් අහන්න ලැබුණත්, මගේ ලස්සන නිරහංකාර නැන්දා හැමදාම මම මේ හිමින් යන ගමන ගැන සතුටින් හිටියා කියලා මම දන්නවා…’

සමනලී

SendShareShare
Previous Post

කෙහෙළියගේ තව කෙළි එළියට! ජනප්‍රිය නිළියකට ජිම් යන්න 40,000ක් අමාත්‍යාංශයෙන් ගෙවලා! කකුල කඩාගෙන ඇඳේ ඉද්දිත් ගේමක් ගහලා ලක්ෂ 11ක ඉන්ධන දීමනාව අරන්! Sri Lanka Latest News

Next Post

අනුර විශේෂ ප්‍රකාශයකට සැරසෙයි! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.