අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු විසදීම සදහා අනු කමිටු 06ක් පත් කර තිබෙනවා. Sri Lanka Latest News
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, අධ්‍යාපන, අමාත්‍යවරිය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් මෙම අනුකමිටුව පත් කර ඇති බවයි.
ඒ අනුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබද අනු කමිටු, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකභාවය පිළිබදව මෙන්ම අතරමැදි ශ්‍රේණි සදහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබද අනු කමිටුව ද ඊට ඇතුළත්.
මීට අමතරව උසස් අධ්‍යාපන අංශ පිළිබද අනු කමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබද අනු කමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශ පිළිබද අනුකමිටුව ද මෙලෙස පත් කළ අනු කමිටු අතර වනවා.










