2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ සිදුකරනු ලැබූ වෙනස්කම් දෙක සදහා තමන් අනුමැතිය ලබා නොදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, එම ආදේශකයට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අනුමැතිය ලබාදුන් ලිපියේ පිටපතක් මාධ්‍ය විසින් අනාවරණය කර තිබීම හේතුවෙනි.
අවසන් තරගය වන විට ශ්‍රී ලංකා පිලේ ඇන්ජලෝ මැතිව්ස් සහ මුත්තයියා මුරලිදරන් ආබාධයන්ට ලක්ව තිබීම හේතුවෙන් ඔවුන් වෙනුවට අරවින්ද ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකාවේ සිටි චමින්ද වාස් සහ සුරාජ් රන්දිව් ආදේශ ක්‍රීඩකයින් ලෙස කැඳවීමට පියවර ගනු ලැබීය.
එම ආදේශකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුව විසින් අනුමැතිය හිමිව තිබිණ.
ලෝක කුසලාන අවසන් තරගය පැවති 2011 අප්‍රේල් මස 02 වෙනිදාට දින 03 කට පෙර තේරීම් කමිටුවේ ක්‍රීඩා ආදේශකයට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඊට දින 03 කට පෙර විසින් අනුමැතිය ලබාදී අත්සන් තබා ඇති බව ඒ අනුව අනාවරණය වී තිබේ.











