• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජෝතිපාල මාලිගාවත්තේ හිටපු හැටි! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ජෝතිපාල මාලිගාවත්තේ හිටපු හැටි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඔබට අද කියන්න යන්නේ අපේ රටේ එදා මෙදාතුරු බිහිවූ අසහාය ගායන ශිල්පියා එච්.ආර්. ජෝතිපාලයන් ජීවත් වූ නිවස ගැන කතාවක්. කොළඹ 10 මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පිහිටලා තියෙන නිවාස පෙළක තුන්මහල් ගොඩනැගිල්ලේ මැද කොටසේ තමයි ජෝතිපාලයන් ජීවත් වෙලා තියෙන්නේ. නිවාස සංකීර්ණයට පිවිසෙන මාර්ගය ‘එච්.ආර්. ජෝතිපාල මාවත’ ලෙස නම්කරලා තියෙනවා. ඒ වගේම ඒ ආසන්නයේ ජෝතිපාලයන්ගේ පිළිරුවකුත් ඉදිකරලා තියෙනවා.Sri Lanka Latest News

එතුමා අවසන් වරට ගීත ගායනා කිරීමට එක්වුණේ කතරගම ගම්උදා භූමියේ පැවැති සංගීත ප්‍රසංගයට කියලා බොහෝ දෙනෙක් දන්නවා. එදා එම ප්‍රසංගයේදී ජෝතිපාලයන් ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කළා. ඒ, එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එම ගීත රසවිඳිමින් ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටීම නිසා ඇතිවුණු සතුටටයි. කෙසේ වෙතත් ගීත රාශියක් ගායනා කිරීම නිසා ඇතිවූ වෙහෙසත්, කාලයක සිට ඔහු පීඩාවිඳි රෝගී තත්ත්වයත් ඒ සමගම උත්සන්න වීමත් නිසා ජෝතිපාලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝ සේ පිරිහිලා තිබුණා. ඔහු පෙරළා සිය මාලිගාවත්තේ නිවෙසට ඇවිත් තියෙන්නේ පසුදා පාන්දර 4ට විතර. ඒ වෙද්දී ජෝතිපාලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගොඩක් නරක අතට හැරිලා තිබුණා නිසා යාබද නිවසේ සිටි ජෝතිගේ සමීපතම මිතුරෙකු, ගායන ශිල්පී එම්.එස්. ප්‍රනාන්දු සමග එක්ව ඔහුව රෝහල්ගත කර තියෙනවා. ඒ විදියට තමයි ජෝතිගේ අවසාන මොහොත ගැන සටහන් වෙන්නේ.

ජෝති එදා ජීවත් වෙච්ච නිවෙසේ අයිතිය, ජෝතිගෙන් පස්සේ ඔහුගේ දියණියට හිමිවෙලා තිබුණා. නමුත් දැන් එම නිවස දියණිය විසින් වෙනත් පාර්ශ්වයකට විකුණා ඇති බවත්, දියණිය විදේශ රටක ජීවත් වන බවත් දැනගන්නට ලැබුණා. ජෝතිගේ නිවෙසට යාබද නිවසේ ජීවත්වූ යුවලක් අදටත් එහි සිටිනවා. ඔවුන් රසවත් කෑමක් පිළියෙල කළ විට ජෝතිටත් ඉන් කොටසක් නොවරදවාම දෙන බව ඔවුන් පවසන්නේ ජෝති ගැන එදා තිබූ ආදරය ගෞරවය යළිත් සිහිපත් කරමින්.

අතිශය කාර්යබහුල සංගීත දිවියක් ගතකළ ජෝතිට ලැබුණු කෙටි විවේකයකදී පවා ඔහු මිතුරන් සමග සතුටු සාමීචියේ යෙදුණු මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ඉදිරිපස ඇති රූස්ස ගහ පාමුල අද පාළුවට ගිහින්. එදා ඔවුන් සැන්දෑ යාමයේ එකතු වී ගී ගැයූ බංකුවද අද එහි නැහැ.

මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය, එහෙමත් නැත්නම් මාලිගාවත්ත ෆ්ලැට් එක කියන්නේ කලා පුරයක්. හෙළ ගී රැජින නම් විරුදාවලිය ලත් ලතා වල්පොල මහත්මිය අදටත් ජීවත් වන්නේ මේ නිවාස සංකීර්ණයේ. ඒ වගේම බර්ටි ගුණතිලක, මර්සි එදිරිසිංහ, විජය නන්දසිරි, දේවිකා මිහිරාණි, ෂෙල්ටන් පෙරේරා, මිල්ටන් පෙරේරා මදුමාධව අරවින්ද අතුළු කලාකරුවන් රැසක් ජීවත් වූ සහ අදටත් ජීවත් වෙන කලාකරුවන්ගේ තෝතැන්නක් තමයි මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය. එවැනි කලා පුරයකට පිවිසෙන මාවත ජෝතිගේ නමින් නම් කිරීම ඇත්තටම කොයි තරම් නම් සාධාරණද? රටක් පිනවූ, රටක් ආදරය කළ ජෝතිපාලයන්ගේ සුන්දර මතක කැටිවූ ඔහුගේ පුංචි නිවහනෙන් අපි සමුගෙන යන්නේ ජෝතිපාලයන් ගැන මෙතෙක් නොතිබුණු ආදරණීය ළෙන්ගතුකමකින් හදවත පුරවාගෙනයි.

චානක ලියනගේ

(Kalum D Rajapaksha ෆේස්බුක් වෙත ඉදිරිපත් කර තිබූ වීඩියෝවක් ඇසුරිනි)

SendShareShare
Previous Post

සජබය කලින් ගත් තීන්දුවේම දැඩිව සිටී! ඥාතීන්ට හිතවතුන්ට හෙංචයියන්ට ලයිස්තු මන්ත්‍රීකම් නෑ! සභාවේ දොර ඇරෙන්නේ වැඩිම ප්‍රතිශතය ගත් අයට විතරයි!  I Sri Lanka Latest News

Next Post

මහා බැඳුම්කර වංචාව යළි කරළියට! I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.