තෙවතාවක් මෙරට රාජ්‍ය සාහිත්‍ය සම්මානයට සහ තවත් දෙස් විදෙස් සම්මාන රැසකටම පාත්‍ර වූ ප්‍රවීණ ලේඛකයකු, මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රවීණ ලාංකික සාහිත්‍යධරයකු වූ දෙනගම සිරිවර්ධනයන්ගේ නවතම ග්‍රන්ථය වන ‘දෙනගම වත, තමා මැ ලියූ ජීවිත කතාව’ නමින් එළිදැක්වීමට කටයුතු යොදා ඇත. දැනට 80 වැනි වියට පාතබන දෙනගම සිරිවර්ධනයන් මෙම ග්‍රන්ථය මගින් තමාගේ දශක අටක ජීවිත කතාව බොහෝ රසවත් ලේඛන ශෛලියකින් පාඨකයන් වෙත පිරිනැමීමට බලාපොරොත්තු වෙයි. Sri Lanka Latest News
‘දෙනගම වත, තමා මැ ලියූ ජීවිත කතාව’ එළිදැක්වීමේ උත්සවය මෙම ජුනි 07 වැනි සෙනසුරාදා පස්වරු 3.00ට කොළඹ නිදහස් මාවතේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ලංකා ලේඛක සංවිධානය විසින් මෙම උත්සවය සංවිධාන කරනු ලබයි. මෙම උත්සවයේදී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, නීතිඥ එස්.ජී. පුංචිහේවා යන විද්වතුන් දේශක පැවැත්වීමට නියමිතය. ‘දෙනගම වත’ ග්‍රන්ථය තුළින් දෙනගම සිර්වර්ධන සාහිත්‍යධරයාගේ ජීවිතයේ රසවත් අත්දැකීම් සහ අත්විඳීම් රැසක් එළිපෙහෙළි වනු ඇත. මෙම ග්‍රන්ථය ‘සරසවි’ ප්‍රකාශන ආයතනයේ ප්‍රකාශනයකි.
ප්‍රියන්ත හෙට්ටිගේ










