• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රිදී කඳන් වගේ බිමට කඩන් හැලෙන බෝඹුරු ඇල්ල! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
රිදී කඳන් වගේ බිමට කඩන් හැලෙන බෝඹුරු ඇල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සොබා සෞන්දර්යය විඳිනවා කියන්නේ හරි අපූරු, අමුතුම අත්දැකීමක්. ඒ අපූර්වත්වය විඳින්නත් හැමෝටම සිත් පහළ වෙන්නේ නැහැ. කොළම කොළ පාට පරිසරයක සුන්දරත්වය සිත් සේ විඳිනවා කියන්නේ පරිසර ලෝලියකුට ඉතා ආශ්වාදීන අත්දැකීමක්. එයිනුත්, රිදී සේලයක් වගේ කඩාහැලෙන දිය ඇල්ලක් ළඟ හෝරා දෙක තුනක් ගතකරනවා කියන්නේ වෙනම කතන්දරයක්. කැලේ කොළේ නිතර කරක්ගහන මට එවැනි අවස්ථාවක් උදාවුණා. එක ළඟ දවස් දෙකක් දියඇලි දෙකක් ළඟ ගතකරන්න අවස්ථාව ලැබෙනවා කියන්නේ හරිම කලාතුරකින් ලැබෙන වාසනාවක්. හිමිදිරියේ සීතලත්, නොකඩවා ගලන මීදුමත්, තද සුළඟත් එක්ක අපි අපේ පළමු ගමනාන්තය දක්වා ගමන් ආරම්භ කළේ නුවරඑළියේ සිටයි. ආදරවන්තයන්ගේ දියඇල්ල තමයි අපේ ගමනාන්තය. එය මේ තරම් සුන්දර ගමනක් වේවි කියලා මට එහි යන තුරුම සිතුණේ නැහැ. මේ දියඇල්ල පිහිටා තියෙන්නේ පිදුරුතලාගල කඳු පන්තියේ අවසානයට වන්නටයි. උසින් අඩි 100ක් පමණ වන මේ දියඇල්ල හාවාඑළිය නගරයට නුදුරින් පිහිටා තිබෙනවා.
හාවාඑළිය නගරයේ සිට තේ වතු මැදින් කිලෝමීටර් දෙකහමාරක පමණ තරමක් දුෂ්කර ගමනකින් පසු අපි මේ සුන්දර දියඇල්ල අසලට ආවා. සංචාරක ආකර්ෂණය නොඅඩුව ලබන මේ ‘ලවර්ස් ලීප්’ දියඇල්ල කොයි තරම් සුන්දර වුණත් එහි පසුපස සැඟවුණු කතාව ඉතා දුක්බර එකක්. ප්‍රේමවන්තයන් දෙදෙනෙක් මේ දියඇල්ල මුදුනෙන් පහළට පැන සියදිවි හානිකර ගැනීම නිසා ‘පෙම්වතුන්ගේ දියඇල්ල’ එහෙමත් නැත්නම් ‘ලවර්ස් ලීප්’ යන නම මේ දියඇල්ලට පටබැඳී ඇති බවයි කියැවෙන්නේ.

දියඇල්ල නරඹන්න එන සංචාරකයන් වෙනුවෙන් පවතින යටිතල පහසුකම් නම් ඉතා අවමයි. ඇල්ලට පිවිසෙන මාර්ගය දෙපස සංචාරකයන්ගේ ඉවතලන ද්‍රව්‍ය බැහැර කර ඇති නිසා එහි සුන්දරත්වයට යම් හානියක් වී ඇති බව පෙනෙනවා. ඒ නිසාම මේ සුන්දර පරිසරයේ කැළිකසළ නිසි පරිදි බැහැර කිරීමට ක්‍රමවේදයක් සකස් කරනවා නම් ඉතා වටිනා බවත් කිව යුතුයි.

ශීත කාලගුණයට ආවේණික පක්ෂීන් සහ ඉතා දුර්ලභ අංකටුස්සන් වර්ගද මේ ප්‍රදේශයේ නිතර දැකගන්නට පුළුවන්. ඔක්තෝබර් සිට ජනවාරි දක්වා කාලයේදී ලවර්ස් ලීප් දියඇල්ල ඉතා විශාල ජන ධාරිතාවකින් සක්‍රීය වෙනවා. අතීත පුරාවෘත්ත රැසකට උරුමකම් කියන මේ දියඇල්ල සහිත ප්‍රදේශයට රාත්‍රී කාලයේ ගමන් කරන්න කිසිවකු ඉදිරිපත් වන්නේ නැති තරම්. ඒ, ජනප්‍රවාදයේ කියැවෙන අත්භූත සිදුවීම්වලට ඇති බිය නිසා කියලයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මනමාලියකගේ සුදු පැහැති දිගු සේලයක් සිහිගන්වමින් කඩාහැලෙන ආදරවන්තයින්ගේ දියඇල්ල දකින ඕනෑම කෙනකුගේ හිතට ගෙන එන්නේ සොබාදහමේ චමත්කාරය ගැන වටිනා පණිවුඩයක්.

ලවර්ස් ලීප් ඇල්ලෙන් සමුගත් මගේ මීළඟ ගමනාන්තය වුණේ මධ්‍යම කඳුකරයේ පහළ බෑවුමේ ඌව පරණගම ප්‍රදේශයේ පිහිටි බෝඹුරු ඇල්ලයි. අතිශය මනස්කාන්ත පරිසරයක් මැදට වන්නට බෝඹුරු ඇල්ල පිහිටා තිබෙන්නේ පෙරාවැල්ල ගම්මානයේ. සීතාඑළිය හා කඳපොළ රක්ෂිතය තුළ පිහිටි මේ දියඇල්ල කරා ළඟාවෙන්න කිලෝමීටර් දෙකහමාරක පමණ දුරකින් යුත් දුෂ්කර මාර්ගයකින් ගමන් කළ යුතුයි.

සැලකිය යුතු යටිතල පහසුකම් ප්‍රමාණයක් තිබීම අගය කළ යුතු වනවා සේම, අවම පරිසර හානියකින් ආරක්ෂා වී ඇති බෝඹුරු ඇල්ල නරඹන්නේ නැතිව ඒ ප්‍රදේශයේ සංචාරය කිරීම නිරර්ථක ක්‍රියාවක් බව පසක් වන්නේ මේ ඇල්ලේ ඇති සුන්දරත්වය දකින විටදීය.

බෝඹුරු ඇල්ල ආරම්භ වන්නේ උමාඔයේ ඉහළ පෝෂක ප්‍රදේශයෙන්. උසින් අඩි 165ක් සහ පළලින් අඩි 60ක් පමණ වන මේ දිය ඇල්ලේ මහා ජල කඳ ගලා යන්නේ බෝඹුරු ඔය ඔස්සේය.

බෝඹුරු ඇල්ල නැරඹීමට ඔබ යනවා නම් ඊට සුදුසුම කාලය වන්නේ ජුනි හා ජූලි මාසයන්ය. ඊට හේතුව නම් එම කාලයේදී මධ්‍යම කඳුකරයේ පහළ බෑවුමට අඩු වර්ෂාපතනයක් පැවැතීමයි. එසේම දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා වූ කාලයේදි අධික ජල කඳක් පහළට කඩාවැටීම නිසා යම් අනතුරුදායක තත්ත්වයක් සහ අවදානම්කාරී බවක් මේ ඇල්ල ආශ්‍රිතව පවතින බවත් කිව යුතුයි.

බෝඹුරු ඇල්ල යන නම නිර්මාණය වූ ආකාරය ගැන ජනප්‍රාවාදයක්ද පවතී. බෝ මුලේ යන්න පසුව බෝඹුරේ යනුවෙන් ව්‍යවහාර කරන්නට පටන්ගත් බව ඉන් කියැවේ. මෙම දිය ඇල්ල ආශ්‍රිත ඉතිහාසය රාජසිංහ රජ සමය දක්වා දිවයන බවද කියැවෙනවා.

අතිශය සුන්දර සංචාරක පාරාදීසයක් වන මෙවැනි සංවේදී පාරිසරික කලාපවල අපි කෙදිනක සංචාරය කළත්, ඒවායේ ඇති ස්වභාවික සම්පත්වලට හානි නොකිරීමට දැඩි සේ සිතට ගන්නා ලෙස කැලෑ කොලමේ අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේ උපදින මතු පරපුරට පවා මෙවැනි මනස්කාන්ත, සිත් නිවන පාරිසරික උරුමයන් රැක දීම අප හැමගේ වගකීමක් බවද අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

මෙන්න හොඳ වැඩක්! මැරෙනකම් ක්‍රීඩා සංගම්වල බලය අල්ලන් හිටපු එවුන් ඉවරෙට ඉවරයි! අවුරුදු 8කට වඩා නිලතලවල ඉන්න බෑ! දේශපාලඥයන්ට එන්නත් බෑ! නිලවරණ නොතියා ඇතුළේ ජිල්මාට් දදා ඉන්නත් බෑ! බලය අල්ලන් හොරකම් කර කර ඉන්නත් බෑ! අලුත් ක්‍රීඩා පනත දැන් වැඩ! VIDEO I Sri Lanka Latest News

Next Post

දුන්නේ රාජ්‍ය ගෞරවයද? රාජ්‍ය අනුග්‍රහයද? මාලනීගේ ගිණුම් පරීක්ෂාව වහාම නවත්වන්න! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.