සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගී වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාය.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
‘‘වර්තමාන ආණ්ඩුව බලයට පැමිණියේ පාරිශුද්ධ දේශපාලනයක් කරන බව ජනතාවට පොරොන්දු වෙලා. නමුත් ආණ්ඩුවේ වංචා දුෂණ කිහිපයක් පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණය වෙලා තිබෙනවා. පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වාහන වෙන්දේසි කරලා , ඉහළ මිල ගණනන් වලින් යුක්ත වාහන අඩු මුදලකට තක්සේරු කරලා , ඇතැම් වාහන යම් මුදලක් වැඩියෙන් වෙන්දේසි කරලා ඒ තුළින් රටට විශාල පාඩුවක් සිදුකරලා තිබෙනවා. ඒ වගේම 2025 වසරේ ජනවාරි මාසයේ රේගුව විසින් කිසිදු පරික්ෂාවකින් තොරව බහලුම් 323 ක් නිදහස් කරලා තිබුණා. මේ ආකාරයට නිදහස් කළ බහලුම්වල තිබුණේ මොනවාද ? ඒවායේ හිමිකරුවන් කවුද? යන්න පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තේ. ඒ අතරතුර හර්ෂණ සුරියප්පෙරුම ඇමැතිවරයා ප්‍රකාශ කළා මේ සිද්ධිය සම්බන්ධයෙන් සොයන්න ආණ්ඩුව කමිටුවක් පත්කරලා තිබෙනවා කියලා. එම කමිටුවේ වාර්තාවෙන් පසු සියලු තොරතුරු රටට ඉදිරිපත් කරන බව ඒ මහතා ප්‍රකාශ කළා. හර්ෂණ සුරියප්පෙරුම ඇමැතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කළේ 2025 පෙබරවාරි 25 වැනිදා. නමුත් තවම ඒ කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. මෙය බරපතල කාරණයක්. ඒ වගේම මෙම බහලුම් පිළිබඳව තොරතුරු දැන ගැනීමේ පනත හරහා තොරතුරු ඉල්ලුවත් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනිමට නොහැකි වුණා.
ඒ වගේම විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබා ඇති බව වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කරලා තිබෙනවා. එම නිසා විදුලි බිල ඉහළ දැමිමට සිදුවන බවට වන ප්‍රවෘත්තිය ආණ්ඩුව සමාජගත කරමින් සිටිනවා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබන්න හේතු වුණ කාරණා පිළිබඳව රටට පැහැදිලි කිරිමක් සිදුකළ යුතුයි. ඒ වගේම අධික වර්ශාව නිසා රටේ ලුණු හිඟ වුණ බවත් ඒ නිමා ලුණු නිෂ්පාදනය කරගැනිමට නොහැකි වුණ බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා. අධික වර්ශාව නිසා ජලවිදුලියන උත්පාදනය කර ගැනිමට නොහැකි වුණාද කියලා අපි ආණ්ඩුවෙන් අහන්න කැමැතියි. කෙසේ නමුත් පසුගිය සති කිහිපය පුරා ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට දැඩි වර්ශාපනයක් ඇද හැලුණා. කෙසේ නමුත් විදුලි බල මණ්ඩලය බිලියන 18 ක් පාඩු ලබපු නිසා විදුලි බිල සියයට 18 කින් ඉහළ දැමිමට සිදුවෙනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. ඒ වගේම සුර්ය බල විදුලි පද්ධතියත් ආණ්ඩුව ඉවත් කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ වැඩපිළිවෙළ නැවැත්විමට ආණ්ඩුව උත්සහ කරන්නේ කාගේ අනුදැනුමක් ඇතිවද? වෙනත් ආකාරවලින් විදුලිය මිලදි ගන්න කා හටද අවශ්‍ය වෙලා තිබෙන්නේ. විදුලිබල මණ්ඩලය පාඩු ලබන බව පවසමින් මෙවැනි දේවල් සිදුකරන්න ආණ්ඩුවට කවුද උපදෙස් ලබාදෙන්නේ. දුෂණ වංචා නෑ කියලා කියන ආණ්ඩුවෙන් සමගි ජනබලවේගය මේ ප්‍රශ්න ටික ආණ්ඩුවෙන් අහන්න කැමැතියි.
ඒ වගේම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව මන්නාරමේ මෙගාවොට් 50 ක සුළං විදුලි බලාගාරයක් ඉදි කරන්න යම්කිසි සමාගමකට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. මෙය සිදුවන්නේ කාගේ අවශ්‍යතාවයකටද කියලා අපි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව මොනයම් හෝ හේතුවක් ඉදිරිපත් කරලා හාල් පිටරටින් ගෙන්නවන්න කටයුතු කරනවා. ඒ වගේම පොල් ගෙන්නවන්න නැතිනම් විකල්පයක් හොයන්න කටයුතු කරනවා. ඒ වගේම ලුණු හිගයක් ඇති වුණාට පස්සේ ලුණුත් පිටරටින් ගෙන්නවන්න කටයුතු කරනවා කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් මේ හරහා කාට හෝ වසන්තය උදාවෙනවා කියන එකනම් පැහැදිලියි. ඒ වගේම ආණ්ඩුව තුළ වංචා දූෂණ නැති බව ප්‍රකාශ කළත් ආණ්ඩුවේ කවුරුන් හෝ කොමිස් කුට්ටි බලාපොරොත්තුවෙන් භාණ්ඩ ආනයනය කිරිමටත් ඒ වගේම විදුලිය ඇතුලු සේවා සම්පාදනය කරගැනිමට කටයුතු කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්න තිබෙනවා. මෙවැනි දේවල් වලින් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත දැන් හෙළිවෙමින් තිබෙනවා. ඒ වගේම විදුලි බිල අඩුකරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 2024 දි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ වගේම මීට පෙර ආණ්ඩුව විදුලි බිල වැඩිකිරිමට යාමේදී විදුලිබිල අඩුකරන ලෙස මහජන උපයෝගිතා කොමිසටමෙන් ඉල්ලා සිටියේ සමගි ජනබලවේගයයි. ඒ වගේම වසන්ත සමරසිංහ ඇමැතිවරයා බලය ලබාගැනිම පෙර ප්‍රකාශ කළේ විදුලි බිල සියයට 37 කින් විදුලිබිල අඩුකරන්න හැකියි කියලා. ඒ වගේම පසුගිය වසර තුළ විදුලි බල මණ්ඩලය බිලියල 150 ක ලාභයක් ලබා තිබෙනවා. ඒ ලාභයේ ප්‍රතිලාභ අද ජනතාවට ලබාදෙන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. කෙසේ නමුත් අද වනවිට සියයට 18 කින් විදුලි බිල වැඩි කරන්න ආණ්ඩුව මාන බලමින් සිටිනවා.
ඒ වගේම රණවිරුවන් සිහි කිරිම සඳහා පැවැත්වෙන ජාතික උත්සවයට රටේ විධායක ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහත්තයා සහභාගි නොවන තින්දුවේ තමයි මුලින්ම සිටියේ. නමුත් රටේ ජනතාව සහ විපක්ෂය නගපු හඩ නිසා රණවිරුවන් සිහි කිරිම සඳහා පැවැත්වෙන ජාතික උත්සවයට අනුර දිසානායක මහත්තයා සහභාගි වන ලෙස දන්වා තිබෙනවා. ඒ පිළිබඳව සමගි ජනබලවේගය ලෙස අපි සතුටු වෙනවා. ඒ වගේම රටේ ජනතාව සහ විපක්ෂය එක්වෙලා තමයි අනුර දිසානායක මහත්තයාව මේ රණවිරු සැමැරුමට සහභාගි කරවන්න කටයුතු කළේ.
ඒ වගේම පළාත් පාලනවන බලය අපි පිහිටුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදිවයි. ඒ වගේම ජාතික ජනබලවේගයට බහුතර බලයක් හිමි පළාත් පාලන ආයතනවලට බලපැමක් කරන්න විපක්ෂය කටයුතු කරන්නේ නෑ. නමුත් පොදු විපක්ෂයට මහජනතාව බහුතර බලයක් ලබාදි තිබෙනවානම් ඒ තින්දුවට හිස නවලා පොදු විපක්ෂයට බහුතර බලය තිබෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ වෙලා කටයුතු කරනවා. ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කරනවා පළාත් පාලන ආයතන සඳහා කොමසාරිස්වරු පත් කරනවා කියලා. මෙවැනි ප්‍රකාශ කරන්න පෙර මුලින්ම පළාත් පාලන අණ පනත් කියවන්න කියවන්න කියලා අපි ඒ මැති ඇමැතිවරුන්ට කියන්න කැමැතියි. ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට පළාත් පාලන ආයතන නිලධාරි පාලනයට යටත් කරන්න හැකියාවක් නෑ. මෙවැනි ප්‍රජාතන්ත්‍රවිරෝධි ගමනක ආණ්ඩුව යනවානම් ඒ සඳහ උත්තය දෙන්න සමගි ජනබලවේගය සුදානම්. ඒ වගේම විපක්ෂයට බහුතර බලයක් හිමි දේශපාලන පක්ෂ සමඟ සමගි ජන බලවේගය මේ වනවිට සාකච්ඡා පවත්වා තිබෙනවා. ඒ වගේම වරදාන වරප්‍රසාද ලබාදි පුද්ගලයන් සමගි ජනබලවේගයට එකතු කරන්න අපේ කිසිදු සුදානමක් නෑ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදිව සියලු දේශපාලන පක්ෂ එකතු කරගෙන පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මහජන තින්දුවට එරෙහිව කටයුතු කරන පිරිසට විරුද්ධව පියවර ගන්න සමගි ජනබලවේගය පසුබට වෙන්නේ නෑ.‘‘










