• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 16කට පසු ඊළාමට ඔක්සිජන් දෙන්න හදන කැනඩාවේ සුදු නගරාධිපති! ස්මාරකය හැදුවේ මළ නොබැඳෙන වානේවලින්! ලාංකිකයන්ට ලොකු ප්‍රහාරයකුත් එල්ල වෙයි! මැයි 18දා සංහාරක දිනයක්! Sri Lanka Latest News

May 18, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 16කට පසු ඊළාමට ඔක්සිජන් දෙන්න හදන කැනඩාවේ සුදු නගරාධිපති! ස්මාරකය හැදුවේ මළ නොබැඳෙන වානේවලින්! ලාංකිකයන්ට ලොකු ප්‍රහාරයකුත් එල්ල වෙයි! මැයි 18දා සංහාරක දිනයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මේ ලස්සන ස්මාරකය දෙස බලනකොට මට සිහිවෙනවා 2009 වසරේදී සිදුවුණු ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ජනයාගේ ජන සංහාරය සිහිගන්වන ස්මාරකයක් මෙලෙස ඉදිවුණේ කෙසේද කියලා. මෙය සිදුවෙන්න තිබුණු දෙයක් නෙවෙයි. ඒත් අපි ඒක සාර්ථකව ඉටුකළා. ශ්‍රී ලංකාවේ යුද අපරාධකරුවන්ගේ විරෝධය නොතකා අපි මෙය ඉදිකළා. ඉස්සර කැනඩාවේ මේ නගරයේ සිටියේ ශ්‍රී ලංකා රජයේ පැත්ත ගත්ත රූකඩ කණ්ඩායමක්. මේ ස්මාරකයට මුල්ගල තියන වෙලාවේ මෙය විනාශ කිරීම සඳහා ඔවුන් විශාල විරෝධතාවක් පැවැත්වූවා. එම විරෝධතාවට එක්වූවන්ට මම මූණටම කිව්වා ‘අපි උඹලාව කැනඩාවෙන් හෝ මෙම බ්‍රැම්ප්ටන් නගර ප්‍රදේශයටවත් පිළිගන්නේ නැහැ. උඹලා පලයල්ලා කොළඹට කියලා’. දෙමළ මිනිසුන් දහස් ගණනක් ශ්‍රී ලංකා රජය විසින් ඝාතනය කළා. පසුව එය සැඟවීමට ශ්‍රී ලංකා රජය විසින් එම අසාධාරණයන්ට එරෙහිව හඬ නගන දෙමළ ජනතාවගේ කටවල් වසාදැමීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා…’ Sri Lanka Latest News

‘යම් ජනවාර්ගික සිදුවීමකට අදාළව ඇසෙන මෙම බැරෑරුම් කතාන්දරය කුමක්ද? එය කියා සිටින්නේ කවරකු විසින්ද? කෙසේ හෝ එය සොයාබලන්නට ප්‍රථම තවදුරටත් ගලායන මෙම කතාව කියා සිටින්නේ කුමක්ද?

‘මේ සියලු තත්ත්වයන් මැද අද වනවිට කැනඩාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගෙන තිබෙනවා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ජන සංහාරය සත්‍යයක් බව. කැනඩාවේ දෙමළ ජාතික ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ද විශාල පිරිසක් ඉන්නවා. සත්‍යය වෙනුවෙන් අපි සෑම විටකම ඔබලා සමග එකට එක්ව සටන් කිරීමට සූදානම්. මෙම බ්‍රැම්ප්ටන් කියන්නේ දෙමළ රාජ්‍ය ඊළාම් ධජය එසවූ ප්‍රථම කැනේඩියානු පළාතයි. එසේ කිරීමට හේතුව නම් අපි සියලු දෙනාම ඔබලා සමග සිටීමයි. අපි කිසිවිටෙකවත් බියවන්නේ නැහැ. අපි උපරිම ශක්තියෙන් හඬනගමු. සියලු දෙනාම එකට එක්වෙමු…’

කුමක්ද මෙලෙස ඇසෙන තර්ජනාත්මක ප්‍රකාශය? මෙම ආන්දෝලනාත්මක කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙරදීය. එනම් එම ප්‍රකාශය කැනඩාවේ සිට අසන්නට ලැබුණ අතර, විදෙස් මාධ්‍ය කිහිපයක් හරහා එයට විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි. විදෙස් රටවල සිටින දෙමළ ජනතා ඩයස්පෝරාව පසුගිය කාලය පුරා චෝදනා නගන විෂයක් වන්නේ ශ්‍රී ලංකාවේ සිදුවුණා යැයි පැවසෙන දෙමළ ජන සංහාරයයි. මෙහි සත්‍යය හෝ අසත්‍යය කෙසේ වුවද මෙයට දින කීපයකට ඉහතදී කැනඩාව තුළ විවෘත කරනු ලැබුවේ මෙම දෙමළ ජන සංහාරය සනිටුහන් කරන විශාල ස්මාරකයකි. දෙමළ ඊළාම් රාජ්‍ය සිතියම රූගන්වා ඇති මෙම විශාල ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට විශාල පිරිසක් සහභාගි වූහ. දැන් එසේනම් මෙම උත්සවයේදී ඉහත තර්ජනාත්මක ප්‍රකාශය සිදුකළ පුද්ගලයා කවරෙක්ද? මෙය අපගේ මුළුමහත් ශ්‍රී ලංකාවටම අදාළ වනු ලබන තීරණාත්මක ප්‍රශ්නයක් ලෙස සැලකිය හැකිය. එසේ වන්නේ ඉහත එම කතාවෙහි ගැබ්වී ඇත්තේ තියුණු සහ ඉතා උච්ච වූ ජාතිවාදී ස්වරයයි. එසේම නොබියව සිදුකළ පුද්ගල තර්ජනයයි.

කැනඩාවේ දෙමළ ජන සංහාරක ස්මාරකය විවෘත කිරීමට ප්‍රධාන අමුත්තා වශයෙන් පැමිණි පුද්ගලයා කැනේඩියානු ජාතික පැටි්‍රක් බ්‍රවුන් නමැත්තෙකි. දැනට 47 වැනි වියෙහි පසුවන මොහු දැනට වසර 25ක කාලයක් පුරා කැනඩාවේ රාජ්‍ය දේශපාලනයේ නිරතව සිටින පරිණත දේශපාලනඥයෙකි. ඔහු මුලින්ම දේශපාලනයට පිවිස ඇත්තේ තමන්ට වසර 22ක් වන කාලයකදීය. කෙසේ හෝ මොහු කලක් ප්‍රාදේශීය වශයෙන් දේශපාලනයෙහි තනතුරු දරමින් සිට පසුව 2006 දී කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්විය. එතැන් සිට ඔහු 2015 වසර දක්වා වසර 09ක් නොකඩවා මැතිවරණ ජයග්‍රහණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි සිටියේය. ඔහු පසුකාලීනව කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති ධුරයට පත්විය. ඒ, 2018 වසරේදී වන අතර, දැනට ඔහු එම තනතුර වසර 07ක් පුරා උසුලයි. මෙම කැනේඩියානු දේශපාලකයා එරට තුළ කැපීපෙනෙන චරිතයක් බවට ප්‍රසිද්ධ වී ඇත්තේ ඔහු නිරන්තරයෙන්ම එරට තුළ සිටින ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව සමග දැඩි සමීප හිතවත්කම් පැවැත්වීමය. හිතවත්කම් පමණක් නොව එම පිරිස්වලට කැනේඩියානු රාජ්‍ය දේශපාලනය හරහා විවිධ උදව් ලබාදීමටද ඔහු නිරන්තරයෙන්ම කටයුතු කළේය. ඉහත පසුගියදා විවෘත කරන ලද සුවිශාල දෙමළ ජන සංහාරක ස්මාරකය ගොඩනැගීමටද මුල් වූ එක් ප්‍රධානතම පුද්ගලයකු වූයේ මොහුය. මෙලෙස ජාතිවාදී දැඩි ස්වරයකින් ශ්‍රී ලංකාවට සහ සිංහල ජනතාවට එරෙහිව අදහස් ප්‍රකාශ කළ පුද්ගලයා කවරෙක්දැයි ඔබ දැන් හොඳින් හඳුනනවා ඇතිය.

ලෝකයේ බොහෝ පාර්ශ්වයන් දැඩි අවධානයට ලක්කළ මෙම නවතම දෙමළ ජනතා සංහාරක ස්මාරකය යනු කුමක්දැයි සොයා බලමු. මෙය ඉදිකෙරුණේ ඉහත සඳහන් කළ බ්‍රැම්ප්ටන් නමැති නගරය මධ්‍යයේය. මෙය ඔන්ටාරියෝ නමැති සුවිශාල ප්‍රාන්තය තුළ ඇති ප්‍රධානතම නගරයක් වන අතර, එහි ජනගහනය ලක්ෂ 07කට අධික පිරිසක් වාසය කරති. වර්ග කි.මී. 2,469ක ප්‍රමාණයකින් නගරය විශාලය. මෙම නගරයෙහි ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය දෙමළ ජනතාව විශාල පිරිසක්ද වාසය කරති. ඉතා දර්ශනීය අයුරින් නිර්මාණය කරන ලද, උසින් මීටර් 4.8ක් වූ මෙම ස්මාරකය ගොඩනගා ඇත්තේ මළ නොබැඳෙන සුදු යකඩ ලෝහයෙනි. මෙම ස්මාරකයට අදාළ බැරෑරුම් කතාව ලෙස හෙළිවන්නේ එහි සඳහන් ශ්‍රී ලංකාවේ සිතුවම තුළින් සංකේතවත් කර ඇත්තේ දෙමළ කොටි ඊළාම් නිජබිම සංකේතවත් කරන සිතුවම වීමය. කොටි ඊළාම් නිජබිමට අයත් උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක නවය එහි සඳහන්ව ඇත. මෙම රූපයට අමතරව එම ස්මාරකයෙහි මෙරට රජය විසින් සිදුකළේ යැයි කියන ජන සංහාරක ක්‍රියා ගැන පැහැදිලි විස්තරද ඇතුළත්ය. මේ වටපිටාව නිසා මෙම ස්මාරකය පැහැදිලිවම ජාතිවාදී හැඟීම් ආකල්ප අවුස්සන එකක් බවට බොහෝ පාර්ශ්ව චෝදනා නගා ඇත.
දැන් ඔබ මෙම කතාවෙහි යම් හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. එනම් මෙම ආන්දෝලනාත්මක ස්මාරකය ඉදිකිරීම ආරම්භ කළේ 2024 වසරේ අගෝස්තු මාසයේදී වන අතර, එවිට කැනඩාවේ තිබෙන ශ්‍රී ලාංකික සිංහල සංවිධාන විසින් දැඩි විරෝධයක් එල්ල කළේය. එම විරෝධතාව උත්සන්න වී එකල ශ්‍රී ලංකා රජය දක්වාම එම අර්බුදය දීර්ඝ වූයේය. මෙරට විදේශ අමාත්‍යාංශය කැනේඩියානු තානාපතිවරයා ගෙන්වා කරුණු පවා විමසුවේය. එහෙත් ඒ විරෝධතා සියල්ලක්ම ගඟට ඉනි කපනවා මෙන් විය. මෙම අර්බුදයට අදාළව සිංහල සංවිධාන මෙසේ අදහස් දැක්වීය. කෙසේ හෝ දෙමළ කොටි පාර්ශ්ව තමන්ගේ මෙහෙවර ඉටුකරගෙන ඇත.

‘2009 වසරේදී ශ්‍රී ලංකාවේ වාර්ගික සිවිල් යුද්ධය නිමවෙලා මෙම 2025 වසරට වසර 16ක් සපිරෙනවා. මෙය ඇත්තටම දීර්ඝ කාලයක් ලෙස සලකන්න පුළුවන්. මෙම කාලය තුළ මෙරට ඇතුළතදී වාර්ගික අරගලයක් සිදු නොවීම සතුටට කරුණක්. විශාල සිදුවීමක් ලෙස ඇතිවුණේ පාස්කු ප්‍රහාරය පමණයි. සිවිල් යුද්ධය ජයගැනීම නිසා එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙරටින් තුරන් වී ගියා. එහෙත් එම සංවිධානයේ විවිධ ක්‍රියාකාරකම් තවමත් ලෝකයේ රටවල් රැසකදී ක්‍රියාත්මක වෙනවා. එවැනි වටපිටාවකදී තමයි අපට මේ සිදුවීමටත් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. පසුගිය වසර 16ක කාලය තුළදී විදේශ කොටි දෙමළ ඩයස්පෝරාව විසින් සිදුකළ විශාල අර්බුදකාරී ජාතිවාදී ක්‍රියාවක් ලෙස මෙය සලකන්න පුළුවන්. පසුගියදා කැනඩාවේදී විවෘත කරන ලද මෙම දෙමළ කොටි ස්මාරකය මුළු ලෝකයේම අවධානය යොමුකළ සිදුවීමක්. මෙම ස්මාරකය පසුගිය කාලයේ ගොඩනැගුවේත්, පසුව විවෘත කරනු ලැබුවේත් බොහෝ පාර්ශ්වවල විරෝධතා මධ්‍යයේයි…’

ඔබට මෙලෙස ලියා තබන කතාවේ කූටප්‍රාප්තිය හෙළිවන්නේ මෙතැනදීය. එනම් මෙම ලිපිය පළකෙරෙන මෙම 2025 මැයි 18 වැනිදා (අද) ‘දෙමළ ජන සංහාරක දිනය’ ලෙසින් මහත් හරසරින් ලෝකය වටා එල්.ටී.ටී.ඊ. හිතවාදී දෙමළ පාර්ශ්ව විසින් සමරනු ලබයි. ලෝකය වටා මෙම දිනය ඉංග්‍රිසි බසින් හඳුන්වා දී ඇත්තේ Tamil Genocide Remembrance Day ලෙසිනි. ලෝකයේ විදෙස් රටවල විශාලතම දෙමළ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සිටින්නේ කැනඩාවේය. බටහිර රටවල් රාශියකද එම සංවිධාන රැසක් ඇත. අද දින කැනඩාවේ අලුතින් ඉදිකෙරුණු ජන සංහාරක ස්මාරකය අසල සහ තවත් ස්ථාන ගණනාවක එම උත්සව පවත්වයි. ඒවායෙහි විවිධ ප්‍රචාරණ කටයුතු පසුගිය කාලය පුරාම දක්නට හැකි විය. පසුගියදා කැනඩාවේ සුවිශාල ජන සංහාරක ස්මාරකය ඉදිකරනු ලැබුවේ ලොව ප්‍රබලතම දෙමළ ඩයස්පෝරා සංවිධානයක් වන ‘කැනේඩියානු දෙමළ කොංග්‍රසය’ :ක්‍්බ්ාස්බ ඕපසක ක්‍දබටරුි* නමැති සංවිධානයේ මෙහෙයවීමෙනි. මෙය වසර 25ක් පැරැණි ප්‍රබල සංවිධානයකි. මෙම සංවිධානය මූල්‍ය වශයෙන්ද ඉතා ශක්තිමත් අතර, කැනේඩියානු දේශපාලනය සමගද බොහෝ සබඳකම් පවත්වයි. මේ වනවිට කැනඩාවේ රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ දේශපාලකයන් රැසක් ඇත. ඔවුන් වත්මනේදී කැනේඩියානු පුරවැසිභාවය උසුලයි. ශ්‍රී ලංකාවේ ප්‍රබලතම දෙමළ දේශපාලන පක්ෂය වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ වත්මන් නායක වී. ආනන්ද සංගරීගේ පුත් ගැරී ආනන්ද සංගරීද කැනඩා පාර්ලිමේන්තුවේ ප්‍රබලතම කැබිනට් ඇමැතිවරයෙකි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

‘කුසුම්-නිමල්’ එක්ක ප්‍රංශෙට ගිය සම්මාන පිට සම්මාන දිනූ සුමිත්‍රාගේ ‘ගැහැනු ළමයි’! 1978-2025..! I Sri Lanka Latest News

Next Post

මහින්දගෙන් හදිසි නිවේදනයක්!  Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.