• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවකවධය තුරන් කිරීමට කටයුතු කළා ! නවකවධය සිදුකළ සිසුන්ට දඬුවම් දුන්නා ! රහුණ විශ්වවිද්‍යාලය තුළ යහපත් පරිසරයක් ඇතිකළා! අගමැති හරිනි රුහුණ උපකුලපති මහාචාර්ය අමරසේන අයින් කළේ ඇයි? අද විශ්වවිද්‍යාල නවකවධ කතා අස්සේ ඇසෙන සත්‍ය කතාවක්! Sri Lanka Latest News

May 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නවකවධය තුරන් කිරීමට කටයුතු කළා ! නවකවධය සිදුකළ සිසුන්ට දඬුවම් දුන්නා ! රහුණ විශ්වවිද්‍යාලය තුළ යහපත් පරිසරයක් ඇතිකළා! අගමැති හරිනි රුහුණ උපකුලපති මහාචාර්ය අමරසේන අයින් කළේ ඇයි? අද විශ්වවිද්‍යාල නවකවධ කතා අස්සේ ඇසෙන සත්‍ය කතාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘නිල තේරීම් ක්‍රියාවලියේදී ඡන්ද 26න් ඡන්ද 13ක් ලබාගැනීමෙන් පසු මහාචාර්ය සුජීව අමරසේන මහතා 2019 මාර්තු මාසයේදී ප්‍රථම වතාවට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්කරන ලදී. ඔහුගේ නායකත්වය යටතේ විශ්වවිද්‍යාලය තුළ නිරීක්ෂණය කරන ලද ජයග්‍රහණය සහ ප්‍රගතිය පිළිබිඹු කරමින් ඔහුගේ මූලික ධුර කාලය 2022 මාර්තු මාසයේදී තවත් වසර 03කට දීර්ඝ කරන ලදී. මහාචාර්ය අමරසේනගේ ධුර කාලය තුළ විශ්වවිද්‍යාලය සැලකිය යුතු පරිවර්තනයකට භාජනය වූ අතර, එයින් සිසුන් බඳවාගැනීමේදී 90%ක වැඩිවීමක් මෙන්ම විශ්වවිද්‍යාල පරිපාදන කොමිෂන් සභාව විසින් සිදුකළ ආයතනික සමාලෝචනයේදී ‘ඒ’ ශ්‍රේණියක් ලබාගැනීමටද සමත් විය. විශේෂයෙන් ඔහු නවකවධය මැඬපැවැත්වීම සඳහා මුලපිරීම් මෙහෙයවූ අතර, එවැනි හානිකර ක්‍රියාවලීන්ට සම්බන්ධ සිසුන් අධ්‍යයන ක්‍රියාවලියෙන් පහකිරීම සහ පුනරුත්ථාපනය කිරීම වැනි දැඩි පියවරද හඳුන්වා දුන්නේය. සත්‍ය ලෙසම ඔහුගේ භාරකාරත්වය යටතේ කාලයක් පුරා පැවැති නවකවධය තුරන් කරන ලද අතර, සිසුන් සඳහා වඩාත් ආරක්ෂිත පරිසරයක් පෝෂණය කරන ලද්දේය. මහාචාර්ය අමරසේන නවකවධය ආමන්ත්‍රණය කිරීමට එසේ විශාල මෙහෙවරක් ඉටුකරනු ලැබුවේය…’ Sri Lanka Latest News

අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියට අදාළව මෙසේ ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? අද අපේ රටේ සමාජය තුළ බොහෝ ආන්දෝලනාත්මකව අසන්නට ලැබෙන එක්තරා සුවිශේෂ විෂයක් වන්නේ ‘විශ්වවිද්‍යාල නවකවධය’ වෙයි. මෙයට දින කීපයකට ඉහතදී සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවකු නවකවධය හේතුවෙන් මියගියේ යැයි පැවසෙන පුවතක් බොහෝ කතාබහට ලක්වෙමින් තිබේ. එය කෙතරම් බැරෑරුම් සිදුවීමක්ද යත්, එයට සම්බන්ධ යැයි සැකකෙරෙන විශ්වවිද්‍යාල සිසුන් සිවුදෙනකුම රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. මෙම සිදුවීමට පෙරද කිහිප වතාවක්ම මෙරට විශ්වවිද්‍යාල තුළින් නවකවධය ආශ්‍රිතව බැරෑරුම් සිදුවීම් වාර්තා වී තිබිණි. මෙවැනි වටපිටාවක් ඇතිවෙමින් තිබියදී දැන් එසේනම් ඉහත නවකවධයට අදාළව අසන්නට ලැබුණු කතාව කුමක්ද? සැබැවින්ම එම සිදුවීම අපට අසන්නට ලැබුණේ මෙයට හරියටම මාස 05කට පෙර කාලයකදීය. එනම් මෙරට සමාජය මහත් ආන්දෝලනයකට ලක්කළ පුවතක් වූයේ රුහුණ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා සේවයෙන් පහකිරීමය. වත්මන් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් එම නියෝගය නිකුත් කර තිබිණි. මෙම වත්මන් රජය බලයට පත්ව කෙටි කාලයකින් මෙම සිදුවීම ඇතිවිය. ඉන් පසුව සේවය අහිමි වූ මහාචාර්ය අමරසේන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඔහුගේ නීති උපදේශකයන් ලවා ගොනුකරවන ලදී. ඉහත මෙම ලිපියේ මුලින් ලියා තැබුවේ එම මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි අඩංගුවූ යම් වැදගත් කරුණු කිහිපයකි. එනම් දිවයිනෙහි ප්‍රධාන විශ්වවිද්‍යාලයක අත්තනෝමතික නවකවධය නැවැත්වීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකළ විද්වතකු මුහුණ දුන් ඛේදනීය සිදුවීමක් එයින් හෙළිව තිබිණි. මෙම සුවිශේෂ ලේඛනයේ තවත් අඩංගු වන්නේ කුමක්දැයි සොයා බලමු.

‘මහාචාර්ය සුජීව අමරසේන මහතා කියා සිටින්නේ තමා සේවයෙන් පහකිරීම දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වී ඇති සිදුවීමක් බවය. මෑතකාලීන ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලින් පසු මෙම ඉවත් කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන පලිගැනීමේ ක්‍රියාවක් බව ඔහු තම පෙත්සමෙන් තර්ක කර ඇත. නවකවධය ආමන්ත්‍රණය කිරීමට අමතරව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විනිවිදභාවය සහ කුසලතා ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රධාන ප්‍රතිසංසකරණ ක්‍රියාමාර්ග රැසක් ඔහු විසින් සිදුකර ඇත. අධ්‍යයන උසස්වීම් සඳහා කොල්ලකාරී ප්‍රකාශන මත යැපීම ඔහු අවසන් කළේය. සාධාරණ හා විනිවිද පෙනෙන බඳවාගැනීමේ ක්‍රියාවලීන් සහතික කළේය. අභිජනනය සහ පක්ෂග්‍රාහීත්වය තුරන් කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණ වීඩියෝ පටිගත කිරීම හඳුන්වා දුන්නේය. විශ්වවිද්‍යාලය සමග බැඳුම්කර ගිවිසුම් උල්ලංඝනය කළ පුද්ගලයන් විසින් ගෙවිය යුතු අරමුදල් අයකර ගැනීම සඳහා ඔහු විසින් මූල්‍යමය වගවීමද අනුගමනය කළේය. දශකයකට වැඩි කාලයක් ආපසු ගෙවීම පැහැරහැර සිටි විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු ලේකම්වරයකු සම්බන්ධ ප්‍රමුඛ නඩුවක්ද මෙයට ඇතුළත් විය. මෙවැනි වටපිටාවක් යටතේ 2024 සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති මැතිවරණවලින් පසුව FUTA වෘත්තීය සමිති සහ දේශපාලනිකව අනුබද්ධ ශිෂ්‍ය කණ්ඩායම්වලින් වැඩිවන විරෝධතාවට ඔහු මුහුණ දුන්නේය….’

මෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම ඉතා දිගු එකකි. එහි සියලු කරුණු ලියා තබන්නට මෙහි ඉඩක් නැත. කතාවේ යම් අන්තර්ගතයක් පමණක් සොයා බලමු.

‘මහාචාර්ය අමරසේනගේ පෙත්සමේ විස්තර කර ඇති පරිදි ඔහු ඉවත් කිරීමේ ක්‍රියාවලිය, ක්‍රියා පටිපාටිමය දෝෂ සහ ඔහුගේ ව්‍යවස්ථාමය අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම්වලින් පිරී තිබිණි. මහාචාර්යවරයා කියා සිටින්නේ නිසි බලධාරියකු පත්කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කළ නිර්දේශය මගින් නිසි ක්‍රියාවලියකින් හෝ සාධාරණ විභාගයකින් හෝ තොරව තමාව පැත්තකට තල්ලු කළ බවයි. විශ්වවිද්‍යාල පනතේ විධිවිධාන යටතේ තමා ඉවත් කිරීම සඳහා සත්‍ය හෝ නෛතික පදනමක් හෝ නොමැති බවත්, එය අත්තනෝමතික හා අසාධාරණ බවත් ඔහු තර්ක කර සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති නීත්‍යනුකූලව රැකියාවක නිරත වීමේ අයිතිය යටතේ ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදුකර ඇතැයි පෙත්සම තහවුරු කරයි. අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වූයේ යටකී තත්ත්වය විශ්වවිද්‍යාලfඅය් පරිපාලනයට අහිතකර ලෙස බලපා ඇති බැවින් සහ බලධාරීන් එම තත්ත්වය යථා තත්ත්වයට පත්කිරීමට අපොහොසත් වී ඇති බැවින් එම තීරණය ගනු ලැබූ බවයි. මහාචාර්ය අමරසේන මේ සියලු චෝදනා තරයේම ප්‍රතික්ෂේප කරනු ලබයි…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මාස 6න් ජනතාව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා! බොරුව කඩන් වැටුණා! ප්‍රතිඵලත් එක්ක අලුත් ගමනක් යන්න සජිත් ලෑස්ති වෙයි! Sri Lanka Latest News

Next Post

2.50 මාස 5ට 10%ක් කරගත්තා! නාමල් ආණ්ඩු පෙරළන ගමනට ලෑස්තියි! Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.