• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2.50 මාස 5ට 10%ක් කරගත්තා! නාමල් ආණ්ඩු පෙරළන ගමනට ලෑස්තියි! Sri Lanka Latest News

May 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
අයවැයට අපේ යෝජනාත් දෙනවා! අස්වැසුම කඩිමුඩියේ දෙන්න ගිහින් ජනතාවට අසාධාරණයක් වුණා! නාමල් රන්නේදී කියයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය පදනම් කරගෙන, තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යෑමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් රාජපක්ෂ මහතා දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
අපිට දැන් ඔබේ කණ්ඩායමට කියන්න බෑ 2.50 කට්ටිය කියලා. මොකක්ද මේ පාර මැතිවරණයේදී වුණේ?

නාමල් රාජපක්ෂ

පක්ෂයක් විදියට අපි ලොකු අභියෝගවලට මුහුණ දුන්නා. ඒ අභියෝගවලට සාර්ථකව මුහුණ දුන්නා. පහුගිය ජනාධිපතිවරණයේදී අපිට අපේක්ෂකයෙක් හිටියෙත් නෑ. හැබැයි අපි කඳවුර ආරක්ෂා කළා. ඒ ආරක්ෂා කරපු එකේ ප්‍රතිඵලයක් විදියට අද අපට ලංකාවේ ප්‍රාදේශීය සභා 270කට වැඩි ප්‍රමාණයක තරග කරන්න පක්ෂයක් ඉතුරු වුණා. ඒ තුළ මම විශ්වාස කරනවා අපි පහුගිය කාලසීමාව තුළ අපෙන් වෙච්ච අඩුපාඩු හඳුනාගෙන අපි පක්ෂයක් විදියට නවීකරණය වුණා. යම් වෙනස්කම් කළා පක්ෂ අභ්‍යන්තරය තුළ. ඒ වගේම අපිට ඔබින ප්‍රතිපත්ති ආරක්ෂා කරන ගමන් නවීකරණය කරා අපි ගමන් කෙරුවා. ඒ අනුව මේ මැතිවරණයේදී අපි ඉදිරිපත් වුණා. මැතිවරණ ක්‍රමවේදයට අනුකූලව අපි තරුණ සහ කාන්තා නියෝජනය වැඩි කළා. මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නූතන පරම්පරාවට ගැළපෙන දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීමක්. ඒ අනුව එදා මහින්ද රාජපක්ෂ මහතා මේ රටට කරපු වැඩ සහ එදා ඒ තිබුණු දැක්ම දර්ශනයත් එක්ක ගොඩනැගිච්ච මේ පක්ෂය අද අලුත් පරම්පරාවට ඔබින පක්ෂයක් බවට පරිවර්තනය වෙමින් යනවා. මම හිතනවා ඉදිරි කාලසීමාව තුළත් වෙනස්කම් බොහොමයක් අපි කරනවා. අපේ පක්ෂයේ ව්‍යුහය සහ අභ්‍යන්තරය තුළ. ඒ තුළ මට විශ්වාසයි අපි දෙකයි පනහෙන් පටන්ගත්තත්, දැන් 10%ට ඇවිල්ලා තියෙනවා. අපි ඉදිරියේදී බලමු. අපි ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් වෙනවා.

අපේ පක්ෂයේ අපේක්ෂකයෝ මේ මැතිවරණයට ඉදිරිපත් වුණේ විශාල අභියෝග මැද. අපි දැක්කා එක පැත්තකින් ආණ්ඩුවෙන් එල්ල වෙච්ච අභියෝග. අනෙත් පැත්තෙන් අපි ගොඩනැගෙන පක්ෂයක් විදියට විශාල අභියෝග මැද තමයි ඒ අපේක්ෂකයන් ඉදිරිපත් වුණේ. ඒ අයට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ පාක්ෂිකයන් ඒ සියලු තාඩන පීඩන සහ ආණ්ඩුවෙන් එල්ල වෙච්ච බලපෑම්, එක වෙලාවක ජනාධිපතිවරයා කියනවා ඔවුන්ට ඡන්දේ දුන්නේ නැත්නම් මුදල් දෙන්නේ නෑ කියලා පත්කරන ප්‍රාදේශීය සභාවට. එහෙම නැත්නම් හිරේ යන්න ලෑස්ති වෙන්න කියනවා. එහෙම නැත්නම් අපි බලාගමු කියනවා, තාත්තලා පුතාලට, අම්මලටත් වෙන දේ බලාගමු කියලා කියනවා. මේ සියලු අභියෝග තියෙද්දීත් මේ රටේ ජනතාව අපේ ප්‍රතිපත්ති සහ පක්ෂය සහ අපිව විශ්වාස කරලා අපේ කණ්ඩායම විශ්වාස කරලා අපිට යම් සාර්ථක ප්‍රතිඵලයක් ලබාදුන්නා. ඒ වගේම මැතිවරණ කාර්යාලය, පොලිසිය සහ මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය මේ මැතිවරණ කටයුතු මෙහෙයවීමේදී විශාල කැපවීමක් කළා. අපි දැක්කා ඒ අයටත් ආණ්ඩුවෙන් වෙච්ච බලපෑම. අවසාන මොහොතේ අග්‍රාමාත්‍යවරිය පවා එළියට ඇවිල්ලා මැතිවරණ නීතිරීති එළිමහනේ උල්ලංඝනය කරනවා. ඒ වගේම මැයි දිනයට එන බස් ටික බලහත්කාරයෙන් අධිවේගී මාර්ගයේ නවත්තලා කෑම කාලා සින්දු කිව්වට පස්සේ පොලිසියේ අයගේ වැඩ තහනම් කළා. ඒ තැනට රාජ්‍ය සේවයට ලොකු පීඩනයක් මේ ආණ්ඩුව විසින් ලබාදෙද්දීත් ඒ අය සාර්ථකව මැතිවරණය මෙහෙයෙව්වා, මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු සියලු දෙනා. ඒ සියලු දෙනාටමත් අපේ පක්ෂය වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා.

මාධ්‍යවේදියා
මාලිමාවට බලය පිහිටුවන්න බැරි තැන් කීපයක් තිබුණා. සජිත් ප්‍රේමදාස මහත්තයත් ප්‍රකාශ කරලා තිබුණා අනිත් පක්ෂත් එක්ක එකතු වෙන්න සූදානම් කියලා. අනිත් අයත් එක්ක එකතු වෙලා ඒ තැන්වල බලය පිහිටුවන්න ඔබලාගේ මොකක් හරි වැඩපිළිවෙළක් තියෙනවද?

නාමල් රාජපක්ෂ
පළමු දේ තමයි අපි ජන මතයට ඇහුන්කන් දෙන්න ඕනේ. අපි 159ක ජන මතය කියවගත්තා. ඒ වගේම තමයි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට බහුතරය 50.1%ක් නොතිබුණත් එදා ජනමතය අපි කියවගත්තා. ඉතින් මේ ප්‍රාදේශීය සභා මැතිවරණය තුළත් අපි වගකිව යුතු දේශපාලන පක්ෂයක් විදියට ඒ ජනමතය කියවාගත යුතුයි. ඉදිරියේදී අපේ දේශපාලන හැසිරීම තීන්දු තීරණ ගතයුත්තේ අපේ දේශපාලන මණ්ඩලය. ඒ ජනතාවගේ අවශ්‍යතාවන් සහ ජනතාවගේ මතය නිසියාකාරව කියවාගැනීමක් වගේම ස්ථාවර ප්‍රාදේශීය සභා පිහිටුවන්න අවශ්‍ය අපේ ක්‍රියාදාමය කුමක්ද කියන කාරණය පදනම් කරගෙන. මම හිතනවා ඒ දේශපාලන මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී ඒ පිළිබඳ තීන්දුවක් ගනී.

මාධ්‍යවේදියා
අපි පැහැදිලිව දැක්කා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් යම් යම් තැන්වල ස්ථාවර වෙලා තිබුණා. යූ.ඇන්.පී. එකත් යම් යම් තැන්වල ස්ථාවර වෙලා තිබුණා. හැබැයි දෙගොල්ලොම එකතු වෙලා මේකට ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා හිතන්නේ නැද්ද? ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයක් විදියට එකතු වුණා නම් මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න තිබුණා නේද?

නාමල් රාජපක්ෂ
නොයෙක් මත තියෙනවා. හැබැයි මම හිතන්නේ සමාජයේ ඡන්දදායකයාගේ හැසිරීම, දේශපාලන පක්ෂ සහ අපේ ප්‍රතිපත්තිවල ගැළපීම මත අපි ඒ තීන්දු තීරණ ගත යුතුයි. අපි දැක්කා ඉතිහාසයේ නොගැළපෙන දීගවලට ගියා යහපාලන ආණ්ඩුව ඇතුළේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන. හැබැයි අපි දැක්කා අද එක්සත් ජාතික පක්ෂයට වෙච්ච දේ සහ බණ්ඩාරනායක ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වෙලා තියෙන ඉරණම. ඒ වගේම තමයි අපි යම් දේශපාලන අවශ්‍යතාවක් සහ මේ රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමේ චේතනාව මත එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක්ක සන්ධානගත වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලයත් අපි දැක්කා. මම හිතන්නේ දේශපාලනික වශයෙන් රටට අවශ්‍ය කාලීන තීන්දු තීරණ ගන්නවා මිසක්, එක එක පුද්ගලයන්ට අවශ්‍ය තීන්දු තීරණ නොගත යුතුයි කියලා.

මාධ්‍යවේදියා
මැතිවරණයට කලින් සජිත් ප්‍රේමදාස මහතා කිව්වා අපි කිසි විටෙකවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙන්නේ නෑ කියලා. නමුත් ඔබතුමා හිතනවද යම්කිසි එක ගමනක් යායුතුයි කියලා?

නාමල් රාජපක්ෂ
මම හිතන්නේ පරිණත නායකයෝ, පරිණත දේශපාලන තීන්දු ගනී. අපි පක්ෂයක් විදියට අපි හරි තීන්දුව ගන්නවා.

මාධ්‍යවේදියා
පසුගිය මහ මැතිවරණයයි, මේ ඡන්ද ප්‍රතිඵලයයි විග්‍රහ කරද්දී පහුගිය ඡන්දෙදී ලක්ෂ 3කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ඔබේ පක්ෂයට ලැබුණේ. මේක ලක්ෂ 9ක් වෙන්න මේ වැඩිවෙච්ච ඡන්ද ටික කොහෙද තිබුණේ?

නාමල් රාජපක්ෂ
අපිට එල්ල වෙච්ච චෝදනා සහ අපේ ඡන්දදායකයාව අපෙන් ඈත් කරන්න ආණ්ඩුව අසීමිත බොරු කිව්වා. ඒ වගේම අසීමිත බලාපොරොත්තු දුන්නා. අපි ඒක ඡන්දදායකයට චෝදනා කරනවා නෙවෙයි. ඒකට වගකිව යුත්තේ බොරු කියපු ආණ්ඩුව. මොකද මිනිස්සු බලාපොරොත්ුවක් ඇතුව තමයි ඡන්දය ලබාදෙන්නේ. ඒක තමයි මේ දේශපාලන රටාව. හැබැයි ආණ්ඩුව බොරු කියනවා කියන එක දිනෙන් දින තහවුරු වෙනකොට, ආණ්ඩුවේ නොහැකියාව තහවුරු වෙනකොට, එදා මේ රටේ ආර්ථිකය ගොඩනගන්න සහ රට ගොඩනගන්න වැඩ කරපු දේශපාලන බලවේගයක් විදියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති මත ගොඩනැගිච්ච පක්ෂයක් තුළ ජනතාවගේ විශ්වාසය ගොඩනැගෙමින් පවතිනවා. ඒ විශ්වාසය ගොඩනැගීමේ ආරම්භය තමයි මේ. මම කියන්නේ නෑ 100%ක් ඒ විශ්වාසය ගොඩනැගිලා අවසන් කියලා. ඉතින් අපෙන් ඈත් වෙච්ච ඒ පාක්ෂිකයන්ටත් මම කියන්නේ නැවත වතාවක් ආරාධනා කරනවා අපේ පක්ෂය, අපේ බලවේගය, අපේ කඳවුර එක්ක එකතු වෙන්න කියලා. අපි දැක්කා මේ රටේ වාමාංශික කඳවුරු බෙදලා ආණ්ඩු පෙරළපු අවස්ථාවන් ඉතිහාසයේදී. ඒ වගේම අපේ වාමංශික කඳවුරු නොගැළපෙන සන්ධානවලට යවලා අපේ කඳවුරු විනාශ කරපු අවස්ථා තිබුණා. ඒ වගේම තමයි වර්තමානයේ වමේ කියාගත්ත, එහෙත් බටහිරට ළැදි දේශපාලන, ආර්ථික ප්‍රතිපත්ති එක්ක බලයට ආපු ජනතා විමුක්ති පෙරමුණ වැනි මෙවැනි ආණ්ඩු නිසාත් මේ රටේ වාමාංශික කඳවුර කෙරෙහි තිබුණු විශ්වාසය බිඳවැටෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ සියලු ජාතීන්, ආගම් සුරක්ෂිත විය යුතුයි කියලා විශ්වාස කරනවා. බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගත් සමාජයක් තුළ සියලු සංස්කෘතීන් ආරක්ෂා විය යුතුයි කියලා විශ්වාස කරන දේශපාලන බලවේගයක් විදියට විජාතික බලවේගවලට හෝ බාහිර බලපෑම්වලට යට නොවන බලවේගයක් විදියට මේ රටට ආදරය කරන, මේ රටේ වමේ කඳවුරට අපි එකතු වෙලා රටට ගැළපෙන ආණ්ඩුවක් බිහිකරන ගමන මෙතැනින් ආරම්භ කරමු කියලා මම හැමෝටම ආරාධනා කරනවා.

Hiru News ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

නවකවධය තුරන් කිරීමට කටයුතු කළා ! නවකවධය සිදුකළ සිසුන්ට දඬුවම් දුන්නා ! රහුණ විශ්වවිද්‍යාලය තුළ යහපත් පරිසරයක් ඇතිකළා! අගමැති හරිනි රුහුණ උපකුලපති මහාචාර්ය අමරසේන අයින් කළේ ඇයි? අද විශ්වවිද්‍යාල නවකවධ කතා අස්සේ ඇසෙන සත්‍ය කතාවක්! Sri Lanka Latest News

Next Post

පරණ ප්‍රශ්න අලුත් ඒවා වගේ ඇසීම! TVවල කියපු මෝඩ කතා ප්‍රශ්න ලෙස ඇසීම සහ ඇදගෙන නෑම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.