• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි තමයි වැඩිම – ටිල්වින්! Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2025 පළාත් පාලන මැතිවරණයෙන් තම පක්ෂය ලැබූ ජයග්‍රහණයන් පිළිබඳවත්, එම ජයග්‍රහණයට අදාළව දිවයින පුරා පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තම පක්ෂය කටයුතු කරන ආකාරය ගැනත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා දැක්වූ අදහස් පහත පළවේ.

‘අපිට ආණ්ඩුවක් ලෙස වැඩිම ආයතන ප්‍රමාණයක වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් පත්කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම පහුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. එතකොට ඒගොල්ලන්ට දිනන්න පුළුවන් වුණේ ආයතන 224ක්. ඒකෙනුත් තනියම බලය පිහිටුවන්න පුළුවන් මට්ටමට ඒගොල්ලෝ දිනුවේ ආයතන 126යි. ඒ කියන්නේ 224ක් දිනුවට තනිවම බලයක් පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරු සහිත ආසන ඒගොල්ලන්ට තිබුණේ 126යි. දැනට නිකුත් වෙච්ච ඡන්ද ප්‍රතිඵල ගත්තොත් අපි ආසන 254ක වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ හැම ආයතනයකම අපි තමයි වැඩියෙන් දිනලා තියෙන්නේ. එතකොට ඒ ආයතන අතර සමහර ආයතන තියෙන්න පුළුවන් විපක්ෂයේ කට්ටිය ඔක්කොම එකතු වුණාම අපේ ගානට වඩා වැඩිවෙන අවස්ථා. කොහොම වුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2018 දිනාගත්ත ආයතනවලට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගන්න මේ ඡන්දෙදී අපි සමත් වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා මේකේ ඉදිරියට යෑමක් තියෙනවා කියලා.
අනිත් පැත්තෙන් ගත්තොත් මේ ඡන්දෙදී අපි සියලු කොට්ඨාස ජයග්‍රහණය කරපු ආයතන ගොඩක් තියෙනවා. ආයතන තුළ තියෙන කොට්ඨාස සියල්ලම මාලිමාව ජයග්‍රහණය කරපු ආයතන රැසක් තැන් තැන්වල තියෙනවා. උදාහරණයක් විදියට කීපයක් කිව්වොත්, කෝට්ටේ මහනගර සභාවේ කොට්ඨාස 21යි. ඒ 21ම අපි ජයග්‍රහණය කරනවා. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ කොට්ඨාස 27යි. ඒ 27ම අපි ජයග්‍රහණය කරනවා. කැස්බෑව නගර සභාවේ කොට්ඨාස 20යි. ඒ 20ත් අපි ජයග්‍රහණය කරනවා. ඒ වගේ ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා සියලු කොට්ඨාස මාලිමාව දිනපු. මාතර මහනගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ සියලු කොට්ඨාස අපි ජයග්‍රහණය කරනවා. පානදුර නගර සභාවේ සියලු කොට්ඨාස අපි ජයග්‍රහණය කරනවා. ඒ විදියට රටේ සියලු කොට්ඨාස ජයග්‍රහණය කරපු ආයතන රැසකුත් තියෙනවා. ඒ නිසා අපි හිතනවා අපේ ජයග්‍රහණය ශක්තිමත් ජයග්‍රහණයක් කියලා.Sri Lanka Latest News

දැන් අපිට ජනාධිපතිවරයා ඉන්නවා, පාර්ලිමේන්තුවේ බලය තියෙනවා, පළාත් පාලන ආයතනවල බලයත් එකතු කරගෙන අපේ රට හදන්න අපි භාරගත්තු කාර්යභාරය ඉෂ්ට කිරීමේ අභියෝගය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මේ ගත්තු ජයග්‍රහණය අපි හිතනවා අපිට රටක් ලෙස රට වෙනස් කිරීමට රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අපි ගත්ත දේශපාලන ක්‍රියාමාර්ග ඉස්සරහට ගෙනයෑමට විශාල වාසියක්, ජයග්‍රහණයක් වේවි කියලා.
අපි දන්නවා මේක අවස්ථාවක් කරගෙන විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ අදහස් පළකිරීමේ ඉඩකඩ තියෙනවා. ඒක ඒ අයගේ අදහස් පළකිරීමේ අයිතිය. නමුත් අපි ගත්තොත් ඉතා පැහැදිලිවම මේ මැතිවරණයේ පැහැදිලි ජයග්‍රහණයක්, වැඩි ජයග්‍රහණයක් වැඩි ආයතන ප්‍රමාණයක ජයග්‍රහණයක් අරගෙන තියෙන්නේ තනි පක්ෂයක් හැටියට මාලිමාව. ඒක තමයි විශේෂත්වය. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයග්‍රහණයක් අරගත්තට පස්සේ, එකට ඡන්දේ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දේ ඉල්ලපු කුඩා කුඩා පක්ෂ ඔක්කොම තමන්ගේ ප්‍රතිඵල එකතු කරලා කිව්වොත් එහෙම ‘ඒ වුණාට අපි තමයි වැඩි’ කියලා, අපි හිතන්නේ ඒක යථාර්ථය, සාධාරණත්වය නෙවෙයි කියලා. ඒ නිසා ඒ අයට ජයග්‍රහණය කරන්න බැරිවෙලා තියෙන්නේ.

අපි දැක්කා පහුගිය දවස්වල මැතිවරණ කාලේ සමහරු අගෝස්තු මාසේ ජනාධිපති වෙන්න හිතාගෙන හිටපු අය ඉන්නවා. නොවැම්බර් මාසේ ජනාධිපති වෙන්න හිතාගෙන හිටපු අය හිටියා. මේ ප්‍රතිඵලත් එක්ක ඒගොල්ලන්ට ඒ හීනවලින් මිදෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද ඒ කාටවත් සභාවක බලය ගන්න පුළුවන් තත්ත්වයක් හැදිලා නෑ. ඒ නිසා සභාවක ඉන්න සියලු කට්ටිය එකතු කරගෙන ගිහිල්ලා අපි හිතන්නේ නෑ එහෙම කරගන්න පුළුවන් කියලා. ඒක වෙනම දේශපාලන ප්‍රශ්නයකුත් වෙනවා. එහෙම පුළුවන් කියලා හිතන එක සහ එහෙම විග්‍රහ කරගන්න එක අපි හිතන්නේ මැතිවරණයකදී විද්‍යාත්මක වෙන්නේ නෑ. ඇත්ත ගත්තොත් තාම සභා පිහිටුවලා නෑ. නමුත් අපි දන්නවා සමහර පුද්ගලයෝ සමහර විවේචකයෝ විග්‍රහ කරන අය විග්‍රහ කරන්න පටන් අරන් තියෙනවා මාලිමාවට මෙච්චරයි, අනිත් ඔක්කොම එකතු වුණාම මීට වඩා එකක් දෙකක් වැඩියි කියලා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ ඒවා වෙන වෙනම ඡන්දේ ඉල්ලපු පක්ෂ. උදාහරණයක් ලෙස ගත්තොත් කිසියම් ආයතනයක මාලිමාව ජයග්‍රහණය කළාම මාලිමාවට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලැබුණාම, වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබුණා කියන්නේ ජනතාව අනුමත කරලා තියෙනවා මාලිමාව කියන එක. එතකොට ඊට වඩා අඩුවෙන් ලැබුණු අය එතැන අනුමත කරලා නෑ. ජනතාව ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. දෙකක් හම්බවෙච්ච කෙනා, තුනක් හම්බවෙච්ච කෙනා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එතකොට ජනතාව ප්‍රතික්ෂේප කරපු කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා කියන්න පුළුවන්කමක් නෑ ජනතාව ඉන්නේ අපිත් එක්ක කියලා. මොකද ඒ පක්ෂ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. නැත්නම් ඒ පක්ෂවලට බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගන්න පුළුවන්කම තියෙන්න ඕනේ.

කිසියම් පක්ෂයක් කිසියම් ආයතනයක බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ලැබුවේ නෑ කියලා, වැඩිම මන්ත්‍රී සංඛ්‍යාව ලැබුවේ නෑ කියන්නේ ඒ කණ්ඩායම අදාළ සභාවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළා කියන එක. එතකොට සමහරුන්ට එකයි ලැබිලා තියෙන්නේ. සමරුන්ට දෙකයි ලැබිලා තියෙන්නේ. සමහරුන්ට තුනයි ලැබිලා තියෙන්නේ. හැබැයි මේ එක දෙක තුන ලැබුණු ඔක්කොම එකතු කරගෙන එක ගොඩක් හදාගෙන ඒකෙන් සභාව පිහිටුවනවා කිව්වොත් එහෙම ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. නීතියෙන් බාධාවක් නැති වුණාට ඒවා ජනතාව විසින් ප්‍රතික්ෂේප වෙච්ච කණ්ඩායම්. ගණිතමය ලෙස තමයි මේ තමන් දිනුවා කියලා පෙන්වන්න උත්සාහ කරමින් ඉන්නේ. නමුත් මාලිමාවේ අපි එහෙම නෙවෙයි. අපි ගාව ගණිත විජ්ජා නෙවෙයි තියෙන්නේ. ඔක්කොම ආසන 339ක් තිබුණා. ඒකෙන් 254කම වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් පත්කරගන්න අපි සමත්වෙලා තියෙනවා….’

NewsCenter.lk ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

කිව්වේ නම් 6000 විදුලි බිල ආපු ගමන් 3000 කරනවා කියලා! 3000 විදුලි බිල 2000 කරනවා කියලා! දැන් 30%කින් විදුලි බිල ඉහළ දාන්න හදනවා! ජනතාව පීඩාවට පත්කරන මේ තීන්දුව වහාම අකුලගන්න! නැතිනම් ආණ්ඩුවට එරෙහිව රටම පෙළගස්සනවා! විපක්ෂනායක විශේෂ නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

නවකවධයත් පාඩමක්! Sri Lanka Latest News

MORE NEWS

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

Load More
“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

රාජ්‍ය සේවයේත්, රාජ්‍ය සේවාවට සම්බන්ධයක් ඇති වෙනත් සේවාවලත්, රාජ්‍ය සේවයට සම්බන්ධතා නැති දේශපාලන සම්බන්ධතා ඇති බොහෝ දෙනාද ලේකම් තනතුරුවලට පෙම්...

Read more
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.