• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නවකවධයත් පාඩමක්! Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
නවකවධයත් පාඩමක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සබරගමු සරසවි ශිෂ්‍යාගේ සිද්ධිය දැන් සිදුවී සෑහෙන කාලයක් ගතවෙලා ගිහිල්ලා. ඉන් පස්සේ සිදුවීම් කීපයකුත් සිද්ධ වෙලා ඉවරයි. එනිසා බොහෝ වෙලාවට මේ සිද්ධිය අමතක වෙලා යන්න ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවෙ විදිය ඒක තමයි. සතියක් දෙකක් යනකොට අමතක වෙමින් ගිහිල්ලා මාස ගණනකින් ඒ මොකක්ද කියලත් අමතක වෙනවා. මම හිතන්නේ ලංකාවේ මේ වගේ සිද්ධි ඉතාම අතලොස්සයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නවකවධය නිසා සියදිවි නසාගැනීම. එහෙම වෙලාවක මේ වගේ සිද්ධි බහුලයි කියලා මේ සිද්ධි අමතක කරලා දාන්න කාටවත් සාධාරණ අයිතියක් නෑ. ඒ වගේම මේ වගේ අවස්ථාවකදී ක්‍රියාත්මක වෙන්න වඩාත්ම හැකියාව තියෙන පක්ෂය තමයි අද රටේ බලය හිමි කරගෙන තියෙන්නේ. එක පැත්තකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයක් ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදිහට කටයුතු කරපු. ඒක මෙයට පෙර පාර්ලිමේන්තුවලට සාපේක්ෂව ගත්තම ඉතාම ඉහළ අගයක් සහිතයි මේ වතාවේ. ඒ වගේම අපි හොඳටම දන්නවා ලංකාවේ ශිෂ්‍ය දේශපාලනයේ බලය වැඩි කාලයක් තිස්සේ මේ කණ්ඩායම හිමිකරගෙන හිටියා. සරලව කිව්වොත් අන්තරේ ක්‍රියාත්මක වුණේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ නිසාම ඔවුන් දන්නවා විශ්වවිද්‍යාල ඇතුළේ මේ ක්‍රියාකාරීත්වය වෙන විදිහ කාගෙන්වත් අහලා දැන ගන්නවට වඩා තම තමන්ගේ පුද්ගලික අත්දැකීමක් විදිහට.

ඇත්තටම මේ සරසවි ශිෂ්‍යයාගේ මරණය සම්බන්ධයෙන් අපි ඔබට කියන්නට ඕනේ කාරණා මොනවද කියලා කීපවතාවක්ම හිතුවා. මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ මේ කටයුත්ත සම්බන්ධයෙන් මිනිස්සු ගනිමින් ඉන්න පියවර ඉතාම අසාර්ථක සහ ඉතාම නරකයි. අපි දැක්කා බොහෝ දෙනෙක් තමන්ගේ විශ්වවිද්‍යාල කාලය අත්දැකීම් එයාගේ පින්තූරත් එක්ක පළකරලා තියෙනවා. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. සමාජයේ ජීවත්වෙන අය විශ්වවිද්‍යාලවලදී නවකධය දුන්නු අයගේ ගෙවල්වලට ගිහිල්ලා ගහන්න ඕනේ, පාරෙදි ගහන්න ඕනේ, තැන් තැන්වලදී අයට සලකන්න ඕනේ, පහරදීම් කරන්න ඕනේ, තුවාල කරන්න ඕනේ, දේපල විනාශ කරන්න ඕනේ කියලා කියලා විශාල රැල්ලක් මේ වෙනකොට යනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිවිල් පුරවැසියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන සිවිල් සහ අපරාධ නීතිය මේ සෑම අවස්ථාවකදීම පුරවැසියන්ට එරෙහිව ඉතාම සාමාන්‍ය විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔබ යම්කිසි කාරණාවක් නිසා ආවේගශීලී වෙලා වැරදිකරුවන්ව හඳුනාගෙන ඔවුන්ට දඬුවම් කරන්න ගියොත් ඔබයි ලංකාවේ නීතිය අනුව වැරදිකරුවෙක් බවට පත්වෙන්නෙ. කවුරු හෝ කෙනෙක් සමාජ මාධ්‍යයේ පළකරපු පණිවුඩයක් නිසා ඔබට පුද්ගලයෙක්ව අත්අඩංගුවට අරගෙන ඔහු වැරදිකරුවා බව ඔප්පු කරලා, ඔහුට දඬුවම් කිරීමේ කිසිදු අයිතියක් නැති බව ඔබ සිහිතබාගත යුතුයි. යම් හෙයකින් ඔබ යමක් කළොත් අදාළ පුද්ගලයා ඔබට එරෙහිව නීති ඉදිරියට ගියොත් ඔබට සිද්ධ වෙනවා නීතිය ඉදිරියේ බරපතළ වැරදිකරුවෙක් බවට පත්වෙන්න. සමහර විට ඔබට ජීවිතාන්තය දක්වා සිරගත වෙන්නත් බැරිකමක් නෑ. මතක තබාගන්න විශ්වවිද්‍යාල තුළ නවකවධය සම්බන්ධව කොයි තරම් කතාබහක් රට තුළ ඇති වුණත් හිර ගෙදර තුළ සිද්ධ වෙන නවකවධය ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධව කොහෙවත් කවුරුත් කතා කරන්නේ නෑ. එනිසා පළමුවැනි දේ තමයි නීතිය රකින්නට යැයි කියමින් නීතිය කඩන්නට ඔබට කිසිදු අයිතියක් නැති බව ඔබ සිහිතබාගත යුතුයි.

දෙවැනි කාරණය වෙන්නේ නවකවධය දීමට හෝ නවකවධය විඳීමට කිසිවෙකුට අයිතියක් හෝ උවමනාවක් නෑ. විශ්වවිද්‍යාල තුළදී ඇති කරගත යුතු සමානාත්මතාවයේ සහයෝගීත්වය එකමුතුකම ඇති කරන්නට විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න ඕනෑ තරම් දේවල් තියෙනවා. අපි අත්දැකීමෙන් දන්නවා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එහෙම දේවල් සිද්ධ වෙනවා. නමුත් යම් කිසිවෙක් නවකවධය යැයි නම්කළ හැකි ආකාරයෙන් හෝ එසේ නම් කළ නොහැකි ආකාරයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට ශාරීරිකව හෝ මානසිකව අඩන්තේට්ටම් සිද්ධ කරනවා නම් එහිදී කළ යුතු වන්නේ සමාජ මාධ්‍ය පින්තූර පළකිරීම හෝ සමාජ මාධ්‍ය හරහා දඬුවම් කිරීමට පියවර ගැනීම නෙමෙයි. රටේ ක්‍රියාත්මක වන නීති ප්‍රකාරව ඔහුට හෝ ඇයට දඬුවම් කිරීම. එවැන්නක් සිදුවෙනවා නම් ඔවුන් බන්ධනාගාරගත කිරීමේ හැකියාව ඔවුන්ට දඬුවම් කිරීමේ හැකියාව, ඔවුන් සිරගත කොට අවුරුදු දෙකකට ආසන්න ප්‍රමාණයක් තැබීමේ හැකියාව ශ්‍රී ලංකාවේ නීතියෙන්ම තියෙනවා.

මෙවැනි තත්ත්වයකදී ඔබ පීඩනයට පත්වෙලා තියෙනවා නම් ඔබ කළ යුත්තේ සියදිවි නසාගැනීම නෙමෙයි. ඔබේ දිවි ආරක්ෂා කිරීමටත් ඔබට හිංසා කරපු අයට දඬුවම් කිරීම. එවැනි තත්ත්වයකදී එවැනි පුද්ගලයන් තවදුරටත් සාමාන්‍ය සමාජයේ නොරැඳිය යුතු බව තීරණය කරනු ලබන අධිකරණය ඔවුන්ව සමාජයෙන් ඉවත් කරලා දාන්න ඕනම අවස්ථාවක සූදානම්. මෙවැනි පීඩනයක් ඇති විට ළඟම පොලිසියට ගිහිල්ලා ඒ සම්බන්ධව පැමිණිලි කිරීම. මතක තබාගන්න ලංකාවේ ක්‍රියාත්මක වෙන ඕනෑම උපසංස්කෘතියකට ඉහළින් රටේ පොදු නීතිය ක්‍රියාත්මකයි. උපසංස්කෘතියට අනුව පහරදීමට වෙන නමක් ඇති. නමුත් සාමාන්‍ය සමාජයේදී එය අපරාධ වරදක්. විශ්වවිද්‍යාල උපසංස්කෘතිය තුළදී කෙනෙක්ව නිරුවත් කිරීමට ඉතාම සාධාරණ නමක් නිර්මාණය වෙනවා නම් ඔබ එය විශ්වාස කරන්න එපා. එය සාමාන්‍ය නීතිමය වරදක්.

මේ සියල්ල හිතේ තබාගෙන ඔබ කටයුතු කළ යුතුයි. නීතිඥ ගඟුලැලි සිල්වා දයාරත්න මේ සම්බන්ධව ඉතාම සවිස්තරාත්මකව විස්තර කරලා තිබුණා. ඇගේ සමහර කතා අතර අපිට තේරුණු දේ තමයි යම්කිසිවෙක් විශ්වවිද්‍යාල ජීවිතය තුළදී පුද්ගලයෙක්ට කුමන හෝ ආකාරයකින් කරදර හිංසන කර තිබේ නම්, ඒ අයට රජයේ රැකියාවක්වත් කරන්න බැරිවෙන තරමට නීතිය ප්‍රබලයි. විශ්වවිද්‍යාල තුළ ඉන්න අයියලා අක්කලා මේ බව සිහි තියාගෙන ඉන්න.
නමුත් විශ්වවිද්‍යාල කියලා කියන්නේ සොහොන් පිටි නෙමෙයි. ඒවායේ යක්කු නෑ. විශ්වවිද්‍යාල බහුතරයක් ඉතාම සහෝදරත්වයෙන් ඉතාම ආදරයෙන් ක්‍රියාත්මක, මුළු විශ්වවිද්‍යාල ජීවිතය තුළම

කිසිදු පීඩාවකට හිංසනයකට මුහුණු නොදුන් මිනිස්සු ඕනෙ තරම් විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයක් ඇතුළේ සමාන වයස්‌ කාණ්ඩවල ඉන්න දහස් ගණනක් දෙනා මුණගැහෙන කොට ඔවුන් ඔවුන් අතර ගැටුම් ඇතිවිය හැකියි. මම මේ උත්සාහ කරන්නේ නවකවධය සාධාරණීකරණය කරන්න නෙමෙයි. විශ්වවිද්‍යාල සාධාරණීකරණය කරන්න. අපි දැක්කා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍යාවක් උඩුමහලින් බිමට පැනලා සියදිවි නසාගන්නා බව. හැබැයි කිසිදු මාධ්‍ය වාර්තාවක එම පාසලේ නම කියලා තිබුණේ නෑ. ඇයව පාසල තුළදී දූෂණයට ලක්වෙලා තියෙන බව අපි දැක්කා සමහර තැන්වල වාර්තා වෙලා තියෙනවා. මේ තරම් බරපතළ සිද්ධියකදී පාසලේ නම වසං කරන, පාසලේ ගෞරවය ආරක්ෂා කරන රටේ මාධ්‍යය, විශ්ව විද්‍යාලයක සිද්ධියක් වෙච්ච ගමන් ඒ විශ්වවිද්‍යාලයේ නම ඉතාම ඉක්මනින් හෙළිදරව් කරනවා. ඒ විශ්වවිද්‍යාලට දරුවන් නොයා යුතු බව නිරන්තර වශයෙන් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. ඇයි ඔබට නොහිතෙන්නේ පාසල තුළදී ශිෂ්‍යාවක් දූෂණය කරපු පාසල වර්ජනය කරන්නට මේ රටේ මිනිසුන්ව උනන්දු කරන්න. එහෙම නම් මේ රටේ මිනිස්සුන්ට මතයක් ගොඩනගන්න පුළුවන් පාසල් තුළට නොයා යුතු බවට. නමුත් එහෙම වෙන්නේ නෑ. ඇයි එහෙම නොවෙන්නේ. එක මිනිහෙක්ගෙ වරදකට පාසලක් නෑ. පාසලක කීර්තිනාමයට හානි කළයුතු නෑ. ඇයි එහෙම කියන ඔබ නොහිතන්නේ සරසවියේ කීර්ති නාමය ගැන. විශ්වවිද්‍යාලය ආරම්භ කළ දා සිට මෙතෙක් සිටි, සියලු ශිෂ්‍යයන් සියලු ගුරුවරුන් සියලු කුලපතිවරුන් මේ වරදට වරදකරුවන්ද?

විශ්වවිද්‍යාලයක් තුළ යම්කිසි සිද්ධියක් සිද්ධ වුණාම ඒ සිද්ධිය හැකි ඉක්මනින් එළියට අරගෙන ඒ සිද්ධිය හරහා තමන්ගේ ගොඩ වැඩිකරගැනීමේ ව්‍යාපෘති පුද්ගලික විශ්වවිද්‍යාල විසින් ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කරන බව ඔබ සිහි තබාගත යුතුයි. සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ගිනි ගොඩක් බව අඟවන්නට ඔවුන් උත්සාහ කරන අතර පුද්ගලික විශ්වවිද්‍යාල කියලා කියන්නේ මල් යහනාවක් බව ඔවුන් ඔබට කියාවි.

ඔබ ඒ මල් යහනාවට කැඳවාගෙන යන්නට එන සුරංගනාවන් ඔබෙන් ඉල්ලන පඬුරු පාක්කුඩම් දෙන්න බැරුව ගියොත් ඔබව හැරෙන තැපෑලෙන් දානවා. විශ්වවිද්‍යාල පද්ධතියට එකතුවෙලා තියෙන පරමිති ගත නොවෙන අධ්‍යාපනික වැඩසටහන් හමුවේ ඔබේ ජීවිතය විතරක් නෙමෙයි ඔබේ අනාගතය විතරක් නෙමෙයි රටේ ඉදිරි පැවැත්ම පවා තීරණය වන බව ඔබ සිහිතබා ගන්න. උගතෙක් වෙන්න සුදු කරපටි රැකියාවක නිත්‍ය හිමිකරුවෙක් වෙන්න ඉහළම සුදුසුකම වෙන්නේ මුදල් කියන තැනට මේ රට යමින් තියෙනවා. ඒ නිසා ඇතිවන ගැටලු ශිෂ්‍ය පහරදීම් විශ්වවිද්‍යාල තුළ ඇතිවෙන වෙනත් අර්බුද හැකි ඉක්මනින් රටට හෙළිදරව් කිරීමේ ව්‍යාපෘතියේ හිමිකරුවා ඔබට පුළුවන් නම් හොයාගන්න. සමහර විට ඔබට දකින්න ලැබේ. දන්න අඳුනන මූණු. එනිසා මතක තියාගන්න මුළු විශ්වවිද්‍යාල පද්ධතියම කහළ ගොඩක් නෙමෙයි. ගිනි ගොඩක් නෙමෙයි. මේ එක සිදුවීමක්. ඒ සිදුවීම හරියට හෙව්වොත් ඔබට මුණගැහෙන්නේ සරසවි උපසංස්කෘතියට වඩා විශ්වවිද්‍යාලය තුළ තියෙන පුද්ගලික කෝන්තර. මේවා සම වයස හෝ ඊට ආසන්න වයසේ කණ්ඩායමක් බාහිර බලපෑමකින් තොරව ඒකරාශී වෙලා ඉන්න ගාමන්ට්වල වෙනත් අධ්‍යාපනික ආයතනවල පිරිවෙන්වල එහෙ නැත්නම් වෘත්තීය ආයතනවල වගේ හැම තැනකම වෙන සහ වියහැකි දේවල්. ඒවා බරපතළ අපරාධ වැරදි. මොකද ඔවුන් පූර්ව නිගමනයක ඉන්නවා මට ආයෙත් කැම්පස් යන්න ඕනි හින්දා මට ආයෙත් ඉස්කෝලේ යන්න ඕනි හින්දා මට ආයෙත් වැඩට යන්න ඕන හින්දා මට ආයතනයට යන්න ඕනෙ හින්දා මේක කාටවත් යන්නෙ නෑ කියන එක. ඒ නිසා හැකිනම් ඔබ මෙවැනි තත්ත්වයකදී විශ්වාසවන්ත සහ ගෞරවනීය පුරවැසියකු ලෙස කටයුතු කරන්න. කිසිසේත්ම මෙවැන්නකදී සියදිවි නසාගත් පුද්ගලයන්ව ප්‍රහර්ෂයට නැගීමෙන් වළකින්න. මරණය උත්කර්ෂයට නොනැගිය යුතු කාරණයක්. වල් වාසි ගන්න බලාගෙන ඉන්න තුරුම්පු කොළ අතේ නැති හාදුව ගැනත් අවධානයෙන් ඉන්න. දහස් ගණන් මල් පිපෙන සරසවි පද්ධතිය අමු සොහොනක් බව නිගමනය කරන්නට එක සිදුවීමක් දෙකක් නිසා කලබල නොවන්න. ඔබ හෙට ඔබේ දරුවාට රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලබාදීමට සූදානම් වෙන්න. ඔහු හෝ ඇය එවැන්නකට සුදුස්සෙක් බවට පත්කරන්න ශාරීරිකව සහ මානසිකව.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපි තමයි වැඩිම – ටිල්වින්! Sri Lanka Latest News

Next Post

ඉවරයක් නෑ එකපිට එක..! මෙන්න වටවලදී 5 දෙනෙක් එක්ක කාර් එකක් ප්‍රපාතයකට පෙරළෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.