• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඈවරයි දෑවරයි තුන්ඈවරයි! වටිනාකම ඩොලර් මිලියන 13යි! බුදුන් වහන්සේටත් මිලක් නියම කරපු පෙපේ! Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඈවරයි දෑවරයි තුන්ඈවරයි! වටිනාකම ඩොලර් මිලියන 13යි! බුදුන් වහන්සේටත් මිලක් නියම කරපු පෙපේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගෞතම බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙළෙඳපළේ අලෙවි කළ හැකි කලා කෘතියක් ලෙස සැලකිය හැකි භාණ්ඩයක්ද? සත්‍ය වශයෙන්ම ඒවා එසේ නොවන බැවින් විකුණුම්කරුට ඒවා වෙන්දේසි කිරීමට සදාචාරාත්මකව අවසර දී ඇත්තේ කෙසේද? මෙම ‘විකුණුම්කරු’ යන තැනැත්තා ‘භාරකරු’ ලෙස හඳුන්වන බැවින් මම අසන්නට කැමැතියි ඔහු කා වෙනුවෙන්ද ‘භාරකරු’ කියලා. බුදුන් වහන්සේගේ ධාතුන් සහ අනෙකුත් කෞතුක වස්තූන් සඳහා එසේ භාරකරුවකු පත්විය හැකිද? හොඳයි අපි කියමු භාරකරුවකු ඉන්නවා කියලා. ඒත් ඔහුට පුළුවන්ද මේ මිල කළ නොහැකි කෞතුක වස්තූන් විකුණන්න? ප්‍රශ්නය තිබෙන්නේ එතැනයි. වෙන්දේසිකරුවන් විසින් මෙම අතිශයින්ම පූජනීය බෞද්ධ පුරාවස්තු විකිණිය හැකි සාමාන්‍ය වස්තූන් බවට පරිවර්තනය කර තිබෙනවා. ඔවුන් මේවා විකුණනු ලබන්නේ මැණික් සහ රත්‍රන් ලෙස පෙන්වා දෙමින්. එවැනි වස්තූන් මෙම එකතුවේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු කොටස් පවා තියෙන්න පුළුවන්…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන අතිශයින්ම ආන්දෝලනාත්මක කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතයට අදාළව කියැවුණු මෙම සුවිශේෂ කතාව අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. එනම් විදේශ මාධ්‍ය වාර්තා ගණනාවක් හරහා එම වතගොත අසන්නට ලැබුණේය. මෙම කතාව අපට කියා සිටින්නේ කවුදැයි සොයා බැලීමට ප්‍රථම එම ප්‍රකාශය තවදුරටත් කියා සිටින්නේ කුමක්දැයි අවධාරණය කරගනිමු.

‘මෙම මිල කළ නොහැකි පුරාවස්තු සියල්ලම සොයාගෙන ඇත්තේ අසාමාන්‍ය පුරාවිද්‍යාත්මක කැණීමකින්. එය සිදුකර ඇත්තේ 1898 වසරේ උතුරු ඉන්දියාවේ ලුම්බිණියට දකුණින් පිහිටි පීප්‍රාහ්වා නමැති ස්ථානයේ තිබුණු ඉපැරැණි ස්තූපයකින්. මෙය වසර 2000කට වඩා පැරැණි එකක්. ලුම්බිණිය කියන්නේ බුදුන් වහන්සේ උපන් ස්ථානය. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් එනම් මෙම ස්තූපය අසල තිබුණු ඉපැරැණි සෙල්ලිපියකින් ප්‍රකාශ වෙලා තිබෙන්නේ මෙම ස්ථානය බුදුන් වහන්සේගේ ශාක්‍ය වංශයට අයත් අනුගාමිකයන් විසින් ඉදිකරන ලද්දක් බවයි. එනම් මෙම පැරැණි ස්තූපයේ අනිවාර්යයෙන්ම තිබිය යුත්තේ බුදුන් වහන්සේට සම්බන්ධ ධාතුන් වහන්සේලා විය යුතුයි. ඉන්දියාවේ බි්‍රතාන්‍ය යටත්විජිත සමයේදී තමයි, එනම් 1898දී ඉංග්‍රීසි වතු කළමනාකරුවකු වූ විලියම් ක්ලැක්ස්ටන් පෙපේ :නමැත්තා විසින් මෙම ස්තූපයේ කැණීම් සිදුකර තිබෙන්නේ. එහිදී තමයි ඔහු මෙම වටිනා වස්තූන් සොයාගෙන තිබෙන්නේ. ඔහු මෙම පුරාවස්තු එකල බි්‍රතාන්‍ය පාලකයන්ට භාරදුන්නත් එයින් එක් කොටසක් ඔහු සතුව තිබී තිබෙනවා. එයින් පසුව වසර 130කට (සියවසකට අධික) ආසන්න කාලයක් එම වතු පාලකයාගේ පවුලේ පරම්පරා තුනක් යටතේ මෙම කෞතුක වස්තූන් තිබිලා තියෙනවා. විලියම් ක්ලැක්ස්ටන් පෙපේගේ මීමුණුබුරකු වන ක්‍රිස් පෙපේ තමයි අද මේ භාණ්ඩවල අයිතිකරුවා. මෙම මිලකළ නොහැකි කෞතුක භාණ්ඩ වෙන්දේසිය සිදුකරන්නේ ඔවුන් විසිනුයි. මෙම සිදුවීමට එරෙහිව අද අප පමණක් නොව ලෝකයේ බොහෝ පාර්ශ්වවලින් විශාල විරෝධයක් මතුව තිබෙනවා….’

දැන් ඔබ මෙම කතාවේ යම් සංධිස්ථානයකට පැමිණ සිටින්නේය. පසුගිය දිනක මෙම සුවිශේෂ කතාව අපට කියා සිටියේ මහා බි්‍රතාන්‍යයේ (එංගලන්තයේ) වෙසෙන විද්වතුන් දෙදෙනකු විසිනි. එයින් ප්‍රධානියා නම් එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඈෂ්ලි තොම්ප්සන් මහත්මියයි. ඇය එම විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය. එසේම ඇය ආසියාතික පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥවරියක්ද වෙයි. ලොව කීර්තිමත් හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සහ පැරිස් විශ්වවිද්‍යාලයෙන්ද ඇය ආචාර්ය උපාධි හිමිකරගෙන ඇත. ඇය සමග එක්ව සිටින අනෙක් විද්වතා නම් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ කලා ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධි අපේක්ෂකයකු වන කොනන් චියොන්ග් නමැත්තාය. ආසියාවේ ථේරවාද බුදුදහම හා බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ඔහු උපදේශකවරයකුද වෙයි.

දැන් ඔබ මෙම කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් වෙත පැමිණ සිටින්නේය. ඉහත විද්වතුන් දෙදෙනා විසින් විදෙස් මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශය මගින් කියැවෙන්නේ කුමක්ද? එහි සම්පූර්ණ විස්තරය කුමක්දැයි දැන් මෙතැන් සිට සොයා බලමු.

ඉහත සඳහන් කළ ඉන්දියාවේ ලුම්බිණි ප්‍රදේශයේ ස්තූපයකින් කැණීම් කොට සොයාගන්නා ලද බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ යැයි පැවැසෙන අතිශය ඉපැරැණි සහ මිලකළ නොහැකි ධාතුන් වහන්සේ කොටස් සහ කෞතුක වස්තූන් කොටස් 1,800ක ප්‍රමාණයක් මහජන වෙන්දේසියක තබා විකිණීමට කටයුතු කිරීම මෙම සුවිශේෂ පුවත වෙයි. මෙම භාණ්ඩවල අයිතිය ඇත්තේ යැයි කරුණු ප්‍රකාශ කරන ඉහත ‘පෙපේ’ පවුල විසින් මෙම වෙන්දේසිය භාරකර ඇත්තේ ලොව අංක එකට තිබෙන සහ ලොව විශාලතම කෞතුක භාණ්ඩ හා ලලිත කලා භාණ්ඩ වෙන්දේසි තැරැව්කාර සමාගමක් වන ඇමෙරිකාවේ ‘සොතෙබීස්’ නමැති සමාගම වෙතය. මෙම සමාගම මුලින් බි්‍රතාන්‍යයේ ආරම්භ කරන ලද අතර, අද එහි මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේය. මෙම සුවිශාල සමාගම සතු ශාඛා ලෝකයේ රටවල් 40ක ස්ථාන 80ක පිහිටා ඇත. වසර 281කට පෙර 1744දී එංගලන්තයේ ලන්ඩන් නුවරදී මෙය ආරම්භ කරන ලදී. ඉතා සාර්ථක අයුරින් තම වෙන්දේසි කටයුතු සිදුකරන මෙම සමාගමට විවිධ අවස්ථාවල චෝදනා පවා එල්ලවී ඇත්තේ ලෝකයේ ඉපැරැණි කෞතුක භාණ්ඩ විකිණීමේ සිද්ධීන්වලදීය. දැනට මෙම සමාගමේ තනි අයිතිකරුවා වන්නේ මොරොක්කෝ-ඊශ්‍රායල ප්‍රකෝටිපති ධනකුවේරයෙකි. ඔහු සතුව වෙනත් ව්‍යාපාර රැසක්ද පවතී.

මේ වනවිට මුළුමහත් ලෝකයම මහත් ආන්දෝලනයට සහ විස්මයට පත්කර තිබෙන මෙම වෙන්දේසියේදී බුදුන් වහන්සේගේ ජීවිතයට සම්බන්ධ මෙම කෞතුක වස්තූන් විකිණීමට නියමිතව ඇත්තේ හොංකොං රාජ්‍යයේ පැවැත්වෙන වෙන්දේසියකදීය. ඒ සඳහා විකුණුම් මිල වශයෙන් හොංකොං ඩොලර් මිලියන 100ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 13ක් පමණ) නියම කර ඇත. මෙම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 385ක් පමණ වේ. මෙහි අනෙකුත් අපූරු කතාව වශයෙන් හෙළිවන්නේ යටකී වෙන්දේසිය පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත්තේ මෙවර මැයි මාසයේ වෙසක් උත්සවයට සමගාමීවය. ඉපැරැණි ශිලා ලේඛනවලට අනුව මෙම කෞතුක වස්තූන් ස්ථිර වශයෙන්ම බුදුන් වහන්සේගේ ජීවිතයට අයත් හෙයින් මෙසේ වෙසක් සමයම තෝරාගෙන ඇතැයි විවිධ පාර්ශ්ව චෝදනා නගා සිටියි. මෙම කෞතුක වස්තූන් වෙන්දේසි කෙරෙන්නේ බුදුන්වහන්සේගේ සමයට අයත් මුතු මැණික් ලෙසය. එනම් ඒවා මුතු, පද්මරාග, තෝපස්, නිල් මැණික් සහ රටා සහිත රන් තහඩු ලෙස හඳුන්වා දී ඇත. අයිතිකරුවන් සහ වෙන්දේසිකරුවන් ප්‍රකාශ කර සිටින්නේ මෙම කෞතුක භාණ්ඩ තොගයේ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ කොටස් අඩංගු නොවන බවයි. එහෙත් මේ වනවිට රටවල් කිහිපයක බෞද්ධ නායකයන් සහ විද්වතුන් ප්‍රකාශ කර ඇති ආකාරයට එය අසත්‍යයක් බවත්, ශාරීරික ධාතුන්ද මෙයට අයත් බවටත් චෝදනා කරයි. සමහර ශාරීරික ධාතුන් මේ වනවිට මුතු මැණික් ස්වරූපයට ‘ඝන ස්ඵටික’ ලෙසට පරිවර්තනය වී ඇතැයි ඔවුන් ප්‍රකාශ කරයි. එසේ ශාරීරික ධාතුන් විකුණන්නේ නම් එය මහත් අර්බුදයක් බවට පත්වන හෙයින් අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇත.

කෙසේ හෝ මේ වනවිට මෙම සිදුවීම මුළුමහත් ලෝකයම උඩුයටිකුරු කරන පුවතක් බවට පත්ව ඇත. මෙලෙස බුදුන් වහන්සේගේ ශාරීරික ජීවිතයට සම්බන්ධ යැයි ශිලා ලේඛන මගින් සත්‍ය ලෙසම ඔප්පු කර ඇති මෙවැනි කෞතුක වස්තූන් තොගයක් ප්‍රසිද්ධ වෙන්දේසියක විකුණනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වශයෙන් සැලකෙයි. මෙම වෙන්දේසියට එරෙහිව මේ වනවිට බෞද්ධ පාර්ශ්ව ගණනාවක්ම විරුද්ධතාව ප්‍රකාශ කර ඇති අතර, නීතිමය ආකාරයෙන් කටයුතු කිරීමටද පියවර ගනිමින් සිටී. එහෙත් මේ වනවිට පසුගිය වසර 130ක් පුරා මෙම කෞතුක වස්තූන්ට භාරකාරත්වය ප්‍රකාශ කරන පාර්ශ්වයක්ද සිටින හෙයින් මෙම අර්බුදයට විවිධ ආකාරයේ පැතිකඩ ගෙන ඇත. දැනට මෙම මිල කළ නොහැකි කෞතුක වස්තූන්ගේ අයිතිකරුවා යැයි පැවසෙන ක්‍රිස් පෙපේ නමැති බි්‍රතාන්‍ය ජාතිකයා ප්‍රකාශ කර ඇත්තේ අපූරු කතාවකි.
‘අපගේ පවුලේ අය මෙම කෞතුක වස්තූන් යම් පාර්ශ්වයක් වෙත පරිත්‍යාග කිරීම ගැන කිහිප වතාවක් සොයා බැලුවත් එහිදී විකල්ප ප්‍රශ්න ගණනාවක් ඇතිවුණා. ඒ නිසා වෙන්දේසියක් මගින් මිලදී ගැනීමට හැකි පාර්ශ්වයක් හරහා මෙම වස්තූන් බෞද්ධයන්ට පැවරීම සාධාරණම සහ වඩාත් විනිවිද පෙනෙන ක්‍රමය ලෙස අප අදහස් කරනු ලැබුවා…’ යැයි ඔහු ප්‍රකාශ කර ඇත. ‘කල දුටු කල වළ ඉහගැනීමේ’ එම අපූරු කතාව ගැන ඔබ සිතන්නේ කුමක්ද? පුරාවස්තු කොල්ලකරුවෝ ලෝකයේ සෑම රටකම සිටිති. එය අරුමයක් නොවේ.

ඔබට මෙම කතාව ලියා අවසන් වූ විට දැන් ආරංචි වූයේ සුවිශේෂ පුවතකි. එනම් ඉන්දීය රජය වහා ප්‍රකාශ කර ඇත්තේ මෙම පැවැත්වීමට නියමිත බුදුන් වහන්සේගේ කෞතුක වස්තූන් වෙන්දේසිය වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙසය. වෙන්දේසි සමාගමට එම ප්‍රකාශය සිදුකර ඇති අතර, කෞතුක වස්තූන් අයිති යැයි කියා සිටින අයිතිකරුට ඉන්දීය රජය තර්ජනය කරමින් තදබල ලෙස ප්‍රකාශ කර ඇත්තේ අදාළ පුරාවස්තු වහාම ඉන්දීය රජය වෙත භාරදෙන ලෙසය. මෙම වෙන්දේසිය ඉන්දීය සහ ජාත්‍යන්තර නීතිද උල්ලංඝනය කරන අතර, එක්සත් ජාතීන්ගේ සම්මුතීන්ද උල්ලංඝනය කර ඇතැයි ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත. ඉහත පාර්ශ්ව දෙකම නිසි පියවර නොගතහොත් එම ක්‍රියාවට විරුද්ධව ඉන්දීය රජය වහා නීතිමය පියවර ගන්නා බව ඉන්දීය රජය ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මේ අනුව දැනටමත් වෙන්දේසි සමාගම විසින් යටකී වෙන්දේසිය නොපැවැත්වීම කෙරෙහි අවධානය යොමුකර ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ප්‍රතිපත්ති චේන්ජ්! පිරිසුදුභාවය ලෙෆ්ට්! කන්‍යාභාවය බ්ලාස්ට්! මෙන්න මාලිමාව පළාත්පාලන ආයතනවල බලය ගන්න හදන විදිහ! VIDEO I Sri Lanka Latest News

Next Post

රටම ආදරය කරපු අගමැති ඩඩ්ලි දැදිගම යළිත් ඉපදිලාද? Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.