• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවයි ලංකාවයි යාකරපු ආදම්ගේ පාලම ගැන ඇමෙරිකාවෙන් අලුත් සොයාගැනීමක්! හැදුණද? – හැදුවද? ගල් ගෙනල්ලා තියෙන්නේ වෙන තැනකින්! Sri Lanka Latest News

May 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දියාවයි ලංකාවයි යාකරපු ආදම්ගේ පාලම ගැන ඇමෙරිකාවෙන් අලුත් සොයාගැනීමක්! හැදුණද? – හැදුවද? ගල් ගෙනල්ලා තියෙන්නේ වෙන තැනකින්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද්භූත විශ්වාසයන්ට හේතු වූ ආදම්ගේ පාලමේ ගැටලුව විසඳීමට විවිධ පර්යේෂණ කෙරී තිබෙනවා. නමුත් ඒ ගැන නිශ්චිත අදහසක් පැවැතුණේ නැහැ. පසුගියදා චන්ද්‍රිකා මගින් ලබාගන්නා ලද ඡායාරූප පෙළකින් පසුව පර්යේෂණයක නිරත වූ ඇමෙරිකානු භූ විද්‍යාඥයන් පිරිසක්, මෙම පාලම ස්වභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක්ය යන නිගමනයට එළඹ තිබෙනවා. 2017දී ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාවේ ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් ඒ පිළිබඳ ප්‍රචාරය වීමත් සමග ඉන්දියාව නැවත ඇවිස්සී ගියා.

වර්ෂ 2006 සහ 2018 දී අමෙරිකානු චන්ද්‍රිකා වන ලෑන්ඩ්සැට් 5 සහ 8 යන චන්ද්‍රිකාවලින් ගත් ඡායාරූප විශ්ලේෂණයෙන් මෙම මතයට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදේ නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දැකගත හැකියි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සැතපුම් 30ක්‌ දුරින් පිහිටි වැලිතලාවේ විශාල ගල් දැමීමට ක්‍රියාකර ඇති බව සනාථ වන බවද, එම ගල් වසර 7000ක්‌ පැරණි බවද එම විද්‍යාඥයන් පිරිස පවසනවා.
සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලි පරයක් ලෙස හැඳින්වුවත් එය සාමාන්‍ය වැලි පරයක් නොවන බව ඔවුන්ගේ මතයයි. වැලි පරය මත වෙනත් ප‍්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදිකර ඇතැයි යන්න ඔවුන්ගේ මතයවී තිබෙනවා. නමුත් මෙවැනි විශාල පර්වත වර්ෂ දහස් ගණනකට පෙර එම ස්ථානයට රැගෙන ආවේ කෙසේද යන්න විද්‍යාඥයන්ට පවා ගැටලුවක්ව තිබේ.

ඇත්ත – නැත්ත සොයා ඉන්දියානු පර්යේෂණ
ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණි කාලයකට අයත්ය. පාෂාණ සම්බන්ධයෙන් සිදුකළ කාල නිර්ණවලදී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබෙනවා. වැලිපරය පසුකාලයේ ස්වභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයිද, පාලම වෙනත් ප‍්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදාගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවටද මතයක් තිබේ.

ඉන්දියාව සහ ලංකාව යාවී ඇති ආකාරය චන්ද්‍රිකාවක් දුටු අයුරු
ආදම්ගේ පාලම හෙවත් රාමාගේ පාලම ආශ්‍රිත මුහුද යට විද්‍යාත්මක ගවේෂණ ආරම්භ කිරීමට ඉන්දීය රජය අවසර ලබාදී ඇතැයි ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය පසුගිය ජනවාරියේ වාර්තා කළා. විද්‍යාත්මක පර්‌යේෂණ මත පදනම්ව සාක්ෂි ලබාගනිමින් ආදම්ගේ පාලමේ සැබෑ තොරතුරු ලෝකයට අනාවරණ කිරීම මෙම ගවේෂණයේ අරමුණ බව ඉන්දීය සංචාරක සහ සංස්කෘතික ඇමැති ප්‍රහලාද් සිං පටෙල් ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය එක්ස්ප්‍රස් වාර්තාවට අනුව ඉන්දියාවේ විද්‍යාත්මක හා කාර්මික පර්‌යේෂණ කවුන්සිලය සහ ගෝවාහි ජාතික සාගර විද්‍යා ආයතනය මෙම අධ්‍යයනය සිදුකරනු ලබනවා. ආදම්ගේ පාලම ආශ්‍රිතව රාමායනයට අදාළ පුරාවිද්‍යාත්මක ස්ථාන සාගරයේ ගිලී පවතීදැයි මෙම ගවේෂණයේදී අවධානය යොමුකිරීමට නියමිතයි. එසේම පාලමේ නිශ්චිත වයස සාගර පතුලේ ඇති ෆොසිල අධ්‍යයනයෙන් සොයාගැනීමටද ගවේෂකයෝ සූදානම්ව සිටිනවා.

ගාමිණී වැන්ඩකෝන්

SendShareShare
Previous Post

පොලිස් බයික් වටකරගෙන පොලිස් ආරක්ෂාව දාගෙන උත්සවයකට ඇවිත් රටම කතාකරපු හයේෂිකා ‘ටීචර් අම්මා’ තරුණයෙක්ට පයින් වෘෂණ කෝෂවලට ගහලා! හේතුව පෝස්ට් එකට කමෙන්ට් එකක් දැමීමලු! සැමියයි මැනේජරුයි පොලිස් අත්අඩංගුවේ! ටීචර් අම්මා ගමෙන් පැනලා! VIDEO I Sri Lanka Latest News

Next Post

හඬපට එළියට එනවා! සල්ලිවලට මන්ත්‍රීලා බාගැනීම ඇරඹේ! කොළඹ කෝටි 2යි! ගමේ ලක්ෂ 25යි! විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා..! ආණ්ඩුවෙන් විපක්ෂයට චෝදනා..! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.