• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර වියට්නාමයත් එක්ක ගිවිසුම් 4ක් ගහයි! PHOTOS I Sri Lanka Latest News

May 5, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
අනුර වියට්නාමයත් එක්ක ගිවිසුම් 4ක් ගහයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාළව අවබෝධතා ගිවිසුම් 04ක් හා එක් ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහත්වරු ඉදිරියේ සිදු විය.Sri Lanka Latest News

වියට්නාම ජනාධිති මන්දිරයේ දෙරට අතර අද (05) පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව මෙම අවබෝධතා ගිවිසුම හා ගිවිසුමට අත්සන් තබනු ලැබීය.

මෙහිදී වියට්නාම සමාජවාදී ජනරජය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර රේගු කටයුතු සම්බන්ධයෙන් සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සහාය පිළිබඳ එකඟතාවයකට පැමිණ ඇත.

වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, වියට්නාමයේ කෘෂිකර්ම විද්‍යා ඇකඩමිය සහ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අතර කෘෂිකර්ම සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුම හා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන නියෝජිතායතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් තැබිණි.

මෙම ගිවිසුම් මඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.

මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් දෙරටට ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-05-05

SendShareShare
Previous Post

නුවරට අපලයක්! PHOTOS I Sri Lanka Latest News

Next Post

හරිනි කරපු ‘ෂේප්’ කතාව තවත් පත්තු වෙයි! සජබෙ කොළඹ නගරාධිපති අපේක්ෂක දොස්තර රුවයිස් හනීෆා එක්ක මුජිබර් මැතිවරණ කොමිසමට ඇවිත් පැමිණිලි කරයි! ආණ්ඩුවේ සියලුම නාමයෝජනා අවලංගු කරන්න ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

Load More
ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

සමගි වනිතා බලවේගයේ ප්‍රථම බල මණ්ඩලය ඊයේ (14) දින ආනමඩුව ආසනයේදී අති සාර්ථක ලෙස පැවැත්වුනා. Sri Lanka Latest News මේ...

Read more
කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

යුද්ධය ඉවරයි! ඓතිහාසික ඉරාන-අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා ජිනීවාවලදී අත්සන් කරනවා! I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

අවුරුදු 14කට පසු රත්තොටට ආ පක්ෂ කාර්යාලය! PHOTOS I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.