• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසස් පෙළෙන් උසස් ලෙසම ගේම ගහපු කොල්ලො කෙල්ලො! Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

2024 වර්ෂයට අදාළ උසස් පෙළ ප්‍රතිඵල පහුගිය දවසක නිකුත් වුණා මේ ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධව විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය කරුණු කාරණා බොහොමයක් තියෙනවා. ඇත්තටම ප්‍රතිඵල නිකුත් වුණේ පුදුම විදියට කාලය නාස්ති කරලා. ඇත්තම කතාව තමයි දරුවන්ගේ කාලය කියලා කියන්නේ දවස් කියලා කියන්නේ සෙල්ලමක් නොවන බව අපේ රටේ ඉන්න බොහෝ දෙනකුට අමතක වෙලා තියෙන එක ගැන අපිට තියෙන්නේ දැඩි කනගාටුවක්. ප්‍රතිඵල නිකුත් කරන්න මෙච්චර කාලයක් ගත්තේ ඇයි කියන එක ගැන අපි තවම දන්නේ නෑ. අපිට දැනෙන්නේ නම් ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ඒ තරම් ලොකු වගකීමක් මේ අවුරුද්දේ දකින්න ලැබුණේ නෑ වගේ කතාවක්. ඒක අපි 100%ක් වගකීම්සහගතව කරන ප්‍රකාශයක් නෙවෙයි. හැබැයි අපිට හිතුණා එහෙමද කියලා. එහෙම නැත්නම් මීට කලින් ප්‍රතිඵල නිකුත් කරන්න තිබුණා නේද කියලත් අපිට හිතෙනවා. එහෙම නැතිව විභාග ප්‍රතිඵල නිකුත් නොකර කාලය නාස්ති කරන්න තරම් සාධාරණ හේතුවක් තියෙනවා යැයි අපට දැනෙන්නේ නැහැ. Sri Lanka Latest News

මෙවර තියෙන විශේෂත්වය වෙන්නේ දැන් මුළු ලෝකෙම තමන්ගේ විභාග පරණ පුරුදු ක්‍රමවේදවලට දින වකවානුවලට අරගෙන ප්‍රතිඵල නිකුත් කිරීම ක්‍රමවත්ව ප්‍රමිතිගතව සිද්ධ කරන්න පටන් අරගෙන තියෙන එක. ඒත් ලංකාවේ එහෙම එකක් දකින්න ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් ප්‍රතිඵල නිකුත් වීමෙන් පස්සේ අපි දන්නවා ප්‍රතිඵල විශ්ලේෂණයක් එළියට එනවා. මේ විශ්ලේෂණය සම්බන්ධව ඔබ දැනුවත් කළ යුතුයි කියලා හිතුණු නිසා අපි හිතුවා ප්‍රතිඵල විශ්ලේෂණය ගැන විශේෂ වාර්තාවක් මේ වතාවේ සකස් කරන්න. ඔබ දන්නවද දන්නේ නෑ උසස් පෙළ විෂය නිර්දේශයට අදාළව විෂයන් 62කට ශිෂ්‍යයන් පෙනීසිටින වග. මේ විෂයන් 62න් වැඩිම සිසුන් ප්‍රමාණයක් පෙනීසිටින විභාග ප්‍රශ්න පත්‍රය විදියට හඳුනාගන්න පුළුවන් වෙන්නේ උසස් පෙළ විභාගයට අදාළව ජෙනරල් ඉංග්ලිෂ් කියන ප්‍රශ්න පත්‍රය. 2,36,207 දෙනෙක් ජෙනරල් ඉංග්ලිෂ් විභාගය සඳහා පෙනී ඉඳලා තියෙනවා. මෙහිදී ‘ඒ’ සාමාර්ථ 20,473කුත්, ‘බී’ සාමාර්ථ 16,039කුත්, ‘සී’ සාමාර්ථ 31,312කුත්, ‘එස්’ සාමාර්ථ 68,404කුත් විදියට ප්‍රතිඵල නිකුත් වෙද්දී ඔබ විශ්වාස කරනවද දන්නේ නැහැ 99,979ක් මේ වතාවෙත් ඉංග්‍රීසි විභාගය අසමත් වෙලා තියෙනවා. මෙහි තියෙන විශේෂත්වය වෙන්නේ තව 21 දෙනෙක් අසමත් වුණා නම් ඉංග්‍රීසි ලක්ෂයක් අසමත් වූ විභාගයක් බවට පත්වීම. ගණන් බැලුවාම හැම වෙලාවකම වැඩිම අගයන් සහිතව සමත් වීම්, අසමත් වීම්, ‘ඒ’ සාමාර්ථ සියල්ලම තියෙන්නේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට අදාළව. නමුත් මේ ජෙනරල් ඉංග්ලිෂ් කියන ප්‍රශ්න පත්‍රය ප්‍රධාන විෂය ධාරාවට අදාළ වෙන විෂයක් නොවන නිසාත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ නොවන නිසාත් අපිට ඒක අයින් කරන්න පුළුවන්.

දැන් අපි කතාකරමු සාමාන්‍ය විෂය කරුණු කීපයක් සහ සාමාන්‍ය විෂයන් ගැන අපිට ලැබුණු මේ අවසාන තොරතුරු ගැන. ඔබ දන්නවද දන්නේ නැහැ ‘ඒ’ සාමාර්ථ එකක්වත් නැති විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් මේ වතාවේ තියෙනවා. මේ වතාවේ ‘ඒ’ සාමාර්ථ එකක්වත් අරගෙන නැති විෂයන් 6ක් උසස් පෙළ විෂය නිර්දේශයේ තියෙනවා. ඒ කියන්නේ උසස් ගණිතය, සිවිල් ටෙක්නොලොජි කියන විෂය, ඒ වගේම මැකැනිකල් ටෙක්නොලොජි කියන විෂය, ඉලෙටි්‍රකල් ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි කියන විෂය, බයෝ රිසෝර්ස් ටෙක්නොලොජි කියන විෂය සහ නාට්‍ය හා රංග කලාව ඉංග්‍රීසි මාධ්‍ය කියන විෂයයන්. මෙහිදී ලංකාවේ අඩුම සිසුන් ප්‍රමාණයක් ලියපු ප්‍රශ්න පත්‍රය වෙන්නේ නාට්‍ය හා රංග කලාව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රය. මෙවර ප්‍රශ්න පත්‍රය හදලා විභාගයට මුහුණ දීලා තියෙන්නේ එක ශිෂ්‍යයෙක් විතරයි. එක්කෙනෙක්ට විතරක් හදලා දුන්නු ප්‍රශ්න පත්‍රයක් විදියට තමයි මෙය හඳුනාගන්න පුළුවන්කම තියෙන්නේ. මේ ශිෂ්‍යයාට ‘ඒ’ හෝ ‘බී’ සාමාර්ථයක් ගන්න බැරිවෙලා තියෙනවා. ඔහු ‘සී’ සාමාර්ථයකින් සැනසීමට පත්වෙලා තියෙනවා. ඒ අනුව අඩුම අසමත් ප්‍රතිශතය විදියට සඳහන් වෙන්නේ මේ 0%ක් වූ ප්‍රතිශතය.

ඒ වගේම ලංකාවේ අඩුවෙන් විභාගයට මුහුණ දෙන විෂයන් විශාල ප්‍රමාණයක් තියෙන බව ඔබ දැන සිටිය යුතුයි. සාමාන්‍යයෙන් 10 දෙනකුට වඩා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් විභාගයට මුහුණ දුන්නු විෂයන් කීපයක් මේ වතාවෙත් අපට දකින්න ලැබුණා. ඉන් දෙවැනි අවම අගය ලෙස සඳහන් වෙන්නේ මෙවර උසස් පෙළ විභාගයේ උසස් ගණිතය කියන විෂය. උසස් ගණිතයට පෙනී ඉඳලා තියෙන්නේ සිසුන් 4 දෙනෙක් විතරයි. ඒ වගේම ශිෂ්‍යයෝ 5 දෙනෙක් විතරක් පෙනීහිටපු විෂයක් විදියට මැලේ භාෂා ප්‍රශ්න පත්‍රය හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. වැඩිම ප්‍රතිශතයක් ලෙස ‘ඒ’ සාමාර්ථ ලබාගත්ත විෂය මොකක්ද කියලා අපි හොයලා බැලුවොත් අපිට දැනගන්න ලැබෙන්නේ මැලේ භාෂාව කියන විෂය තමයි. මැලේ භාෂාව ශිෂ්‍යයෝ 5 දෙනෙක් විභාගයට ලියලා ඉන් දෙන්නෙක් ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තියෙනවා. එතකොට අඩුම ‘ඒ’ සාමාර්ථ සම්බන්ධව අපි කිව්වනේ. හැබැයි ඒ 0%ක් නේ. 0% ලබාගත්ත විෂයන් 6ක් තියෙන බවත් අපි කිව්වනේ. ඊට අමතරව අවම ප්‍රතිශත අගයන් සඳහන් කරන විෂයන් කීපයක්ම අපිට දකින්න ලැබෙනවා. ඒත් අපි කතාකරමින් හිටියේ වැඩිම ප්‍රතිශත අගයන් ගැන නිසා අපි ඒ ගැන කතාකරලා අවම ප්‍රතිශත අගයන්වලට යමු. 36.56%ක් සමත් ප්‍රතිශතයක් අරාබි භාෂාව ප්‍රශ්න පත්‍රයට ලැබී තිබෙන බව අපි දැක්කා. ඒ වගේම 32.12%ක් ශිෂ්‍යයන් ක්‍රිස්ටියැනිටි කියන විෂයටත්, ඉස්ලාම් විෂයෙන් 31.50%කුත් සමත් ප්‍රතිශතයන් සඳහන් කරලා තියෙන වග අපට දැකගන්නට ලැබුණා. මේ විෂයන්ට අමතරව 30%ට ඊට එහා ‘ඒ’ සාමාර්ථ ප්‍රතිශතයන් සඳහන් වෙන වෙනත් විෂයන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

මේ අවුරුද්දේ අපිට දකින්න ලැබුණා 44%ක් අසමත් වුණු නව විෂයක්. ඒ වගේම 50%ක් අසමත් වුණු විෂයක් අපි දැක්කා. මේවා වැඩිම අසමත් ප්‍රතිශත විදියට අපිට හඳුනාගන්න පුළුවන්. 50%ක් අසමත් වූ විෂය විදියට අපිට හඳුනාගන්න ලැබෙන්නේ උසස් ගණිතය කියන විෂය. උසස් ගණිතයට ළමයි හතර දෙනෙක් පෙනී ඉඳලා ඉන් දෙන්නෙක් අසමත් වෙලා තියෙන බවයි කනගාටුවෙන් සඳහන් කරන්න වෙන්නේ. ඊට වැඩි ප්‍රතිශත අගයක් ලැයිස්තුවේ සඳහන් වෙලා තියෙන වග අපිට වැඩිපුර හොයලා බලද්දී දැනගන්න ලැබුණා. ලංකාවේ වැඩිම ශිෂ්‍ය ප්‍රතිශතයක් අසමත් වුණු විෂය විදියට 57.89%ක් ශිෂ්‍යයන් අසමත් වෙලා තියෙන මැකැනිකල් ටෙක්නොලොජි කියන විෂය හඳුනාගන්න පුළුවන්. මේ විෂයට සිසුන් 19ක් පෙනී ඉඳලා තියෙනවා ‘ඒ’ හෝ ‘බී’ සාමාර්ථ එකක්වත් නෑ. ‘සී’ සාමාර්ථ 2ක් තියෙනවා. ‘එස්’ සාමාර්ථ 6ක් තියෙනවා. නමුත් සිසුන් 11 දෙනෙක් අසමත් වූ වග තමයි කනගාටුවෙන් සඳහන් කරන්න වෙලා තියෙන්නේ. 53.85%ක් අසමත් අගයක් පෙන්නුම් කරන්නේ ඉලෙක්ටි්‍රකල් ඉලෙක්ට්‍රොනික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි කියන විෂය. සිසුන් 26 දෙනෙක් විතරයි ලංකාවෙන් මේ විෂයට පෙනී ඉඳලා තියෙන්නේ. ‘ඒ’ හෝ ‘බී’ සාමාර්ථ එකක් හෝ ලබා නොගත් විෂයක් විදියටත් මේ විෂය හඳුනාගන්න පුළුවන්.

මේ අවුරුද්දේ ශිෂ්‍යයන් විභාගයට පෙනීසිටීම ගැන හොයලා බැලුවොත් ඉංග්‍රීසි භාෂාවට අමතරව වැඩිම සිසුන් ප්‍රමාණයක් මේ අවුරුද්දෙත් සුපුරුදු පරිදිම පෙනී ඉඳලා තියෙන්නේ ප්‍රශ්න පත්‍ර නිකුත් කරලා තියෙන්නේ 91,047 දෙනෙක් පෙනී ඉඳපු භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය. ලබන අවුරුද්ද වෙද්දී භෞතික විද්‍යාවට පෙනී සිටින ප්‍රමාණය 100,000 බවට පත්වීමට ඉඩ තිබෙනවා මෙන්ම ඉංග්‍රීසි භාෂාව අසමත් වීමේ ප්‍රමාණය 100,000 ඉක්මවා යෑමට ඉඩ තිබෙන බව ඔබට විශේෂයෙන් සඳහන් කරන්න සිද්ධ වෙන කාරණයක්.

මේ විදියට ගත්තම විභාගයේ අතිශය සුවිශේෂ කාරණා රාශියක් අපිට ඔබ සමග කතාකරන්න සිද්ධ වෙලා තිබෙනවා. සිසුන් 88,995ක් රසායන විද්‍යා විෂය සඳහා පෙනී ඉඳලා තියෙනවා. ඊට අමතරව සිසුන් 50,000කට වඩා පෙනීසිටි විෂයන් කීපයක් තමයි අපිට මේ වතාවේ දකින්න ලැබෙන්නේ. ඒ අතර තියෙනවා සිසුන් 57,165ක් පෙනී හිටපු ආර්ථික විද්‍යාව කියන විෂය. ආර්ථික විද්‍යාවේ විශේෂත්වය තමයි මේ සඳහා කලා විෂය ධාරාවත්, වාණිජ විෂය ධාරාවෙත් සිසුන් පෙනී සිටීම. 57,000ක් පෙනීසිටි විෂයට අමතරව 53,402ක් සිසුන් පෙනී ඉඳලා තියෙනවා ජීව විද්‍යාවට. ඒ වගේම 56,945ක් එකවුන්ටින් කියන විෂය සඳහා පෙනීඉඳලා තියෙනවා. ඉන් අනතුරුව අපිට පේනවා 52,472ක් සිසුන් පෙනී ඉඳලා තියෙනවා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂයට. මේ විදියට තමයි විෂයන් සඳහා සිසුන් පෙනී ඉඳපු ප්‍රමාණයන් සඳහන් වෙලා තියෙන්නේ.

මේ වතාවේ තවත් විශේෂ කාරණාවක් දකින්න ලැබුණා අපිට. ඒ තමයි කලා විෂය ධාරාව යටතේ වැඩිම සිසුන් ප්‍රමාණයක් පෙනී ඉඳපු විෂය කුමක්ද කියලා හොයද්දී අපිට දකින්න ලැබුණු කාරණාව. වෙනදා සිංහල විෂය ධාරාව යටතේ වැඩිම සිසුන් ප්‍රමාණයක් පෙනී සිටියාට, මේ වතාවේ සිංහල විෂය ධාරාවේ අගය ඉක්මවා යන්න සමත් වෙලා තියෙනවා භූගෝල විද්‍යාව කියන විෂය. භූගෝල විද්‍යාවට සිසුන් 45,485ක් මෙවර පෙනී සිට ඇති වග අපට දැකගන්න ලැබෙනවා. සිංහල විෂය ධාරාව යටතේ පෙනී සිටපු ශිෂ්‍යයන් සංඛ්‍යාව 43,316යි. මෙවර දේශපාලන විද්‍යා විෂයට 33,842ක් ශිෂ්‍යයන් පෙනී සිට ඇති වග සඳහන් කරනවා වගේම සන්නිවේදය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂයට 32,959ක් පෙනී සිට ඇති වග සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මෙවරත් අයි.සී.ටී. කියන විෂය, එහෙම නැත්නම් අයි.ටී. කියන විෂය සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ සඳහා 50,629ක් ශිෂ්‍යයන් පෙනී ඉඳලා තියෙනවා. මේ විදියට තමයි මෙවර විෂය නිර්දේශිත අගයන් සඳහන් වෙලා තියෙන්නේ.

සෑම ශිෂ්‍යයන් තුන්දෙනෙක්ගෙන්ම එක් අයෙක් අසමත් වුණු විෂයන් විශාල ප්‍රමාණයක් මෙවරත් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම ශිෂ්‍යයන් දෙදෙනෙක්ගෙන් එක් අයෙක් අසමත් වුණු විෂයනුත් අපට දකින්න ලැබෙනවා. අසමත් වීමේ ප්‍රතිශතය 57.89%ක් විදියට සඳහන් වෙලා තියෙන සිවිල් ටෙක්නොලොජි කියන විෂය ගැන අපි ඔබට විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. සිවිල් ටෙක්නොලොජි කියන විෂය නව විෂයක් විදියට තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපි දන්නා තරමට. ඒ සඳහා සිසුන් 19ක් පෙනී ඉඳලා තියෙනවා. ‘ඒ’ සාමාර්ථ නැහැ. ‘බී’ සාමාර්ථ නැහැ. ‘සී’ සාමාර්ථ 2ක් පමණයි මේ විෂය සඳහා ලබාගෙන තියෙන්නේ. වෙනදා මෙවැනි විෂයන්වලින් අපිට වාර්තා වෙන විෂයන් අගයන්ට වඩා මෙය ඉතා අවම අගයක් විදියටයි සඳහන් වෙන්නේ. ‘ඒ’ සාමාර්ථ ප්‍රතිශතයක් විදියට සිසුන් 1000ක් ඉක්මවූ විෂයන්වලින් අඩු ප්‍රතිශත සඳහන් වෙලා තියෙන විෂයන් අපි හොයලා බලන්න ඕනේ. ඒ හරහා ඔබ දැනගත යුතුයි මේ විෂයන් අසමත් වීමේ සහ ‘ඒ’ සාමාර්ථ අඩු වීමේ රහස මොකක්ද කියලා. සිසුන් 10, 15, 20, 30 පෙනී සිටින විෂයන් ගැන නම් අපි ලොකුවට කතාකරලා වැඩක් නැහැ. සිසුන් 15,011ක් පෙනීඉඳපු ඇග්‍රිකල්චර් සයන්ස් (කෘෂිකර්ම විද්‍යාව) කියන විෂයට ‘ඒ’ සාමාර්ථ තියෙන්නේ 611යි. එය ප්‍රතිශතයක් විදියට ගත්තාම 4.07%යි. ඒ වගේම ඔබට විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අයි.සී.ටී. කියන විෂය 50,629ක් සිසුන් විභාගයට පෙනී ඉඳිද්දී 1,888කට පමණයි ‘ඒ’ සාමාර්ථ ලැබිලා තියෙන්නේ. සිය දෙනෙක්ගෙන් තුන් දෙනෙක්ට පමණයි ‘ඒ’ සාමාර්ථයක් ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ප්‍රතිශතයක් විදියට ගත්තාම එය 3.73%ක් විදියටයි සඳහන් වෙලා තියෙන්නේ. අපි මේ සඳහන් කරන්නේ ප්‍රධාන පෙළේ විෂයන් ගැන පමණයි. ප්‍රධාන පෙළේ විෂයන්වල ඉතා අවම ප්‍රතිශතයක් ලෙස ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තියෙන අවස්ථාවන්. ඉංජිනියරින් ටෙක්නොලොජි කියන විෂයට 19,392ක් පෙනීසිටින කොට ‘ඒ’ සාමාර්ථ 292යි ලැබිලා තියෙන්නේ. එය ප්‍රතිශතයක් විදියට 2.52%ක අගයක් වෙනවා.

බී.එස්.ටී. කියන විෂයට සිසුන් 8,461ක් පෙනී ඉන්නකොට ‘ඒ’ සාමාර්ථ 3.82%යි. එස්.එෆ්.ටී. කියන විෂයට 30,398ක් පෙනී ඉන්නකොට ‘ඒ’ සාමාර්ථ 3.49%යි වාර්තා වෙලා තියෙන්නේ. මේ විදියට ප්‍රධාන පෙළේ විෂයන් අතරින් බොහෝ වෙලාවට සිසුන්ගේ අසමත් වීමේ ප්‍රතිශතයන් වාර්තා වෙලා තියෙනවා. අපි මාධ්‍යවේදියෝ නිසා අපිට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂය ගැන විශේෂයෙන් සඳහන් කරන්න සිදුවෙනවා. 7.79%ක් ‘ඒ’ සාමාර්ථ ලැබිලා තියෙනවා. සිසුන් සිය දෙනෙක්ගෙන් හත් දෙනෙක්ට ‘ඒ’ සාමාර්ථ ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. 3,181යි ‘බී’ සාමාර්ථ. 6,698යි ‘සී’ සාමාර්ථ. මෙවරත් විශේෂත්වය වෙලා තියෙන්නේ 28.36%ක ප්‍රතිශත අගයක් සඳහන් වෙලා තියෙනවා අසමත් වීමේ ප්‍රමාණය. සිසුන් 9,262ක් මේ වතාවේ අසමත් වෙලා තියෙනවා සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂයෙන්. මේ විදියට කලා විෂයකින් පවා සිසුන් විශාල පිරිසක් අසමත් වෙලා තියෙනවා. මෙවර සිසුන් 10,000කට වඩා අසමත් වුණු විෂයන් විශාල ප්‍රමාණයක් තියෙන බවත් අපි ඔබට සඳහන් කරන්න ඕනේ.

ඉංග්‍රීසි භාෂාවෙන් 99,979ක් අසමත් වෙලා තියෙන බවත් අපි ඔබට කිව්වා. ඒ වගේම අපිට පේන්න තියෙනවා භෞතික විද්‍යා විෂයෙන් අසමත් වුණු ප්‍රමාණය 25,630ක්. රසායන විද්‍යාවෙන් අසමත් වුණු ප්‍රමාණය 24,047ක්. ඒ වගේම ජීව විද්‍යාව විෂයෙන් අසමත් වුණු ප්‍රමාණය 15,836ක්. ඒ වගේම සංයුක්ත ගණිතය විෂයෙන් 12,018ක් සිසුන් අසමත් වෙලා තියෙන වග සඳහන් කරන්න ඕනේ. ඒ වගේම අපිට පේනවා අයි.සී.ටී. කියන විෂයෙන් සිසුන් 10,984ක් අසමත් වෙනකොට ආර්ථික විද්‍යාව කියන විෂයෙනුත් ලංකාවේ ශිෂ්‍යයෝ 13,286ක් අසමත් වෙලා තියෙනවා. ඒ වගේම භූගෝලය කියන විෂයෙනුත් සිසුන් 10,755ක් අසමත් වී ඇති වග කනගාටුවෙන් සඳහන් කරන්න සිද්ධ වෙනවා. දේශපාලන විද්‍යාව විෂයෙනුත් සිසුන් 10,518ක් අසමත් වෙලා තියෙනවා. සිසුන් 9,262ක් අසමත් වුණු විෂයක් විදියට අපිට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය ගැන මීට පෙරත් අපි සඳහන් කළා. 9,227ක් අසමත් වුණු විෂයක් විදියට ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අමතරව සිසුන් 10,000කට වඩා අසමත් වුණු එකදු විෂයක් හෝ සඳහන් වෙන්නේ නෑ. එක ශිෂ්‍යයෙක් හෝ අසමත් නොවුණු විෂයක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි නාට්‍ය හා රංග කලාව ඉංග්‍රීසි මාධ්‍ය ප්‍රශ්න පත්‍රය. එකම ශිෂ්‍යයෙක්වත් අසමත් වෙලා නැහැ. ඒකට හේතුව විභාගය පෙනීහිටපු එකම ශිෂ්‍යයා වෙච්ච ඔහු ඉන් සමත් වෙලා තියෙන එක.

මේ විදියට තමයි ලංකාවේ විභාගය සම්බන්ධව අපට ඔබට සඳහන් කරන්න තියෙන්නේ. ඉතා ඉහළ සමත්වීම් ප්‍රතිශත සහිතව, අසමත්වීම් ප්‍රතිශත සහිතව සිසුන් මේ විභාගයට පෙනී ඉඳලා තියෙනවා. අපි කවුරුත් දන්නේ නැති සිසුන් 100කට වඩා අඩුවෙන් පෙනීි සිටි විෂයන් විශාල ප්‍රමාණයක් මේ අවුරුද්දෙත් අපිට දකින්න ලැබෙනවා. මේ විෂයන්වල නොදන්නාකම මහජනතාව අතරට විෂයන් නොයෑම ඉතා බරපතළ ප්‍රශ්නයක් විදියටයි අපිට නම් හිතෙන්නේ. ඒකට හේතුව ලංකාවේ උසස් පෙළ විභාගයේ විෂයන් 11ක් තියෙනවා, සිසුන් 100 දෙනෙක්වත් පෙනී නොසිටපු. රුසියන් භාෂාවට සිසුන් පෙනී ඉඳලා තියෙන්නේ 55යි. මැලේ භාෂාවට පෙනී ඉඳලා තියෙන්නේ සිසුන් 5යි. නාට්‍ය හා රංග කලාව ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයට පෙනී ඉඳලා තියෙන්නේ එක ශිෂ්‍යයයි. ඒ වගේම බටහිර සංගීතයට සිසුන් 78යි. ඒ වගේම අපිට දකින්න ලැබෙනවා සිසුන් 105ක් විතරක් පෙනී හිටපු ඉතිහාසය මොඩර්න් වර්ල්ඩ් කියන විෂය. ‘ඒ’ සාමාර්ථ තියෙන්නේ 5ක් පමණයි. ඒ වගේම සිසුන් 15ක් පමණක් පෙනී ඉඳපු බයෝ රිසෝර්ස් ටෙක්නොලොජි කියන විෂය. සිසුන් 91ක් පමණක් පෙනී ඉඳපු ෆුඩ් ටෙක්නොලොජි කියන විෂය.

සිසුන් 26ක් පෙනී ඉඳපු ඉලෙක්ටි්‍රක් ඉලෙක්ට්‍රොනික් ඇන්ඩ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි කියන විෂය. සිසුන් 19ක් පෙනී ඉඳපු මැකැනිකල් ටෙක්නොලොජි කියන විෂය. සිසුන් 19ක් පෙනී හිටපු සිවිල් ටෙක්නොලොජි කියන විෂය. සිසුන් 4ක් විතරක් පෙනී ඉඳපු උසස් ගණිතය කියන විෂයන් ගැන අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේ විෂයන් ගැන ජනතාව දැනුවත් නොවීම, මේ විෂයන් පාසල්වල උගන්වන්නේ නැතිවීම, මේ විෂයන් සඳහා ගුරුවරු නැතිවීම, මේ විෂයන් සඳහා ඉල්ලුම නැතිවීම ගැන අපිට සඳහන් කරන්න සිද්ධ වෙනකොට මේ වතාවේ අලුතෙන් එකතු කරපු කොරියන් භාෂාව කියන විෂයට සිසුන් 1,100ක් මේ වතාවේ පෙනී ඉඳලා තියෙනවා. ඒ අතරින් සිසුන් 69කට ‘ඒ’ සාමාර්ථත්, 73කට ‘බී’ සාමාර්ථත්, 215කට ‘සී’ සාමාර්ථත් ලැබෙනකොට, අසමත් වුණු ප්‍රතිශතය ලෙස 44.45%ක් සඳහන් කරමින් 489ක් සිසුන් කොරියානු භාෂාව මෙවර අසමත් වෙලා තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත, අරාබි, මැලේ, ප්‍රංශ, ජර්මන්, රුසියන්, හින්දි, චීන, ජපන්, කොරියන් කියලා මේ අවුරුද්දේ භාෂා විශාල ප්‍රමාණයකට සිසුන් පෙනී සිට ඇති වග අපිට සඳහන් කරන්න වෙනවා.

වැඩිම සිසුන් ප්‍රමාණයක් පෙනී හිටපු විෂයන් විදියට අපිට හඳුනාගන්න ලැබෙන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රීසිවලට අමතරව සිසුන් 4,224ක් පෙනී හිටපු ජපන් භාෂාව කියන විෂය. මේ අවුරුද්දේ වඩා වැඩි ඉල්ලුමක් සහිත විෂයක් විදියට ජපන් භාෂාව හඳුනාගන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ විදියට සමත් වූ අයටත්, අසමත් වූ අයටත් සුබ පතන ගමන් මේ ලිපිය අපි මෙහෙම නිමා කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අමතක වුණා නේද දළදා මාලිගාවේ රන් වියන? කොහොමද ප්‍රේමදාස ඒක හැදුවේ? Sri Lanka Latest News

Next Post

අනුරලා කියපු පොහොසත් ලස්සන රට දැන් හැදෙනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න! මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල අන්තිම දවසේ සජිත් මුළු රටේම ජනතාවගෙන් ප්‍රශ්නයක් අහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.