එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පක්ෂය බෙදා ජ්‍යෙෂ්ඨයන් 65 දෙනකු පමණ ඉවත් කොට පක්ෂය විනාශ කළ ආකාරය පිළිබදව පක්ෂයේ ජ්‍යේෂ්ඨතම නායකයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හැඩූ කදුලින් යුතුව කුරුණෑගලදී අනාවරණය කළේය.
ඒ මහතා පෙන්වා දුන්නේ සජිත් කණ්ඩායමේ කිසිදු සාමාජිකයකුට කතා කිරීමට ඉඩ නොදී තමන්ට හිතවත් 10 දෙනකු පමණ යොදාගෙන වික්‍රමසිංහ මහතා පක්ෂය ගෙන යාමට කටයුතු කළ බවයි.
තමන් වික්‍රමසිංහ මහතාගේ ගේම් පිළිබද හොදහැටි දන්නා බවත්, සජිත්ට නව පෙරමුණක් සැදීමටත්, එහි නායකත්වය ගැනීමටත්, අගමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමටත් කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලබා දීමට පියවර ගත් බවත් ජයවික්‍රම මහතා කියා සිටියේය.










