• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අල්විස් පරම්පරාවේ තාත්තාගෙන් පුතාට ආ අලි පිස්සුව! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අල්විස් පරම්පරාවේ තාත්තාගෙන් පුතාට ආ අලි පිස්සුව! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමහර මවුපියන් තමන්ගේ දරුවන්ට කුඩා කාලයේදීම පුරුදු කරපු හොඳ දේවල් ඒ දරුවන් ලොකුමහත් වෙලා වැඩිවියට පත්වුණාම තමන්ගේ දරුවන්ටත් ඒ හොඳ දේවල් පුරුදු කරනවා. පරිසරයට අලි ඇතුන්ට දරුවන්ට වගේම ආදරය කරන්න සෙනෙහස පාන්න හැමෝටම බැහැ. ඒක සංසාරගත පුරුද්දක්. අන්න එහෙම අලි ඇතුන් එක්ක සංසාරගත බැඳීමක් තියෙන මෙරට වනජීවී ඡායාරූපකරණයේ දශක 3කට ආසන්න කාලයක් අලි ඇතුන්ගේ ඡායාරූප අරගෙන එකතු කරගෙන ඉන්න සොඳුරු පරිසරවේදියෙක් අපිට මුණගැසුණා. ඒ, සාරංග දේව ද අල්විස්. පහත පළවෙන්නේ දශක ගණනාවක වනජීවී ඡායාරූපකරණයේ අත්දැකීම් ඇති සාරංග සමග අපි කරපු කතාබහක්. Sri Lanka Latest News

ඔබ කොහොමද වනජීවී ඡායාරූපකරණයට යොමුවුණේ?
ඒක මට මගේ තාත්තගෙන් ලැබුණු ලොකුම දායාදය විදියට හඳුන්වන්න පුළුවන්. තාත්තා වනජීවී ක්ෂේත්‍රයට, පරිසරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. අපේ ගෙදර පවා තාත්තා ගස්කොලන් ගොඩක් වවලා තියෙනවා. ඒ ආභාෂය සහ තාත්තා එක්ක වන සතුන් නරඹන්න, ස්වභාවික පරිසරය රසවිඳින්න ගිහිල්ලා ලබපු අත්දැකීම් එක්ක මටත් හිතුණා මේ ක්ෂේත්‍රයට යොමුවුණොත් හොඳයි කියලා.

කුඩා අවධියේ ඒ විදියට ලබපු අත්දැකීම්, ඔබ අද ඉන්න තත්ත්වයට එන්න ලොකු පන්නරයක් වුණා කියලා විශ්වාස කරනවද?
අනිවාර්යයෙන්ම. පරිසරයත් එක්ක ගැවසිලා, අලි ඇතුන්ගේ චර්යා රටාවන් දැකලා, ඒවා අත්විඳලා ලබපු අත්දැකීම් තමයි මම අද ඉන්න තැනට එන්න මග පෙන්නුවේ.

ඔබ අලි ඇතුන්ව විතරක් ඡායාරූපගත කරන්න විශේෂ හේතුවක් තියෙනවද?
අලි ඇතුන් කියන්නේ අපේ රටේ ජාතික සම්පතක්. ඒ නිසාම ඔවුන්ට මගේ විශේෂ ආදරයක් තියෙනවා. ලෝකයේ අලි ඇතුන් ඉන්නේ සීමිත ප්‍රමාණයක්. ඒ සීමිත ප්‍රමාණයෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් අපේ රටේත් ඉන්නවා. ඉතින් ඒ දුර්ලභ සතුන් ඡායාරූපයට නගලා අනෙක් අයට දැකබලා ගන්න සැලැස්වීම මට තියෙන ලොකු ආශාවක්.

වනාන්තරවල සුලබව දකින්න ලැබෙන අලි ඇතුන්ට අමතරව අපි නොදැකපු අලි ඇතුන් රැසකගේ දුර්ලභ ඡායාරූප එකතුවක් ඔබ සතුව තියෙනවා නේද?
මම හිතනවා ඡායාරූප 150ක් පමණ ඇති කියලා. අපේ රටේ වන අලි ගැවසෙන ස්ථාන අතරින් සුවිශේෂම තැනක් තමයි කලාවැව කියන්නේ. විශාල දළ ඇතුන් රාශියක් එකවර පැමිණෙන තැනක්. ඉතින් ඒ ස්ථානයට ගිහිල්ලා ඡායාරූප ගන්න මට භාග්‍යය උදාවුණා. විශේෂයෙන් වලගම්බා, තනි දළයා, භරණ, දීගදන්තු 1, දීගදන්තු 2, ගෝඨාභය වගේ ඇතුන් රාශියක් මගේ ඡායාරූප අතර ඉන්නවා. ඒ වගේම මා සතුව තියෙන මෙම දුර්ලභ අලි ඇතුන්ගේ ඡායාරූප එකතුව නුදුරේදීම ජනතාවට දැකබලා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

ගල්ගමුවේ දළ පූට්ටුවා ගැන ඔබේ මතකය මොන වගේද?
ගල්ගමුවේ දළ පූට්ටුවා කියන්නේ ඒ ප්‍රදේශයේ හිටපු සුවිශේෂ ඇතෙක්. මට අවස්ථාව ලැබුණා දළ පූට්ටුවා ළඟටම යන්න. ඌ හරිම අහිංසක සතෙක්. ඒ වගේම සද්ධන්ත ඇතෙක්. මට වාසනාව ලැබුණා ඒ සතාව ඡායාරූපගත කරන්න. ඒත් මම ඡායාරූප අරගෙන ටික කාලයක් තුළ දළ පූට්ටුවාව ඝාතනය කරලා තිබුණා.

අද වෙද්දි අලි ඇතුන් ඡායාරූපයට නැගීම අලුත් පරපුර අතර වැඩි වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. එය හොඳ ප්‍රවණතාවක් විදියටද ඔබ දකින්නේ?
මේ තත්ත්වයේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි පරිසරයට, අලි ඇතුන්ට ආදරය කරන පිරිසක් බිහිවීම හොඳ දෙයක්. අනෙක් කාරණාව තමයි යම් ඇතෙක් ගැන ඡායාරූප ශිල්පීන් හරහා සමාජයට තොරතුරු ගියාම ඒ සතාට තියෙන ජීවිත තර්ජනය තරමක් දුරට අඩුවෙනවා. මොකද යම් ඇතෙක් යම් ප්‍රදේශයක ඉන්නවා නම් ඒ ගැන අවට ජනතාව දැනුවත් වෙනවා මේ ඡායාරූපකරණය හරහා. එතකොට ඒ සතාව ආරක්ෂා කරගන්න උත්සාහ කරන පිරිසක්, ඒ සතාට ආදරය කරන පිරිසක් බිහිවෙනවා. ඒක ඉතා හොඳ දෙයක්.

වනජීවී ඡායාරූප ශිල්පයට අලුතෙන් පිවිසෙන අයට, එම ක්ෂේත්‍රයේ පරිණත ශිල්පියෙක් හැටියට ඔබට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?
පරිසරය කියන්නේ ඉතා සංවේදී වගේම ඉතා වටිනා දෙයක්. ඒ පරිසරයේ ජීවත් වෙන අලි ඇතුන් කියන්නෙත් ඉතා වටිනා සම්පතක්. ඒක අපේ රටේ වාසනාවට ලැබුණු සම්පතක් විදියටයි මම දකින්නේ. ඒ නිසා ඒ පරිසරය සහ අලි ඇතුන් රැකගන්න නව පරපුර කැපවිය යුතුයි. ඡායාරූප ගැනීම වගේම ඒ වටිනා සම්පත ආරක්ෂා කරගැනීමත් වනජීවී ඡායාරූප ශිල්පියාගේ ප්‍රමුඛ වගකීමක් කරගත යුතුයි.

අද වෙද්දී අලි-මිනිස් ගැටුම ඉතා දරුණු ලෙස පැතිර යමින් තිබෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්න ගත හැකි පියවර ලෙස ඔබ දකින්නේ මොකක්ද?
ඒ සඳහා දැනටම අපි පියවර අරගෙන තියෙනවා. ශ්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදය නමින් සංවිධානයක් අපි පිහිටුවාගෙන තියෙනවා මේ වෙනකොට. ඒ හරහා අපි උත්සාහ කරන්නේ මහජනතාවට වන අලි ඇතුන් ගැන ආදරය, කරුණාව ඇතිකරන්න. ඒ ඔස්සේ අලි මිනිස් ගැටුම අවම කරගැනීමටත්, අලි ඇතුන් ආරක්ෂා කරගැනීමටත් ජනතාව සහ බලධාරීන් පොලඹවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අපේ සංසදය සමග එකතු වෙන්න කියලා පරිසරයට ආදරය කරන හැම දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

15 දෙනෙක් ඇවිත් අනුරාධපුර පූජා භූමිය ලේ විලක් කළ සිද්ධියේ ඇහින් දුටු සාක්ෂිය! ටවුමේ හතර වටේටම වෙඩි තිබ්බා! 215 දෙනෙක් මැරුවා! කොටි විල්පත්තුවට පැන්නේ මම හිටපු බස් එකෙන්! Sri Lanka Latest News

Next Post

A ලෙවල් දැන් මේ ලෙවල්! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.