• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබරගමු සිසුවා සියදිවි නසා ගත් හේතුව හොයන්න මහාචාර්යවරුන් තුන්දෙනකුට බාර දෙයි! පොලිසියත් පරීක්ෂණ අරඹයි! I Sri Lanka Latest News

May 2, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සබරගමු සිසුවා සියදිවි නසා ගත් හේතුව හොයන්න මහාචාර්යවරුන් තුන්දෙනකුට බාර දෙයි! පොලිසියත් පරීක්ෂණ අරඹයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරූ ඩී. ජී. සී. සී. ඩී. දයානන්ද සිසුවා සියදිවි හානි කරගැනීම පිළිබඳ සොයාබැලීමට මහාචාර්යවරුන් තිදෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කළ බව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ‘දිනමිණ’ට ඊයේ (01) පැවසීය.Sri Lanka Latest News

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඒ. ඒ. වයි. අමරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය ආර්. එම්. ඒ. ටී. රත්නායක, වයි. එස්. චන්ද්‍රසේකර මහත්වරුන් පත් කළ බව ද ඒ මහතා පැවසුවේය. කමිටු වාර්තාව ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බවත් මේ සිද්ධියට අදාළව විශ්වවිද්‍යාලයේ සිසුන් අතින් විනය විරෝධී කටයුත්තක් සිදුව ඇත්ද යන්න සොයාබැලීමක් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි මෙම සිසුවා මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනය හදාරමින් සිටි බවත් මාර්ගගත සිසුන්ට විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ නේවාසික පහසුකම් නොමැති බවත් ඒ මහතා පැවසුවේය.

නවක වධ පනත යටතේ මේ සිද්ධියට අදාළව පොලීසිය මඟින් පරීක්ෂණයක් කරන බව ද ඒ මහතා පැවසුවේය. -සන්ධ්‍යා කරුණාරත්න, රත්නපුර දිස්ත්‍රික් සමූහ

පොලීසියෙන් පුළුල් විමර්ශනයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චරිත් දිල්ශාන් නැමැති 23 හැවිරිදි සිසුවා ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීම විශාදය හේතුවෙන් සිදු වූවක් බව මූලික විමර්ශනවලින් අනාවරණය වූවත් සිසුවාට නවක වදය ලබාදී ඇති බවට ඔහු සමඟ අධ්‍යාපනය ලබන විශ්වවිද්‍යාල සිසුවෙක් පවසා ඇති බැවින් අධිකරණයට ඒ සම්බන්ධයෙන් අද (02) දින කරුණු වාර්තා කර පුළුල් විමර්ශනයක් සිදු කරන බව පුස්සැල්ලෑව පොලීසිය සඳහන් කරයි.

මෙම සිසුවා සියදිවි හානිකර ගැනීමට පෙර ලියා ඇති ලිපියකින් ද ඔහු දැඩි මානසික පීඩනයකින් කාලයක්ම පීඩාවිඳ ඇති බව තහවුරු වන බවත් ඔහු සියදිවි හානිකර ගැනීමට මුල්වී ඇත්තේ එම මානසික පීඩනය බවද එමඟින් පෙනීයන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා සඳහන් කළේය.

මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ පසුගිය 27 වැනිදා පැවති අලුත් අවුරුදු උත්සවයට සහභාගිවී පසුගිය 28 වැනිදා ගම්පොළ පිහිටි නිවසට පැමිණ ඇති බවත් ඒ පැමිණි අවස්ථාවේ සිටම ඔහුගේ හැසිරීමේ වෙනසක් තිබී ඇති බව පවුලේ ඥාතීන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පෙනීයන බවත් පුස්සැල්ලෑව පොලීසිය සඳහන් කරයි.

සිසුවා සිය නිවසේදී ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත්තේ පසුගිය 29 වෙනිදා ය. මෙම මරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදුවූයේ සාමාන්‍ය සියදිවි හානිකර ගැනීමක් බව පැහැදිලි වුයේ යැයිද පුස්සැල්ලෑව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම මරණය සම්බන්ධයෙන් පැවැති තත්ත්වය වෙනස් වෙමින් සමාජයේ දැඩි ආන්දෝලනයක් ඇති වන්නේ සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (01) නි‍ෙවසට පැමිණි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අතරින් එක් සිසුවෙක් විසින් මියගිය සිසුවාගේ පියාට පැවසූ නවක වද සිදුවීමක් බවද එම නිලධාරියා කීය.

අලුත් අවුරුදු උත්සවයට සහභාගි වීමට ගිය මෙම සිසුවා එහිදී නවක වදයට ලක්වූ බවත් ඒ සම්බන්ධයෙන් ඔහු යම් පීඩනයකින් සිටි බවත් එම සිසුවා පවසා ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.

මේ ගැන සියදිවි හානිකර ගත් සිසුවාගේ පියා විසින් පොලීසියට පැවසීමෙන් පසු ඔහුගේත් නවක වදය සම්බන්ධයෙන් තොරතුරු පැවසූ සිසුවාගේත් කටඋත්තර පොලීසිය සටහන් කර ගත් බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.

ගයාන් කුමාර වීරසිංහ –

SendShareShare
Previous Post

‘අම්මේ මට සමාවෙන්න! මල්ලිව හොඳින් බලා ගන්න! මට ඇතිවුණ මානසික අවුල නිසයි මම දිවි නසා ගන්නේ’! දිවිනසා ගන්න කලින් සබරගමු සරසවි සිසුවා ලියුමක් ලියලා! I Sri Lanka Latest News

Next Post

මෙන්න ප්‍රවෘත්තියක්! ආණ්ඩුව එළියට දාන්නේ නැති ගිවිසුමක් සජබ අජිත් පෙරේරා එළියට දාන්න හදයි! හඳුන්නෙත්ති – වසන්ත නිහඬව ඉඳී! නිවේදකයට යකා නගී! අජිත් පෙරේරට දඬුවම් දෙන්න ඕනෙලු! අයියෝ සාමි මේ මොනවද මේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.