• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොරුවයි..! ඇන්දවිල්ලයි..! රැවටිල්ලයි.. සටකපට දේශපාලනයයි..! මාස හයේ මාලිමා දේශපාලනයේ ප්‍රගති වාර්තාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 24, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
බොරුවයි..! ඇන්දවිල්ලයි..! රැවටිල්ලයි.. සටකපට දේශපාලනයයි..! මාස හයේ මාලිමා දේශපාලනයේ ප්‍රගති වාර්තාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාව පිට පිටම ප්‍රධාන මැතිවරණ දෙකකට මුහුණ දී තුන්වැනි මැතිවරණයකට ද මුහුණ දෙන බවත් ජනාධිපතිවරනයේ හා මහමැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණ බලයට ආවේ පොහොසත් රටක් නිර්මාණය කිරිමට වුවත් මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන පොරොන්දු පත්‍රිකාව නැවත කියවන ලෙස ඉල්ලා සිටින බවත් මොවුන් බලයට ඇවිත් කළේ බොරුව සටකපට දේශපාලනය ජනතාව ඇන්දවීම හා පච දේශපාලනය බවත් බොරු කියා මහා නාට්‍ය රංගනයක ආණ්ඩුව නිරත වන බවත් බලයට පැමිණි පසු ජනතාවාදී ජනතාවට හිතකාමී නව IMF ගිවිසුමකට යයි කියා හිතුවත් වත්මන් රජයත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අඩිපාරේ ගිය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මාතර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි

⁣බලයට පැමිණි පසු IMF ගිවිසුම වෙනස් ⁣කරනවා කිව්වත් බලයට පැමිණි පසු පසුගිය රජයේ IMF ගිවිසුමම ක්‍රියාත්මක කළ බවත් ජනපීඩක ගිවිසුමක් කියා මැතිවරණ වේදිකාවේ කිව්වත් අද වන විට එම ගිවිසුමම පි⁣ළිගෙන මේ ගිවිසුම හරහා පීඩාවට පත් ජනතාව තවත් අසරණ කළ බවත් වැඩ කරන ජනතාවගේ අර්ථ සාධකයට බලපෑම් කළ මේ IMF ගිවිසුමම පිළිගෙන එම ජනතාවට ද්‍රෝහී වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බඩු මිල අඩු කරනවා යැයි පැවසුවත් අද වන විට සහල් පොල් කිරිපිටි මිල ද වැඩි වී ඇති බවත් ජනතාවට අවශ්‍ය ලුණු ටිකවත් දී ගන්න බැරිව ඇති බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය ආහාරවලට ගහන වැට් එක අඩු කරනවා කිව්වත් එයද කඩවුණු පොරොන්දුවක් වී ඇති බවත් එක පෑන් පාරින් ප්‍රශ්න විසඳනවා කිව්වත් කිසිවක් නොවිසඳුණු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විදුලි බිල 33%කින් එනම් රු 9000 බිල 6000 දක්වා අඩු කරනවා යැයි කිව්වත් මාස 6කට විදුලි බිල අඩු කරන්න බැ කියා නිවේදන නිකුත් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාව මහජන උපයෝගීතා කොමිසමට ගිය නිසා 20% විදුලි බිල අඩු කළ බවත්, තෙල් මිල ද වරායෙ මිලදී ගන්නා ප්‍රමාණයට අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පළමු අයවැයෙන් 35000ක් උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් තවමත් රැකියා නොමැති බවත් බලයට පැමිණි පසු ඔවුන් අමතක කර ඇති බවත් කෘෂි ක්⁣ෂේත්‍රයේ පෙරළියක් කරනවා කිව්වත් පොහොර සහනාධාරය හරියට දි ගන්න බැරිව ඇති බවත් අද වන විට වී ගොවිතැනට පවා හරියට පොහොර සහනාධාර නොලැබෙන බවත් ගුණාත්මක භාවයෙන් ඉහළ පොහොර නොලැබෙන බවත් කෘෂිකාර්මික ක්⁣ෂේත්‍රයේ අර්බුද රැසක් ඇති බවත් වගා හානි වන්දිවත් නොමැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

බොරුව රැවටිල්ල මිස කරපු දෙයක් නැති බවත් පැය 24 බොරු කිය කිය දේශපාලන පැවැත්ම තහවුරු කර ගන්න හදන බවත් පච දේශපාලනය පමණක් අලුත් කර අයවැය යෝජනාවේ නැති දේවල් පවා කියන බවත් මේ ආකාරයට කියන බොරු ජනතාව පිළිනොගන්නා නිසා අලුත් තුරුම්පුවක් ලෙස මාලිමාවේ බලය නැති සභාවලට මුදල් වෙන් නොකරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පාප් වහන්සේට අවසන් ගෞරව දක්වන්න.. අලුත් පාප් වහන්සේ තෝරන්න කාදිනල් හිමියන් වතිකානයට යයි! I Sri Lanka Latest News

Next Post

අලුත් පාප් වහන්සේ තනතුර දැරීමට ඉදිරියෙන්ම ඉන්න කාදිනල් හිමිවරුන් 7 දෙනා මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.