කොරෝනා වයිරසය පැතිර යාම හේතුවෙන් මාස 2කට අධික කාලයක් වසා දැමුණු වැලිසර නාවික කදවුර අද (23) සිට යළි විවෘත කිරීමට සැලසුම් කර ඇත.
ඒ, පසුගිය 20 වැනි දින සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් වැලිසර නාවික කදවුර කොරෝනා රහිත ප්‍රදේශයක් ලෙසට ලබා දුන් නිර්දේශයත් සමගය.
මීට මාස 2කට ප්‍රථම පළමු කොරෝනා වැලදුණු නාවිකය හමුවීමත් සමග වැලිසර නාවික කදවුර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැනිණ.
පසුව නාවිකයන් 901 දෙනකුට වයිරසය ආසාදනය වී තිබුණු අතර 785 දෙනකු මේ වනවිට සුවය ලබා ඇත.










