• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර කියනවා ගිය මාස හයේ ආණ්ඩුව හොරකම් කළේ නෑලු! ඒ නිසා ප්‍රාදේශීය සභාත් ඒ අයට දෙන්නලු! එතකොට වරායෙන් හොරෙන්ම කව්ද කන්ටේනර් 323ක් එළියට දැම්මේ! මන්නාරම සුළං බලාගාරය ටෙන්ඩර් නැතිව හිතවතෙකුට දුන්නේ කව්ද? සතොසේ ටෙන්ඩරය ජනාධිපතිගේ උපදේශකයාගේ ආයතනයකට ගියේ කොහොමද? සතොසේ ටෙන්ඩර් නැතිව බඩු ගෙනාවේ කොහොමද? මෙන්න මාස 6ට මාලිමා ආණ්ඩුව කරපු හොරකම් මුජිබර් එළියට දානවා! ලැජ්ජාවේ පණ යනවා! VIDEO I Sri Lanka Latest News

April 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මුලතිව් මුහුදේ අතරමංව සිට බේරාගත් රෝහින්ග්‍යාවරු 103 දෙනා ආපහු මියන්මාරයට යවන්න ගත්ත තීන්දුව වහාම හකුළාගන්න! ඒක අපේ රටට හරි නෑ! ඔවුන්ගේ ජීවිතවලටත් අවදානමක්! ජාත්‍යන්තර නීතිවලටත් පටහැනියි! මුජිබර් අනුරට ලියුමක් ලියයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (20) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාය.Sri Lanka Latest News

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය,

‘‘ජාතික ජන බලවේගයට බලය දුන්නොත් පමණයි පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කරන්නේ කියලා ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කරමින් යනවා. විරුද්ධ පාර්ශ්ව වලට ඡන්දය ලබාදිලා ඔවුන් ජයග්‍රහය කළොත් පළාත් පාලන ආයතනවලට මුදල් වෙන් කරන්නේ නෑ කියන කාරණ පසුගිය දිනවල දිගින් දිගටම මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව විරෝධය පලකළා. ඒ වගේම ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය හරහා මැතිවරණ නීති උල්ලංඝනය කරන බව මැතිවරණ කොමිසමද සඳහන් කළා. ඉන්පසුව ජනාධිපතිවරයා මේ කතාව වෙනස් කළා. එවැනි ප්‍රකාශයක් සිදුනොකළ බවත් දුෂණ වංචා සිදුවන පළාත් පාලන ආයතවලට මුදල් ලබාදෙන්නේ නෑ කියන ප්‍රකාශය තමා ප්‍රකාශ කළ බව ජනාධිපතිවරයා දැන් ප්‍රකාශ කරනවා.

ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා ආණ්ඩුව වංචා දූෂණ සිදුකරන්නේ නෑ ඒ නිසා පළාත් පාලන ආයතනත් හොරකම් නොකරන ආයතන විය යුතුයි කියන කාරණය තමයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ. ජනාධිපතිවරයාගේ තර්කය අනුව මහ ආණ්ඩුවේ හොරුන් දුෂිතයින් නොමැති නිසා පුංචි ආණ්ඩුවට හොරුන්ව දුෂිතයින්ව පත් කරන්න එපා කියලා කියනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා හොරු කියලා කියන්නේ පොදුජන පෙරමුණේ පිරිසට. ජනාධිපතිවරයාට ඒ චෝදනවා කිසි ලෙසකින්වත් සමගි ජන බලවේගයට එල්ල කරන්න නොහැකියි. සමගි ජන බලවේගය අලුත් පක්ෂයක්. ඒ වගේම සමගි ජන බලවේගය රාජ්‍ය බලය ලබාගෙන ආණ්ඩු සිදුකළ පක්ෂයක් නෙවෙයි. ඒ වගේම සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණයට තරග කරන්නෙත් පළමු වතාවට.

ඒ වගේම ජනාධිපතිවරයා හොරුන් ලෙස අර්ථකතනය කරන්නේ අනුර දිසානායක මහත්තයා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ 2005 දී බලය ලබාගන්න උදව් කළ මහින්ද රාජපක්ෂ ගැන තමයි ජනාධිපති අනුර දිසානායක මහත්තයා කියන්නේ. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා පසුගිය දිනවල පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ ලැයිස්තු වල වැඩිපුර ඉන්නේ මහින්ද රාජපක්ෂලා සමග දේශපාලනය කළ උදවිය. ඔවුන් දැන් හොරු කියලා නම් කරන්නේ ඔවුන් සමග දේශපාලනය කළ උදවියට.

ඒ වගේම ජනාධිපතිවරයා කියනවා ආණ්ඩුව හොරකම් වංචා දුෂණ වලට සම්බන්ධ නෑ කියලා. ජාතික ජන බලවේග ආණ්ඩුව පත් වෙලා මේ වනවිට මාස 6 ක පමණ කාලයක් ගතවෙලා තිබෙනවා. ඒ කාලය තුළ සිදුවුණ දුෂිත ගනුදෙනු කිහිපයක් තිබෙනවා. ඉස්සල්ලාම බහලුම් 323 ක් කිසිදු පරික්ෂාවකින් තොරව වරායෙන් පිටත් කළා. අනිවාර්යෙන් පරික්ෂාවට ලක්කළ යුතු යැයි නියෝග කළ බහලුම් 323 ක් තමයි මේ ආකාරයට වරායෙන් පිටත් කළේ. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව කිසිදු ප්‍රතිචාරයක් මේ වනතෙක් දැක්වුවේ නෑ. නමුත් ආන්ඩුව පසුගිය වසරවල සිදුවුන හොරකම්වල ලැයිස්තු පාර්ලිමේන්තුවට දැම්මා. නමුත් කිසිදු පරික්ෂාවකින් තොරව වරායෙන් පිටත් කළ බහලුම් 323 තිබුණ දේවල් , ඒ බහලුම් කාගෙද , මොන ආයතනයේද කියන තොරතුරු ආණ්ඩුවට තවම රටට ඉදිරිපත් කරන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම මෙගාවොට් 50 ක මන්නාරම සුලං විදුලි බලාගාරය සදහා ටෙන්ඩර් කැදෙව්වා. ටෙන්ඩරය ලැබුණේ එක ආයතනයකට නමුත් ජනාධිපතිවරයා ඒ ටෙන්ඩරය ලබාදුන්නේ වෙනත් ආයතනයකට. ටෙන්ඩර් ක්‍රියා පටිපාටියෙන් බැහැරව තමයි මෙගාවොට් 50 ක මන්නාරම සුලං විදුලි බලාගාරය සදහා ටෙන්ඩරය ලබාදිලා තිබෙන්නේ. ටෙන්ඩරය ලබාදිලා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ හිතවතෙකුට. ජනාධිපති කොහොමද කියන්නේ මධ්‍යම ආණ්ඩුව වංචා දුෂණ වලට සම්බන්ධ නෑ කියලා. ඒ වගේම සතොස ආයතනයේ සිස්ටම් ඔඩිට් ටෙන්ඩරය ලබාගන්න ආයතනයට නෙවෙයි අවසානයේ ඒ ටෙන්ඩරය හිමිවෙන්නේ ජනාධිපතිවරයාගේ උපදේශකයා සම්බන්ධ ආයතනයට ඒ ටෙන්ඩරය ලබාදෙනවා. ඒ වගේම සතොස ආයතනය ටෙන්ඩර් කැදවිමක් නොමැතිව භාණ්ඩ රැසක් ලබාගෙන තිබෙනවා. ජනාධිපති කියනවා ආණ්ඩුවේ හොරකම් වෙලා නෑ කියලා. මේ හොරකම් සිදුවෙලා තිබෙන්නේ ආණ්ඩුව පත් වෙලා මාස 6 ක කාලයක් තුළ. ජනාධිපතිවරයා කොහොමද කියන්නේ මධ්‍යම ආණ්ඩුව පිරිසිදුයි කියලා. මධ්‍යම ආණ්ඩුව පිරිසිදු නෑ. වර්තමාන ආන්ඩුවේ හොරකම් වංචා දුෂණ සිදුවෙලා නෑ කියලා බොරු කියන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා. හොරුන්ට දඩුවම් දෙනවා කියලා ජනතාවට ප්‍රතිඥා දිලා ඇවිල්ලා මේ දේවල් ආණ්ඩුව සිදුකරලා තිබෙන්නේ.

ඒ වගේම ජනාධිපතිවරයා බය වෙලා ඉන්නේ පළාත් පාලන මැතිවරණයේදී ඔවුන්ගේ ඡන්ද ප්‍රමාණය අඩු වෙයි කියලා. ඒ නිසා ජනාධිපතිවරයා උත්සහ කරනවා ඔහුගේ වරප්‍රසාද භාවිතා කරලා ඡන්ද දායකයන්ට බලපෑම් කරලා ඔවුන්ට තර්ජනය කරලා පලාත් පාලන ආයතනවල බලය තහවුරු කරන්න. ඒ නිසා රටේ ජනතාව ආණ්ඩුවේ වැඩපිලිවෙල ගැන සැහිමකට පත් වෙන්නේ නෑ. ඒ නිසා පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ලැබෙන ඡන්ද ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේම පලාත් පාලන රැසක බලයත් ආණ්ඩුට අහිමි වෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදිව ඡන්දය භාවිතා කරන්න රටේ ජනතාවට ඉඩ දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතිවරයා රාජපක්ෂ න්‍යාය අනුව සිදුකරන ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුත්ත රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගුණදායක දෙයක් නෙවෙයි.

ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන් පිලිබඳව හෙළිදරව් කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. සහරාන්ට මෙවැනි ත්‍රස්තවාදි ක්‍රියාවක් සිදුකරන්න සහාය දුන්න පිරිසක් සිටිනවා. සහරාන්ට දේශපාලනිකව , මුල්‍ය වශයෙන් , බෝම්බ සැදිමට තාක්ෂණය දුන් පිරිස සහ සහරාන්ව මෙහෙයවපු පිරිසට දඩුවම් දෙන බව වර්තමාන ආණ්ඩුව ප්‍රකාශ කලා. ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මේ සිදුවිම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් 21 වැනිදා සිදුකරනවා කියලා.

ඒ වගේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් උනන්දුවි කටයුතු කරන සිවිල් පුරවැසියන් සහ මාධ්‍යවේදින් කරුණා ගනානාවක් හෙළිදරව් කළා. ඒ වගේම යම් යම් සිද්ධින් පිලිබඳව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය පිලිබඳවත් ඔවුන් කරුණු ප්‍රශ්න කළා. ඒ වගේම සරා ජස්මින් කියන තැනැත්තිය සහරාන්ගේ ලග හිදිමින් විශාල දායකත්වයක් පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා ලබාදුන්න අයෙක්. ඒ වගේම සරා ජස්මින් සයින්දමර්දු වල සිදුවණු බෝම්බ ප්‍රහාරයෙන් බේරුණ බව සහරාන්ගේ බිරිදගේ සාක්ෂිවල තිබෙනවා. ඒ වගේම සයින්දමර්දු වල සිදුවණු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ මලසිරුරු පරික්ෂා කිරිමේදී සරා ජස්මින්ගේ මල සිරුර එතන තිබුණේ නෑ කියලා ඩි එන් ඒ පරික්ෂණවලින් තහවුරු වුණා.

ඒ වගේම සරා ජස්මින් ඉන්දියාවට පැන ගොස් සිටින බව පසුගිය කාලයේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම වර්තමාන ආණ්ඩුව ඉන්දියාව සමග ඉතා ලගින් වැඩ කටයුතු සිදුකළා. ඉන්දිය ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකත් ලංකාවට පැමිණියා. සරා ජස්මින් ඉන්දියාවේ සිටින බව ඉන්දියානු ආරක්ෂක බලදාරින්ගෙන් විමසුවාද ? ඇය ඉන්දියාවේ සිටිනවානම් වහාම ඇයව ලංකාවේ ආරක්ෂක අංශ වෙත භාර දෙන්න කියලා ඉන්දියාවේ ආරක්ෂක අංශ සමග අදහස් හුවමාරු කරගත්තාද කියලා අපි දැන ගන්න කැමැතියි. සරා ජස්මින් හොයාගත්තොත් පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු සොයා ගන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම 2019 අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ සහරාන් සහ ඉල්හාම් කියන බෝම්බකරුවන් ෂ්‍රැංග්‍රිල්ලා හෝටලට පැමිණෙනවා. 2019 අප්‍රේල් 3 වැනිදා සිට 2019 අප්‍රේල් 20 වැනිදා දක්වා ෂ්‍රැංග්‍රිලා හෝටලයේ තිබෙන සියලුම කාමරවල විස්තර අරගෙන තිබෙනවා. ඒ අනුව සහරාන් සිටි කාමර අංක 616 කාමර අංකයේ 2019 අප්‍රේල් 14 සිට 19 , නවාතැන් ගෙන සිටියේ කවුද කියලා සදහන් වෙන්නේ නෑ. අනෙකුත් කාමරවල සිටි අයගේ තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. 2019 අප්‍රේල් 14 සිට 19 වැනිදා වනතුරු සහරාන් සිටින 616 සිටි අය ගැන විස්තරයක් නෑ. නමුත් ඒ කාමරවල යතුර වෙනුවට භාවිතා කරලා තිබෙන්නේ ඉලෙක්ට්‍රික් කාඩ් එකක්. ඒ කාඩ් එක වාර්තාවල භාවිතා වෙලා තිබෙනවා. 2019 අප්‍රේල් 14 වැනිසා 616 කාමරය විවෘත කරන්න ඉලෙක්ට්‍රික් කාඩ් එක භාවිතා කරලා තිබෙනවා. අනෙකුත් කාමරවල දොරවල් විවෘත කරන විට ඒ කාමරය ගත්ත කෙනාගේ නම සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම සහරාන් සහ ඉල්හාම් 616 කාමරය ගත් විට 2019 අප්‍රේල් 19 වැනිදා ඉල්හාම්ගේ නම සඳහන් වෙලා තිබෙනවා. නමුත් 2019 අප්‍රේල් 14 සිට අප්‍රේල් 19 වැනිදා දක්වා ඒ කාමරයේ හිටපු අය කවුද කියලා වාර්තා වෙලා නෑ. ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරලා තිබෙනවද. මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුවේ පොලිය භාර ඇමැති කිව්වා එහෙම මොකුත් නෑ කියලා කිව්වා. උසාවියේදී ෂ්‍රැංග්‍රිල්ලා හෝටලයේ කලමනාකරුවන් පිලිගෙන තිබෙනවා සහරාන් 616 කාමරට එන්න කලින් යම් පිරිසක් ඒ කාමරයේ රැදි සිටියැයි කියලා. පසුගිය ආණ්ඩුව කිව්වා එහෙම දෙයක් සිදුවෙලා නෑ කියලා. වර්තමාන ආණ්ඩුව මේ ගැන පරික්ෂණ සිදුකලාද කියලා අපි අහනවා.

ඒ වගේම ෂ්‍රැංග්‍රිල්ලා හෝටලයේ 623 කාමරයේ හිටපු පිරිස බෝම්බ පිපිරිම සමග අතුරුදහන් වෙලා තිබෙනවා. බෝම්බය පිපිරිමෙන් පසු හෝටලයේ කළමනාකාරිත්වය කාමර වල සිටි අයව ගණන් කිරිමක් සිදුකරලා තිබෙනවා. ඒ අනුව පිරිසක් බෝම්බයෙන් තුවාල වෙලා කියලා වාර්තා වෙනවා. තවත් පිරිසක් හෝටලයෙන් බැහැරට ගිහිල්ලා කියලා වාර්තා වෙලා තිබෙනවා. නමුත් එදා හෝටලයේ සිටි පිරිසෙන් දෙදෙනෙකු අතුරුදහන් වෙලා කියලා හෝටලයේ කළමනාකාරිත්වය සොයා ගන්නවා. ඒ දෙන්නා ඉදලා තිබෙන්නේ ෂ්‍රැංග්‍රිල්ලා හෝටලයේ 623 කාමරයේ. ඒ දෙන්නා ගැන පරික්ෂණ මෙහෙයවන පිරිස් හදුනාගෙන තිබෙනවාද? මේ කරුණු වලට පසුගිය ආණ්ඩුව උත්තර දුන්නේ නෑ. මේ කරුණු වල මේ ආණ්ඩුවෙන් අපි උත්තර බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නිතිය ඉදිරියට ගෙන එන්න කටයුතු කළ යුතුයි.‘‘

SendShareShare
Previous Post

පරදින සභාවලට ආණ්ඩුවෙන් සල්ලි දෙන්නේ නෑ කියලා අනුර කියපු කතාවට සජිත් පේමඩුවේදී උත්තර දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

එදා ජවිපෙ තිස්සමහාරාම ප්‍රදේශීය සභාව විතරක් දින්නාම මධ්‍යම ආණ්ඩුව තිස්සමහාරාමයට දීපු ප්‍රතිපාදන නැවැත්තුවාද? අද මොනවද මේ ජවිපෙ ජනාධිපතිතුමායි ආණ්ඩුවයි කියන්නේ? කොළඹ සජබ නගරාධිපති අපේක්ෂක රුයිස් හනීෆා අනුරට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

Load More
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගි වූයේ එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

Read more
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.