වැලිකඩ බන්ධානාගාරයේ රදවා සිටි දරුණු ගණයේ පාතාල නායකයන් සහ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 14 දෙනකු මේ වනවිට අධිආරක්ෂිත ලෙස සකස් කොට ඇති බූස්ස බන්ධනාගාරයේ විශේෂ කොටසකට මාරු කර යවා ඇති බව වාර්තා වේ.
බූස්ස බන්ධනාගාරයේ පිහිටි මෙම විශේෂ අධිආරක්ෂිත කොටසට සීසීටීවී කැමරා සහ දුරකතන ජෑමර් පවා සවි කොට ඇති අතර විශේෂ කාර්ය බළකා සෙබළුන් ආරක්ෂාව සදහා යොදවා ඇති බව පැවසේ.
පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිරගෙවල් ඇතුළේ සිට මහාපරිමාණ ජාවාරම් සිදුකරන බවට දිගින් දිගටම ලැබුණු පැමිණිලි මුල්කරගෙන මෙම ක්‍රියාමාර්ගය ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සදහන්ය.










