• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරයි මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානයි කාර්යාලය ඇතුළෙදිම මැරුවේ මෙහෙමයි! වෙඩිතිබ්බේ විජය කුමාරතුංගව මරපු වෙඩික්කරුමයි! Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජවිපෙ දෙවැනි කැරැල්ලේදී මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දරයි මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානයි කාර්යාලය ඇතුළෙදිම මැරුවේ මෙහෙමයි! වෙඩිතිබ්බේ විජය කුමාරතුංගව මරපු වෙඩික්කරුමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම ඝාතනයට හේතූ වූයේ සරසවිවල සිසුන් අත්අඩංගුවට ගැනීම් ඇතුළු කරුණු පිළිබඳ නිසි පියවරක් ඔවුන් නොගත් හෙයින් බව දන්වා තිබිණි. ජවිපෙ සමාජවාදී ශිෂ්‍ය සංගමය වඩාත්ම බලවත්ව තිබුණේ පේරාදෙණිය, ජයවර්ධනපුර සහ රුහුණු සරසවියන්හි විය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ රහසිගත කටයුතු වෙනුවෙන් පෙරමුණ ගත්තේ හිල්ඩා, අක්බාර් නෙල්, මාර්සා යන පිරිමි නේවාසිකාගාරයන්ද භික්ෂු නේවාසිකාගාරය වන ඒ4ය. පේරාදෙණිය සරසවියේ ජවිපෙ අධ්‍යාපන කඳවුරු පැවැති අතර, ජයවර්ධනපුර සරසවියේ සටන් සරඹ පුහුණුවීම්ද, රුහුණු සරසවියේ කෘෂි පීඨයේ අවි පුහුණුවද පැවැත්විණි. Sri Lanka Latest News

මෙම කාලය තුළ සරසවි ශිෂ්‍ය මර්දනය ඇරඹී තිබිණි. ආණ්ඩුව සියලු විශ්වවිද්‍යාල විසුරුවා හැර ඒවා විවෘත විශ්වවිද්‍යාල බවට පත්කරන බව ප්‍රකාශ කර තිබිණි. 1986 මහාචාර්ය බාලසූරියගේ වාර්තාව මගින් නිර්දේශ කළේ වෛද්‍ය උපාධිය හැර අනෙක් සෙසු උපාධි දිස්ත්‍රික්කයේ පාසල් තුළ ලබාගැනීමට අවස්ථාව සැකසීමය. හමීඩ් වාර්තාව 1987දී සරසවියේ පළමු වසරේදී සහතිකයක් ලබා ඉවත්වීමට හැකි යෝජනාවක් ගෙන ආවේය. කිංස්ලි සිල්වා 1987 ඉදිරිපත් කළ වාර්තාව මගින් යෝජනා කළේ උසස් පෙළ සරසවිවලට බඳවා ගැනීමේ ලකුණු ඉහළ දැමූ අතර දිස්ත්‍රික් පදනම අහෝසි කිරීමටය. එහෙත් මේ කිසිවක් ක්‍රියාත්මක කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය ඉඩ ලබා නොදුන්නේය.
කොළඹ ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ මොරටුව සරසවියන්හි එජාප ආණ්ඩු හිතවාදී සහ ජවිපෙ විරෝධී ශිෂ්‍ය සංගම් වෙත උපකුලපතිවරුන්ගේ නිල නොවන සහාය ලැබුණු බවට ජවිපෙ දෙවැනි කැරැල්ලේදී චෝදනා කළේය. ජවිපෙ සහ ජවිපෙ හිතවාදී සරසවි සිසුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි පරිපාලන අංශ විසින් ලබාදෙන ලද තොරතුරු මත බව ජවිපෙ දෙවැනි කැරැල්ලේදී කියා සිටියහ. ශිෂ්‍ය මර්දනයට සහාය දීම සම්බන්ධයෙන් කොළඹ සහ මොරටුව සරසවි පාලකයන්ට ඔවුන්ගෙන් චෝදනා එල්ල විණි.

අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව 1981දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සමග සාකච්ඡාවක් ලබාගන්නා ලදී. එයට ශාන්ත බණ්ඩාර, ඩී.එම්. ආනන්ද, කොළඹ සරසවියේ වයි.පී. සිරිසේන, පේරාදෙණියේ ධර්මවර්ධන මුණසිංහ, රුහුණේ රණසිරි, පොල්ගොල්ලේ ධර්මදාස, කැලණියේ වීරසිංහ, ජ’පුරේ එච්.බී. හේරත් සහ පියසේන සමරසිංහ සහභාගි වූහ. ශාන්ත බණ්ඩාර ඉතා තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළ අතර, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර අසීරු තත්ත්වයකට මුහුණ පෑවේය. මහාචාර්ය විජේසුන්දරගේ විරෝධතාව මත ශාන්ත බණ්ඩාර සාකච්ඡා මේසයෙන් ඉවත් කළ අතර, පසුව එම කරුණු විවාදාත්මකව ඉදිරිපත් කළේ එච්.බී. හේරත්ය.
කොළඹ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර රසායන විද්‍යාව පිළිබඳ ප්‍රථම පශ්චාත් උපාධි සමර්ථයෙක් විය. වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් 1947දී සේවට බැඳුණු ඔහු, එහි අංශ ප්‍රධාන තනතුරට 1978දී පත්විය. ඉන් වසර 5කට පසු ජීව රසායන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ධුරයට පත්වූ අතර, ‍කොළඹ සරසවියේ උපකුලපතිවරයා වශයෙන් 1979දී පත්විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය සරසවි සංගමයේ සභාපති තනතුරට 1983දී පත්වූ මහාචාර්ය විජේසුන්දර කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වශයෙන් කොලේජ් හවුස්හි සිය කාර්යාලය තුළ සිටියදී 1989 මාර්තු 08 වැනිදා පෙරවරු 10.10ට කැරැලිකරුවන් අතින් ඝාතනයට ලක්විය. මහාචාර්ය විජේසුන්දර වෙඩිතබා ඝාතනය කළේ ලයනල් රණසිංහය. විජය කුමාරතුංග ඇතුළු 41 දෙනකු මරාදැමූ බවට පො‍ලිසිය ඔහුට චෝදනා කළේය.

මහාචාර්ය විජේසුන්දර ඝාතනය කිරීමට ලයනල් රණසිංහට සහාය වූයේ රුහුණු සරසවියේ කෘෂි පීඨයේ සිසුවකු වූ හම්බන්තොට දෙබරවැව පදිංචි ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට්ය. ජවිපෙ දෙවැනි කැරැල්ලේදී ශිෂ්‍ය අංශය යටතේම වෙනමම ක්‍රියාත්මක වූ සන්නද්ධ අංශය වූ නිමල් බාලසූරිය බළකාය නමින් හැඳින්වූ අංශයේ ප්‍රධාන නායකයා වූයේද ඥානසිරිය. ජවිපෙ මගින් යුද අවි ලබාගැනීමට කටුනායක ගුවන් හමුදා කඳවුරට දෙවැනි වරටද 1988 අප්‍රේල් 22 වැනිදා එල්ල කළ ප්‍රහාරයට ඥානසිරි පල්ලියගුරු කැරැලිකරුවකු ලෙස එක්විය. බොරැල්ල මැගසින් බන්ධනාගාරයට 1988 දෙසැම්බර් 13 ප්‍රහාරයක් එල්ලකර එහි රඳවා සිටි ජවිපෙ සැකකරුවන් 221 දෙනකු නිදහස් කරගැනීමේ ජවිපෙ ප්‍රහාරක කණ්ඩායමේ ඥානසිරි මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකි.

ගාල්ල ජවිපෙ සන්නද්ධ ලේකම් ලෙස ඥානසිරි පල්ලියගුරු 1989 අග භාගයේ පත්වී පැමිණි විගස ගාල්ල ඉඳුරුවේදී ආරක්ෂක හමුදා ‘ඇම්බුෂ්’ උගුලට (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) හසුවීමෙන් අත්අඩංගුවට පත්විය. පසුව තෙලිජ්ජවිල ජෝන් ඩෙල්ෆ් වත්තේ හමුදා අනුඛණ්ඩයේ රඳවාගනු ලැබීය. එම කඳවුරේ සිටි ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ දික්වැල්ලේ සිල්වා, ක්ෂණික විහිදුම් බළකායේ භටයන් 4 දෙනකු සහ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට 1990 පෙබරවාරි 22 බෙලිඅත්ත ගලගමට රැගෙන ගියවිට කැරැලිකරුවන් විසින් හමුදා භටයන්ට ප්‍රහාරයක් එල්ල කර, ඔවුන් ඝාතනය කර, සිල්වාද බේරාගෙන, අවිද පැහැරගෙන, ඝාතනයට ලක්වූ හමුදා භටයන්ගේ සිරුරු පාළු ලිඳකට දමා තිබිණි. එසේ ඝාතනය කළ හමුදා නිලධාරීන් වූයේ තෙලිජ්ජවිල කඳවුරේ දෙවැනි ලුතිනන් එස්.ඒ.ඩී. දේශප්‍රිය සහ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ. ප්‍රේමරත්න යන දෙදෙනාය. ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් රෝහිණී පෙරේරාගේ නියෝගය මත මාතර රෝහලේ වෛද්‍ය නිලධාරී අශෝක ඩයස් විසින් පවත්වන ලදී.

එම හමුදා නිලධාරී ඝාතනවලට ප්‍රතිචාරයක් ලෙසින් කඳවුරේ රඳවාගෙන සිටි ඥානසිරි පල්ලියගුරු, මාතර හිටපු දිසා ලේකම් විජිත, ජවිපෙ සන්නද්ධ ක්‍රියාකාරිකයකු වූ හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ කලක් සේවය කළ දෙවුන්දර අතුල ඇතුළු සිවු දෙනෙක් 1990 පෙබරවාරි 24 ඝාතනය කර එම ලිඳටම දමා තිබුණු බවට චෝදනාවකි.
එකල පුංචි බොරැල්ලේ නවාතැනක සිටි ලයනල් රණසිංහ 1989 මාර්තු 08 වැනිදා උදෑසන 7ට දෙල්කඳදී ඥානසිරි පල්ලියගුරු හෙවත් බෙනට් හමුවූ අතර, කොළඹ සරසවි උපකුලපතිවරයා අධ්‍යාපන ධවල පත්‍රිකාව හැදීමට සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විවෘත කිරීමට මුල්වී ක්‍රියාකළ අයෙකු බැවින් ඔහුව ඉවත් කිරීමට තීරණය කර ඇති බව දැනුම් දුන්නේය. විජේරාම හන්දියේදී හමුවූ තවත් තරුණයකු යතුරු පැදියකින් පැමිණියේ බ්‍රවුන් පේපර් කොළයක ඔතා තිබූ ආයුධ දෙකක්ද සමගය. එක් ආයුධයක් වූයේ මිලිමීටර් 9 පිස්තෝලයක් සහ රිවෝල්වර‍යකි. පිස්තෝලයට පතුරම් 8ක්ද රිවෝල්වරයට පතුරම් 6ක්ද විය. විජේරාම වෙල අසලට ගොස් පිස්තෝලය අහසට අල්ලා ඔහු වෙඩිල්ලක් තබා එය පරීක්ෂා කළේය.

පසුව විජේරාම හෝටලයකින් තේ බී, ලයනල් පිස්තෝලය ඉණේ ගසාගත් අතර, අනෙක් තරුණයා රිවෝල්වරය ඉණේ ගසාගත්තේය. පසුව ලිපිගොනු කවරයක්ද අතැතිව කොළඹ සරසවියේ කොලේජ් හවුසියට ඇතුළුවූ ලයනල් සහ අනෙක් තරුණයා තරප්පුව දිගේ උඩට ගොස් උඩුමහ‍ලේ කාමරයට එක් අයෙකු එබී බැලුවේය. පසුව කාමරයේ සිටි අයකු ඉවතට යනතුරු සිට කාමරයට ඇතුළුවී මහාචාර්ය විජේසුන්දරගේ හිසට වෙඩි පහරවල් කිහිපයක් තැබීය. කිසිදු ශබ්දයක් පිටතට ඇසු‍ණේ නැත. ඒ, 1989 මාර්තු 08 පෙරවරු 10.10ටය.

ඇසිල්ලකින් උඩුමහලෙන් බිමට බැසගත් දෙදෙනා අනතුරුව යතුරුපැදියෙන් පලාගියේය. හදිසියේ කාමරයට ආ අයකු උපකුලපතිවරයා වෙඩිවැදී ඝාතනයට ලක්වී ඇති අයුරු දැක වහාම මහාචාර්ය විජේසුන්දරව රෝහලට යැවූ අතර, පොලිසිය සරසවිය වටකර සෝදිසි කළේය. වෙඩිතැබූ ලයනල් උදෑසන 10.30 වනවිට සිය තාවකාලික නවාතැන වූ පුංචි බොරැල්ලේ කපිලගේ නිවසට පැමිණ තිබිණි.

මොරටු සරසවියේ උපකුලපතිවරයා වූයේ මහාචාර්ය චන්ද්‍රරත්න පටුවතවිතානය. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා මහාචාර්ය පටුවතවිතාන ජවිපෙ විසින් ඝාතනය කළේ 1989 සැප්තැම්බර් 11 පෙරවරු 9.30ට වෙඩිතැබීමෙනි. මොරටු සරසවියේ උපකුලපති මහාචාර්ය විලී මෙන්ඩිස් 1988 සැප්තැම්බර් 15 ඉල්ලා අස්වූ අතර, එම පුරප්පාඩුවට මහාචාර්ය පටුවතවිතාන මහතා පත්වූයේ 1988 දෙසැම්බර් 05 වැනිදාය.

මොරටු සරසවි උපකුලපතිවරයාද වෙඩිතබා ඝාතනය කළේ සිය කාර්යාලය තුළදීය. උපකුලපතිගේ පෞද්ගලික සහකාර මහබදුගේ සිසිල් ෂෙල්ටන් ප්‍රනාන්දු (54) ප්‍රකාශ කළේ පිස්තෝලයක් අතැතිව කාර්යාලයට පැමිණි දුඹුරු කලිසමක් සහ සුදු කමිසයක් ඇඳ සිටි අවුරුදු 23ක පමණ තරුණයෙක් උපකුලපතිගේ බෙල්ලට වෙඩි පහරක් තැබූ අතර, එය වැදුණු විගස මහාචාර්ය පටුවතවිතාන හිස මේසය මත තබාගත් බවය. තවත් වෙඩි පහරවල් දෙකක් තැබීමෙන් පසු ඔහු පිටත්ව ගිය අතර, උපකුලපතිවරයා රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බවය. උපකුලපතිවරයාගේ මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලද්දේ මොරටුව මහෙස්ත්‍රාත් රෝහිණී වල්ගම විසිනි.
එහිදී සරසවි ප්‍රධාන ආරක්ෂක නිලධාරී ආර්.පී.කේ. රණවීරටද වෙඩි තැබීමෙන් මරුමුවට පත්විය. රණවීරට වෙඩි තබන විට එය සියැසින් දුටු අය අතර, කටුබැද්ද සරසවියේ ආරක්ෂක නියාමකයන් වූ කළුතන්ත්‍රීගේ චන්ද්‍රසේකර පීරිස් (47) සහ සිල්වාද විය. යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ මෙය සිදුකළ අතර, එම යතුරුපැදියේම නැගී ඔවුහු පලාගි‍යෝය. පටුවතවිතානගේ දේහය මොරටුව සරසවියේ තැන්පත් කිරීමෙන් පසුව පානදුර නව නගර ශාලාව අසල ඔහුගේ නිවසට ගෙන ගොස් ආදාහනය 1989 සැප්තැම්බර් 14 ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී. මහාචාර්ය ස්ටැන්ලි සහ මහාචාර්ය පටුවතවිතාන දෙදෙනාගේම අවසන් කටයුතුවලටද මෙම ලේඛකයා සහභාගි විය.

(වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ දෙවැනි කැරැලි සමය පිළිබඳ ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ‘ජවිපෙ දෙවැනි කැරැල්ල’ ග්‍රන්ථ 03 පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 071 2733986 යන උය්එි්චච දුරකතනයෙන් විමසිය හැකිය)

ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

සියලු දෙනා ලෑස්ති වෙන්න! ලබන ජූලියේ භයානක සුනාමියක්! ජපානයේ බාබා වැන්ගා ප්‍රබල අනාවැකියක් කියයි! ලෝකයේම මාධ්‍ය ප්‍රසිද්ධිය දෙයි! Sri Lanka Latest News

Next Post

හැමෝටම ඡන්දෙ එපාවෙලාද?  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.