තමන් හමුදාවේ තුන්දාහක් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කළ ප්‍රකාශයට ආණ්ඩුව ගන්නා පියවර සම්බන්ධයෙන් තමන් බලා සිටින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී කරුණා අම්මාන් වැඩ කළේ පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් බවද ඒ මහතා පෙන්වා දෙයි.
කරුණාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ගරුතර මහා සංඝරත්නයේ ප්‍රතිචාරය හෙළිදරව් කරන ලෙස තමන් ආයාචනය කරන බවද ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.










