• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොත්තම් කැලේ – රෙද්ද කරේ! Sri Lanka Latest News

April 11, 2025
in Exclusive, News
Reading Time: 3 mins read
A A
බොත්තම් කැලේ – රෙද්ද කරේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පසුගියදා සිදුකළ රාජ්‍යතාන්ත්‍රික විදෙස් සංචාරයේදී ඇය සැරසී සිටි ඇඳුම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ විවේචන එල්ල වෙමින් තිබෙන පසුබිමක දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ මහතාද ඒ පිළිබඳ සිය මතය ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබෙනවා. සිය යූටියුබ් චැනලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් රාජපක්ෂ මහතා දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

පිටකවරේ බලන්න එපා, පොත කියවන්න කියන එක පහුගිය කාලේ අපේ රටේ ජනප්‍රිය වුණානේ. දැන් මෙහෙම ජනප්‍රිය වෙච්ච රටක ඇයි මේ හරිනි අමරසූරියගේ ඇඳුමට බණින්නේ? ඇඳුම විවේචනය කරන්නේ? ඒක මෙහෙමයි වෙන්නේ. හරිනි අමරසූරියට තමන් කැමැති ඇඳුමක් අඳින්න අයිතියක් තියෙනවා. තමන් කැමැති හුරුපුරුදු ජීවිත පැවැතුම් පවත්වගෙන යන්න අයිතියක් තියෙනවා. හැබැයි ඒ අයිතිය තියෙන්නේ අමරසූරිය වලව්වේ ළමාතැනීට, එහෙම නැත්නම් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යතුමියට. ඇය මේ වනවිට ශ්‍රී ලංකාවේ අගමැතිනිය. ශ්‍රී ලංකාවේ අගමැතිනිය කියන ධුරය, ඒ වගකීම භාරගන්නවා නම් ඇය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ නියෝජනයක් විය යුතුයි. අගමැතිවරුන්ට අඳින්න මොකක් හරි ඩේ‍රස්කෝඩ් එකක් තියෙනවද? නෑ, එහෙම එකක් නෑ. නමුත් ඨදදා ්එඑසරු කියලා එකක් තියෙනවා. ඒ රට නියෝජනය කරන්න පුළුවන් පෞරුෂත්වයක් සහිත ඇඳුමක් අඳින එක, එහෙම භාෂාවක් කතාකරන එක, එහෙම හැසිරීම් ඇවතුම් පැවැතුම් පවත්වාගන්න එක වැදගත්.

උදාහරණයක් විදියට ගත්තොත් යුද හමුදාවට කෙනෙක් බැඳුණාම, යුද හමුදාවේ තියෙනවා ඊට අනන්‍ය වෙච්ච ඇවතුම් පැවැතුම්, ඇඳුම් පැලඳුම් රටාවක්. රැවුල කපන්න වෙනවා, බූඩ් දාන්න වෙනවා, යුනිෆෝම් අඳින්න වෙනවා. ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ඉන්න අකැමැති කෙනෙක්ට ඉන්න පුළුවන්, හැබැයි යුද හමුදාවේ නෙවෙයි. සිවිල් පුරවැසියෙක් විදියට. සිවිල් පුරවැසියෙක් රැවුල වවලද, කොණ්ඩේ වවලද, ඇඳගෙන ඉන්න ඇඳුම මොකක්ද කියලා කවුරුවත් ප්‍රශ්න කරන්නේ නෑ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ටත් පාරෙදී, සාමාන්‍ය ගමනකදී තමන් කැමැති විදියේ ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන්. හැබැයි ක්‍රිකට් මැච් එකක් ගහනකොට ඒ මැච් එකට අදාළ නිල ඇඳුමක් ඇඳිය යුතුයි. ඒ, ඒ අය තමන්ගේ රට නියෝජනය කරන නිසා. ඒ නිසා ඔවුන්ට හැසිරෙන්න ඕනේ විදිය, කන බොන විදිය පුරුදුකරනවා. අපි කතාකරන්නේ දැන් අගමැතිනිය ගැන. එතුමිය අපේ රටේ දෙවැනි පුරවැසියනේ. එතකොට අගමැතිවරියට විතරක් නෙවෙයි විදේශ ඇමැතිවරයාට, රාජ්‍ය නායකයෙක්ට තියෙන්න ඕනේ ඔහුගේ හෝ ඇයගේ ඇවතුම් පැවැතුම් සිදුකරන රටාවක්.

මේකේ ඉතිහාසයට ගියොත් එහෙම අපේ වගේ රටවල් ගත්තොත් අපි ලෝකයේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ඉතා හොඳ නමක් තියාගත්තු රටක්. ඒ කියන්නේ අපිට එහෙම හොඳ රාජ්‍යතාන්ත්‍රික පෞරුෂත්වයක් තිබුණා. 1951දී ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මුදල් ඇමැතිවරයා විදියට සැන් ෆ්‍රැන්සිස්කෝවලට යනවා අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරමින්. එහිදී තමයි ඔහු නහී වේරේණ වේරාණි කියන ගාථාවත් එක්ක කතාවක් කරලා, අපේ රටේ බුදුදහමේ ඉතිහාසය, සංස්කෘතිය ගැන කිව්වේ. අදටත් ජපානයේ ජේ.ආර්.ගේ පිළිම තියෙන්නේ, අදටත් ජපාන පෙළපොත්වල දරුවන්ට ජේ.ආර්. ගැන කියලා දෙන්නේ, ගරු කරන්නේ ඔහු සිදුකළ ඒ සුවිශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීම නිසයි. ඒ කතාව කෙටි වෙලාවක් කරපු කතාවක්. ඒ කෙටි කතාව ගැන අදටත් ජපානයේ කතා කරනවා.

මම එක් අවස්ථාවක චීනයට ගියා. මාත් සමග එහි සිටියා එක්තරා මන්ත්‍රීවරියක්. ඇය ඔසරියකින් සැරසිලා හිටියේ. අපි කට්ටිය චීනයේ ගම්බද මාවතක් දිගේ ඇවිදගෙන යනකොට චීන ජාතික කාන්තාවන් පිරිසක් අපිත් එක්ක කතාකළා. ඔවුන් එක පාරටම අපිව දැකලා ඇහුවේ අපි ශ්‍රී ලංකාවෙද කියලා. අපි ඔවුන්ගෙන් ඇහුවා කොහොමද අපි ශ්‍රී ලංකාවේ කියලා ඔයාලා දන්නේ කියලා. එතකොට එක් චීන ජාතික කාන්තාවක් ඔසරියකින් සැරසිලා හිටිය අපේ මන්ත්‍රීවරිය දිහාවට අත දික්කරලා කිව්වා ‘සිරිමා බණ්ඩාරනායක’ කියලා. ඔවුන්ට ඒ ඇඳුම දැක්කම අවුරුදු 50කට පස්සේ වුණත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියව මතක්වුණා. මිනිස්සුන්ගේ හිතේ රැඳෙන ප්‍රසන්න බව, ඒ ඇඳුම පැලඳුම, ඒ හැසිරීම කියන එක හරිම සුවිශේෂයි.

අපි පහුගිය දවසක දැක්කා හරිනි අමරසූරිය අගමැතිවරිය ජැකට් එක ඉණේ ගැටගහගෙන එනවා. ගමක චණ්ඩියෙක් රණ්ඩුවකට යනකොට ගැටගහගන්නවා වගේ තමයි ඈ යන්නේ. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එක්තරා විදියකට පොඩි නිරුවත් ගතියක් ඒකේ තියෙනවා කියලා පේනවා.

අපි දැක්කා අනුර කුමාර දිසානායකත් ෂර්ට් එකේ බොත්තම් මාරුකරගෙන එන අවස්ථාවක්. බයිසිකලයක් පදින්න වගේ ජැකට් එකක් දාගෙන චීනේ ගිහින් තිබුණා. මේවා සරලකම විදියට හිතනවා නම් ඒ සරලකම තියාගන්න පුළුවන් ගෙදර. ඒ සරලකම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තියාගන්න බෑ. මොකද මේක රටක්. කාටහරි මතක් වෙන්න පුළුවන් එහෙනම් චේගුවේරා ආමි යුනිෆෝම් එකක් ඇඳගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රැස්වීමට ගියා කියලා. ඔව්, ඔහුට එතැනදී පෙන්නන්න ඕනේ වුණා ඔවුන් ඒ වෙනකොට මුළු ලෝකෙම තිබුණු සිස්ටම් එකට පරිබාහිර ගරිල්ලා ව්‍යාපාරයක් නියෝජනය කරන බව. ඔවුන් බලය අරන් තියෙනවා. ඔවුන් ලෝකෙත් එක්ක කිසිම ාැfැබාැබජහ එකක් නෑ යූ.ඇන්. අනං මනං කිසිවක් එක්ක. ඒ නිසා ඒ ඈන්ගල් එකෙන් තමයි ඔහු ගිහින් කියලා ආවේ ‘මව්බිම නැත්නම් මරණය’ කියලා. මව්බිම නැත්නම් මරණය කියලා කියන්න යුද හමුදා නිල ඇඳුමක් ඇඳගෙන යූ.එන්. එකට යන එක හරි. ඒක වෙන කතාවක්. හැබැයි අපි රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමක් අස්සන් කරන්න යද්දී ‘මව්බිම නැත්නම් මරණය’ කියලා කියන්න යනවා වගේ ඇඳුමකින් සැරසිලා යන්න බෑ. සෙලෙස්කිගේ ඇඳුමට ට්‍රම්ප් මොනවා කිව්වත් සෙලෙස්කි ඒ ඇඳුමෙන් ප්‍රකාශ කරනවා අපි ඉන්නේ යුද්ධෙක කියලා. ඒකට එයාට අයිතියක් තියෙනවා. ඒක වෙන කතාවක්. මේක ඊට වඩා වෙනස් දෙයක්. අපි ඉන්නේ සාමාන්‍ය තත්ත්වයක. අපි සාමාන්‍ය රාජ්‍යයක්. අපි ලෝකෙත් එක්ක ගනුදෙනු කරන විදියක් තියෙනවා. අපි හදාගත්ත ඉතිහාසයක් තියෙනවා. ඒක ඇඳුම පැලඳුම විතරක් නෙවෙයි හැසිරීම, කතාබහ, ඒ වගේම තෑග්ගක් පවා කියන්නේ හරිම සුවිශේෂ දේවල්.
එක වෙලාවක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා හොඳ ශ්‍රී ලංකා තේ පාර්සලයක් යවනවා පිදෙල් කස්ත්‍රෝට. කස්ත්‍රෝ කියන්නේ වමේ නායකයෙක්. කස්ත්‍රෝත් ජේ.ආර්.ට සුරුට්ටුවක් එව්වා. ඒ වගේ මේ තෑගි හුවමාරු කිරීම් පවා හරි සුවිශේෂියි. ඒවා අල්ලස් නෙවෙයි. මිත්‍රශීලීත්වය හැඟවීමේ අවස්ථා.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති බවට පත්වුණාට පස්සේ ඇමෙරිකාවට ගිහිල්ලා රොනල්ඩ් රේගන් මුණගැහුණා. එහිදී ජේ.ආර්.ව පිළිගන්න සුවිශේෂ උත්සවයක් තිබුණා. ඒ පිළිගැනීම කොයි තරම් සුවිශේෂද කියනවා නම්, ඇමෙරිකානු රාජ්‍ය නායකයෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයකුට රාත්‍රී භෝජනයක් පිළිගන්වපු අවසාන අවස්ථාව ඒක. ඒ භෝජන සංග්‍රහය අතරතුරේදී රේගන් ජේ.ආර්.ගෙන් අහනවා ඔබ කැමැතිම ගීතය මොකක්ද කියලා. එතකොට ජේ.ආර්. කියනවා ෆ්‍රෑන්ක් සිනාත්‍රාගේ ස ාසා සඑල ස ාසා සඑ පහ අ්හ කියන ගීතය කියලා. ඒක රේගන් කලින් දැනගෙන හිටියා. දැනගෙන හිටපු නිසා තමයි ඒක ඔහු අහන්නේ. ජේ.ආර්. ඒ ගීතය තමන් කැමැතිම ගීතය කියලා කියනකොටම ෆ්‍රෑන්ක් සිනාත්‍රා ගිටාර් එකත් අරගෙන වේදිකාවට එනවා ජේ.ආර්. වෙනුවෙන් සර්ප්‍රයිස් එකක් විදියට ගීතය ගායනා කරන්න. ලෝක බලවතා වෙච්ච ඇමෙරිකාවේ එවක රාජ්‍ය නායකයා රොනල්ඩ් රේගන්ට ලංකාවේ ජනාධිපති ජේ.ආර්. කෙරෙහි ඒ තරම් පිළිගැනීමක්, ගෞරවයක් තිබුණා. හැබැයි ඒක දෙකට නැමිලා ගත්ත ගෞරවයක් නෙවෙයි. අන්‍යොන්‍ය වශයෙන් එක සමාන මිනිස්සු විදියට ලබාගත්ත ගෞරවයක්. ඒ උත්සවය අවසානයේ ජේ.ආර්. අලි පැටියෙක් තෑගි දීලා කතාවක් පවත්වනවා. ඒ කතාවෙදී ජේ.ආර්. කියනවා ලංකාවේ රටේ ඉතිහාසය ගැන. අභිමානය ගැන. ඒ නිසා ඒ අන්‍යොන්‍ය අවබෝධය, එකිනෙකාට ගරුකිරීම සහ තමන්ගේ ගෞරවය තියාගැනීම කියන දේවල් මේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී හරිම වැදගත් වෙනවා. මේක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට තේරෙන්නේ නැති වුණත් අඩුම ගානේ මේක විජිත හේරත්ට, බිමල් රත්නායකට තේරෙන්න ඕනේ. මොකද ජේ.වී.පී. එකේ ජාත්‍යන්තර වැඩවලට සම්බන්ධ වෙන්නේ සෝමවංශ අමරසිංහ.

සෝමවංශ අමරසිංහගේ දේශපාලන මතිමතාන්තර ගැන මොන ප්‍රශ්න තිබුණත්, සෝමවංශ ඔය කාරණාව සම්බන්ධයෙන් බිමල්ලාව, විජිතලාව පුහුණු කළා. විජිතලා ජාත්‍යන්තර රැස්වීවලට ගිහින් කතාකරද්දී, සෝමවංශ ඒ කතා ගෙන්නගෙන බලනවා. අඳින ඇඳුම ගැන උපදෙස් දෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ රටවලදී හැසිරෙන්න ඕනේ විදිය පවා සෝමවංශ අමරසිංහ කියලා දුන්නා. මම දන්නේ නෑ අනුර කුමාර දිසානායක නම් ඔහුගෙන් ඒ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අදහසක් ගන්න නැතුව ඇති. නමුත් අඩුම ගානේ එහෙම පුරුද්දක් හරි තිබුණා නම් මේ විදියට ඉතාම අවතක්සේරුවකට රට පත්වෙන්නේ නෑ. දැන් මෝදි ලංකාවට එනවා, මෝදි එන්නේ නිකන් නෙවෙයි. අත්දැකීම් අඩු පාලකයෙක් ලංකාවේ නිර්මාණය වෙලා ඉන්නවා. ඒ පාලකයාගේ අත අඹරා සියල්ල කරගත හැකියි කියන මානසිකත්වයක තමයි ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවට එන්නේ.
ඒ අස්සේ එක්සත් ජනපදයත් එක්ක අපිට කතාකරන්න වෙනවා මේ පනවලා තියෙන තීරුබද්දත් එක්ක. ඒ තීරුබදු ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා ලෝකෙ වටේම යන්න වෙනවා. යූ.එන්. එක එක්ක, චීනය එක්ක කතාකරන්න වෙනවා. ඉතින් මේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී ජනාධිපතිතුමා, අගමැතිවරිය, විදේශ ඇමැතිවරයා මේ සියලු දෙනාගේම දායකත්වය ලබාදිය යුතු වෙනවා. ජනාධිපතිතුමාට භාෂාවේ ප්‍රශ්නයක් තියෙනවා. ඔහුට මේ රාජ්‍යතාන්ත්‍රික වැඩ තේරෙන්නේ නෑ. අගමැතිවරියට භාෂාවේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇයට හැසිරීමේ ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඇඳුම් පැලඳුම් ඇවතුම් පැවැතුම් චර්යාධර්මවල ප්‍රශ්නයක් තියෙනවා. විදේශ ඇමැතිවරයා හැංගිලා ඉන්නේ. කමිටුවක් දානකොට ඔහු ඉස්සරහට එන්නේ නෑ. ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික කතා අපි අහලා තියෙනවා. මිනිස්සුන්ගේ භාෂා හැකියාවට හෝ චර්යාවන්ට මම අපහාස කරනවා නෙවෙයි. ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයෙක් ආපුවාම ඔහු රට වෙනුවෙන් ලෝකේ ඉස්සරහා කතාකරන නිසා ඔහුට කතාකරන විදියට උගන්වනවා, ඇඳුම් පැලඳුම් ගැන උගන්වනවා, ඇවතුම් පැවැතුම් ගැන උගන්වනවා. ඔහු කුමන සමාජ මට්ටමකින් ඒ තැනට ආවත් ඔහුට ඒ දේවල් උගන්වනවා. ඔහුත් දැනගන්න ඕනේ හැදෙන්න. ඒ නිසා මම කියන්නේ රටක් පාලනය කරනවා නම් තමන්ට බැරි දේවල් නිහතමානීව පිළිඅරගෙන, ඒ සම්බන්ධයෙන් උපදේශනයන් ලබාගන්න ඕනේ. උද්දච්චකම පැත්තකින් තියලා, මෙතෙක් අපේ රටේ හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හැසිරිච්ච විදිය, කටයුතු කරපු විදිය ඉගෙනගන්න. ලංකාවේ 77 වෙනකන්ම රාජ්‍ය නායකයා හෝ අගමැතිවරයාම තමයි විදේශ ඇමැතිකම දැරුවේ. ඒ තරම් වගකීම්සහගත තනතුරක් තමයි විදේශ ඇමැති ධුරය කියලා කියන්නේ.

යුද්ධය තිබුණු කාලේ ලක්ෂ්මන් කදිර්ගාමර්ව තමයි විදේශ ඇමැති ලෙස පත්කරන්නේ. ඒකට හේතු වුණේ ඔහුගේ ජාතික අනන්‍යතාව, ඔහුගේ භාෂා දැනුම, ලෝකය ගැන තිබුණු කියැවීම. ඔහු කතාකරන විදිය හරිම ප්‍රශස්තයි, අහගෙන ඉන්න ආසයි. මංගල සමරවීර වගේ විදේශ ඇමැතිවරයෙක් ගත්තත් ඔහු බොහෝ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගාගත්ත කෙනෙක්. මංගල තමන්ගේ දේශපාලන ජීවිතය ගැන පොතක් නිකුත් කරද්දී සමන්තා පවර් ඒ පොත එළිදක්වන උත්සවයට එනවා. ඇය එහිදී කියනවා තමන් මේ වගේ දුරක් ගෙවාගෙන කවුරු හරි කෙනෙක් වෙනුවෙන් ආවා නම්, ඒ මංගල සමරවීර වෙනුවෙන් විතරයි කියලා. ඒ තරම් සුවිශේෂ මිත්‍රත්වයක් මංගල ගොඩනගාගෙන තිබුණා. ඒ නිසා මේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු කියන්නේ අර්බුද රැසකට මුහුණපාලා ඉන්න අපේ රටට හරිම වැදගත් දෙයක්. නමුත් මේ කියපු රාජ්‍යතාන්ත්‍රික මිත්‍රකම්, භාෂාව, ඇවතුම් පැවතුම් හදාගන්න මේ ආණ්ඩුවට කාලයක් ගතවේවි. හැබැයි හොඳ ඇඳුම් නිර්මාණ ශිල්පියෙක් සම්බන්ධ කරගෙන තමන්ගේ ඇඳුම පිළිවෙළට හදාගන්න. ඒකට උපදෙස් ගන්න. අනුර කුමාර දිසානායක මහත්තයාගේ පක්ෂයේ හිතවතෙක්ලුනේ හමීඩියාස් වගේ ආයතන. එහෙම කෙනෙක්ව කතාකරගන්න. කතාකරලා තමන්ගේ කණ්ඩායම පිළිවෙළට හදලා දෙන්න කියන්න. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. පැලවත්තේ අරමුදලෙන් ටිකක් හරි ඒකට වියදම් කරන්න. මොකද ඔවුන් මේ නියෝජනය කරන්නේ රටක්. නැත්නම් අපි ලෝකෙ ඉස්සරහා අසරණ වෙනවා. හෑල්ලුවට ලක්වෙනවා. මේ කාරණාව හරියට තේරුම් ගන්න.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

බය වෙලාවත්ද? 17 අල්ලස් කොමිසමට එන්න රනිල් බෑ කියයි! I Sri Lanka Latest News

Next Post

ගුරුත්වාකර්ෂණයත් බොරු වුණාද? රටම පොඩිපට්ටම් වුණු මහා භූමිකම්පාව මැද්දේ බුදුන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කළ කඳු බෑවුමේ චෛත්‍යය විතරක් ආරක්ෂා වුණේ කොහොමද? Sri Lanka Latest News

MORE NEWS

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

Load More
ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News
Heart

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

විසේකාර කෙල්ලන් අතරට එකතු වුණු ඇය චනුෂි දෙව්මිණි. දවසින් දවස විවිධ නිර්මාණ අතරට එකතු වන රුවැත්තියන් අතර මේ දිනවල ඔබට...

Read more
‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.