• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හතරවටෙන්ම විරෝධතා එල්ල වෙයි! ස්ටිකරයක් ඇලෙව්වාට දින 90ක් රඳවාගැනීමට අනුර අත්සන් තැබූ මුස්ලිම් තරුණයාට ඇප ලැබෙයි!  I Sri Lanka Latest News

April 8, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) යොදා ගනිමින් පසුගිය දා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි තරුණයා ඇප මත මුදා හැරීමට අද (අප්‍රේල් 7) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.Sri Lanka Latest News

නිට්ටඹුවේ පදිංචි 22 හැවිරිදි පසුවන මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයෙක් එලෙස ඇප මත මුදා හැරිණි.

“අපේ විමර්ශන ඉවර වුණාට පස්සේ උසාවියට දැම්මා. උසාවියෙන් එයාව PTA පනතේ ලෙවල් වන් යටතේ කොන්දේසි සහිතව ඇප නියම කළා,” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග බීබීසි සිංහල සේවය වෙත පැවසීය.

ඒ අනුව, අදාළ කොන්දේසි පිළිබඳව අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් තවදුරටත් විමසීමක් කළෙමු.

එහිදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, විදෙස්ගත වන්නේ නම් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය දැනුවත් කිරීම, මසකට වරක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීම ආදී කොන්දේසි මත අදාළ තරුණයා මුදා හැර ඇති බව ය.

රුෂ්ඩි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක රැඳවුම් නියෝග මත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා සිටියේ ය.

රුෂ්ඩි අත්අඩංගුවට ගත්තේ ඇයි?

“F*** Israel” යනුවෙන් සඳහන් ස්ටිකරයක් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී මොහොමඩ් රුෂ්ඩි පිළිබඳව අනාවරණය වූ වෙනත් කරුණු මත මාර්තු 22 වන දා ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධිය මනතුංග ප්‍රකාශ කළේ;

“ස්ටිකර් සම්බන්ධ හේතුව නිසා අපි බැලුවා මෙයා කවුද කියලා. ඒ බලනකොට මෙයා එක්ස්ට්‍රිමිස්ට්වලට ගොඩක් කන්වර්ට් වෙලා හිටියේ. අපි එක පාරට ඇරස්ට් කළා නෙවෙයි. ලංකාවේ වෙන තැන්වලත් ස්ටිකර් ඇලෙව්වා. මෙයා ස්ටිකර් ඇලෙව්වා හින්දා අපි මෙයාව කන්සර්න් කළා. එතකොට අපි මෙයාව බලනකොට, මෙයා මේ විධියේ කෙනෙක්. ඊට පස්සේ තමයි මෙයාව මේ විදිහට ඇරස්ට් කරලා ගත්තේ. ස්ටිකර් ඇලෙව්වා හින්ද ගත්තා කියලා හිතන්න එපා. ඇලෙව්වා හින්දා මෙයා ගැන අපි බැලුවා.”

අදාළ තරුණයා උලමා සභාවට ද ඉදිරිපත් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

“මේ කියන කෙනාව, උලමා සභාවටත් ඉදිරිපත් කළා. එතකොට ඒ උලමා සභාවෙනුත් ඇත්තට ම කිව්වා මෙයාගේ යම්කිසි සාමාන්‍ය මුස්ලිම් ජාතිකයෙකුට එහා ගිය තත්ත්වයක් තියෙනවා, මෙයාව පුනරුත්ථාපනය කරන්න ඕන කියලා,” ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

‘හිතේ වේදනාවට කුණු බාල්දියක ස්ටිකරයක් අලවලා’

රුෂ්ඩි අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව බීබීසි සිංහල ඔහුගේ දෙමව්පියන්ගෙන් විස්තර විමසූ නමුත් සිය පුතුට ඉන් හිරිහැරයක් සිදුවෙතැයි බියෙන් ඔවුහු අදහස් පළ කිරීම ප්‍රතික්ෂේප කළහ.

කෙසේ වෙතත්, බීබීසි සිංහල ඔහුගේ පවුලේ ඥාතියෙකුගෙන් මේ පිළිබඳව කරුණු විමසූ අතර ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුගේ අනන්‍යතාව අපි හෙළි නොකරන්නෙමු.

ඊශ්‍රායාලය විසින් පලස්තීනයට එල්ල කරනු ලබන ප්‍රහාරවලින් සිදුවන මිනිස් ඝාතනවලට විරෝධය දැක්වීමට රුෂ්ඩි තම සේවා ස්ථානයේ කසළ බඳුනේ ස්ටිකරයක් අලවා ඇතැයි එම ඥාතිවරයා පැවසීය.

ඔහු ඒ පිළිබඳව සිය දෙමාව්පියන්ට ද දන්වා තිබේ.

  • අම්මා තාත්තාටත් කියලා තිබුණා, ‘පොඩි ළමයින්ගේ මිනී දකිනකොට මට හරි දුකයි වේදනාවයි. ඒකට මම ස්ටිකරයක් ඇලෙව්වා,’ කියලා. අම්මයි තාත්තයි කියලා තියෙනවා, ‘ඒවා කරන්න යන්න එපා ඒවා ඕනේ නැති වැඩ පල්ලියට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන්න නෝම්බි මාසේ, ඒක තමයි හොඳ දේ,'” යැයි ඔහුට දෙමව්පියන් අවවාද කර ඇතැයි රුෂ්ඩි ගේ පවුලේ ඥාතිවරයා පැවසීය.

මෙම සිදුවීමෙන් පසුව ද රුෂ්ඩි සුපුරුදු පරිදි රැකියාවට ගොස් ඇති අතර ඒ යන අතරතුර ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

“එයාව අල්ලා ගත්තාට පස්සේ ගෙදරට කතා කරලා කියලා තියෙනවා, ‘පුතාව අල්ලගෙන තියෙන්නේ. කට උත්තරයක් ගන්න ඕනේ. අම්මයි, තාත්තයි එන්න කට උත්තරයක් අරගෙන රිලීස් කරන්නම්,’ කියලා. මේගොල්ලෝ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ කට්ටයත් එක්ක ජීප් එක ආවාලු ගෙදරට. එයා (රුෂ්ඩි) ඉන්න කාමරය චෙක් කෙරුවලු සම්පූර්ණයෙන් ම. ‘සතියකින් රිලීස් කරනවා, සැකයට තමයි තියාගත්තේ,’ කියලා ජීප් එක ගියාලු.”

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපගේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය නොවේ’

“ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කිව යුත්තේ, එය අපගේ අභිලාෂය හෝ ප්‍රතිපත්තිය නොවන බවයි. කෙසේ වෙතත්, නව නීතියක් කෙටුම්පත් කරන තුරු, පවතින නීති ඉතා ප්‍රවේශමෙන් භාවිත කළ යුතුයි. රජය නව නීති පනවන තුරු මෙය අවශ්‍යයි,” යනුවෙන් ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුවේ ද සමාජිකයෙකු වන සභානායක, අමාත්‍ය බිමිල් රත්නායක ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවේදී පවසා තිබිණි.

බලය ලබා ගැනීමට ඉහත දී ජාතික ජන වේගය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට මැතිවරණ පොරොන්දු ලබා දී තිබේ.

සැකකරුගේ මානසික තත්ත්වය ගැන පොලිසියේ නිරීක්ෂණය

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනය

මෙම තරුණයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මාර්තු 30 වන දා පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කළේ ය.

නිවේදනයට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට අදාළව ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ කිසියම් පිරිසක් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් සිටින බවට පොලිස් මාධ්‍ය කොට්ඨාසය අදාළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

“මෙම සැකකරුගේ ක්‍රියා කලාපය සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශන කරමින් පවතින අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මොහු අන්තර්ජාලය භාවිත කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක්වී ඇති පුද්ගලයෙකු බවට නිරීක්ෂණය වී ඇති බැවින්, එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේදීතාවය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි,” යනුවෙන් එහි වැඩි දුරටත් සඳහන් ය.

අත්අඩංගුවට පත් සැකකරුගේ පරිගණක දෘඩාංග, තොරතුරු තාක්ෂණික මෘදුකාංග සහ ජංගම දුරකතන ආශ්‍රිතව වෝහාරික විමර්ශන කටයුතු ද මේ වන විට සිදුවෙමින් ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සිය නිවේදනයේ සඳහන් කර ඇත.

ඉදිරි කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ ජන කොටස් අතර ජාතික හා ආගමික උත්සව පැවැත්වීමට නියමිතව පවතින අතර විශාල වශයෙන් විදෙස් සංචාරකයන් රට තුළ සංචාර සඳහා පැමිණීමට නියමිත කාල වකවානුවක මෙම අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධව වැරදි මත සමාජගත කිරීම තුළින් රටේ සාමයට මෙන් ම ජාතික ආර්ථිකයට විශාල වශයෙන් බලපෑමක් එල්ල විය හැකි බැවින් දුර්මත ප්‍රචාරණයට නොරැවටී රටේ සාමය හා විවිධ ජන කොටස් අතර දැනට පවතින සංහිඳියාව ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කළ යුතු බවට ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් ය.

මෙම සිදුවීමට අදාළ විමර්ශන විනිවිදභාවයෙන් සිදුකර කඩිනමින් අවසන් කර ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

‘අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතළ තර්ජන එල්ල වීමට ඇති සංඥාවක්’

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රුෂ්ඩි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු සහ විකල්ප වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන සම්පත් සමරකෝන්ගෙන් විමසීමක් කළේ ය.

මෙම අත්අඩංගුවට ගැනීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති අත්තනෝමතික බව පැහැදිලි වන බව ඔහු සඳහන් කළේ ය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, මෙම පනත ක්‍රියාත්මක වූ දා සිට ඊට “ගොදුරු වූයේ සිංහල නොවන මුස්ලිම් සහ දෙමළ මිනිසුන්” බව ය.

“මේ අත්අඩංගුවට ගැනීමෙනුත් තවදුරටත් පැහැදිලි වෙන්නේ, සිංහල නොවන දෙමළ සහ මුස්ලිම් මිනිසුන් මර්දනය කරන්න මේ පනත යොදා ගන්නවා කියන එක,” ඔහු පැවසීය.

“අනෙක් උත්ප්‍රාසය තමයි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් තියෙන NPP ආණ්ඩුව ම මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා පෙළපාලි ගිහිල්ලා, රැස්වීම් තියලා, එහෙම කරපු ආණ්ඩුවක් යටතේ තමයි රුෂ්ඩිව අත්අඩංගුවට ගන්නේ,” සම්පත් සමරකෝන් කියා සිටියේය.

ඔහු අවධාරණය කළේ, රුෂ්ඩිගේ අත්අඩංගුවට ගැනීම, “ඉදිරියේදී ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බරපතළ තර්ජන එල්ල වීමට ඇති සංඥාවක්” ලෙස පෙනෙන බව ය.

“යමෙකුට කිසියම් රටකට හරි, ප්‍රශ්නයකට හරි, සාධාරණ විදිහට, සාමකාමී විදිහට, ස්ටිකර් එකක් අලවලා තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න බැරි නම්, මම හිතන්නේ ඒ රාජ්‍යය යන්නේ, රුසියාව, චීනය වගේ පැත්තකට කියලා තමයි අපි කල්පනා කරන්නේ,” ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන සහ පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනය දැක්වෙන පරිදි, රුෂ්ඩි පිළිබඳව සිදු කළ විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු පිළිබඳව ද බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.

“අපිට තියෙන ආරංචිය අනුව, මේ තරුණයාගේ කිසිදු පෙර වැරද්දක් නැහැ. අපි හිතමුකෝ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහෙම කිව්වා කියලා. හැබැයි මාධ්‍ය නිවේදනයේ එහෙම එකක් පේන්නේ නැහැ. ඒකෙ තියෙන අනිත් එක තමයි 22 වන දා තමයි මොහු අත්අඩංගුවට ගන්නේ. හැබැයි සෝෂල් මීඩියාවල ඇති වෙච්ච ප්‍රෙෂර් එකත් එක්ක, ඊයේ තමයි ප්‍රෙස් රිලීස් එක දාන්නේ. ඒ සම්බන්ධයෙන් මොකක් කියන්නේ?,” ඔහු ප්‍රශ්න කළේ ය.

ඔහු යම් වරදක් කර ඇත්තේ නම්, ඔහුට එරෙහිව සාමාන්‍ය නීතිය යටතේ කටයුතු නොකරන්නේ ඇයි ද යන්න ද ඔහු එහිදී ප්‍රශ්න කළේ ය.

“ජනාධිපති අනුර කුමාර පත් වෙන්නත් ඉස්සෙල්ලා ප්‍රතිඥාවක් තිබ්බානේ PTA එක අහෝසි කරනවා කියලා. හැබැයි දැන් ඒක කන්වර්ට් උණා නේ. අපි ඒක යම් විධියකින් සලකා බලමින් ඉන්නවා වගේ අදහසක්. එතකොට මේකෙන් කියන්නේ සියලු ආණ්ඩු වගේ ම, NPP ආණ්ඩුවත්, තමන්ට කොහෙන් හරි යම් කිසි බලපෑමක්, යම් කිසි පීඩනයක් එල්ල වෙයි කියන බිය නිසා දෝ මේ වගේ මර්දන පනතක් තියා ගන්න ආස කරනවා. මේ ආසාව භයානකයි,” සම්පත් සමරකෝන් වැඩිදුරටත් පැවසීය.

BBC සිංහල

SendShareShare
Previous Post

රාජපක්ෂලා ගැන අදත් අනුරගෙන් ප්‍රකාශයක්! ආච්චි ගැන-පොඩි බාප්පා ගැන-ලොකු බාප්පා ගැන විශේෂ හෙළිදරව්වක්! එක බාප්පා කෙනෙක් නඩු වාර දෙකක් මගෑරලා! අප්‍රේල් මාසයේත් නඩු ගොඩක් වැටෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

බටලන්දේ රනිල් අත්අඩංගුවට ගනු! නෙට්ෆ්ලික්ස් බල බල ඉන්න දෙන්න එපා! රට පුරා උද්ඝෝෂණ ඇරඹේ! පළමු එක කටුබැද්දේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

Load More
වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වියපත්ව සිටින බැවින් මේ වනවිට ගෙදරට වී ලබන ආත්මෙට පිනක් දහමක් කරගෙන සිටිය යුතු බව ව්‍යාපාරික...

Read more
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.