• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘සමාවෙන්න මට අම්මේ… මට ගොඩක් මහන්සියි…. මගේ මරණයට හේතුව depression…’ තරුණ දරුවන් මේ විදියට ජීවිතයෙන් පැන යන්නේ ඇයි? Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
‘සමාවෙන්න මට අම්මේ… මට ගොඩක් මහන්සියි…. මගේ මරණයට හේතුව depression…’ තරුණ දරුවන් මේ විදියට ජීවිතයෙන් පැන යන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජීවිතය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. මිනිස්සු හිනාවෙලා සතුටින් ඉන්නවා වගේ මතුපිටින් පෙනුණට ඔවුන්ගේ හදවතේ තියෙන දුක් ගින්න දන්නේ ඔවුන්ම විතරයි. අපේ ජීවිත විටෙක පහළටම ඇදවැටෙනවා. තවත් විටෙක නැගිටිනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. සමහර වෙලාවට හිතාගන්න බැරි තරම් දුක් ගින්නක් හදවතේ සඟවාගෙන ඉන්න ඇතැම් අය පුරුදුවෙලා ඉන්නවා. ඒත් ඔවුන් මහා දුකකින් ඉඳලා තියෙන්නේ කියලා ලෝකයා දැනගන්නකොට ඒ ජීවිත ගොඩාක් දුර ගිහින් ඉවරයි. Sri Lanka Latest News

‘සමාවෙන්න මට අම්මේ… මට ගොඩාක් මහන්සියි… හැමදාම මං හිතින් විඳවනවා. දුක දරාගන්න අමාරුයි. ගොඩාක් දුර්වලයි මගේ හිත… අනේ මට සමාවෙන්න. මගේ මරණයට හේතුව depression. කිසිම සතුටක් මට දැනෙන්නේ නෑ…’

‘ලොකු පාළුවක් කිසිම හේතුවක් නැතිව දැනෙනවා. යාළුවෝ හිටියත් පවුලේ අය හිටියත් ලොකු තනිකමක් දැනෙනවා…. මට සමාවෙන්න….’

ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි ITC රත්නදීප හෝටලයේ 31 වැනි මහලෙන් පැන තරුණයෙකු සියදිවි නසාගෙන තිබුණේ මානසික ආතතිය දරාගැනීමට නොහැකි වීම නිසයි. මෙලෙස සියදිවි නසාගෙන තිබුණේ මහනුවර කුණ්ඩසාලේ පදිංචිව සිටි අසන්ත ධනංජය බණ්ඩාර නමැති අවිවාහක තරුණයෙක්. ඔහුගේ අත්අකුරෙන් ලියූ ඉහත වදන් පෙළ සඳහන් ලිපිය සොයාගෙන තිබුණේ එම තරුණයාගේ කලිසම් සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය තුළින්. ඔහු එම ලිපිය ලියා තිබුණේ තම ආදරණීය මවට ආමන්ත්‍රණය කරමින්. මේ ලිපිය දකින අම්මා කෙනෙක් කෙසේ නම් දරාගනීවිද යන්න අපේ හදවතට දැනෙන දෙයක්.

විශාදය, එහෙම නැත්නම් මේ ස්ට්‍රස් එක, ඩිප්‍රෙෂන් කියන රෝගී තත්ත්වයට සමාජයක් විදියට සාමූහිකව විසඳුම් සෙවිය යුතු කාලයක් දැන් එළැඹිලා තියෙනවා. අපි මානසික ආතතිය කියන දේ ගැන වැඩි තැකීමක් කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් අපේ ආදරණීයයෙකුට තිබුණත් අපි එය එතරම් ගණනකට ගන්නේ නැහැ. නමුත් එහි අවසාන ප්‍රතිඵලය ඉතාම භයානක වෙන්න පුළුවන්.

පසුගිය 30 වැනිදා අයි.ටී.සී. රත්නදීප හෝටලයේ 31 වැනි මහලේ 16 වැනි කාමරය රුපියල් 35,000ක් ගෙවා ඔන්ලයින් ක්‍රමයට වෙන්කරවාගෙන ඇති අසන්ත ධනංජය බණ්ඩාර, එදින රාත්‍රියේ එහි පැමිණ තිබෙනවා. ඊට පසු දින එනම් 31 වැනිදා ඔහු එම මහලෙන් පහතට වැටෙන දර්ශන ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. ඒ අනුව අසන්තගේ සිරුර 31 වැනි මහලේ සිට 4 වැනි මහලට පතිත වන දර්ශන එහි දැකගන්නට ලැබී තිබුණා. කෙසේ වෙතත් ඔහුගේ සිරුර අප්‍රේල් 01 වැනිදා උදෑසන මුලින්ම දැක තිබුණේ හෝටල් සේවකයකුයි. ඒ හතරවැනි මහලේ පඳුරු අතර තිබියදීයි. ඒ අනුව හෝටල් සේවකයා ඒ බව පොලිසියට දැනුම්දී ඇති බවයි පරීක්ෂණවලින් අනාවරණ වී තිබුණේ.

මේ සිදුවීම සම්බන්ධයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි. කෙසේ වෙතත් මෙම තරුණයා උඩුමහලෙන් පැන්නාද, ඇද වැටුණාද යන්න සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී. අසන්තගේ පසුම්බියෙන් සොයාගත් ලිපියට අනුව ඔහු දැඩි මානසික පීඩනයකින් සිටි අයකු බව හැඟීයයි. එසේම ඔහු විශාදය නමැති මානසික තත්ත්වයෙන් පෙළෙන්නට ඇති බවටද පොලිසිය සැක පළකරනවා.

මියගිය තරුණයා යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගිය අයකු බවද විමර්ශවලදී හෙළිව ඇත.
වත්මන් තරුණ පරම්පරාව වගේම සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ සෙයින් මෙම මානසික පීඩන අවදානමට ගොදුරු වන බව දිනෙන් දින වාර්තා වන පුවත් තුළින් අනාවරණ වනවා. මෙවැනි ඛේදනීය සිදුවීම් නිසාම මානසික සෞඛ්‍ය ගැටලු ගැන වැඩි අවධානයක් යොමුව තිබෙනවා. අවධානයට යොමුව තිබේ.

හැමෝටම යම් යම් අවස්ථාවල හිත් කලකිරීම් එනවා. ඒත් එම පීඩනයන්ට ඔරොත්තු දෙන්න හැමෝටම බැහැ. එවැනි අය එවන් පීඩනයක් දරාගන්න බැරිව ජීවිතයෙන් පලායන්න තීරණය කරනවා. ජීවිතයෙන් පලායාම නෙවෙයි කළ යුත්තේ. ඒ වැටෙන මනස ශක්තිමත් කරගැනීමයි කළ යුත්තේ. හිත හැදෙන දෙයකට හිත යොමුකළ යුතුයි. හිත හැදෙන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මල් පැළයක් සිටුවන්න. සුරතල් සතෙක් එක්ක කාලය ගත කරන්න. එකම දෙයක් ගැන දිගට හිතන්න යන්න එපා. අවස්ථාව ලැබුණාම විනෝද ගමනක් යන්න. ක්‍රීඩාවක යෙදෙන්න. පන්සලකට බෝමළුවකට ගිහින් හිත නිදහස් කරගන්න. සින්දුවක් අහලා හිත සනස ගන්න. දවල්ට නිදාගෙන රෑට ඇහැරගෙන ඉන්න එපා. ජංගම දුරකතන භාවිතය සීමා කරන්න. විශේෂයෙන්ම රාත්‍රියට ඍණාත්මක අදහස් ගැන හිතන්න එපා. එහෙම හිතුවොත් හැම අවස්ථාවේම සෘණාත්මකවයි හැම දෙයක්ම පෙනෙන්නේ.

කුඩා කල සිටම දරුවන් බුදු දහමට යොමු කරන්න. බුදු දහමේ ඇසුරේ ජීවත්වීම තරම් සිතට සහනය නිවීම ගෙනදෙන දෙයක් ලෝකයේ තවත් නැහැ. තමන් අදහන දහමට හිත යොමුකරන්න. ඕනෑම ආගමක හිත හදාගන්න අවශ්‍ය ධනාත්මක කරුණු ඕනෑ තරම් ගැබ්වෙලා තියෙනවා. ඉතින් ධර්මයට ළංවෙන කෙනා කවදාවත් ජීවිතය විනාශ කරගන්න හිතන්නේ නැහැ. මේ සමාජයේ අසන්ත වැනි ජීවිතය කඩාවැටුණු තවත් බොහෝ අය ඉන්නවා. ඔවුන්ගේ හදවතට ළංවෙලා, පොඩි වෙලාවක් හරි ඔවුන් වෙනුවෙන් වෙන්කරලා, ආදරය කරුණාව දීලා ජීවිතයක් රැකගන්න පුළුවන් නම් ඒක විශාල පිනක්. පුළුවන් හැම වෙලාවකම එවැනි කෙනෙක්ගේ මනස සුවපත් කිරීම වෙනුවෙන් ඔබේ කාලයෙන් කොටසක් වෙන්කරන්න.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මගින් පසුගියදා සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් දරුවන්ගේ කායික හා මානසික ගැටලු රැසක් අනාවරණ කර තිබුණා. පාසල් දරුවන්ගෙන් 4.3%ක් පමණ ආහාර නොමැතිව කුසගින්නේ සිටින පුවතක්ද එමගින් හෙළිකර තිබුණා. එසේම පාසල් දරුවන්ගෙන් 22.4%ක් දැඩි ලෙස තනිකමින් ජීවත්වන බවත්, සමීප යහළුවන් නොමැති දරුවන් 7.5%ක් සිටින බවත් එම වාර්තා පෙන්වා දෙනවා. විශාදය ලක්ෂණ ඇති සියදිවි නසා ගැනීමට පෙලඹුණු සිසුන් 15.4%ක් බවත්, සියදිවි නසාගැනීමට සැලසුම් කළ සිසුන් 9.6%ක් බවත් එහි තවදුරටත් දැක්වුණා. මෙය අතිශය භයානක තත්ත්වයක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය අවධාරණය කරන්නේ. ඒ වගේම පාසල් සිසුන්ගෙන් 5.7%ක් දුම්පානය කරන බවත්, 5.3%ක් මත්පැන් භාවිත කරන බවත්, 3.2%ක් ගංජා භාවිත කරන බවත් හෙළිවුණා. එසේම එම තත්ත්වය 2016 වසරට සාපේක්ෂව 2024 වසරේ විශාල ඉහළ යෑමක් පෙන්නුම් කරන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

තවද, පාසල් දරුවන්ගෙන් 63%ක් පමණ සුවදායී නින්දක් නොලබන බවද හෙළිදරව් වී තිබෙනවා. හොඳ මානසික සෞඛ්‍යයකට අත්‍යාවශ්‍ය සාධකයක් වන නින්ද නිසි අයුරින් නොලැබීමද එම දරුවන්ගේ මානසික ගැටලුවලට දැඩි බලපෑමක් කරන බව එම සමීක්ෂණයෙන් හඳුනාගෙන තිබෙනවා. ජංගම දුරකතනයට, වීඩියෝ ක්‍රීඩාවලට දරුවන් යොමුවීමද මෙම නින්ද අඩුවීමට දැඩි ලෙස බලපාන සාධකයකි. එහෙත් මේ තත්ත්වය මවුපියන්ට පාලනය කරන්න හැකියාව තිබෙන කාරණාවක්. තමන්ගේ ආදරණීය දුව හෝ පුතා රාත්‍රියේ නිදි වර්ජිතව ජංගම දුරකතනය දෙස බලා සිටිනවා නම් ඔවුන්ව ඉන් මුදාගැනීමට මවුපියන් කටයුතු කළ යුතුයි.

වත්මන් දරු පරපුර මුහුණපා ඇති මෙම මානසික ව්‍යාකූල තත්ත්වය සම්බන්ධයෙන් ගාල්ල කරාපිටිය රෝහලේ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කර සිටියේ මෙවැන්නකි.

‘මේ වගේ වෙලාවට මේ අය දුක පිටකරන්න කවුරු හරි සොයනවා. තමන්ගේ ළඟ යාළුවෙකුට කියනවා. එහෙම නැත්නම් සමාජ මාධ්‍යයේ දුක දානවා. ලියුමක් ලියනවා. තමන්ගේ යාළුවෙකුට නැදෑ කෙනෙකුට, තමන් වැඩකරන තැන කෙනෙකුට කියනවා. ඔවුන් දැනගත යුතුයි ඒවාට ඇහුම්කන් දීලා මනෝ වෛද්‍ය සායනවලට යොමුකරන්න. අකාලයේ මියයන බොහෝ ජීවිත අපට ගලවා ගන්නට පුළුවන් ඒ හරහා….’

පැරණි සමාජයේ ආතතිය කියන දේ මිනිස්සුන්ට දැනුණේ නැත්තේ කුඩා කාලේ ඉඳලා දරුවන්ට දුව පැන ඇවිදලා සෙල්ලම් කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබුණු නිසා. නිදහස් පරිසරයක් තිබුණා. අධ්‍යාපනය ක්‍රමය වුණත් අද තරම් සංකීර්ණ නැහැ. ඉස්සර ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ. දරුවන්ගේ මනස නිරවුල්ව පැවැතුණා. මවුපියන් අද තරම් කාර්යබහුල වුණේ නැහැ. දරුවන්ව ආදරයෙන් කරුණාවෙන් ගුණධර්ම දීලා රැකබලා ගත්තා. අද සමාජයේ දරුවන්ට පමණක් නෙවෙයි මවුපියන්ටවත් ඔවුනොවුන් ගැන බලන්නට වෙලාවක් නැතිවෙලා.

ඔබ ජීවිතයේ තනිවෙලා කියලා දැනෙනවා නම්, දිවි හානිකර ගැනීමට හිතෙනවා නම්, ඔබට කවුරුවත්ම නැහැ කියලා හිතෙනවා නම්, ඔබ වෙනුවෙන් ඔබේ ප්‍රශ්නයට සවන් දෙන්න, විසඳුමක් ලබාදෙන්න පුළුවන් පිරිසක් ඉන්නා බව මතක තබාගන්න. 1926 හෝ 1933 හෝ 0113140844 දුරකතන අංක අමතා ඔබේ හිතට වද දෙන ගැටලුවට නිශ්චිතවම පිළිතුරක් ලබාගන්න. ඔවුන් ඔබේ රහස්‍යභාවය රකිමින් ඔබට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා.

ප්‍රශ්න තිබුණු මිනිස්සු ඒවා නිරාකරණය කරගෙන ජීවිතයට මුහුණ දීපු නිසා තමයි ලෝකය මේ තරම් සුන්දර වෙලා තියෙන්නේ. දියුණු වෙලා තියෙන්නේ. අද මහා ධනවතුන් වෙලා ඉන්න හැම කෙනෙක්ම වගේ අතීතයේ මහා ප්‍රශ්න කන්දක් හිතේ තියාගෙන විඳවපු මිනිස්සු. ප්‍රශ්න විසඳාගෙන ධෛර්වන්තව ජීවිතයට මුහුණ දීලා, ඒ ප්‍රශ්න පරාජය කරපු ඒ අයගෙන් අපි හැමෝටම ආදර්ශයක් ගන්න පුළුවන්. එවැනි අයවයි අපේ ජීවිතයේ වීරයන් බවට පත්කරගන්න ඕනේ. එහෙම නැතුව හැම දේටම හඬා වැලපෙන, ජීවිතය නැතිකරගන්න හිතන බොලඳ චරිත නෙවෙයි අපේ ජීවිතයේ පරමාදර්ශී චරිත කරගන්න ඕනේ.

ලෝකය දිනපු මිනිස්සු අතීතයේ මුහුණ දීපු ප්‍රශ්න එක්ක බලද්දී ඔබට අපිට තියෙන මේ ප්‍රශ්න මොන තරම් පොඩිද කියලා හිතේවි. එවැනි වීර චරිත ගැන කියවන්න. අධ්‍යයනය කරන්න. අන්තර්ජාලයේ ඔවුන් ගැන ඕනෑ තරම් තොරතුරු තියෙනවා. ඒ චරිත ඔබේ ජීවිතයට පන්නරයක් කරගන්න. ඒ නිසා මොනම ප්‍රශ්නයක්, මොනම පීඩාවක් හිතට දැනුණත් ඒක ජීවිතයෙන් පලායන්න තරම් හේතුවක් නොවන බව තරයේ සිහිතබා ගන්න කියලා ආදරණීයව ඉල්ලා සිටිනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ජවිපෙ ඔරිජිනල් කොඩියයි සටන් පාඨයයි අරන් කුමාර් මහත්තයා කොටුවට බහී!  VIDEO I Sri Lanka Latest News

Next Post

ගෝඨා පන්නපු – සෙනග රැස්වුණු – බස් කුඩු කරපු – ගෙවල් ගිනිතියපු – බේරෙ වැවෙන් නාවපු – අරගලයට තුන්වසයි! පැතූ වෙනස වෙලාද? Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.