• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘දේශපාලන ගේමක්’ කණපිට පෙරළපු නියෝජ්‍ය පොලිස්පති! Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘දේශපාලන ගේමක්’ කණපිට පෙරළපු නියෝජ්‍ය පොලිස්පති!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ මුදල් නෝට්ටු පැටව් ගසමින් හැංගිමුත්තමේ යෙදුණු ජාවාරම්කරුවන් එළියට ගෙන අත්විලංගු දැමූ දක්ෂ රහස් පොලිස් නිලධාරීන් පිරිසක් සිටි යුගයක් තිබිණි. ඒ රහස් පරීක්ෂණ භූමිකාවට අත තිබ්බේ 1978න් පසුව බව මගේ මතකයේ රැඳී පවතී. ඒවා ව්‍යාප්ත නොවීමට රහස් පොලිස් මාර්ග බාධක දැමූ ඒ දක්ෂ පොලිස් නිලධාරීන් පිරිස අතරේ නමක් තබා සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූයේ ප්‍රතාපසිංහය. එම යුගයේ රටේ ආන්දෝලනයකට තුඩුදුන් නැක්සලයිට් කුමන්ත්‍රණය ගැන පරීක්ෂණ මෙහෙයවූ අනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයා වූයේ ටිරල් ගුණතිලකය. පසුකාලීනව නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අමරසේන රාජපක්ෂ, ඉන්ද්‍රා ද සිල්වාද රහස් පොලිසියේ කැපීපෙනුණු දක්ෂ චරිත බවට පත්ව සිටි නිලධාරීන් යැයි කීම අතිශයෝක්තියක් නොවේ. මේ සියලු දෙනාම මාධ්‍යවේදීන්ගේ මිතුරන් වී සිටියේය. අද මෙන් නොව එදා රහස් පොලිසියේ හතර වැනි තට්ටුව හයවැනි තට්ටුවලින් ඇසුණු හෙළි නොවූ රහස් සොයන්නට මා මෙන්ම ඇතැම් මාධ්‍යවේදීන්ට හතරවැනි තට්ටුවේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිටින කාමරවලට යෑමට තහංචි පනවා නොතිබිණි. Sri Lanka Latest News

ටිරල් ගුණතිලක කිසි දිනෙක රහසක් එළියට දීමෙන් වැළකී රට තොට පැතිර යන ආරංචි දැනගැනීමට අප සමග කතාබහ කළේද හරස් ප්‍රශ්න අසන විලාසයකිනි. එය අපට හුරුපුරුදු දෙයකි. එහෙත් ඒ හරස් ප්‍රශ්න තුළින් ඔහු පවසන දේවලින් ඔහුටත් හොරා රහස් පිටවිණි. ඒවා ප්‍රවෘත්ති බවට දිගහැරීමට අපට හැකි වූ අවස්ථා තිබිණි. අද මාධ්‍යයට මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටියද උසස් පොලිස් නිලධාරීන් ඇමතීමට මාධ්‍යයට බාධාවක් නැති තරම්ය. මා මෙහි සඳහන් කළ නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ මහතා බස්නාහිර පළාත භාරව සිටියදී මා විසින් ඔහුට දැන්වූ පරීක්ෂණයක් සාර්ථකව නිමකළ සිද්ධි සමුදායක අතීත මතක සටහනක් දිගහැරීමට මා මේ ලිපිය උපයෝගී කර ගනිමි.
මා සිරස මාධ්‍ය ජාලයේ සිටියදී හඳුනාගත් මාධ්‍යවේදියකු පසු කලෙක සිරසෙන් ඉවත්වී තවත් මාධ්‍ය ආයතනයක උසස් තනතුරකට පත්ව ගියේය. ඔහු විවාහ වී සිටියේ මහනුවර ප්‍රදේශයේ තරුණියක් සමගය. ඇයත් රජයේ රැකියාවක නියුතුව සිටියාය. ඒ දෙපළට පසුකාලීනව ලැබුණු පිරිමි දරුවාට අවුරුදු 05ක් සපිරිණි. කොළඹ රැකියාව කළ ඔවුන් දෙදෙනා කැලණිය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන එහි පදිංචියට පැමිණි අතර, දරුවා රැකබලා ගැනීමට සේවිකාවක ද යොදවා ගත්හ. මේ අවදිය වනවිට ඇතැම් මාධ්‍ය ආයතනවලට දේශපාලන හෙංචයියන්ගෙන් විටින් විට තර්ජන එල්ල වෙමින් තිබුණි. මාධ්‍යවේදියකුට තර්ජනයක් සිදුවුවත් එය බැර වන්නේ දේශපාලනඥයකුටය. දිනක් මා සිරස මාධ්‍ය ජාලයේ සිටියදී මගේ මාධ්‍ය හිතවතාගේ නිවසට මහ දවල් ඇතුළු වූ පුද්ගලයකු එම නිවෙසේ තිබූ ලියකියවිලි තොගයක් සාලය මැද ගිනිතබා, මෙහෙකාරියටද අතවර කර නිවෙසේ රන් භාණ්ඩ කොල්ලකා, කුඩා දරුවාටද තුවාල සිදුකර පලාගිය සිද්ධියක් මට ආරංචි විය. මාධ්‍ය හිතවතාද මා හට ඒ බව දැන්වූයේ මා පොලිසිය සමග දැඩි සම්බන්ධයක් ඇති නිසාය. මා එම මොහොතේම නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහට දුරකතනයෙන් එම සිද්ධිය දැනුම් දුන්නෙමි. ඔහු ඒ මොහොතේම එම නිවසට පොලිස් කණ්ඩායමක් පිටත්කර යවා මා හට නැවත දුරකතනයෙන් දැනුම් දුන්නේ මේ දිනවල මාධ්‍යයට දේශපාලන කෙනෙහිළිකම් සිදුවන නිසා මේ ගැන පරීක්ෂණ කිරීමට තමා පෞද්ගලිකවම අදාළ නිවසට යන බවයි.

මෙවැනි සිද්ධියකදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ විශේෂ අවධානය යොමුවන්නේ කලාතුරකිනි. එහෙත් මෙහිදී ප්‍රතාපසිංහ මහතා සිද්ධිය දැනගත් විගස නිල වාහනයෙන් මාධ්‍ය හිතවතාගේ නිවසට යෑමට නිහතමානී වීම ගැන මගේ මාධ්‍ය හිතවතාද සතුටට පත්ව සිටියේය. නියෝජ්‍ය පොලිස්පතිවරයා නිවසට ගිය සැණින් නිවසේ පිටුපස දොර කඩා ඇති බව පැවසූ ස්ථානය මුලින්ම පරීක්ෂා කළේය. එහිදී දොරේ අගුලක්වත් කැඩීගොස් නොමැති බව දැකගන්නට ලැබිණි. නිවසට ඇතුළු වූ පුද්ගලයාගෙන් අතවරයට පත්ව ඇතැයි කියමින් විලාප දෙමින් සිටි මෙහෙකාරිය ඒ වනවිටත් ත්‍රිරෝද රථයකින් රෝහලට පිටත් කර යවා තිබිණි. නියෝජ්‍ය පොලිස්පතිවරයා නිවස පරීක්ෂා කරද්දී සාලය මැද කඩදාසි ගොඩක් ගිනිගෙන පිලිස්සී ඇති ආකාරයද දිස්විණි. ගෙට ඇතුළු වූ සැකකරුගෙන් කිසියම් ආකාරයේ තුවාල සිදුකර ඇති අවුරුදු 05 දරුවාද ඒ වනවිට ළමා රෝහලට ගෙන ගොසින්ය. අතවරයට ලක්වූ බව පවසා රෝහලට ගෙනගිය මෙහෙකාරිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ විට ඇයට ශාරීරික හානියක් සිදුව නොමැති බව හෙළිවිය.
ඊළඟට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානයට යොමු වූයේ කිසිවකු ඇයට අතවරයක් සිදුකළේ නම් ඇය ඇඳ සිටි ඇඳුම් පරීක්ෂා කිරීමය. එසේ බලහත්කාරකමක් සිදුවිණි නම් ඇගේ තිසරපටයට හානි වීමට ඉඩ තිබුණු බව වටහාගත් ප්‍රතාපසිංහ ඒ ගැනද පරීක්ෂා කර බැලීය. තිසරපටයෙහි ගාංචුවක් බිඳී නොතිබිණි. ඒ අවස්ථාවේ ඔහුට සැකසංකා කීපයක්ද ඇතිවී තිබිණි. නිවසේ පරිසරය ගැන මූලික පරීක්ෂණවල යෙදුණු ප්‍රතාපසිංහ ආපසු කාර්යාලයට ආවේ මෙහෙකාරිය රෝහලට ගෙනගිය ත්‍රිරෝද රථයේ රියැදුරු පොලිසියට ගෙන එන ලෙස එහි සිටි පරීක්ෂණ නිලධාරීන්ට නියෝගයක් ලබාදීමෙන් පසුවය. ආපසු කාර්යාලයට පැමිණි නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ වනවිට සිද්ධියට අදාළ සැකකටයුතු තොරතුරු රැසක් ලැබී තිබිණි.

පැය කීපයක් තුළ මෙහෙකාරිය රෝහලට රැගෙන ගිය ත්‍රිරෝද රථ රියැදුරු පොලිසිය විසින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවාගෙන ආවේය. ප්‍රතාපසිංහ ඔහුගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළේය. මෙහෙකාරිය රෝහලට ගෙන යෑමට ත්‍රිරෝද රථයට නංවද්දී අමාරුවෙන් කෙඳිරිගෑවාද යන්න ඔහුගේ පළමු ප්‍රශ්නය විය. එවිට ත්‍රිරෝද රථ රියැදුරු කීවේ ඇය නිවස පසුවන තුරු කෙඳිරි ගාමින් සිටියද නිවස පසුකර නොපෙනී යද්දී ත්‍රිරෝද රථයේ හොඳට නිදාගෙන කෙඳිරිල්ලක් නැතිව ගිය බවය.

ඉන් පසුව නියෝජ්‍ය පොලිස්පතිවරයා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ගෙන්වා ඔවුන්ට නියෝග කළේ සිද්ධියට මැදිවූවා යැයි කියන රෝහල වෙත ගොස් බාහිර පරීක්ෂණයකට භාජනය කර ආපසු එවන ලද මෙහෙකාරිය වහාම අත්අඩංගුවට ගෙන තම කාර්යාලයට රැගෙන එන ලෙසයි. කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ ස්ථානාධිපතිවරිය ලෙස සිටි දේහධාරී පොලිස් පරීක්ෂකවරියද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කැඳවා ඇයට රහසිගතව නියෝගයක් ලබාදී තිබිණි. පැය කීපයකින් සැකකටයුතු මෙහෙකාරිය නියෝජ්‍ය පොලිස්පතිවර කාර්යාලයට රැගෙන ආවාය. ඉන් පසු ඇය සිය කාර්යාලයට කැඳවූ ප්‍රතාපසිංහ ඇයගෙන් සිද්ධිය ගැන ප්‍රශ්න කරන ලෙස පොලිස් පරීක්ෂකවරියට නියෝග කළේය. පොලිස් පරීක්ෂකවරියටද ඇය හැඬූ කඳුළෙන් දුක කියන්නට පටන් ගත්තාය. ඇය කිසි විටෙක බලාපොරොත්තු නොවන අන්දමේ කායික දඬුවමක් ක්‍රියාත්මක විය. නිමේෂයකින් පොලිස් පරීක්ෂකවරිය මෙහෙකාරිය ක්ෂණිකව ඔසවා උඩුකුරු යටිකුරු කර ආපසු බිම තැබුවේ ඇයට කිසිවක් හිතාගන්නටවත් බැරි අන්දමටය. එම සිද්ධියෙන් බියට පත් මෙහෙකාරිය නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරියේ සත්‍යය වමාරන්නට වූවාය. මෙය ඇය නිර්මාණය කළ දෙයක් බව ඇය හෙළිකර සිටියාය. නිවසින් සොරාගත් රත්‍රන් බඩු මල් පෝච්චියක් යට සැඟවූ ආකාරයත්, සාලයේ තිබූ ලිපිද්‍රව්‍ය ගිනිතබන ලද ගිනි පෙට්ටිය පවා සඟවා ඇති තැනත් හෙළිකළ ඇය පුංචි දරුවාට තුවාල සිදුකිරීමට ඇයගේ මනස විකෘති වී තිබූ අන්දම ගැනත් සියලු තොරතුරු හෙළිකර සිටියාය.

දේශපාලන පලිගැනීමකට බැර කිරීමට මෙහෙකාරිය සැලසුම් කර තිබූ එම සිද්ධියේ ඉදිරි පරීක්ෂණ පොලිස් කණ්ඩායමට භාර කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ පිළිබඳ සියලු විස්තර දුරකතනයෙන් මට දන්වා සිටියේය. මගේ ඉල්ලීම මත පෞද්ගලිකවම එම නිවසට ගොස් පරීක්ෂා කර සත්‍ය සොයාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා, එම සිද්ධියෙන් පසු මාධ්‍යයට පවසා සිටියේ නිවසක සේවයට මහෙකාරියක් යොදවා ගැනීමට පෙර පොලිස් වාර්තා මෙන්ම ග්‍රාම නිලධාරී වාර්තා ලබාගැනීම අදාළ නිවෙස් හිමියන්ගේ ආරක්ෂාවට ඉතා වැදගත් බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැන පරීක්ෂණ නියෝජ්‍ය පොලිස්පති ප්‍රතාපසිංහ මහතා අතට නොගියේ නම් එම සිද්ධියද දේශපාලනීකරණය වීමට ඉඩ තිබුණු බව කාගේත් කතාබහට ලක්ව තිබිණි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

මාරයා මාරයි….! Sri Lanka Latest News

Next Post

නුවර වැවේ බැම්ම බේරගන්න හරියටම කතා කළේ ඇමැතිද? අධ්‍යක්ෂද? Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.