• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තර්ජනය කිරීමක්! බලපෑම් කිරීමක්! ජනපති අනුරට එරෙහිව මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

April 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර රාජ්‍යතාන්ත්‍රිකයන් 5 දෙනෙක් පත් කරයි! රටේ කීර්ති නාමය ආරක්ෂා කරගෙන වැඩ කරන විදිහ ගැනත් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය මාර්තු මස 31 වැනිදා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් කළ කතාව අතරතුර මධ්‍යම රජයෙන් ප්‍රතිපාදන එවනු ලබන්නේ වංචා නොකරන, දූෂණය නොකරන කණ්ඩායම් ජයග්‍රහණය කරන ප්‍රාදේශීය සභාවලට පමණක් බවත්, එවැනි කණ්ඩායම් ඇත්තේ එකක් පමණක් බවත් එය ජාතික ජන බලවේගය පමණක් බවටත් සිදු කරන ලද ප්‍රකාශය රටේ විධායක ජනාධිපතිවරයා විසින් ඍජුව ම තම බලය පාවිච්චි කරමින්, මධ්‍යම රජයේ අනුග්‍රහය ලබාදීම හෝ නොදීම තීරණය කිරීම හරහා ඡන්දයට බලපෑම් කිරීමක් ලෙස පෙන්වා දෙමින් එක්සත් ජනරජ පෙරමුණ විසින්  (02) මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.Sri Lanka Latest News

එම ලිපියෙන් එක්සත් ජනරජ පෙරමුණ පෙන්වා දෙන්නේ, පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු පිළිබඳ තීරණ ගන්නේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය හා අදාල පලාත් සභාවලට අනුයුක්ත නිලධාරීන් විසින් බවත්, මෙයින් වක්‍රව තම ආණ්ඩුව යටතේ වූ නිලධාරීන් ද දූෂිත වලල්ලට ජනාධිපතිවරයා විසින් එක් කොට ඇති බවත් ය. තව ද අනාගතයේ දී මන්ත්‍රීවරුන් වන ජාතික ජන බලවේගයේ නොවන පුද්ගලයින් කිසිදු විභාගයකින් තොරව රටේ ජනාධිපති විසින් දූෂිතයන් ලෙස නම් කිරීම ඔවුනට කරනා අගතියක් බවත්; එබැවින්, පක්ෂ නායකයෙකු වශයෙන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රතිපාදන ප්‍රකාරව ක්‍රියා කරන ලෙසත්, එම ලිපියෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටියි.

ඉහත කාරණය සම්බන්ධයෙන් ඉතාම උනන්දුවෙන් කරුණු සොයා බලා, එළඹෙන පළාත් පාලන මැතිවරණය අපක්ෂපාතී සහ නිදහස් මැතිවරණයක් බවට පත් කර ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙස ද එක්සත් ජනරජ පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියි.

මෙම අවස්ථාවෙන් අනතුරුව අදහස් දැක් වූ එක්සත් ජනරජ පෙරමුණේ උපසභාපති තීක්ෂණ ගම්මන්පිල මහතා;

“අපි අද ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ විධායක ජනාධිපති, ඒ වගේම මාලිමාවේ නායකයා වන අනුර කුමාර දිසානායක මහත්තයා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණිල්ලක් දාන්න ඒ ප්‍රකාශය මොකක්ද කියලා කියනවා නම් ඔහු මාර්තු තිස් එක වැලිගමදී තමන්ගේ පක්ෂයේ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන කරපු ජන රැළියක දී ප්‍රකාශ කරනවා මධ්‍යම රජයෙන් මේ පළාත් පාලන ආයතන වල, ඒ කියන්නේ සභාවල, යෝජනා වලට මුදල් දෙනවා නම් දෙන්නේ, දූෂණය, වංචාව නැති සභා නියෝජිතයන් ඉන්න. ඒවාට විතරයි දෙන්නේ කියලා ඔහු කියනවා. ඒත් එක්ක ඔහු කියනවා, ඒ වගේ දූෂිතයන් නැති සභාවල් වෙන්නේ මාලිමා ආණ්ඩුවේ බලය ගන්න පළාත් පාලන ආයතන විතරක් කියලා. මේ රටේ ඡන්ද දායකයාට ඔහු දානවා පොඩි ව්‍යංගයෙන්, පොඩි සද්දයක්. ඒක තමයි, ගමේ ඡන්දේ මාලිමාවට දෙන්න; දීලා ඒ පළාත් පාලන ආයතන සඳහා මාලිමාවේ කට්ටිය යවන්න. එහෙම යැව්වේ නැත්නම් ඔය ගමේ වැඩ ටික කරගන්න බෑ කියන කාරණාව මේ රටේ ජනාධිපති, මාලිමාවේ නායකයා වෙච්ච අනුර කුමාර දිසානායක මහතා කියනවා.

මට ඔහුගෙන් එක දෙයක් අහන්න තියෙනවා. නිදහස්ව ඡන්දය ප්‍රකාශ කරන අයිතිය මේ මිනිස්සුන්ට තියෙන්න ඕනේ, මිනිස්සුන්ගේ ඡන්දයට, ඒ වගේ බලපෑම් කරන්න බෑ. විශේෂයෙන් මේ ජනාධිපතිවරයා විදිහට ඒ වගේ බලපෑම් කරන්න බෑ. ඔහු ජනාධිපති මුළු රටටම, පක්ෂයකට නෙමෙයි. එතකොට මේ බලපෑමක් කරන්න අවස්ථාවක් තිබ්බොත්, මේ මැතිවරණ ප්‍රතිඵලය වෙනස් වෙන්නත් පුළුවන්. මේ රටේ මහජනතාව තමන්ගේ ස්වාධීන අයිතීන් ඡන්දය ප්‍රකාශ කරලා තමයි මේ මාලිමා ආණ්ඩුව පත් වුණේ. අද ජනාධිපති අනුර කුමාර දිසානායක පත්වෙලා තියෙන්නේ ඒ වගේ මැතිවරණයක ප්‍රතිඵලයක් විදිහට. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් තියෙන්නෙත් ඒ වගේ මැතිවරණයක ප්‍රතිඵලයක් විදිහට. හැබැයි අද මොහු කියනවා මාලිමාවට ඡන්දෙ දෙන්න. දුන්නොත් ගමේ වැඩ ටික කරන්න අපිට මුදල් දෙන්න පුළුවන්. එහෙම නොදී වෙන පක්ෂයක් වෙන කණ්ඩායමක් බලයට ආවොත් අපිට මුදල් දෙන්න දෙපාරක් හිතන්න වෙනවා කියලා පොඩි කතාවක් කියනවා. ව්‍යංගයෙන් මේ ඡන්ද දායකයාට, ගමේ ඡන්ද දායකයට බලපෑමක් එල්ල කරනවා. මෙන්න මේක වැරදියි.

අනිත් කාරණාව, මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගේ ගෞරවය රැකගන්න. මොකක්ද මේ ගෞරවය රැකගන්නවා කියලා කියන්නේ? තාම අපේක්ෂකයෝ, මන්ත්‍රීවරු කවුරුත් පත්වෙලා නෑ. මන්ත්‍රීවරු දැනට ඇත්තෙත් නෑ. මොකද මේ සීමා ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ මේ පළාත් පාලන ආයතන වල. එතකොට මේ පත්වෙච්ච නැති කණ්ඩායමකට කොහොමද දූෂණය තියෙන කණ්ඩායමක් කියලා කියන්නේ? නැත්නම් මේ පත්වෙන මාලිමා ආණ්ඩුව දූෂණය කරන්නෑ කියලා දැන්ම කියන්නේ කොහොමද? නැත්නම් පත්වෙන්න ඉන්න අනෙකුත් කණ්ඩායම් වලට, පක්ෂ වලට දූෂිතයෝ කියලා කියන්නේ කොහොමද? දැන්ම? එහෙම කියන්න අයිතියකුත් නෑ. එතකොට අලුතෙන් මේ දේශපාලනයට එන මේ අලුත් නවකයන්ට, තරුණයන්ට, කාන්තාවන්ට, අලුතෙන් රට ගැන උනන්දුවක් තියෙන මිනිස්සුන්ට, දූෂිතයා කියන එක දැන්ම මේ රටේ ජනාධිපති අලවන්න පටන් අරන් තියෙනවා. ඒක හරි වැරදියි.

අපි පක්ෂයක් විදිහට පිළිගන්නවා. මාලිමාව ඇතුලේ බුද්ධිමත් ජනතාව ඉන්නවා, දක්ෂයෝ ඉන්නවා. ඒ දක්ෂයෝ, ඒ බුද්ධිමත් ජනතාව, අද, මේ අනුර කුමාර දිසානායක කියන කතා අනුමත කරනවද කියලා අපිට ඔවුන්ගෙන් අහන්න වෙනවා. කණගාටුවෙන් වුණත්, හැම පක්ෂයකම දක්ෂයෝ ඉන්නවා. මාලිමාව විතරක් දක්ශයෝ කියලා එකක් නෑ. හැම පක්ෂයකම දක්ෂයෝ ඉන්නවා. මේ කාරණාව අද මැතිවරණ කොමිසමට දන්වනවා. අනික් එක තමා අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ ඓතිහාසික ප්‍රකාශයක් කරනවා. අපිට වඩා විශිෂ්ට දේශපාලනයක් කරලා, ශිෂ්ට සම්පන්න දේශපාලනයක් කරලා, අපිව පරද්දන්න කියලා කියනවා. අපි එතුමට ආයෙ ඒක මතක් කරන්න කැමතියි. ඒ ශිෂ්ඨ සම්පන්න දේශපාලනය ඔබ කරන්න පටන් ගන්න. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරන් ගිහිල්ලා, මේ ගමේ බෝක්කුව, පන්සල, කෝවිල, පාර හදාගන්න හදාගන්න ඕන නම් අනිවාර්යෙන් ඡන්දේ මාලිමාවට තියලා, ඒකෙන් මාලිමා අපේක්ෂකයෝ පුරවන්න කියලා ඒ ව්‍යංගයෙන් පොඩි බියක් ඇති කරලා මේ ඡන්ද දායකයාට බලපෑම් කරන්න එපා කියන කාරණාව මම මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. අපි ඒ වෙනුවෙන් අද මේ මැතිවරණ කොමිසමේ පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. ඒත් එක්කම මේ වගේ සිද්ධීන් වල දී මැතිවරණ කොමිසම අපි ඉන්දියාව ගැන කතා කරත් ජාත්‍යන්තරයේ අනිත් රටවල කතා කරත් මේ වගේ සිද්ධීන් වලදී කොමිසමට අවස්ථාව තියෙනවා මේවට පරීක්ෂණ කරන්න. ඒ නායකයන්ට අවවාද කරන්නත් අවස්ථාව තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා කොමිසම සාධාරණව මේ ගැන සලකා බලා ඒ කටයුතු ඉෂ්ට කරයි කියලා.

එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ මහා නගර සභා නගරාධිපති අපේක්ෂක, මධ්‍යම කාරක සභික කිංස්ලි පෙරේරා මහතා;

“අපි දැන් තරගයකට ඇවිල්ලා ඉන්නවා; ප්‍රජාතන්ත්‍රවාදී තරගයකට අපි සූදානම්. ඒ තරගය ‘සමබිමක’ කරන්න අපට ඉඩ දෙන්න. එක එක්කෙනාට වාසි සහගත විදියට හදලා අනෙක් අපේක්ෂකයා පාගා දමන්න කටයුතු කරන්න එපා. ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මිනිස්සු පත් කළා; ඒ පත් කළේ සම බිමක තරගයක් තියන්න ඕන නිසා. හැබැයි එක පැත්තකට වැඩි බරක් දීලා අනෙක් තරගකරුවන් අපහසුතාවට පත් කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි, විරුද්ධයි, ඒක නීච ක්‍රියාවක්. ඒ නිසා අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටිනවා සම බිමක මේ තරගය තියමු; කවුද දිනන්නෙ කියලා ජනතාව තීරණය කරයි.”

මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරිකයින් පිරිසක් ද එක්ව සිටිය හ.

SendShareShare
Previous Post

ට්‍රම්ප් ලංකාවට බදු පනවන්න යනවා කියලා අපි පාර්ලිමේන්තුවේදී මීට මාස ගාණකට කලින් කියද්දී ආණ්ඩුව හිනාවුණා! රීති ප්‍රශ්න මතු කරලා මයික් ඕෆ් කළා! පස්සේ කිව්වා අමෙරිකාවට ටීම් එකක් යවනවා කියලා! කව්ද යවපු ටීම් එක? ඒ අය ගිහින් හමුවුණේ කව්ද? දැන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්ෂ ගණනාවකගේ රස්සා අනතුරේ! ආණ්ඩුව රටම අමාරුවේ දමපු හැටි සජිත් පක්ෂ සමුළුවේදී පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මේ අවුරුද්දේ පාතාල ඝාතනවලට තවත් එකක් එකතු වෙයි! හික්කඩුවේ වෙඩි තබා සැමියා මරාදමයි! බිරියට තුවාලයි! I Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

ගස් පෙන්නලා කළු සල්ලි සුදු කරන මහා වංචාවක් ගැන CIDයට පැමිණිල්ලක්! ලොකු පොලියක් දෙනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි හූරා කනවා! මීට කලින් මහබැංකුවත් කිව්වා මේ වගේ ගස්- පැළ පෙන්වලා සල්ලි එකතු කරන්න බෑ කියලා! තවම කිසිම ඇක්ෂන් එකක් ගත් බවක් නම් පේන්න නෑ! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

මෙරට අන් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මත පනවන බදු ප්‍රතිශතයන් ඉහළ නංවමින් මහජනතාව දැඩි පීඩනයකට ලක් කරද්දී, සිගරට් සඳහා...

Read more
සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.