• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පත්තරකාරයෙක් වැඩ කරන්න ඕනේ මෙහෙමයි! Sri Lanka Latest News

March 29, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පත්තරකාරයෙක් වැඩ කරන්න ඕනේ මෙහෙමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇත්ත කියන්නත් බිම හිඳගන්නත් බියවිය යුතු නැතැයි කියන අතීත කියමන එදා මෙන් අදටත් ගැළපෙන බව කිව යුත්තේ ස්වාධීන පත්තර කලාවක් තුළ සක්මන් කරද්දී ලද අත්දැකීම්වලින්ය. ඇත්ත, යුක්තිය, සාධාරණත්වය මිනුම් දණ්ඩක් කරගෙන ජනතා හඬට කන්දී එදා ජනතා මෙහෙවරක් ඉටුකළේ ‘දවස’ පත්තර සමූහයයි. එදා දේශපාලන පෙරළි තුළින්ද මහජනයා පැත්තේ සිටගෙන දේශපාලනඥයන් බැට කමින් ගෙනගිය ‘දවස’ සටන නිසා සෑම විටම මහජනයා ජයගත්තේය. බලයට පත්වන තුරු ‘දවස’ට ප්‍රශස්ති ගයමින්, ‘දවස’ මාධ්‍යවේදීන් පසුපස ආ ඇතැම් දේශපාලනඥයන් බලයට පත්වීමෙන් පසුව වැරැදි පාරේ යෑමට ඉඩ නොදී ඒවාට හරස් වූයේද ‘දවස’ය. Sri Lanka Latest News

1960 දශකයේ මෙන්ම 1970 දශකයේ වේගවත් සංවර්ධනයක් මහජනයා පිට පටවා ඒ මුවාවෙන් ජනතාවට අඟහරුවාදා – බ්‍රහස්පතින්දා දිනවල බත් කෑමද තහනම් කර ඇට (ධාන්‍ය) කවා රට කරවූ දේශපාලන බලවතුන්ගේ මුළුතැන්ගෙයි බාස්මතී සහලින් පුරවාගෙන සැප විඳිමින් සිටි දේශපාලනඥයන් අතුගෑවී ගියේද ජනතාවගේ පෑන් පහරින් බව නම් සැබෑය. ඒ, 1977 තුනෙන් දෙකක බලයෙන් ජේ.ආර්. රට දිනාගත් විටය. ඒ එදා පැවැති දේශපාලන රටාවේ ඉතිරිවී ඇති දේශපාලන ආවර්ජනයක සුන්බුන් කිහිපයකි.
මෙදා 1982 දශකයේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත හිසට සෙවණක් ලබාදීමේ ක්‍රියාවලිය ජනතාව අතරට ආවේ දේශපාලන භේදයකින් තොරව බව නොලියාම, නොකියාම බැරි සත්‍යයකි. තරුණ අසහනය ගණන් නොගත් ඊට පෙර රට කරවූ ඇත්තන් ගෙනගිය දේශපාලන භේදභින්න තාවයන් ඉවත් වූයේද ඒ යුගයේදීය. දේශපාලන භේදය මත තරුණ අසහනය මෝදු වීමට ඉඩහැර තිබුණේ 60 දශකයෙන් පසු බලයට පත්ව සිටි රදළවාදී පාලකයන් බව තරුණ සිත් තුළට කාවැදී තිබුණේය. එය ඔවුන්ගේ මතකයන්ගෙන් ඈත් වී නොතිබිණි. එහෙත් ඒ තරුණ අසහනයට පිළියම් වශයෙන් සුදුස්සාට සුදුසු තැන දීමේ මධ්‍යස්ථ ක්‍රියාවලිය ඉදිරියට ආවේ ප්‍රේමදාස යුගයේ බව පැවැසීමද නිවැරැදිය. 1982 වසරේ නිවාස සංකල්පය මත ඉදිවුණු රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයද එයට හොඳ උදාහරණයකි.

එවක මා ‘දවස’ කර්තෘ මණ්ඩලයේ සිටියදී පළකර තිබූ පුවත්පත් දැන්වීමකට අනුව යමින් රද්දොළුගමින් ‘ඩී’ නිවාසයක් ලබාගැනීමට ඉල්ලුම් පතක් දැමුවෙමි. කිසිවකුගේ දේශපාලන හස්තයකින් උදව් නොලබා මා බලාපොරොත්තු වූ නිවසම ලබාගැනීමට හැකි වීමද මා සඳහන් කළ මධ්‍යස්ථභාවයේ තවත් ප්‍රතිඵලයකි. දේශපාලන පළිගැනීම් ඉහවහ ගිය යුගය කෙළවර වූයේද 1982න් පසුවය. අක්කර 145ක භූමිභාගයක සියලු පහසුකම් සහිතව ඉදිකර තිබූ නිවාස සංඛ්‍යාව 2022කි. එහි සිටි කාලසීමාව තුළදී එම යෝජනා ක්‍රමයේ වෙසෙන ජනතා ප්‍රශ්න විසඳා දීමට මා ‘දවස’ පත්තරය පන්නරයක් කර ගත්තෙමි. එහි තිබූ නොවිසඳුණු ප්‍රශ්න මා මගේ පෑන් තුඩට එක්කරගෙන ‘දවස’ පත්තරයෙන් ප්‍රසිද්ධියට පත් කළේ කිසිවකුට දේශපාලන ප්‍රහාර එල්ල කිරීමේ අරමුණෙන් නොව, නිලධාරිවාදයෙන් යට ගසා තිබූ ප්‍රශ්නවලට විසඳුම් ලබාදී සමාජ සත්කාරයක යෙදීම සඳහාය. මා එදා සිදුකළ ජනතා මෙහෙවර ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ද අගැයීමට ලක්කර ඇත.

මා මිලදී ගත් ‘ඩී’ වර්ගයේ නිවාසයේ ඉහළ මහලට යන පියගැට පෙළට දකුණු පසින් වූ නාන කාමරයේ ජල කාන්දුව සාලයට පෙනෙන අයුරින් බිත්තියට උරාගෙන සිත්තමක් ලෙස දිස්වීම මහත් ප්‍රශ්නයක් වී තිබිණි. එවැනිම අන්දමට තවත් ‘ඩී’ වර්ගයේ නිවාස 40ක පමණ ඒ ජල සිත්තම මතුවන්නට පටන්ගෙන තිබිණි. ඒ පිළිබඳ මා ජාතික නිවාස අධිකාරියේ සභාපතිවරයාට දැන්වූ විට එහි නිලධාරීන් පැවැසුවේ ඒ වනවිට නිවාස සියල්ල කොන්ත්‍රාත්කරුවන්ගෙන් රජය භාරගෙන අවසාන බවත්, අවශ්‍ය නම් මාගේ නිවසේ ප්‍රශ්නය පමණක් විසඳා දිය හැකි බවත්ය. එවිට මා ඔවුන්ට කීවේ පත්තරකාරයකු වශයෙන් ඒ විශේෂ වරප්‍රසාදය මට අවශ්‍ය නැති බවත්, මගේ ප්‍රශ්නය සේම අනෙකුත් නිවාස 40ටද බලපා ඇති ප්‍රශ්න විසඳා දීමට කටයුතු කරන ලෙසත්ය. එයට ප්‍රතිචාරයක් ලෙස අදාළ නිලධාරීන් කීවේ එය කළ නොහැකි බවත්, මාගේ නිවසේ ගැටලුව මා විසින්ම විසඳාගන්නා ලෙසත්ය. ඒ අනුව මම නිවසේ ඇතුළත සැලසුම එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමි. ඔවුන් එම ඉල්ලීමද ප්‍රතික්ෂේප කළේය. ප්‍රශ්නය දිග්ගැසුණු නිසා මා එම ගැටලුව ‘දවස’ පුවත්පතේ විශේෂ වාර්තාවක් ලෙස පළකළෙමි. සිකුරාදා දිනයක පළවූ එම ප්‍රවෘත්තිය දුටු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා නිවාස අධිකාරියේ සභාපති ඇතුළු ඉංජිනේරුවන් පිරිසක් එදිනම උදේ මගේ නිවෙසට එවා තිබිණි. මගේ නිවසේ සාලයේ සිට ජලය කාන්දු වන ස්ථාන නරඹමින් ඉංජිනේරුවන්ටද දොස් කියමින් සිටි සභාපතිවරයා මෙම ප්‍රශ්නය බලපා ඇති අනෙකුත් නිවාස 40ද සති දෙකක් ඇතුළත ප්‍රතිසංස්කරණය කර දීමට පියවර ගත්තේය. මුලින් ප්‍රතික්ෂේප කළ වැඩේ යළි ක්‍රියාත්මක වූයේ ‘දවස’ පත්තරය පෙන්වා දීම නිසාය.

දෙවැනි ප්‍රශ්නය ලෙස මතුවූයේ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි 15,000කට පමණ බලපා ඇති ප්‍රවාහන පහසුකම් පිළිබඳ ගැටලුවය. ඒ වනවිට සීදූවේ සිට රද්දොළුගම දක්වා පෞද්ගලික වෑන් රථ සේවාවක් සහ රද්දොළුගම සිට කොළඹට සීමිත ලංගම බස් රථ තුනක් යොදවා තිබුණද එය රද්දොළුගම ජනතාවට ප්‍රමාණවත් නොවන තරම් විය. මා ඒ පිළිබඳ එවක ලංගම සභාපතිව සිටි මගේ මාධ්‍ය හිතවතෙකුව සිටි දොස්තර ගාමිණී විජේසේකර මහතාට දැනුම් දී ප්‍රශ්නයේ බැරෑරුම්කම පැහැදිලි කර දුන්නේය. වෙනදා මෙන් නොව ඒ ප්‍රශ්නයට ඔහුගෙන් ලැබුණේ අදහාගත නොහැකි පිළිතුරකි. ඔහු මා සමග කියා සිටියේ නිවාස යෝජනා ක්‍රම සැලසුම් කරද්දීම, ඊට අදාළ බස් සේවා ගැනත් සැලසුම් සකස් කළ යුතුව තිබූ බවකි. එදා ඔහු බස් ප්‍රශ්නයට ලබාදුන් පිළිතුර එලෙසින්ම මා ‘දවස’ පත්තරයේ පිටුවක සටහන් තැබූවෙමි. පැය 24ක් ගතවීමට පෙර ලංගම බස් රථ හයක් රද්දොළුගමට අනුමත වී පසු දිනම ලංගම බස් රථ රද්දොළුගමට ධාවනය විය. ප්‍රශ්නය එලෙස විසඳුණද ලංගම සභාපති මා සමග තිබූ මිතුදම එතැනින් කෙළවර විය. එහෙත් ජනතා සේවයක් ‘දවස’ මගින් ඉටුවීම ගැන මා සතුටට පත්වීමි. ‘දවස’ පත්තරයේ අදාළ පුවත දුටු විගස ජනාධිපති ප්‍රේමදාස මහතා, ගාමිණී විජේසේකරට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බව මා හට පසුව කීවේ ලංගම උසස් නිලධාරියෙකි.

සීදූවේ සිට රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර් 3.5කි. ඒ අතරතුර මාර්ගයේ පා ගමනින් එන යන මහජනතාවට අතරමග රැඳී සිටින කොල්ලකරුවන්ගෙන් කරදර හිරිහැර සිදුවන්නට පටන්ගෙන තිබිණි. මේ ප්‍රශ්නයද මගේ දෙසවනේ ගැටුණේ ‘දවස’ට යෑමට රද්දොළුගම බස් නැවතුම්පළට පැමිණි අවස්ථාවක එහි සිටි මගීන්ගේ කතාබහෙන්ය. එම යුගයේද මා හට දෙසතියකට වරක් බදාදා දිනවලදී හිටපු පොලිස්පති සිරිල් හේරත් මහතා හමුවීමට පොලිස් මූලස්ථානයට යෑමට අවසර ලැබී තිබිණි. ඒ සඳහා මා හට උදේ 10 හෝ සවස 3 වශයෙන් වේලාවන්ද වෙන්කර දී තිබිණි. වෙනදා මෙන් බදාදා දිනෙක මා පොලිස්පති සිරිල් හේරත් මහතා හමුවූ අවස්ථාවේ කියා සිටියේ රද්දොළුගම ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා සීදූව පොලිසියෙන් හරියාකාරව සේවයක් සිදු නොවන බවයි. අතරමගදී මහජනයාට හිරිහැර සිදුවන අන්දම ගැනද මා පොලිස්පතිවරයාට දන්වා සිටියෙමි. එය අසාගෙන සිටි පොලිස්පතිවරයා දුරකතන ඇමතුමක් ලබාදී යාබද කාමරයේ සිටි පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජගුරු මහතා කැඳවා ගත්තේය. ඔහු පැමිණි විට, පොලිස්පතිවරයා මට පවසා සිටියේ මගේ ප්‍රශ්නය රාජගුරු මහතාටද පවසන ලෙසයි. ඉන් පසු පොලිස්පතිවරයා රාජගුරුට කීවේ ‘සීදූව පොලිසියට යවන්න හොඳ මිනිහෙක් ඉන්නවා. ඇහැලියගොඩ පොලිසියේ ඉන්න, වි.ජ.මු. ලොකුබණ්ඩාර ඇමැතිගෙ මස්සිනා ඕ.අයි.සී. නොයෙල් චන්දන කුඩාහෙට්ටිව අපි සීදූවට ගම්මු. එතැනට සීදූවේ එක්කෙනා හෙටම යවන්න…’ යනුවෙනි. කිව් පරිදි පසු දිනම කුඩාහෙට්ටි සීදූවට මාරුවීම් ලැබ ආවේය. උස මහත දේහධාරී පුද්ගලයකු වූ ඔහු තනිවම වැඩට බැස්සේය. මහමග කරදර කරන පුද්ගලයන් කීපදෙනකුම මහමගදී අල්ලා අත් විලංගු දමා ජීප් රථයට දැමුවේද කවුරුත් බලා සිටියදීය. මාසයක් යෑමට පෙර එම ප්‍රදේශයේ ජනතාව තුළ තිබූ බිය ඔහු නැති කළේය. ඕනෑම පැමිණිල්ලකදී තනිවම ගොස් තනිවම පරීක්ෂණ පැවැත්වීමට තරම් ඔහු නිර්භීත පොලිස් නිලධාරියකු විය.

මගේ යෝජනාවක් නිසා සීදූවට ගෙන්වාගත් බව දැනගත් කුඩාහෙට්ටි, ටික දිනකින් මා සමග මිත්‍ර විය. ඒ සමගම පොලිසියේ ප්‍රශ්න මා ලවා පොලිස්පතිවරයාට දන්වා ඒ කාර්යයන්ද ඉටුකර ගන්නට ඔහු සමත් විය. කුඩාහෙට්ටි වැනි අයෙක් සීදූවට පැමිණි බව අසා හොරා පොලිස් කරමින් සිටි ඇතැම් පිරිස් ප්‍රදේශය අතහැර පලා ගියේය.
මේ අවධියේ රද්දොළුගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි සාහීර් නමැති තරුණ මුස්ලිම් ව්‍යාපාරිකයකුද නිවාස යෝජනා ක්‍රමයේ නොවිසඳී ඇති ප්‍රශ්න විසඳා ගැනීමට ‘දවස’ පත්තරයේ පිහිට පතා මා සොයා ආ අවස්ථා එමටය. ඒ තුළින් ඔහුට පොලිසියද හඳුනාගැනීමට හැකි විය. සාහීර්ද ඔහුගේ යතුරුපැදියේ ඉන්ධන ගැන නොබලා නිවාස යෝජනා ක්‍රමයේ ප්‍රශ්නවල ගැලී සිටින තරුණ පිරිස් සොයමින් ඒවාට විසඳුම් ලබාදෙන්නට වෙහෙසුණේද කිසිදු ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන් නොවන බව මට කීවේ එවක සීදූව පොලිසියේ ස්ථානාධිපතිව සිට පසුව නියෝජ්‍ය පොලිස්පති දක්වා උසස්වීම් ලැබූ විශ්‍රාම ගිය ගාමිණි මතුරටය.

පොලිස්පති සිරිල් හේරත් මහතා විශ්‍රාම යෑමෙන් පසුව පොලිස්පති තනතුරට පැමිණි අර්නස්ට් පෙරේරාද මාගේ සමීප මිත්‍රයෙක්ව සිටියේය. ඔහුගේ සමයේ නිවෙස් හිමියන් දහසකගේ පමණ ඉල්ලීමක් වෙනුවෙන් මා ඉදිරිපත් කළ යෝජනාවකට ඔහු අනුමැතිය දුන්නේය. ඒ රද්දොළුගමට තාවකාලික පොලිස් මුරපොළක් පිහිටුවීමේ යෝජනාවයි. එය පාලනය වූයේ සීදූව පොලිසියෙනි. එහි ප්‍රථම ස්ථානාධිපති වූයේ පොලිස් පරීක්ෂක ලෙස්ලි රූපානන්දන්ය. රූපානන්දන් නිවාස යෝජනා ක්‍රමය තුළ කිසිදු අපරාධයක් ගැටුමක් ඇති නොවන පරිදි ඇතැම් ආරවුල් ක්ෂණිකව විසඳා දුන් පොලිස් නිලධාරියෙකි. එදා ඒ සේවාව කළ නිලධාරියා මීට මාස කීපයකට පෙර අපෙන් සදහටම සමුගෙන ගියේය.
දිනක් පොලිස්පති අර්නස්ට් පෙරේරාගෙන් මා හට හදිසි පණිවුඩයක් ලැබිණි. ඉන් කියැවුණේ ඉක්මනින් ඔහුව මුණගැසෙන ලෙසයි. ඒ අනුව මා ඔහු හමුවීමට ගිය අවස්ථාවේ ඔහු කියා සිටියේ රද්දොළුගම තාවකාලික පොලිස් මුරපොළ වසාදැමීමට ආරක්ෂක ලේකම්වරයා සූදානම් වන බවත්, එය වළක්වා ගැනීම සඳහා නිවාස යෝජනා ක්‍රමයේ ජනතාවගේ අස්සන් සහිත ලියවිල්ලක් සකසා ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව එම කටයුත්ත මම භාර දුන්නේ නිවාස යෝජනා ක්‍රමයේ සිටින මා දන්නා හඳුනන සාහීර් නම් තරුණයාටය. ඔහු ඒ කටයුත්ත අකුරටම ඉටුකරමින් ප්‍රදේශවාසීන් 2000කට අධික පිරිසකගේ අස්සන් සහිත ලේඛනයක් රැගෙන ආවේය. එය එවක සිටි ආරක්ෂක ලේකම් හැමිල්ටන් වනසිංහට ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය. හැමිල්ටන් වනසිංහ මහතා යුද හමුදාපති තනතුරේ රාජකාරි කළ සමයේ පටන්ම මමද ඔහු හැඳිනගෙන සිටියෙමි. ඒ අනුව, පොලිස් මුරපොළ ස්ථිර කර දෙන ලෙසට පොලිස්පතිවරයාගේ ඉල්ලීම ගැන මහජනයාගේ පැත්තෙන් ‘දවස’ පත්‍රයටද සංදේශයක් ලැබී ඇති බවට මම වනසිංහ මහතාට දුරකතනයෙන් දැනුම් දුන්නෙමි. පොලිස්පතිගේ උත්සාහය සාර්ථක විය. රද්දොළුගමට ස්ථිර පොලිසියක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගත්තේ ඒ උත්සාහය නිසාමය. ඒ ගැන දැනගත් පිරිස ‘දවස’ට ස්තුති පුද කළේය. මා ඒ සියල්ල ක්‍රියාත්මක කළේ තිරයෙන් පිටුපස සිට කටයුතු කරන අයකු ලෙස විනා නිවාස යෝජනා ක්‍රමයේ ජනතාව අතරට ගොස් නොවේ. ජනතාව අතරට ගියේ සාහීර්ය.

ඉන් පසු තවත් ප්‍රශ්නයක් ලෙස පැනනැගුණේ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි පුද්ගලයන්ට අත්‍යාවශ්‍යව තිබූ දුරකතන පහසුකම් ජාලයක් ලබාගැනීමය. එවක විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටි ඩී.බී. විජේතුංග මහතාගේ අමාත්‍යාංශයේ ලේකම් ඒ.ආර්.එම්. ජයවර්ධන මහතා මාගේ මාධ්‍ය මිතුරකු විය. ඔහුට මේ ප්‍රශ්නය ඉදිරිපත් කොට මීගමුව විදුලි සංදේශ ඉංජිනේරුවරයා මාර්ගයෙන් වාර්තාවක් ගෙන්වා ගෙන දඬුගම්ඔය හරහා ජලය යටින් කේබල් පද්ධතියක් යවා ඒ ව්‍යාපෘතිය වසරක් ඇතුළත ඉටුකර ගැනීමට හැකි විය. විදුලි සංදේශ ඉංජිනේරු මහාදේවන් එම ව්‍යාපෘතියේ වැඩකටයුතු කඩිනමින් අවසන් කරන තුරු, මා නිරන්තරයෙන්ම ඔහුගෙන් ඒ ගැන විමසමින් සිටියෙමි. දුරකතන 1,500ක් ලබාගැනීමට හැකි වන අන්දමේ දුරකතන ව්‍යාපෘතිය රද්දොළුගමට ගෙන ඒම සාර්ථක වූයේද ‘දවස’ නිසාමය.

මගේ පත්තර ජීවිතයේ මහජන සේවය වෙනුවෙන් දිගින් දිගටම කැපවුණු සිද්ධි සමුදායක එක් පරිච්ඡේදයක් අවසන් වූයේ එලෙසින්ය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

අනුර කරෙන් තියාගත්ත ඩොලර් බිලියන 16.7ක රනිල්ගේ පව! රනිල් තමයි ලංකාව ණය උගුලක හිරකරපු කල්ලියේ නායකයා! බංකොලොත් වෙලා ලෝකෙන් ණය කපාගත්ත අඩුම රට ලංකාව! Sri Lanka Latest News

Next Post

මිසිලින් නෝනාට වයස අවුරුදු 88යි! නිමල් මහත්තයට අවුරුදු 80යි! සාමාන්‍ය පෙළ ලියන්න වයස බාධාවක් කර නොගත් උසස් පෙළේ මිනිස්සු! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.