• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙයියො නැති දේවාලෙ යක්කු පිනුම් ගහනවලු! Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
දෙයියො නැති දේවාලෙ යක්කු පිනුම් ගහනවලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හැම තැනකම චණ්ඩි ගැන කියැවෙනවා. චණ්ඩින්ගේ නම් කියැවෙනවා. පාතාලය ගැන, අපරාධකාරයෝ ගැන, වෙඩිතියන ඒවා ගැන, මනුෂ්‍ය ඝාතන ගැන අපි වැඩිපුර කතා කරන්න අරන්ද කියලත් හිතෙනවා. මේ විදියට මහා පාතාලයක් ගැන රටේ කතාකරන අතරේ සිඟිති පාතාලයක් රටේ තැන් තැන්වල හිස ඔසවනවාද, නැත්නම් ඒවා ඉස්සරත් වෙලා දැන් වීඩියෝ කරනවද කියලා අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. ඇත්තටම මේ චණ්ඩි කියන සම්ප්‍රදාය අපි සලකන්නේ වීරයෝ විදියට නෙවෙයි. චණ්ඩියෙක් කියලා කියන්නේ නිකන් අනිත් මිනිහට බය, අප්‍රසන්න විදියට ජීවිතේ ගතකරන, අනවශ්‍ය විදියට ගැටුම් ඇතිකරගන්න කෙනෙක්නේ. ලෝකයේ ගහබැණගෙන අතපය තුවාල කරගෙන ඇහැට ඇහැක්, අතට අතක්, මනුස්සයෙකුට මනුස්සයෙක්, ජීවිතයට ජීවිතයක් කියන සම්ප්‍රදායක් තිබුණේ ඉස්සර. දැන් අපි තාක්ෂණිකයි. දැන් අපි සංස්කෘතිකයි. දැන් අපි වෙනස්. දැන් අපි දියුණුයි. මේ දියුණු ලෝකයේ මේවා නැහැ. දියුණු ලෝකේ අපි ප්‍රශ්න විසඳන්නේ කතාබහ කරලා. මානව සන්නිවේදන ඉතිහාසය ගැන කතාකරද්දී ඓතිහාසික අවස්ථා විදියට අපි සලකනවා මේ භාෂාවක් හොයාගත්ත එක. භාෂාව හොයාගත්තට පස්සේ අපිට ගැටෙන්නේ නැතුව ඉන්න, රණ්ඩු නොවී ඉන්න, අතපය තුවාල නොකර ඉන්න, මිනිස්සු නොමරා ඉන්න පුළුවන්. මොකද ගැටුමකදී, ප්‍රශ්නයකදී, ආරවුලකදී ඒවා කතාබහ කරලා විසඳන්න පුළුවන් මට්ටමකට අපි දියුණු වුණා.

එහෙම දියුණු ජාතියක ඊළඟ පරම්පරාව තමයි මේ දකින්නේ හන්දි ගානේ, පාරවල් ගානේ, කඩපිල් ගානේ, බස් හෝල්ට් ගානේ ගහගන්නවා. අපි දැක්කා නුගේගොඩ මේ වගේ ගැටුමක් සිද්ධ වෙනවා. ගාල්ලෙත් මේ වගේ සිදුවීමක් වාර්තා වුණා. මීට කලිනුත් අපි දැක්කා තාප්පයක් ඉස්සරහා එක ළමයෙක්ට ගහලා එයාව දණගස්සන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා. නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට ශිෂ්‍යයෙකුට එන්න කියලා, මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් ආපු පිරිසක් ඒ ශිෂ්‍යයාට පහර දෙනවා අපි දැක්කා. ඊට පස්සේ අපි දැක්කා ගාල්ලේ සිදුවීම. ගාල්ලේ ශිෂ්‍යයෙකුට පහරදීලා ඔහුට තුවාල සිද්ධ වෙලා, ඔහුව රෝහල්ගත කරලා ඉඳලා. ඔහු කියනවා ඔහුට සාමාන්‍ය පෙළ ලියන්න කිසි දෙයක් මතක නෑ කියලා. ඔහු ඉතා අපහසුවෙන් ඉන්නවා කියලා. මේ සිදුවීමට අවුරුදු තිස් ගානක පුද්ගලයකුත් සම්බන්ධ බව කියනවා. ඔවුන් අත්අඩංගුවට ගනිමින් තියෙනවා. මේවා ඉස්කෝලෙන් ඉවර වෙන ප්‍රශ්න නෙවෙයි. මේවා දුරදිග යන ප්‍රශ්න බවට පත්වෙලා තියෙනවා. ඉස්සර නම් පන්තියක ඉස්කෝලෙක කොල්ලෝ කණ්ඩායම් දෙකක් ගහගත්තම ඒවා බොහොම සරලව ඉස්කෝලේ ඇතුළේ විදුහල්පතිවරයා විසින් විසඳුවා. සමහර විට පන්ති භාර ගුරුවරයා විසින් විසඳුවා. හැබැයි අද වෙද්දී ඒ තත්ත්වය නෑ. දැන් මේවා පොලිසියට ගිහිල්ලා, උසාවියට ගිහිල්ලා, දැඩි සත්කාර ඒකකයට ගිහිල්ලා තියෙන හැටි අපි දැක්කා. මීට පෙර සිදුවීම්වලදී පිහියෙන් ඇනීම නිසා ශිෂ්‍යයෝ මියගිය අවස්ථාත් වාර්තා වුණා.

මේවා කොහොමද රටක් ඇතුළේ වුණේ? මේවාට කවුද විසඳුම් හොයන්නේ කියන එක ගැන දැන් අපි සාකච්ඡා කරන්න ඕනේ. කොල්ලෝ කොල්ලෝ ගහගන්නවා, ඔහොම තමයි කොල්ලෝ, කොලුකමටනේ කියලා ඉවර කරන්න බැරි තැනට දැන් ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. කොලුකම නෙවෙයි මේක බලුකම කියන තැනට ප්‍රශ්නේ දරුණු අතට හැරිලා. මේක රටේ කතාකළ යුතු සාකච්ඡා කළ යුතු විසඳුම් හෙවිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙලා. මේ තත්ත්වය ඉතා නරකයි. මවුපියන්ටත්, දරුවන්ටත්, වැඩිහිටියන්ටත් දෙන්න තියෙන පණිවුඩය තමයි ඒක. මේක භයානකයි. මේක අතිශය ත්‍රාසජනකයි. මේ තමයි අපේ රටේ අනාගතය භාරගන්න ඉන්න වැඩිහිටියෝ. මේ වැඩිහිටියන් බවට පත්වෙන්න ඉන්න අද ළමයි හෙට වැඩිහිටියෝ බවට පත්වුණාට පස්සේ, ඔවුන් වැඩිමහලු වයසට පත්වුණාට පස්සේ ඔවුන්ගේ හැසිරීම් කොහොම වෙයිද කියන එක ගැන අනුමාන උපමාන හිතන එක පවා භයානක තැනට පත්වෙලා තියෙන නිසයි මේ වෙලාවේ අපි මේ ලිපිය ලියන්න තීරණය කරන්නේ.

මේ කතන්දර අපි කියන්නේ කට කහනවට නෙවෙයි. රටේ ඉහළ සිට පහළට ඉස්කෝල ඇතුළේ පවා පාතාලයක් නිර්මාණය වෙන්නේ අර අපි කලින් කියපු, ආණ්ඩුව එන්න කලින් කියපු ජාතික ආරක්ෂාව පිළිබඳ කතාබහ ආයෙත් මතක් කරලා දෙමින්. අපි දැක්කා ඉස්කෝලේ ඇතුළේ ළමයෙක් ප්‍රින්සිපල්ට කනට ගහනවා කියලා කුණුහරුපෙන් බණිනවා. මේක රටේ මෙච්චර කල් තිබුණු සංස්කෘතිය නෙවෙයි. යාපනේ ග්‍රාම නිලධාරියෙක්ගේ කනට ගහනවා. තව තැනක පවුල් සෞඛ්‍ය නිලධාරිනියකට කෑගහනවා. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කුඩුපට්ටම් කරලා දානවා. මේ මට්ටමට රටක අපරාධ පැමිණෙනවා කියලා කියන්නේ රටේ නීතිය පිළිබඳ ජනතාවට සත පහක වැඩක් නැතිව යෑම. එහෙම වුණාම රටක් පවත්වාගෙන යෑම අතිශය අසීරු දෙයක්. අපි හොඳටම දන්නවා රටක ආණ්ඩුවක් කරනවා කියලා කියන්නේ හරියට අතුරේ යනවා වගේ වැඩක්. අතුරේ යන කෙනකුට ආපහු හැරෙන්න බෑ. අතුර අතහරින්න බෑ. බිමට පනින්න බෑ. අතුර නිවැරැදිව අල්ලාගෙන ඉස්සරහට යායුතුමයි. දැන් මේ අයටත් මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අතුර යන තත්ත්වයට.

සාමාන්‍යයෙන් රටක නීතියේ ආධිපත්‍යය ඉහළ යෑමත් එක්ක තමයි රටේ අපරාධ රැල්ල අඩුවෙන්නේ. රටේ පොලිස්පති දවස් ගානක් තිස්සේ හැංගිලා ඉඳලා පොලිසියට භාරවෙනකල් අල්ලගන්න බැරිව යන තැනට පත්වුණාම රටක ඒ රටේ නීතිය සහ ඒ රටේ සදාචාරය ඒ රටේ සංස්කෘතිකමය වපසරිය පිළිබඳ ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. ඉස්කෝලේ ළමයි ගහගන්නවා, ප්‍රින්සිපල්ට කුණුහරුපෙන් බණිනවා, ග්‍රාම නිලධාරියාගේ කනට ගහනවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කුඩුපට්ටම් කරනවා, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියට බණිනවා. මේ හැම දේම නීතිය විතරක් නෙවෙයි. සංස්කෘතිය පිළිබඳ සාධක. මේ හැමෝම සංස්කෘතික කාරණා. විදුහල්පති කියලා කියන්නේ සංස්කෘතික කාරණාවක්. පාසලක විදුහල්පති කියලා කියන්නේ ගමේ ප්‍රභූවරයෙක් නෙවෙයි. ඔහු ගරු කටයුතු තැනට පත්වෙන්නේ නිලයෙන් බලයෙන් නෙවෙයි. ඔහු ගෞරවාන්විත පුරවැසියෙක් බවට පත්වෙනවා සංස්කෘතිකමය වශයෙන්. ග්‍රාම නිලධාරිවරයාට ලැබෙනවා සිවිල් බලයක්. ඒ සිවිල් බලය ඇතුළේ තියෙනවා සංස්කෘතික කාරණාවක්. රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පන්සල, ඉස්කෝලේ, ප්‍රධාන ස්ථාන බවට පත්වෙනවා. අපේ නීතිය සහ සදාචාරය ක්‍රියාත්මක වෙන ප්‍රධාන ආයතන බවට පත්වෙනවා. ඒ තැන්වල වැරැදි සිද්ධ වෙනවා. මේ තැන්වලත් වැරැදි සිද්ධ වෙනවා. ඒ තැන්වලින් මේ තැන්වලට වැරැදි විසරණය වෙනකොට පාසල, පන්සල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලය, රෝහල මේ හැම එකම විකාර බවට පත්වෙනවා. මේ සියල්ල විකාර බවට පත්වුණු රාජ්‍යයක් විෂම රාජ්‍යයක් බවට පත්වෙනවා. එවැනි රාජ්‍යයක නීතියේ ආධිපත්‍ය ගැන කටමැත දෙඩෙව්වට වැඩක් වෙන්නේ නෑ.

එහෙම රටක ඉහළ සිට පහළට පද්ධතිය ගැටලුසහගත වුණාම ඉහළම තැන ඉන්න දේශපාලකයෝ අපි හරි, අපි හොඳයි, අපි නියමයි කියලා ඒගොල්ලෝ ඒගොල්ලෝ ගැනම කියනවා මිසක, අපි කවුරුත් ඒගොල්ලෝ හොඳයි කියලාවත්, ඒගොල්ලෝ නියමයි කියලාවත් කියන්නේ නෑ සහ අපිට එහෙම කියන්න හිතෙන්නේ නැහැ. එහෙම නොකියනවා නම් ඒ රටේ ආණ්ඩුව සාර්ථක එකක් වෙන්න බෑ. මාස හයකින් අපි රට හදන්නම් කියලා ආපු පාලකයෝ දැන් අපිට නගර සභාවත් නැතුව මේක කරන්න බෑ කියලා කියන තැනට පත්වුණාම අපිට දැන් තේරෙනවා මේක ලේසි නෑ කියන එක. ඇත්තටම මේක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුවට බැණලා වැඩක් තියෙන කාරණාවක් නෙවෙයි. මේක පද්ධතියක් විදියට විනාශ වෙලා කාලයක් තිස්සේ පිළිකාවක් වගේ පැතිරිච්ච දෙයක්. එතකොට පැනඩෝල් දීලා පිළිකා හොඳකරන්න බෑ කියලා අලුතෙන් පත්වෙච්ච වෛද්‍යවරයාට තියෙන දැනුම පිළිබඳ ප්‍රශ්නෙකුයි මේ තියෙන්නේ. පිළිකාව මුල් අවස්ථාවේ දැනගත්තාම ඒකට බෙහෙත් කරන්න හිටපු වෛද්‍යවරු කළේ ඒ රෝගියාට දෙන්න ගෙනාපු බේත් ටිකත් තමන්ගේ සාක්කුවට දාලා ඒකෙනුත් කීයක් හරි හොයාගත්ත එක. ඒ නිසා මේක කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නයක්. හැබැයි මේ රටේ බුද්ධි අංශ කියලා කියන්නේ දෙකයි පනහේ තුට්ටු දෙකේ ආයතනයක් නම් නෙවෙයි. ඒ තත්ත්වයට දාන්න එපා. පාස්කු ප්‍රහාරය හරියටම කිව්ව බුද්ධි අංශයක් අපේ රටේ තිබුණා. කොටි ත්‍රස්තවාදීන් එක්ක හැප්පිච්ච බුද්ධි අංශයක් අපේ රටේ තිබුණා. ලියුම්කරු වගකියනවා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශයේ තොරතුරු, පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇසින් දුටු බවට ඔවුන් කොච්චර සාර්ථකව මේ කරුණු ඉදිරිපත් කරලා තිබුණද කියන එක අපි දැක්කා. නමුත් මේ පද්ධතියේ විනාශ වීමත් එක්ක ඒ බුද්ධි අංශයේ තිබුණු කොඳු නාරටිය කඩාවැටිලා බලය හිඳිලා ගිහිල්ලා අපි මොකටද මේවා කරන්නේ කියලා හිතෙන තැනට පත්වීමත්, ඔවුන් අනාරක්ෂිත වීමත් මේ කාරණා ඇතුළේ අපිට පැහැදිලිව පේනවා.

බූස්ස බන්ධනාගාරයේ ප්‍රධානියා ලෙස හිටපු කෙනාව පාරෙදි වෙඩිතියලා මරන තැනට පත්වුණාම ඔහු මරන බවට දිගින් දිගටම ඔහුට තර්ජන එල්ල වූ බවත් අපි දැක්කා. නමුත් ඔහු මරාදමන්න බැරිව පද්ධතිය සකස් වෙලා තිබුණට ඒ පද්ධතිය ලිහිල් වෙච්ච ගමන් ඔහු මියයනවා. වෙඩිතබා ඝාතනය කිරීම සිද්ධ වෙනවා. අධිකරණය ඇතුළේ මනුෂ්‍ය ඝාතන සිද්ධ වෙනවා. මේ රට ඉතා බරපතළ සහ ඉතා සංකීර්ණ දෙයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා බලා ඉන්නවා ඇරෙන්න අපිට කරන්න දෙයක් නෑ. මහත්වරුනි, හිතන තරම් ලේසි නෑ. මේක ඔඩුදුවලා ඉවරයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමනි කටුවපිටියෙදි දුන් පොරොන්දු ඉටු කරන්න! අප්‍රේල් 21ට කලින් පාස්කු වගකිව යුත්තන් නීතිය හමුවට ගේන්න! කාදිනල් හිමි මාලිමා ආණ්ඩුවට දින දෙයි! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.