• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බටලන්දට ගිනි තැබුවේ කවුද? Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ වැඩිපුරම කතාවෙන්නේ බටලන්ද පිළිබඳවයි. 2025 වසරේ අයවැය විවාදය පාර්ලිමේන්තුවේදී පැවැත්වුණද එහිදීද බටලන්ද ගැන සාකච්ඡා කෙරිණි. Sri Lanka Latest News

බටලන්ද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දින 2ක විවාදයක් ලබාදෙන බව පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව අප්‍රේල් මස 10 වැනිදාත්, මැයි මාසයේ එක් දිනයක් තුළත් බටලන්ද කොමිසම ගැන විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
වසර 25කට පසුව මෙම බටලන්ද වාර්තාව කරළියට ගෙන ඒම පිටුපස සිටින්නේ කවුද? ඔවුන්ගේ අරමුණ කුමක්ද?

එම කාරණය ගැන ගැඹුරින් කතා නොකර බටලන්දට ගිනි තැබුවේ කවුද යන්න සම්බන්ධයෙන් උඩින් අතපත ගෑමට වැඩක් නැත.
අල් ජසීරා රූපවාහිනී සංවාදයේදී රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් බටලන්ද ගැන විමසීමට බලපෑ හේතුව කුමක්ද?

බටලන්ද ගැන විමසීමෙන් ඉන් බලපෑම් එල්ල වන්නේ රනිල් වික්‍රමසිංහට පමණක්ද? රනිල් වික්‍රමසිංහට අමතරව තවත් පාර්ශ්ව කිහිපයකට බටලන්ද ගැන කතාකිරීමේදී ඍජුව හා වක්‍රව බලපෑම් කළ හැකි බව හොඳින් දන්නා යම් පිරිසක් මෙම බටලන්දට ගිනි තැබුවාද යන්න සාධාරණ සැකයක් ඇති වීම වැළැක්විය නොහැකිය.

අල් ජසීරා නාලිකාව රනිල් වික්‍රමසිංහ සමග කරන ලද සාකච්ඡාවේදී රනිල්ව අමාරුවේ දැමීමට අවශ්‍යව තිබුණා නම් බටලන්දට වඩා තවත් ප්‍රශ්න තිබුණද එම ප්‍රශ්න ඉදිරිපත් නොකොට බටලන්දට පමණක් ගිනි තැබුවේ ඇයි?
2002 පෙබරවාරි 22 වැනිදා එවක පැවැති ශ්‍රී ලංකා රජය කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් අස්සන් කළේ ඇයි?
ඒ අවස්ථාවේදී රටේ රාජ්‍ය නායිකාව වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටක් සම්බන්ධයෙන් ගිවිසුමක් අස්සන් කිරීමට බලය තිබෙන්නේ රටේ රාජ්‍ය නායකයාටය.
එසේ තිබියදී එවක අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි රනිල් වික්‍රමසිංහට සටන් විරාම ගිවිසුමක් කොටි සංවිධානය සමග ගිවිසුම්ගත විය හැකිද?
මෙම ප්‍රශ්නය තර්කානුකූල වුවද අල් ජසීරා රූපවාහිනී සංවාදයේදී නොවිමසුවේ ඇයි?

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතු අනෙක් ප්‍රධානතම ප්‍රශ්නය වූයේ රණවිරුවන්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 30(1) යෝජනාවයි.

එම 30(1) යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිදුකරන ලද බලපෑම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගෙන් අල් ජසීරා මාධ්‍යවේදියාට ඇසීමට ඕනෑ තරම් අවස්ථාව තිබිණි.
නමුත් අල් ජසීරාවෙන් මේ ගැන කිසිවක් අසන්නේ නොමැතිව අසන ලද්දේ බටලන්ද ගැන පමණි.
එම නිසා මෙවර බටලන්දට ගිනි තැබීම පිටුපස රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සිටියාද? නැද්ද යන්න ගැඹුරින් සොයා බැලිය යුතුය. එසේත් නොමැතිනම් වෙනත් අරමුණක් වෙනත් කාට හෝ තිබෙනවාද කියාත් සොයා බැලිය යුතුව ඇත.

බටලන්ද ගැන රනිල්ගෙන් ප්‍රශ්න කළේ ෆ්‍රැන්සිස් හැරිසන්ය. ඊට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි අතර, ඔවුන්ද බටලන්දට ගිනි තැබීම පිටුපස සිටින බවටද චෝදනා එල්ල වෙමින් පවතී.

බටලන්දට ගිනි තැබීම පිටුපස කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව සිටින බවටද තවත් මතයක් පැලවී ඇත.
එම කොටි හිතවාදීන් බටලන්දට ගිනි තබන්නේ අරමුණු කිහිපයක් වෙනුවෙන් බව ඇතැම් ජාතික සංවිධානද පෙන්වා දෙයි.

බටලන්ද හරහා ආණ්ඩුවේ ඉදිරි ගමනට විශාල බලපෑමක් එල්ල කිරීමට ජාත්‍යන්තරයට හැකි බව පවසන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීරයි.

‘අපි අමතක කරන්න නරකයි අපේ රටේ ආණ්ඩුවලට යම් යම් බලපෑම් එල්ල කිරීම සඳහා ජාත්‍යන්තර බලවේග හැම විටම උත්සාහ ගන්නවා.
ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ට විතරක් නෙවෙයි වාර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාටත් එය පොදුයි.

ඒක නිසා අල් ජසීරා හරහා පැමිණෙන මෙම බටලන්ද වාර්තාව වන්නේ රනිල්ට ගහන්න නෙවෙයි. වර්තමාන මාලිමා ආණ්ඩුවටත් පෙර ආණ්ඩුවලට වාගෙම විවිධ බලපෑම් කරන්න ජාත්‍යන්තරයට අවශ්‍ය වෙලා තියෙනවා.

අනිත් එක බටලන්ද කියන්නේ එක් කාරණයක් පමණයි. බටලන්ද සමග තවත් කාරණා රැසක් ගැන කතාවිය යුතුයි.
70 – 80 දශකය, 90 දශකයේ මුල් කොටසේ සිදුවූ තවත් සිදුවීම් රැසක් සමගයි බටලන්ද ගැනත් සාකච්ඡා විය යුත්තේ. නමුත් බටලන්ද පමණක්ම කරළියට ආවේ ඇයි…’ යනුවෙන් උවිඳු විජේවීර කරනු ලබන ප්‍රකාශය තුළද බැහැර කළ නොහැකි කරුණු ඇතුළත් වී ඇත.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරද ප්‍රකාශ කරනු ලබන්නේ උවිඳු විජේවීරගේ අදහස්වලට බොහෝ සමානකම් තිබෙන අදහස්ය.

‘බටලන්ද කියන්නේ දුර්වල වාර්තාවක්. මෙම වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයට එරෙහිව කිසිවක් කරන්න බැහැ. බටලන්ද වාර්තාව සමග තවත් වාර්තා කරළියට ගෙන ඒමට ජාත්‍යන්තරයට සහ කොටි හිතවාදීන්ට අවශ්‍ය වෙලා තියෙනවා.
මේ හරහා සත්‍ය සෙවීමේ කොමිසමක් ගේන්න කොටි හිතවාදීන් සැලසුම්සහගව උත්සාහ ගන්නා බවක් පේනවා. මේක ඇත්තටම භයානකයි. වර්තමාන ආණ්ඩුව ගොදුරු කිරීමට, ආණ්ඩුව බිත්තියට තබා හේත්තු කිරීමට යම් කුමන්ත්‍රණයක් පවතිනවාද කියන සාධාරණ සැකයක් මතුවෙනවා…’ යනුවෙන්ද වෛද්‍ය වසන්ත බණ්ඩාර විසින් පෙන්වා දෙන ලදී.

බටලන්දේ සිදුව ඇති මනුෂ්‍ය ඝාතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. එහි කිසිදු වරදක් නැත. ඇඹිලිපිටිය සූරියකන්ද සමූහ මිනී වළ ඇතුළු භීෂණ සමයේදී රට පුරා පිහිටුවා තිබූ ඇතැම් වධ කඳවුරු පිළිබඳවද නිවැරැදි ආකාරයෙන් සොයාබලා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
එපමණක් නොව භීෂණ කාලයේදී දෙපැත්තෙන්ම සිදුවූ මනුෂ්‍ය ඝාතන ගැනද ගැඹුරින් සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීම ගැටලුවක් නොවේ.
කොටි ත්‍රස්තවාදය අවසන් කිරීමේදී සිදුවූ මානුෂීය මෙහෙයුමේදී යම් යම් වැරැදි ක්‍රියා සිදුව තිබේ නම් ඒ ගැනද රටේ නීතිය අනුව සොයාබැලීම වරදක් නැත. නමුත් ඒ සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණ අවශ්‍ය නැත.

නමුත් බටලන්ද හරහා උතුරු නැගෙනහිර අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම සඳහා ජාත්‍යන්තර යාන්ත්‍රණයක් අවශ්‍ය බවට ආණ්ඩුවට බලකිරීමේ යම් මෙහෙයුමක් අල් ජසීරා සිදුකළ බටලන්ද අනාවරණය හරහා සිදුවෙනවාද කියන යම් සාධාරණ සැකයක් මතුවීම වැළැක්විය නොහැක.
බටලන්ද වාර්තාව පමණක් නොව, යම් යම් ඝාතන සිදුවීම් සම්බන්ධයෙන් තවත් ජනාධිපති කොමිෂන් සභා වාර්තා රැසක්ම පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බවටද මතයක් පළවී ඇත.

දැනටමත් එවැනි වාර්තා කිහිපයක්ම පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති බව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා සඳහන් කරයි.
උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් ගැන සෙවීම සඳහා පත්කරන ලද පරණගම කොමිෂන් සභා වාර්තාව සහ උදලාගම කොමිෂන් සභා වාර්තාවද පවතින බවද අප අමතක නොකළ යුතුය.

ඒ වගේම බටලන්ද වාර්තාව හරහා වර්තමාන මාලිමා ආණ්ඩුව යම් අපහසුතාවකට පත්කිරීමේ දෙස් විදෙස් මෙහෙයුමක් පවතින බවද අමතක නොකළ යුතුයි. ඒ ගැන අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාද යම් අවධානයකින් සිටිය යුතුය.

මේ ආකාරයට බටලන්දට ගිනි තැබීමෙන් බලාපොරොත්තු වන්නේ සැබෑවටම කුමක්ද? බටලන්ද වධකාගාරයේදී මියගිය පුද්ගලයන්ට සාධාරණය ඉටුකිරීමද? රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කොට ඔහු හිර කිරීමද? වර්තමාන මාලිමා ආණ්ඩුව බිත්තියට තබා හේත්තු කිරීමේ යම් වැඩපිළිවෙළක්ද?

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

රස්සාවේ ප්‍රශ්න කියමින් පාක්ෂිකයන් එක දිගට දීපු කෝල් ඇමැති වසන්ත සමරසිංහට මළ වදයක් වෙයි! ‘අයියෝ මල්ලි ඔහොම එක දිගට කෝල් ගන්න එපා! කොච්චර වැරදිද බලන්නකෝ මල්ලි..’ කියපු වසන්ත කෝල් එක කට් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කවුද හිරේ යන්නේ? කාගෙද ප්‍රජා අයිතිය අහෝසි වෙන්නේ? කාවද ප්‍රශ්න කරන්න ගන්නේ?මෙන්න බටලන්ද වාර්තාවට වෙන්න යන දේ! බටලන්දෙන් සෙල්ලම් සියල්ල ඉවරවෙන හැටි ප්‍රතිභා කියයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.