බටපොළ, ගල් හිරේ, බොරළු ඇළ ආසන්න වගුරුබිමක තිබී සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.Sri Lanka Latest News
මියගොස් ඇත්තේ 24 හැවිරිදි කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට ඔහුගේ මව විසින් හඳුනාගෙන ඇති බව පොලීසිය පැවසීය.
එම තරුණයා පසුගිය 16 වැනිදා බටපොළ ප්‍රදේශයේ විවාහ මංගල්‍යයක් සඳහා සහභාගී වීමට නිවසින් පිටත්ව ගොස් ඇති අතර යළි නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මව විසින් පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබූ බව සඳහන්ය.
මේ අතර වාද්දුව වෙරළ තීරයේ තිබී සැකකටයුතු මියගිය තවත් පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බව වාද්දුව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ වාද්දුව ප්‍රදේශයේම පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.










