• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාහනේ හැපී දළ කඩාගත් සුමේධ ! Sri Lanka Latest News

March 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
වාහනේ හැපී දළ කඩාගත් සුමේධ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ වෙනත් රටවල පාරිසරික විනාශයන් සිදුවනුයේ ස්වභාවික හේතු මත වුවත් අපේ රටේ එවැනි විනාශයන් සිදුවන්නේ කාලාන්තරයක් තිස්සේ සිදුවන හා සිදුවෙමින් පවතින මිනිස් ක්‍රියාකාරකම් නිසාය. ඊට තිරසර විසඳුමක් ලබාදීමට හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ට හා පාලකයන්ට අල්පමාත්‍රයක හෝ වුවමනාවක් හා සංවේදීතාවක් ඇතැයි බැලූ බැල්මට පෙනෙන්නට නැත. පාරිසරික සමතුලිතභාවය බිඳවැටීමට මෑතකාලීනව ඇති හොඳම උදාහරණය වනුයේ අලි ඇතුන්, කොටින් නිරන්තරයෙන්ම මිනිස් ක්‍රියාකාරකම් නිසා ඝාතනය වීමයි. මීනගයා දුම්රියේ ගැටී අලි හත්දෙනකු මියයෑමෙන් මාසයක් ඉක්ම යෑමටත් මත්තෙන් තවත් නොහික්මුණු රියැදුරකුගේ ක්‍රියාකලාපය නිසා සද්ධන්ත ඇතකු වන සුමේධගේ දකුණු දළය කඩාගෙන බිහිසුණු අනතුරක් සිදුවිය.
රටක වනජීවී සම්පත රැකගැනීම පාලකයන්ගේ, නිලධාරීන්ගේ හා ජනතාවගේ අනුල්ලංඝනීය වගකීමකි. අපේ රටේ එවැනි තත්ත්වයක් නැත. අපේ උන්ට ඒ ගැන වගේවගක් නැත. Sri Lanka Latest News

සුමේධ යනු මෙරට සංචාරක ව්‍යාපාරයට හා ආර්ථිකයට විදේශ විනිමය ගෙන එන ස්වභාවික යන්ත්‍රයකි. සුමේධගේ සංචරණ කලාපය ඉතා පුළුල් පරාසයක් පුරා විහිදී තිබේ. කවුඩුල්ල, මින්නේරිය, කලාවැව, කැකිරාව, ගනේවල්පොල, රිටිගල, නාමල්උයන යන ප්‍රදේශවල ඔහුගේ සංචරණය වාර්ෂිකව සිදුවන බව අප නිරීක්ෂණය කොට ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ – මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේදීය. අනතුරෙන් පසුව සුමේධ රිටිගල වනාන්තරය තුළට දිවගොස් ඇත. සුමේධ සොයා ගනේවල්පොල හා රිටිගල වනජීවී නිලධාරීන් කණ්ඩායම් දෙකක් මෙහෙයුම් ආරම්භ කළද තවමත් නිවැරැදි තොරතුරක් ලැබී නැති බව වාර්තා වේ. අනතුරෙන් සුමේධට බරපතළ තුවාල සිදුවී තිබෙන්නට හැකි බව පණ්ඩුලගම වනජීවී වෛද්‍ය නිලධාරිවරයාගේ මතය වී තිබේ.

රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයට වැසි ඇදහැලීම හා ජල මූලාශ්‍ර පිරී පැවැතීම නිසා ඇතා සෙවීමේ මෙහෙයුම් ඉතා සෙමින් සිදුවන බව වනජීවී නිලධාරීන් පවසා සිටී. ඩ්‍රෝන යානා මගින්ද ඇතා ගැවසෙන ප්‍රදේශ ගුවනේ සිට නිරීක්ෂණය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත්තේ වනාන්තරයේ ඇති දැඩි උඩුවියන් ස්ථරය නිසාය. ලැබී ඇති තොරතුරු අනුව අඩි සලකුණු අනුව සුමේධ වනාන්තරයේ මැදට ළංව ඇති බවත්, එකම වර්ගයක ගස්වල පොතු හා කොළ ආහාරයට ගෙන ඇති බවත් මෙහෙයුම් කණ්ඩායම්වලට නිරීක්ෂණය වී ඇත. සමහර විට එය අලි ඇතුන්ගේ ස්වභාවික ඖෂධයක්ද විය හැකිය. මන්ද ඔවුන්ට ස්වභාවික අනතුරක් සිදුවූ විට ප්‍රතිකාර කිරීමට සිදුවන්නේ ඔවුන්ගේම ස්වභාවික සංසිද්ධීන්වල හා ක්‍රියාකාරකම් නිසා බව ඇතුන් දන්නවා ඇත.
කෙසේ වෙතත් මෙම ලිපිය ලියන දින (11 වැනිදා) සවස් කාලය වනවිටත් සුමේධ සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකෙරුණත් සුමේධ ගැන නිශ්චිත හෝඩුවාවක් ලබාගැනීමට හැකියාව ලැබී නැත. රිටිගල රක්ෂිත ප්‍රදේශයට මේ දිනවල පවත්නා අධික වර්ෂාව ඊට ප්‍රධානම හේතුව වී තිබේ. එසේම මේ ප්‍රදේශයේ තවත් වන අලි 100-150ක විශාල රංචුවක්ද ගැවසෙන බැවින් මෙහෙයුම් කටයුතු තරමක බැරෑරුම් ස්වභාවයක් ගෙන ඇත. එසේ වුවද අදාළ ප්‍රදේශය පුරා ඇති සියලු අලිමංකඩවල් ආවරණය වන පරිදි නිරීක්ෂණ කණ්ඩායම් ස්ථානගත කිරීමට කටයුතු යොදා ඇත්තේ කොයි මොහොතේ හෝ සුමේධ එම මංකඩකින් මතුවිය හැකි බවට ඇති විශ්වාසය නිසාය. මේ අතර, වැවක දළ ඇතෙකු ලැග සිටින ආකාරය ගම්වැසියකු විසින් මීට දින දෙකකට පෙර දැක තිබුණද, ඒ සුමේධ දැයි නිශ්චිතවම හඳුනාගැනීමට ඔහුට හැකිවී නොමැති බවද සඳහන් විය. කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළදී සුමේධ ගැන නිශ්චිත සහ සුබ ආරංචියක් සොයාගැනීමට විශේෂ කාර්ය බළකාය සහ වනජීවී නිලධාරීන්ට හැකිවෙතැයි යන්න අපගේ විශ්වාසයයි.

මෙරට පාඩු නොලබන ආයතන අතර වනජීවී දෙපාර්තමේන්තුව සිටින්නේ ඉතා ඉදිරියෙනි. එහි විසඳාගත යුතු ප්‍රායෝගික ප්‍රශ්න ගණනාවක් ඇත. ඔවුන්ට නිලධාරීන් නැත. ප්‍රවාහන පහසුකම් නැත. හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට විශේෂ පහසුකම් නැත. උදාහරණයක් ලෙස 4ං4 වාහන, ක්ෂණික විහිදුම් බළකායක්, හෙලිකොප්ටරයක් වැනි මූලික පහසුකම් වනජීවී නිලධාරීන් සතුව නැත. වාහනයක් තිබුණොත් ඉන්ධන නැත. ඉන්ධන තිබුණොත් රියැදුරෙක් නැත. ඔවුන් මේ සියල්ලම කරන්නේ අවම පහසුකම් යටතේය. ඊට අමතරව ඉහළ නිලධාරීන්ගේ හා පාලකයන්ගේ උද්දච්චකම හා අනෙකුත් ආයතනවලින් සහාය ලබාගැනීමට දක්වන මැළිකම ප්‍රධාන බාධයක් වී ඇති බව කාලාන්තරයක් තිස්සේ අප නිරීක්ෂණය කළ කාරණයකි.

අග්බෝගේ සිද්ධියේදී එයද එසේම සිදුවූ බව ඉතා පැහැදිලිව අපට නිරීක්ෂණය විය. අධික රාජකාරි මධ්‍යයේ විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් සුමේධ සොයන මෙහෙයුමට සම්බන්ධ කරගැනීම අගය කළ යුතුව ඇත. පුද්ගලිකව මැදිහත් වී එම කටයුත්ත කළමනාකරණය හා සංවිධානය කළ සොහොයුරාට ‘කැලෑ කොලමේ’ ස්තුතිය අප මෙසේ පළකර සිටිමු.

මින් ඉදිරියට හෝ මෙවැනි හදිසි අනතුරක් වනජීවීන්ට සිදුවුවහොත් ගන්නා ක්ෂණික විසඳුම් හා ක්‍රියාමාර්ග මොනවාද? ඒ සඳහා වනජීවීයේ ඉහළ නිලධාරීන්ට ඇති සැලසුම් මොනවාද? ඊට අවශ්‍ය ප්‍රතිපාදන දේශපාලන අධිකාරියෙන් ලබාගැනීමට ඇති සැලසුම මොනවාද? මෙවන් සංකීර්ණ පාරිසරික හා වනජීවී ප්‍රශ්න විසඳීමට පොදු ජනතාවට නොහැකි බව සත්‍යයකි. නමුත් ජනතාවගේ බදු මුදලින් යැපෙන පාලකයන් හා නිලධාරීන් ඊට විසඳුම් ලබා නොදී ඇල් මැරුණු ස්වභාවයකින් කටයුතු කරන්නේ නම් ඊට ජනතාව දක්වන ප්‍රතිචාරයද ඉඳුරාම වෙනස් වනු ඇත. ඔවුන් සමාජ මාධ්‍ය හා අනෙකුත් විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය ඊට යොදාගනිමින් ඔවුන්ගේ අදහස් හා යෝජනා චෝදනා ඉදිරිපත් කිරීම ස්වභාවිකය. පරිසරයට හා වනජීවීන්ට සංවේදී නිලධාරීන් හා පාලකයන් සිටිනවා නම් අනාගතයේදී හෝ කෙටි හා දිගුකාලීන සැලැස්මක් සකස්කොට මෙරට වනජීවී සම්පත රැකගැනීමට දායක වීම අනාගතය සඳහා කරන ආයෝජනයකි. නැතිනම් සිදුවනුයේ අනාගත පරපුර පරිසරය කළමනාකරණය කිරීමට නොහැකි වූ ආදිතමයන් පිරිසක් අපේ රටේ වාසය කළ බව පවසමින් ඔවුන් අප හැමට සාප කිරීම පමණකි. සියලු නිලධාරීන්ගේ හා පාලකයන්ගේ අවධානය නිරන්තරව මෙකී සංවේදී ප්‍රශ්න සඳහා යොමුවනු ඇති බව අප තවමත් විශ්වාස කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

අනුරාධපුරේ ආරක්ෂාව අනතුරකද? නගරයේ සවිකර තියෙන CCTV 47න් එකක්වත් වැඩකරන්නේ නැතිලු! Sri Lanka Latest News

Next Post

ඥානසාර හිමිගෙන් අනුරට අභියෝගයක්! Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.