අනුරාධපුර නගරයේ ආරක්ෂාව සඳහා cctv පද්ධතිය හතළිස් හතක් සවිකර ඇති නමුත් මේ වන විට කිසිම පද්ධතියක් ක්‍රියා නොකරන බව ජනතා හා නිලධාරීන් පවසනවා. Sri Lanka Latest News
අනුරාධපුර නගරයේ මාර්ග වටරවුම් වැඩි ප්‍රමාණයක් තිබෙන බව හැමෝම දන්නා කරුණකි මෙම වටරවුම්වලට හා අනුරාධපුර නගරයේ විශේෂ සියලුම ස්ථාන ආවරණය වන පරිදි විශාල ප්‍රමාණයෙන් මුදල් වැයකොට cctv කැමරා සවිකොට තිබෙන නමුත් මේ වන විට සියලුම cctv අග්‍රවී ඇති බවත් එම කාර්යාලයද ක්ලින් ශ්‍රී ලංකා යටතට අරන් තිබෙන බවත් ජනතාව චෝදනා කරයි.
මේ පිළිබඳ ගරු ආණ්ඩුකාරතුමාගෙන් ඇසූ ඇසු විට ඔහු පවසා සිටියේ මෙම මෙය අසත්‍යයබවත් අවුරුද්දකට වැඩි කලක සිට මෙම කැමරා පද්ධතිය වැඩ නොකරන බවත් මේ පිළිබඳ තමන් සොයා බලා ඉදිරියේදී පියවර ගන්නා බවත් පෙන්වා දුන්නා.
මෙම කටයුත්ත නිසා ඉතා අසීරුතාවට ජනතාව පත් වී තිබෙන බව ලංකා ගුරු සංගමයද මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියා.
මේ පිළිබඳ අනුරාධපුර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිතුමියද මාධ්‍යයට අදහස් පළ කළා.
ඒ වගේම අනුරාධපුර වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂකවරය මෙයට ගිය වියදම හා අනෙකුත් කාරණා පිළිබඳව මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියා.
මෙය පද්ධතිය ඉදිකර තිබෙන්නේ විශේෂයෙන් විදේශ සංචාරකයන්ගේ ආරක්ෂාව පතා මුල් කරගෙන සිදුකළද මෙම පද්ධතිය නිසා අපරාධකරුවන් රැසක් අසුකර ගැනීමට හැකිවූ බවද ජනතාව පවසා සිටි.










