• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ඊළග රජා තනන වතුකරයේ රජා කව්ද? ජීවාද-දිගාද?

June 15, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
ඊළග රජා තනන වතුකරයේ රජා කව්ද? ජීවාද-දිගාද?
Share on WhatsAppShare on Facebook

ඡන්දය ආවේය. අංකත් ලැබුණේය. නඩු හබ අවසන්ය. දැන් සටන ඇරඹී තිබේ. ඒ නිසාම දැන් කතාව පටන් ගතයුතුය. කොරෝනා මාතෘකාව ගැන කතා පවත්වා අවසන්ය. මේ වතාවේ දෙපැත්තක සටනකට වඩා ඇත්තේ පැති කීපයක සටනකි. පොහොට්ටුව ආණ්ඩු බලය සමග සීරුවෙන්ය. අතට එක අතක් ඇත. සමගි ජන බලවේගය අලුතෙන් සටනේය. අලියා අත අරින පාටක් නැත.
රතු රෝස වී අනුරලා අලුත් පාටකින් නැතත් සටනකට ඒමකට නියමිතය. ඒ අස්සේ රතන හාමුදුරුවන්ගේ ජය කොඩියකි. සෙල්ලම වෙනදාට වඩා දරුණුය.
උතුරටත් නැඟෙනහිරටත් අමතරව සාමාන්‍යයෙන් සුළු ජාතික ඡන්ද සහිත මැතිවරණ කොට්ඨාසය නුවරඑළිය මස්කෙළියයි.
මෙවර සජිත් මස්කෙළියෙන් මනාප 174413ක් ලබා ගන්නේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමිණි. ඒ 1982 සිට ජනාධිපතිවරණයකදී එක මැතිවරණ කොට්ඨාසයකින් ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය වාර්තා කරමින්ය. නමුත් ඉන් සජිත්ලා උදම් නොවිය යුතුය. 2015දී ඔවුන් නුවරඑළි මස්කෙළියෙන් වැඩි ඡන්ද 113810ක් ගනිද්දී මෙවර එය 98914 දක්වා අඩු වී තිබේ. නමුත් මේ මනාපද එකතු කරගත් විට එජාපය ලංකාවේ සුළු ජාතික යැයි සම්මත කරගත් මනාපවලින් සජිත් පිලට ලැබුණ මනාප ප්‍රමාණය 1,327,037කි.
ඊට එරෙහිව ගෝඨා පිලේ මනාප ප්‍රමාණය 352,518කි. පරතරය 974,519කි. එය ප්‍රකාශිත මුළු ඡන්දවලින් ප්‍රතිශතයක් ලෙස ගත් විට 7.27%කි. මේ සියල්ලම එකතු වූ විට ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,822,833කි. ඒ යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, මඩකළපුව, දිගාමඩුල්ල, නුවරඑළිය, මස්කෙළිය දිස්ත්‍රික්ක පහේ සහ නුවරඑළිය මස්කෙළිය ඡන්ද බලප්‍රදේශයේ මනාප එකතුවයි. මේ ලක්ෂ දහඅට හැරුණ විට ප්‍රකාශිත ඉතිරි ඡන්ද ප්‍රමාණය 11,565,118කි. ඉන් මනාප 5380326ක් ගත්තා නම් ගෝඨාභය පරාජය වී අවසන්ය. ගෝඨාභය ජයග්‍රහණය වෙත යන්නට නම් දකුණෙන් පමණක් ඡන්ද 6,184,788ක් ලබාගන්නට සිදුව තිබුණේය. මින් නුවරඑළියේ ඉතිරි ඡන්ද ප්‍රමාණයද ඉවත් කළ පසු ඉතිරි වෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක 16ක් පමණි. ඒ අනුව ගත් විට මේ වතාවේත් නුවරඑළිය මස්කෙළිය අතිශය තීරණාත්මක ඡන්ද බල ප්‍රදේශයකි. උණුසුම වැඩි වෙන්නේ ඒ නිසාය. දේශපාලනයේ බලය ඇත්තේ වත්තටය. ඒ නිසා වත්තෙ ආදරය හිමි කෙනාට රටේ මහ දේශපාලනයේ ආදරය හිමිවේ. නුවරඑළි දේශපාලකයන්ට හොඳම ඇමැතිකම් හිමිවෙන්නේ එහෙමය. ඒ නිසාම නුවරඑළියේ දේශපාලනය මහ දේශපාලනයට ඕනෑ තරම් බලපෑම් කරන්නට සමත්ය.
ගිය අවුරුද්දේ නුවරඑළිය මස්කෙළියෙන් පමණක් ජනාධිපතිවරණයේදී ලබා දීමට නියමිතව තිබුණ ඡන්ද ප්‍රමාණය 547766කි. ලබාදී තිබුණ ඡන්ද ප්‍රමාණය 434095කි. මේ ප්‍රමාණය එන මහ ඡන්දයේ තවත් වැඩි වීමට නියමිතය. මේ කුට්ටිය ඡන්ද කුට්ටිය කඩා ගන්නට පුළුවන් කාටද කියනා එක තීරණාත්මකය.
ඒ එක්කෝ කාලයක් තොණ්ඩමන්ගේ බල අධිකාරිය කඩා බිඳ දමා බලය ඇල්ලූ පළනි දිගම්බරම්ගේ කණ්ඩායමටය. නැත්නම් අලුතින් ආ වීරයා ජීවන් තොණ්ඩමන්ගේ බලය සමගින් තොණ්ඩමන්ලාගේ පිලටය. ඒ නිසාම අපි ඒ දෙන්නාගේම පැටිකිරිය හොයන්නට තීරණය කළෙමු. මේ ඒ උත්සාහයේ අවසන් ප්‍රතිඵලයයි.

මෙවර දේශපාලන සටනේදී වඩාත්ම කතාබහට ලක්වන චරිතය බවට පත්ව ඇත්තේ ජීවන් තොණ්ඩමන්ය. ඒ ඔහු තරුණ නිසා විය හැක. අනික ඔහු දේශපාලනයට තවමත් බ්‍රෑන්ඞ් නිව්ය. මිනිසුන්ට කොහොමත් රීකන්ඩිෂන් බඩුවලටත් වඩා බ්‍රෑන්ඞ් නිව් වෙන එකේ පොඩි ගතියක් තිබේ. නුවරඑළියෙන් නොව ලංකාවෙන්ම දේශපාලනයට එන සමහර අය සෙකන්ඞ් හෑන්ඞ්ය. සමහරු එහෙට මෙහෙට යන ගෙම්බෝය. ජීවන් තවම මඩ ගාගෙන නැත. හැබැයි ජීවන්ගේ තාත්තා වත්තෙ මිනිසුන්ගෙ වීරයා වී හිටියේ ඉස්සරය. ආරුමුගම් තොණ්ඩමන් කාගේ වීරයා නොවුණද දිගටම රජයේ වීරයෙක් විය. ගෝඨාභය රජයේ පුංචි කැබිනෙට්ටුවේ වූ කැබිනට් ඇමැතිකමක් ඔහුට ලැබුණේය. ඒ ඔහුගේ බලපරාක්‍රමය ගැන පොහොට්ටුව තැබූ විශ්වාසයයි. ආරුමුගම් තොණ්ඩමන්ගේ පියා සෞම්‍යමූර්ති තොණ්ඩමන්ය. නමුත් දැන් ඒ පරිච්ඡේද දෙකම අවසන්ය. අලුතෙන් ඇරැඹී ඇත්තේ ජීවන් තොණ්ඩමන් යුගයයි.
ජීවන් තොණ්ඩමන් තවමත් විසිහය හැවිරිදිය. තරුණය. තොණ්ඩමන් පවුලේ එකම කොල්ලාය. ඔහුට ඉන්නේ සහෝදරියන් දෙදෙනෙකි. පසුගිය දිනෙක චෝදනාවට ලක්වූ නිරෝධායනයට ලක් නොවුණාය කියූ වෛද්‍ය නම්බියාර්ට අමතරව තවත් වෛද්‍යවරියක් ඒ සහෝදරියන් අතර සිටී.
ජීවන් කුමාරවේල් තොණ්ඩමන්ගේ පදිංචිය කොටගල කීවාට කොටගලම නොවේ. ඒ බොහෝ විට දේශපාලන වාසියට ඔවුන් කියන පාරම්පරික නිවස්නයි. තොණ්ඩමන් නිවෙස තියෙන්නේ කොළඹ 08 ජාවත්ත පාරේය. කොහොම නමුත් ලංකා කම්කරු කොංග්‍රසය වැඩ පෙන්වන්නේ නුවරඑළියේය.
ජීවන්ගේ අධ්‍යාපනය ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන්ය. කොටගල සී.ටී.එෆ්. වත්තේ සිට කොළඹ ගේට්වේ පාසලට ආ ගිය එක පුදුමය. ගේට්වේ පාසලින් පසු ලේඩි අණ්ඩාල් විද්‍යාලයට ඔහු ඇතුළු වෙයි. ඔහුගේ අධ්‍යාපනයේ ඊළඟ කොටහ වෙන්නේ ඉන්දියාවේය. ඒ චෙන්නායි චෙන්මායි පාසලෙන් සහ චෙන්නායි නෙටිංහැම් සරසවියෙනි. ඔහු මැලේසියාවේ නොදන්බියා සරසවියෙන් සහ එංගලන්තයේ නිව්කාසල් සරසවියෙන්ද අධ්‍යාපනය ලැබූ බව කියයි. ඔහු බැරිස්ටර් හෙවත් නීති අධ්‍යාපනය ලබා තිබේ. ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණදීමෙන් පසු ඔහුට නීතිඥවරයෙක් බවට පත්විය හැක.
පියාගේ මරණය වන විට තොණ්ඩමන්ගේ පිලේ තරුණ සංවිධානයේ නායකයා ඔහුය. නමුත් මීට පෙර ඔහුට දේශපාලනයට පැමිණීමේ අදහසක් තිබුණේම නැත. වතුකරයේ දිනක් වූ ප්‍රශ්නයක් නිසා ඔහුට දේශපාලනයට පැමිණෙන්නට සිතී තිබේ. ඒ නිසාම ඔහු හෙට ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙනු ඇත. තොණ්ඩමන්ගේ පිලෙන් ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීමටත් අවස්ථාවක් ලැබී අවසන්ය. ඒ නිසාම මේ තත්ත්වය ජීවන්ටද නරකම නැත. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ තත්ත්වය වතුකරයට කොයි තරම් හොඳද කියනා එකය.

වතුකරයේ ඉපදුණ වතුකරයේ දැන් පරණම චරිතය දිගම්බරම්ය. මෙවර පළනි දිගම්බරම් සටනට එන්නට සූදානම්ය. පරණ අස්සයාට වඩා දැන් සටන වෙනස්ය. ඒ නිසාම ගැටුම වඩා තීව්‍ර වෙනු ඇත.
දිගම්බරම් ඉපදෙන්නේ නුවරඑළිය තලවාකැලේ මැදකුඹුර වත්තේය. තාත්තා වත්තේ කංකානම්ය. අම්මා සාමාන්‍ය දලු කඩන කාන්තාවකි. වත්තේ දුක ඔහු දැක්කා නොව වින්දේය. අම්මා විඳි දුක් ගැහැට ඔහු දැන උන්නේය. මුදල්වල වටිනාකමත්, ලැයිමේ ජීවිතයේ අඩුලුහුඬුකමත් ඔහුට අලුතෙන් උගන්වන්නට දෙයක් නැත.
දිගම්බරම් මූලික අධ්‍යාපනය ලබන්නේ වටගොඩ ඉස්කෝලයෙනි. ඊළඟට තලවාකැලේ මහා විද්‍යාලයෙනි. නුවරඑළිය වත්තේ සිට කොළඹ ජීවිතයක් සොයා එන එක වතු දරුවන්ගේ සාමාන්‍ය සිරිතයි. දිගම්බරම්ද ඒ ජීවිතය සොයා කොළඹ ආවේය. ඒ තමන්ගේ අයියා සමඟය. රස්සාව රෙදි කඩයකය.
නමුත් දිගම්බරම්ලාගේ වත්තට විදුලිය තිබුණේ නැත. ඒ සඳහා ඒ කාලයේ සිටි දේශපාලකයන්ගෙන් ඉල්ලීම් කළ යුතුය. නමුත් වැඳවැටුණද කාරණය ඉටුවුණේ නැත. දිගම්බරම්ට තමන්ට ඡන්ද ඉල්ලිය යුතු යැයි හිතෙන්නේ එහෙමය. වත්තේම ඉපදී ජීවිතය හදාගන්නට දුක් විඳිමින් සිට දිගම්බරම්ට ඒ වෙනකොට වතුකරයේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණේය. ඒ ඔහු වතුකරයේ සිටි හොඳම වොලිබෝල් ක්‍රීඩකයා නිසාය. මේ ප්‍රසිද්ධිය නිසාම මිනිස්සු පළනි දිගම්බරම් සමඟ කොන්දේසි විරහිතව රොද බැන්දේය. ඊට ප්‍රධානතම හේතුවක් වූයේ වතු අයිතිකාරයන්ගේ දේශපාලනය වත්තට නිතර කළ රිදුමය. මේ නිසා ඔවුන් හොයමින් ඉන්නේ තමන් වෙනුවෙන් නායකයෙකි. මේ වෙනකොට තම ව්‍යාපාර ශක්තිය එහෙන් මෙහෙන් දියුණු කරගෙන සිටි දිගම්බරම් දේශපාලන සටනට පය ගහන්නේ 2004 අවුරුද්දේදීය. 2004 කඳුරට ජනතා පෙරමුණෙන් මනාප 18,387ක් ගෙන පළාත් සභාවට යන දිගම්බරම් 2009 අලියා ලකුණෙන් මනාප 45,229ක් ලබාගනී. 2010 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප 39,490ක් ලබා පාර්ලිමේන්තු යන පළණි දිගම්බරම් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අත් ඉස්සූ අයෙකි. ඒ මහින්ද පිලට සිය සහාය දෙමිනි. ඉන්පසු 2015 එහෙන් මෙහෙට පනින්නේ ජාතික භාෂා නියෝජ්‍ය ඇමැතිකම දැරීමෙන් පසුවය. රනිල්ගෙන් සහ මෛත්‍රිගෙන් ඔහු එදා ඉල්ලූ බව කියන්නේ පර්චස් හතක ඔප්පු තිරප්පු සහිත ඉඩමක් සහිත තනි නිවෙසක් වතු ජනතාවට ලබාදෙන බවට වූ පොරොන්දුවකි. ඒ පොරොන්දුව ඉටුවෙමින් යන අතර වතු යටිතල පහසුකම් කැබිනට් ඇමැතිකම්ද ඔහුට ලැබුණේය. ඔහු 2015 1,10,528ක් වූ නුවරඑළිය වැඩිම මනාපලාභියාය. නුවරඑළි ජනතාවට නිවාස 4000ක් සාදා දී මෝඩි අතින් විවෘත කරන්න පුරෝගාමියාද ඔහුය.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

ජන්දෙ වෙලාව වෙනස් වෙයි

Next Post

කාෙරෝනා දෙවැනි රැල්ලක් ගැන PHIලාගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.